Watch Trailer

Game of Thrones [S6E05 – The Door] with Sinhala Subtitle (18+) | ඇතුළු වීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. ඒ කියන්නේ අදින් අදියරේ බාගයක් අවසන් වෙනවා. තව හරියටම කොටස් පහයි තියෙන්නේ. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයේදී…(සිතියමේ අංක 1) අපි බොහෝ දෙනෙක…

Game of Thrones S6P2

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. ඒ කියන්නේ අදින් අදියරේ බාගයක් අවසන් වෙනවා. තව හරියටම කොටස් පහයි තියෙන්නේ. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT - EP5

ප්‍රාකාරයේදී…(සිතියමේ අංක 1)

අපි බොහෝ දෙනෙක් කාලයක් තිස්සෙ බලන් හිටපු දෙයක් එතෙන්දි සිදු වුණා. ඒ තමා ස්ටාක් පවුලේ සාමාජිකයින් අතර නැවත හමුවීමක්. ඔයාලට මතකනම් පළවෙනි අදියරේ මුල්ම කොටස් වලදි රොබට් රජු වින්ටෆෙල් ඇවිල්ලා නෙඩ් ස්ටාක්ව තම කිංග්ස් හෑන්ඩ් විදියට රජ වාසල තියෙන කිංග්ස් ලෑන්ඩින් එක්කගෙන යද්දි ඒ සමඟ නෙඩ්ගේ දූවරු දෙන්නාව එක්කගෙන ගියා. සන්සාව නම් අනාගත රජු වෙච්ච ජොෆ්‍රිට බන්දල දෙන්නත් ආර්යව නම් හේතුවක් නැතුවත් එක්කගෙන ගියා. ජොන් ස්නෝව් ප්‍රාකාරය බලා ගියා. වින්ටෆෙල් වල ඉතුරු වුනේ රොබ්, රිකොන් හා බ්‍රෑනුයි. රොබට් රජුගේ මරණයත් ඉන් පසු නෙඩ්ගේ හිස ගහල දාන්න ජොෆ්‍රි සමත් වුණාට පස්සේ ආර්යා අගනුවරින් පැනගන්නවා. සන්සා එහෙ හිරවෙනවා. ඒ එක්ක රොබ් හමුදාව අරන් යුද්දයට යනවා තම මව වෙච්ච කැට්ලින් ස්ටාක් සමඟ. රතු විවාහයේදී රොබ්ට ද්‍රෝහි වෙන බෝල්ටන් හා ෆ්‍රේවරු රොබ්වයි කැට්ලින්වයි මරා දානවා. උදව් අරගෙන එන්න ගිය තියොන් විසින් වින්ටෆෙල් අල්ලන්න ආව හින්දා එහෙන් බ්‍රෑන් හා රිකොන් පැනල යනවා. ඒ ගියාට පස්සේ රිකොන් නම් ආපහු මතු වුනේ හිරකාරයෙක් විදියට මේ අදියරේදී. අනික් අයට නම් හමුවීමේ අවස්ථා සෑහෙන වාරයක් ආවා. ඉන් බ්‍රෑන්ට නම් දෙපාරක් ජොන් ස්නෝව් ව හමුවෙන්න අවස්ථාව තිබ්බා. එකක් තමා ජොන් වනචාරීගෙන් පැනල ආව අවස්ථාව. එතෙන්දි ඒ කිට්ටුවම බ්‍රෑනුත් උන්නා. අනික් වතාව තමා ප්‍රාකරයෙනුත් උතුරේ ක්‍රස්ටර්ස් කීප් වලදී. එහිදි නම් ජෝන් ව දැක දැකම තමන් ආව ගමන යන්න ඕනා හින්දා බ්‍රෑන් තවත් උතුරට පිටත් වුණා. එතකොට ආර්යා රොබ්ව හමුවෙන්න අරගෙන එද්දි ඊට සුළු මොහොතකට කලින් රොබ්ව මරල දාල තිබ්බ හින්දා ඒ අවස්ථාව මග ඇරුණා. ඊට පස්සෙ ඇයව ලයිසා ගාවට ගෙනියද්දි සන්සා වේල් වල උන්නෙ වෙනත් නමකින් හින්දා මුරකාරයෝ ලයිසගේ මරණය කිව්වා මිසක්, සන්සා ගැන සඳහන් කළේ නෑ. ඉතින් ඊට පස්සේ ආර්යා ජොන් ඉන්න ප්‍රාකාරය කිට්ටුවට යන්න නැව් නගින්න ගියත් ඒ නැව ගියේ බ්‍රාවෝස් හින්දා ඇය දැන් ඉන්නේ කොටින්ම වෙස්ටරොස් වලිනුත් පිටයි.

