Watch Trailer

Game of Thrones [S6E01 – The Red Woman] with Sinhala Subtitle (18+) | රතු වත හැඳි කත. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. පොත් වල කතාවයි, මේ කතාවෙයි ටිකක් විතර වෙනස් කම් තිබ්බට, අරටුව එකට තමා වෙලිලා තියෙන්නේ…

Game of Thrones S6P2

හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. පොත් වල කතාවයි, මේ කතාවෙයි ටිකක් විතර වෙනස් කම් තිබ්බට, අරටුව එකට තමා වෙලිලා තියෙන්නේ. ඉතින් මෙදා පාර මම දීර්ඝ ලිපි නොලිය ඒකට ගැලපෙනම කෙනාට ඒ රාජකාරිය බාර දෙන්නයි මේ ලෑස්ති වෙන්නෙ. එහෙනම් මෙතනින් පස්සෙ අපේ තරිඳු විශ්වනාත් අයියා දිගටම වටිනා ලිපි වලින්, කුතුහලයෙන්, නොදන්නා කරුණු වලින් සපිරි ලිපි අපි එක්ක බෙදාගනීවී. ඔයාලත් නොමසුරුව තරිදු සහෝටත් ස්තූතිය පුද කරන්න අමතක නොකර. එහෙනම් අපිත් අලුත් අදියර බලන්න ගම්මු.

රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)

Game of Thrones 6 වෙනි කතා මාලාවේ පළවෙනි ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ Red God (රතු දෙවියන්) වටා ඇති විශ්වාස පිළිබඳවයි. ඔබ දන්නවා Game of Thrones විශ්වය මහාද්වීප දෙකකට බෙදිලා තියෙන්නෙ. ඉන් එකක් තමයි කතාවෙ ප්‍රධාන සිදුවීම් බොහොමයක් සිදුවන වෙස්ටරෝස්. මේ මහාද්වීපයට නැගෙනහිර දිශාවෙන් තියෙන අනෙත් මහාද්වීපය තමයි එසෝස් කියල කියන්නෙ. එසෝස් වල තමයි බොහෝ දුරට රතු දෙවියන් පිළිබඳ වැඩි විශ්වාසයක් තියෙන්නෙ. මේ රතු දෙවියන්ව R’hllor (රොලෝ), lord of light (ආලෝකයේ දෙවියන්), heart of fire, god of flame and shadow ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. මේ දෙවියන්ගේ සලකුණ වන්නෙ ගිනිගෙන දැවෙන හදවතක්. වෙස්ටරෝස් වලත් රතු දෙවියන් විශ්වාස කරන පිරිසක් ඉන්නවා. රතු දෙවියන් අදහන පූජකයන් හඳුන්වන්නෙ red priests (රතු පූජකයන්) විදිහට. මැලිසැන්ඩ්රා කියල කියන්නෙත් මේ විදිහට රතු දෙවියන් අදහන පූජිකාවක්.

රතු දෙවියන් හා බැඳෙන තවත් කෙනෙක් තමයි ඔහුගේ ප්‍රධාන හතුරා වෙන the great other, එහෙමත් නැත්නම් god of darkness (අන්ධකාරයේ දෙවියන්). මේ අන්ධකාරයේ දෙවියන් තමයි white-walkers මෙහෙයවන බලවේගය. Game of Thrones පොත් වල white walkersලව බොහෝ විට හඳුන්වන්නෙ others විදිහට. එතකොට the great other කියන්නෙ ඔවුන්ගෙ ප්‍රධානියා, මැවුම්කරු විදිහට හිතන්න පුළුවන්. ඒත් TV series එකේදී white walkers කියන නාමය විතරයි පාවිච්චි වෙන්නෙ. මොකද ප්‍රසිද්ධ Lost කියන TV series එකේ others කියන නාමය පාවිච්චි කරල, එය රසිකයන් අතරට ගිහින් ඉවරයි. ඒත් අපිට දැනට හිතන්න පුළුවන් දෙයක් තමයි මේ “the great other” කියල කියන්නෙ අපි කතා මාලාවේ දැකපු night king. එහෙම නැත්නම් night king කියන්නෙ අන්ධකාරයේ දෙවියන්ගේ ශූරයා.

රතු දෙවියන් හා බැඳී විශ්වාස හැටියට, ලෝකයේ ඉරණම රඳා පවතින්නෙ හැමදාමත් මේ දෙවියන් දෙදෙනා අතර සදාතනික අරගලයක. එක විදිහට ගත්තම, Game of Thrones