ඉතින් මෙහෙම සන්සා හා ජොන් ගේ වැදගත් හමුවත්, රැම්සිගේ ලිපියත් හින්දා අවසානයේ රිකොන්ව බේරාගන්නත්, වින්ටෆෙල් ආපහු අල්ලගන්නත් ජොන් කැමති වෙනවා. හැබැයි ඔහුට තව හමුදාව ඒ වෙනුවෙන් රැස් කරගන්න වෙනවා.

වින්ටෆෙල් වලදී…(සිතියමේ අංක 2)

රිකොන් එක්ක පැනල ගිහින් ඔහුව ආරක්ෂා කරපු ඕෂාට මැරුම්කන්න සිද්ධ වෙනවා. ඇය ගැන දැනගෙන ඉන්න රැම්සි විසින් ඇයට කලින් පිහිය අරගෙන වැඩේ දෙනවා.

අයන් දූපත් වලදී…(සිතියමේ අංක 3)

තියොන් ආපහු තම නිවස වෙච්ච අයන් දූපත් වලට යනවා. හැබැයි යාරා ඉන්නෙ ටිකක් තරහෙන් හා සැකෙන්. තියොන් නම් කියන්නෙ ඔහු ආපහු ආවේ රජකම බලාපොරොත්තුවෙන් නොවෙන බවයි.

වේල් හී රුනෙස්ටෝන් වලදී…(සිතියමේ අංක 4)

වේල් වල දැන් ඉන්නේ ළමා පාලකයෙක් හින්දා (ටෝමන්ටත් වඩා අන්තද මන්දා) ලිට්ල් ෆින්ගර් ආපහු තම සුපුරුදු කවට උපායෙන් සමත් වෙනවා සන්සව බෝල්ටන්ට බන්දල දීම වහගන්න. ඔහු වේල් වල නයිට් වරුන්ව සන්සා වෙනුවෙන් බෝල්ටන් හා යුද්ධයට ගෙනියන්න සූදානම්. හැබැයි මට නම් හිතෙනවා, ලිට්ල් ෆින්ගර් හිතන් ඉන්නෙ සම්පූර්ණ උතුරේම පාලනය ගන්න වගේ හින්දා, මේකත් තව උපායක්ද කියලා.

කිංග්ස් ලෑන්ඩින් වලදී…(සිතියමේ අංක 5)

මේ වෙද්දි ලොකු ගේ කුරුල්ලා හොඳම එකෙන් කට්ටයෙක් කියල තේරෙනවා. හැබැයි මාජරී තවමත් ශක්තිමත්. ඒත් ඔහුගේ සහෝදරයා දැන් බිඳිලා ඉවරයි. මෙතන තියෙන සැකසහිත කාරණය තමා ලොකු ගේ කුරුල්ලා ටෝමන්ට කලින් සතියේ මොනාද කිව්වෙ කියන එකයි. මොකද කාටවත් කියන්න එපා කියලා කිව්වයි කියපු ඒ කාරණය ඇහුවට පස්සෙ තමා සර්සි ආපහු කුඩා කවුන්සිල රැස්වීමට ගිහින් පහර දෙන්න සැලැස්ම අඳින්නේ. මෙතෙන්දි ඇයි ටයිරෙල් හමුදාවට එන්න කියන්නෙ කියන එකයි ප්‍රශ්නේ. ජොෆ්‍රිව මරපු රහසවත් එළිවෙලාද එහෙම? නැතුවත් ඇති හැබැයි. අපි බලමුකෝ නේද?

වේස් ඩොත්‍රාක් වලදි…(සිතියමේ අංක 6)

ඩැනේරියස් ආපහු වැඩ පෙන්නන්න සමත් වුණා. කාල් වරු සෙට් එකම ගින්නට අහුවුණා. දහස් ගානක් වන ඩොත්‍රාකි ජනතාව ඇය ඉදිරියේ දණින් වැටෙනවා.

මෙරීන් වලදී… (සිතියමේ අංක 7)

ඩැනේරිස් නැති ටිකේ මෙරීන් ආරක්ෂා කරගන්න කොට ආදිපාද තැන ගන්න තීරණ වලට මෙසන්ඩෙයි හා ග්‍රේ වෝම් නම් වැඩි පැහැදීමක් නෑ. ඉදිරියට මොකෝ වෙන්නෙ බලමු.

ගිය සතියෙ කොටසේ මෙන්න මේවා ටික ඔයාලා දැක්කද?

1) සර්සියි ජේමියි පහර දෙන සැලැස්ම ගැන කියනකොට වාදනය වුණේ The Rains of Castamere කියන ගීතයයි. ලැනිස්ටර් විජයග්‍රහනයක් ගැන කියවෙන ඒක ඊට කලින් වාදනය වුණේ ලැනිස්ටර් වංශයේ මැදිහත් වීම මත බෝල්ටන්වරු හා ෆ්‍රේ වරු විසින් රෙඩ් වෙඩිමේදී රොබ් ස්ටාක්ට පිහියෙන් ඇනපු වෙලාවෙයි. (වංශයක් පාගා දැමීම)

2) ජොන් හා සන්සා හමුවෙදි වාදනය වෙන්නෙ ස්ටාක් වංශයේ නිල ගීත වාදනයයි.

3) රැම්සි එව්ව ලිපියේ හැම තැනකම තියෙනවා Come and See කියලා. ඕය වාක්‍යම ලෝඩ් බේලිෂ් විසින් රොබින්ට උකුස්සව ගෙනාපු වෙලාවෙත් කියනවා. ඉතින්, බේලිෂ් උතුරේ පාලනයට ඇහැ ගහගෙන ඉන්න හින්දා, උපකල්පනයක් තියෙනවා මෙන්න මෙහෙම. කලින් වතාවල වගේම මේ යුද්ධයත් බේලිෂ් මැදිහත් වෙලා අටෝන එකක් කියලා. මුලින්ම සන්සව රැම්සි වගේ පිස්සෙක්ට බන්දනවා වෙන දේ දැන දැනම. ඊට පස්සෙ රිකොන්ව අම්බර් වංශය හා එකතු වෙලා රැම්සි ළඟට එවනවා. ස්නෝව්ට ලියුමක් යවනවා රැම්සි යවන විදියට. වේල් නයිට් වරුන්වත් යවනවා රොබින්ව ඉත්තෙක් කරගෙන. ඔන්න ඔය වගේ කල්පිතයක්. ඉස්සරහට බලමුකො ඒ ගැන.

4) ලොකු ගේ කුරුල්ලා තමුන්ගේ ජීවිත කතාව කියනකොට කියනවා පාවහන් වත් නැතුවයි ජීවිතය ගැන කලකිරිලා ගෙදරින් එලියට බැස්සේ කියලා. හැබැයි ඔයිට කලින් සර්සිට කියනවා පාවහන් දෙක වෙන කෙනෙක්ට දන් දුන්නා කියලා.

5) ඩොත්‍රාකි වරුන්ගෙන් කෙනෙක් කිව්වා යුන්කායී වලින් ඇයව අශ්වයෝ දාහකට ඉල්ලනවා කියලා. ඒ කියන්නෙ යුන්කායි වල හාම්පුතාල දන්නවා වෙන්න ඕනා ඇය ඩොත්‍රාකිවරුන් ගාව කියලා. හැබැයි කොට ආදිපාද ගිවිසුම ගහපු වෙලාවේ යුන්කායිවරුත් ඒකට එකඟ වුණාට, අර මිසෙන්ඩෙයි කිව්වා වගේ හාම්පුත්තු ටික කොට ආදිපාදව නටෝනවද දන්නෙත් නෑ.

හොඳයි මෙන්න එහෙනම් GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපිය. බලමුකෝ අද වෙනස්ම විදියකට කතාව දැකපු හැටි.

වෝල් එකේ

රම්සේගෙන් ගැලවිලා ආව සංසා ස්ටාක්, ඔහුගේ සොයුරා වන ජෝන් ස්නෝ එක්ක එකතු වෙනවා. මේ සිදුවීම මෙතෙක් කතා මාලාවේ ඉතාම හැඟුම්බර මොහොතක්. පළවෙනි කතා මාලාවේදී තම වෙන්ව ගියාට පසුව ස්ටාක් දරුවන් නැවත එකිනෙකා මුණගැසිලා නෑ. ඒ වගේම කතා මාලාවේ ජෝන් ස්නෝ සහ සංසා එක විට දක්නට ලැබුණු පළවෙනි අවස්ථාවත් මෙයයි. සාමාන්‍යයෙන් අනෙක් ස්ටාක් දරුවන් (රොබ්, බ්‍රැන්, ආර්යා, රිකෝන්) ජෝන් ස්නෝ එක්ක හොඳ වුණාට, මීට කලින් සංසා එතරම් ජෝන් ස්නෝ සමග හිතවත්කමක් තිබුණේ නෑ. ඇය ඔහු කෙරෙහි තිබුණේ ඇයගේ මව කැටලීන් දැරුවා වගේ සීතල අදහසක්. නැවත මුණ ගැසීමෙන් පසුව ඇය ඒ ගැන ජෝන් ස්නෝගෙන් සමාව ඉල්ලනවා. ඔහු ඇයට සමාව දෙනවා විතරක් නෙවෙයි, ඇයව ඉදිරියේදී බලාගන්නත් පොරොන්දු වෙනවා.

1. Reactions-Jon-Snow-Sansa-Stark-Reunion

වින්ටර්ෆෙල් නැවත ලබාගන්න ඇයට උදව් කරන්න කියල සංසා ඉල්ලා සිටිනවා. ඒත් ඒ වෙනකොට ජෝන් ස්නෝ සටන් වලින් හෙම්බත් වෙලා ඉන්නේ. ඔහු හරි දේ කරන්න ගිහිං, ඔහුගෙම මිනිස්සු ඔහුව මරාදැම්මා. නමුත් රම්සේ එවන ලිපිය එක්ක ඔහුගෙ තීරණය වෙනස් වෙනවා. “රිකෝන් ස්ටාක් ඉන්නෙ තමන්ගෙ හිර භාරයේ බවත්, සංසා නැවත භාර දෙන ලෙසත්” ඔහු අභියෝග කරනවා. එහෙම නැත්නම් ජෝන්ටත්, සංසාටත්, වයිල්ඩ්ලින්ස් පිරිසටත් අයත් වෙන නරක ඉරණම ගැන ඒ ලිපියේ සඳහන් වෙනවා. නමුත් බෝල්ටන් හමුදාව 5000ක් එක්ක සටන් කරන්න ජෝන් ස්නෝ සමග ඉන්නෙ 2000ක පිරිසක් පමණයි. ඒත් තවමත් ස්ටාක් පවුලට තවමත් හිතවත් පවුල්වලින් තමන්ට සහය ලබා ගන්න පුළුවන් වේවි කියල සංසා ජෝන් ස්නෝට මතක් කරනවා.

වේල් වල

මේ අතර පීටර් බේලිෂ් “වේල්”වල යුධ ශක්තිය සංසාට එකතු කරන්න රොබින් ඇරන්ව කැමති කරගන්නවා. රොබින්ගෙ සහ සංසාගෙ අම්මල දෙන්න එකම පවුලේ සහෝදරියන්. ඒ වගේම රොබින්ගේ තාත්තා ජෝන් ඇරන් තමයි නෙඩ් ස්ටාක්ට සහ රොබර්ට් බැරතියන්ට කුඩා කාලෙ සටන් ඉගැන්නුවේ.

අයන් දූපත්වල

සංසාව වින්ටර්ෆෙල්වල රම්සේගෙන් බේරිලා යන්න උදව් කරපු තියෝන් ග්‍රේජෝයි නැවත පයික්වල තියෙන ඔහුගේ නිවසට පැමිණෙනවා. ඒ එද්දි අයන් දූපත් පාලනය කරපු ඔහුගේ පියා වූ බේලෝන් ග්‍රේජෝයි මිය ගිහින්. යාරාට හිතෙනවා තියෝන් ඇවිත් ඉන්නෙ පියාගෙන් පුරප්පාඩු වුණු පාලනය ලබාගන්න කියල. ඒ වගේම ඔහු නිසා මිය ගිය ඇයගේ සෙබළුන් ගැනත් ඇය ඔහුට දොස් කියනවා. එක වතාවක් තියෝන්ව බෝල්ටන්ලට අයිති “Dreadfort”වල හිරකරලා තියෙද්දී, ඔහුව බේරාගන්න ඇය ඇයගේ සෙබළුන් පිරිසක් එක්ක එනවා. ඒත් තියෝන් ඇය සමග එන්න අකමැති වෙන නිසා අන්තිමේදී යාරාට ඔහු නැතුව ආයේ හැරිලා යන්න සිදු වුණා විතරක් නෙවෙයි, ඇයගේ හොඳම සෙබළු කිහිපදෙනෙක් අහිමි වෙනවා. තවත් අවස්ථාවක රම්සේ උපායෙන් තියෝන්ව යොදාගෙන “මෝට් කේලින්” ලබාගනිද්දී, එහි සිටි සියලු සෙබළුන් රම්සේ අතින් මිය යනවා.

2. theon returns to pyke

ඒත් තියෝන් කියන්නෙ ඔහු නැවත ඇවිත් ඉන්නෙ පාලනය ලබා ගන්න නොවන බව. ඔහු යාරාට පාලනය ලබාගන්න ඔහු උදව් කරන්න පොරොන්දු වෙනවා. ඒත් තවමත් පාලකයා කවුද කියල තීරණය කරලා නෑ. ඒ සඳහා අයන් දූපත්වල සම්ප්‍රදායට අනුව “කිංග්ස් මූට්” එකක් සිදු කෙරෙනවා.

කිංග්ස් ලෑන්ඩින්වල

පාලනය අයිති ටොමෙන් බැරතියන්ට වුණත්, ක්‍රමක්‍රමයෙන් එහි බලය High Sparrow ලබා ගනිමින් තිබෙනවා. ඔහුට විරුද්ධව කිසි දෙයක් කරන්නට බැරි හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔහු නියෝජනය කරන්නෙ වෙස්ටරෝස්වල බොහෝ දෙනා අදහන ආගම වන faith of seven. ඒ නිසා High Sparrowට විරුද්ධව යනවා කියන්නෙ ආගමට විරුද්ධව යනව වගේ දෙයක්. ඒ වගේම ඔහු ප්‍රමුඛව faith militant නමින් හමුදාවක් බිහිවෙලා තියෙන්නෙ. බොහෝ සාමාන්‍ය ජනතාවගේද සහය සහ ශක්තිය ඔහුට ලැබී තියෙනවා. ඔහුගේ දැක්මට අනුව, බලවත් පවුල් සාමාන්‍ය ජනතාව පාලනය කරත්, එකට එක් වුණාම සාමාන්‍ය ජනතාව ප්‍රබල වෙලා පාලකයෙක් වුණත් පෙරලන්න පුළුවන්. ඔහු ඉතා පිරිසිදු ලෙස ආගමේ දැක්වෙන නීති රීති අනුගමනය කරනවා. ඒ නීති කඩන බිඳින අයට ඔහු ආගමේ සඳහන් වෙන විදිහටම දඬුවම් දෙනවා.

3. high sparrow

මේ අවස්ථාව වෙනකොට ටොමෙන්ගෙ බිරිඳ මෙන්ම වෙස්ටරෝස් රැජිණ වන මාජරී ටිරෙල්, ඇයගේ සහෝදරයා ලෝරස් High Sparrowගෙ හිරභාරයේ ඉන්නෙ. ඇයව නිදහස් කරගන්න ටොමෙන් ගියාම, High sparrow ඔහු සමග කතා කරලා ආපසු එවනවා. High sparrowව බලයෙන්, මුදලෙන්, හෝ තර්ජන වලින් නම්මගන්න බැරි බව king’s landingවල ඉන්න බලවතුන් තේරුම්ගෙන ඉන්නෙ. මේ කතාවෙදි ඔහු ටොමෙන්ට රහසක් හෙළි කළ බව ටොමෙන් ඔහුගේ මවට කියනවා. ඒ රහස, සර්සිට කරා වගේ මාජරීවත් නිරුවතින් ඇවිද්දවන්න කියලයි සරසි small councel එකට හෙළි කරන්නෙ. ටොමෙන්ට හෙළි කල රහස ඇත්තටම මේකද කියල තවමත් පැහැදිලි නෑ. ඒත් ටොමෙන් රජුන් හෝ ලැනිස්ටර් හමුදාව මූලික නොවී, ලෝරස් සහ මාජරී බේරාගන්න ටිරෙල් හමුදාව යොදන්න ඔවුන් තීරණය කරනවා. දැනට hand of the King ලෙස ඉන්න කෙවන් ලැනිස්ටර් පවා එයට තම කැමැත්ත ලබා දෙනවා. දැනට faith militant එකේ සෙබළෙක් වෙලා ඉන්න ලාන්සෙල් ලැනිස්ටර් ඔහුගේ පුතෙක්. High sparrowගෙ බලවේගය අඩාල කළොත්, ඔහුට නැවත තමන්ගෙ පුතාව ලබාගන්න පුළුවන් වේවි කියල කෙවන් කල්පනා කරනවා.

වේස් දොතරාක්වල

කතාවෙ ප්‍රබල සන්ධිස්ථානයක් බවට පත්වුණේ ඩැනේරිස් ටාගේරියන් දොතරාකි හමුදාව තමන් යටතට පත් කරගැනීම. දොතරාකි හමුදාවට ඇය අහු වුණාම ඇයව දෝශ් කලීන් පංසලේ ඉදිරි කාලය ගත කරනවද, එහෙම නැත්නම් වෙනත් තීරණයක් ලබා දෙනවාද කියන දේ තීරණය කරන්න දොතරාකි හමුදාව රැස් වෙනවා. සාමාන්‍යයෙන් දොතරාකි නායකයෙකු (කාල්) මියගියාට පසුව, ඔහුගේ බිරිඳ මේ දෝශ් කලීන් පන්සලට ඇවිත් ජීවිතේ ඉතිරි කාලය ගත කරන්න ඕන. නමුත් ඩැනේරිස් ඒ විදිහට ඇවිත් හිටියෙ නැති නිසයි මේ වගේ නඩු විභාගයක් සිදු කරන්න තීරණය වෙන්නෙ. මේ අතර ඇයව නිදහස් කරගන්න ජෝරා මෝමොන්ට් සහ ඩාරියෝ නහාරිස් වේස් දොතරාක්වලට එනවා. ඔවුන් සමග පැන යනවා වෙනුවට, දොතරාකි හමුදාව තමන්ගෙ මෙහෙයුමට එකතු කර ගැනීම පිළිබඳව ඩැනේරිස් සැලසුම් කරනවා.

4. daenerys targarian

නඩු විභාගයට පැමිණියාම කාල් ඩ්‍රෝගෝ ඇයට වුණ පොරොන්දුව ඇය දොතරාකි හමුදාවට මතක් කරනවා. නමුත් ඔවුන් ඇයව ගාණකට ගන්නෙ නෑ. ඔවුන් රැස්ව සිටි ශාලාව ගිනි තියල ඩැනේරිස් නිරුපද්‍රිතව එළියට එනවා. එතෙක් මෙතෙක් දොතරාකි හමුදාව මෙහෙයවූ ප්‍රථම කාන්තාව බිහි වෙන්නෙ ඒ විදිහට. දොතරාකි හමුදාවෙ නායකයන් බිහිවෙන්නෙ පරම්පරාවෙන් නෙවෙයි. ඔවුන් වඩා ශක්තිමත් කෙනාව තමන්ගෙ නායකයා ලෙස පිළිගන්නවා. මේ අවස්ථාවේ ගින්දරෙන් නිරුපද්‍රිතව අභීතව එන ඩැනේරිස් ගැනත් ඔවුන්ගෙ හිතේ ඇතිවෙන්නෙ එවැනි සුවිශේෂ හැගීමක්.

ප්‍රථම කතා මාලාවේ ඇය මේ විදිහටම ගින්නකින් නිරුපද්‍රිතව එනවා. ඒ අවස්ථාවේ ඇය එක්ක අලුත බිහිවුණ මකරුන් තිදෙනා හිටියා. ඒත් එය දක්නට ලැබුණේ සුළු පිරිසකට විතරයි. ඒත් වේස් දොතරාක්වලදි ඇය නැවත මේ විදිහට ගින්දර අතරින් එද්දි, විසිදහකට අධික දොතරාකි හමුදාව එය දකිනවා.

මරීන්වල

ඩැනේරිස්ගෙ නික්මයාම සමග මරීන්වල පාලනය බලාගැනීම ටිරියන් ලැනිස්ටර් ඇතුළු පිරිසට පැවරිලා තියෙනවා. sons of the harpy පිටුපස සිටින්නෙ මීට කලින් ඩැනේරිස් විසින් අත්පත් කරගෙන බිඳ වැට්ටු ඇස්ටෝපර්, යුන්කායිවල වහලුන් විකුණන මාස්ටර්වරුන් බව වේරිස් මාර්ගයෙන් ටිරියන් දැනගන්නවා. ඒ අනුව ඒ මාස්ටර් නායකයන් ගෙනත්, ඔවුන් සමග සාකච්ඡාවක් තියල, වහල් කර්මාන්තය නතර කරන්න අවුරුදු හතක කාලයක් ලබා දෙනවා. යුද්ධයකට මුහුණ දීම සහ සාමය පවත්වාගැනීම එකම වෙලාවෙ කරන්න බැරි දෙයක් කියල ටිරියන් දන්නවා.

5. Tyrion

slavers’ bay ලෙස හැඳින්වෙන මේ කලාපයේ වහල් කර්මාන්තය තිබී තියෙන්නෙ ශතවර්ෂ ගණනාවක ඉඳල. ඒ නිසා ඩැනේරිස් විසින් ආක්‍රමණය කරලා, ඒවායේ නීති සහ ක්‍රමවේදයන් වෙනස් කිරීම ඇතැම් අය දැක්කේ වැරදි විදිහට. ඇයට වෙස්ටරෝස්වලට යන්න නැව් ලබා දුන්නත් ඇය එසේ නොගිහින් මරීන් වල ඉඳන් පාලනය කිරීම ඔවුන්ට තර්ජනයක් වුණා. ඔවුන් මෙතෙක් ගෙන ආ ක්‍රමවලට බලපෑමක් වුණා. ඒ නිසා තව දුරටත් තම ව්‍යාපාර ගෙනයන්න නම්, ඩැනේරිස්ව මරා දමන්න, ඇයගේ සෙබළුන් අඩපණ කරන්න ඔවුන් සැලසුම් කරා. ඇය දැන් මරීන් වල නැති නිසා ඇයට විරුද්ධ පිරිසගේ ක්‍රියාකරකම් වැඩි වී තිබෙනවා. ඩැනේරිස්ර අයත් නැව් ගිනි තියන්න කටයුතු කරේ ඒ නිසා.

ටිරියන් විසින් සාකච්ඡා මාර්ගයෙන් කරේ මේ ව්‍යාකූල තත්ත්වයෙන් යම් නිදහසක් ලබාගන්න. මෙය ඇමරිකාවේ වහල්භාවය නිදහස් කරන්න ඒබ්‍රහම් ලින්කන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගයට තරමක් දුරට සමීපයි. ඒත් ඔහුගේ ක්‍රියාමාර්ගය ඩැනේරිස් අනුමත කරාවිද කියන එක ප්‍රශ්නයක්. ඒත් නැවත මරීන්වලට අවොත් එහි වැඩි කලක් ඉන්න ඇය කල්පනා කරන එකක් නෑ. නැවතත් “කලීසි” විදිහට ඇය සමග සිටින හමුදාව තර කරගත් ඇය, වෙස්ටරෝස් වලට නෙත් යොමු කරන කාලය වැඩි ඈතක වෙන්න බෑ. ….

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

Works with – HDTV KILLERS / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

67,773 downloadsDownload GOT.S06.E05.Sinhala.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

67,773 downloadsDownload Subtitles106 KB

102 comments

  1. Sineth

    Hold The Door................!!!!!!

  2. රොයිලි

    378 MB - D00D6EFAA41EB55B3E1353ECB4B943325792199A

    1. Hussey

      Thank you රොයිලි ayya!!!!

    2. Chinthaka

      Thank You !

    3. sanjaya jayasinghe

      thnx bro

  3. deshan

    athishaya wegawath....kathawa iwarawela paya 3i une..bohoma sthuthi dahodaraya me tharam ikmanin sub eka laba dunnata....

  4. Heshan

    Thanx saho....

  5. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි රොයිලි අයිය‍ේ
    අද නම් සුපිරි ඉක්මනින් ගෙනල්ලා
    ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට
    එහෙනම් අදින් සීරීස් එකේ භාගයක් ඉවරයි
    අද මොකක්ද වෙන්නේ කියලා බලමුකෝ
    තරිඳු අයියාගෙ ලිපි වලටත් ගොඩාක් ස්තූතියි
    අද නම් සබ් එක එක්කයි බලන්නේ
    නෝ ස්පොයිල් , හරිදෝ ( අදහස් කරපු දේ දන්නවා නේ)
    දිගටම දෙමු එහෙනම්
    ජයෙන් ජයම වේවා !!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. DulangaSugeeth

    thanx for the sub
    haha first comment

  8. Sajeevi

    Thanks

  9. sachintha

    sub ekata tnx ep 6 hamu wemu " jaya wewa "

  10. Shanaka Chathuranga

    තෑන්ක්ස් රොයිලි බ්රෝ..........
    අදනම් වෙනදටත් වඩා කලින්ම දීල...
    ආපහු සැරයක් තෑන්ක්ස් බ්රෝ...
    අද උදේ මැෂින් එක ඔන්කරපු ගමන් බැලුවෙ සබ් එක දීලද කියල....
    බොහොම පින් සහෝ මේ කරන සේවයට....
    ජයවේවා...

    1. ගුරැ

      සුපිරියි අයියේ
      ස්තුතියි ඔබට

  11. Champika Priyamal

    thankssssssssss

  12. Ranga Gabriel

    thank you

  13. nad

    elaz..

  14. kavindahk

    niyamai

  15. Kasun Upeksha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  16. a.eranda

    thank you load commander royli

  17. ආසිරි ප්‍රියන්ත

    එව්වා ඔක්කොමහරි හරි කියමුකෝ...
    දාන නම් එහෙමනම් මෙදා පොටේ ඒ හැටි ගතියක් නෑ..
    හොද නමක් දෙකක් දාලා නග්ගලා ගන්න ඕනේ නේ.

    තවම බැලුවේ නෑ..
    දැන් බලනවා..
    ජයවේවා!@!!

  18. pradeep

    ada kalinma dila, niyamai, thanka bro!!

  19. supun nirmal

    Niyamai brooo

  20. pradeep

    ada kalinma dila, niyamai, thanks bro!!

  21. krish

    great work..... thank you

  22. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  23. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ.. :D ඔන්න එහෙනං දැන්ම බලලා දානවා .. තරිදු අයියටත් බොහොම ස්තුතියි !! ජය වේවා !!

  24. salinda herath

    thanks bro ,
    kalinma sub eka dunnata

  25. gamage

    thanks brooo

  26. Shenin Perera

    එල එල රොයිලි අයියා! තැන්කූ වේවා.....

    1. Shenin Perera

      අමතක උනා...............
      GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියටත් බොහොම ස්තූති....

  27. hsraha

    maxxa

  28. මලින්ද

    NIYAMAI NIYAMAI mewa tamai wada

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  30. තාරක

    මෙන්න බොලේ අද කලින්ම දීල. එලම.
    රොයිලි අයියටයි තරිඳු අයියටයි දෙන්නටම බොහොම ස්තූතියි.

  31. harsha

    රොයිලි, තරිඳු නියමයි ඈ ඔන්න එහෙනම් ගන්නවා ස්තූතියි ඩබලටම ජයවේවා

  32. මුදියා

    මෙච්චර ඉක්මනට සබ් එක දෙන එක නම් මාරයි රොයිලි
    ජයවේවා.බොහෝ...........................................................ම ස්තූතියි...!

  33. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සබට

  34. devinda gamage

    ty na bro.godama gdk pin.elz.

  35. panagama

    thank

  36. Ashan

    bohoma sthuthi sahodaraya!!!!! :):):):):):):D:D:D:D:D

  37. tharindu

    Thank you roili saho ....thank you tharidu saho lipiyata...

  38. Yukthi

    THANK YOU WEWA....

  39. praneeth madu

    tnx bro

  40. Gihan

    Thank you..

  41. BHAGYA

    THANK U AYYE !!! KIYANNA WACHANA NAHA..GODAK PIN API VENUVEN KARANA SEWAYATA....

  42. tharangani

    thanx

  43. ravi

    thankz bro..

  44. suranga

    ela

  45. charitha

    season 1,2,3,4,5 wala torrent file wada karanne ne plz e torrent file tika denna puluwanda

  46. charitha

    season 1,2,3,4,5 wala torrent file wada karanne ne plz e torrent file wala link tika denna puluwanda

  47. Asiri

    අයියෝ sub එක ගන්න වෙනදා වෙලාවට ආවේ.අද ඉක්මන්ට දීලා.sub වලට බොහොම ස්තූතියි.හොඩොර් පව් නේද එයා මුලු ජීවිත කාලෙම කියලා තියෙන්නේ අර දොර ගැන.

  48. දුලාජ් නලින්ක

    බොහෝම ස්තූතියි

  49. Lahiru

    niyama wadak.patta

Load more comments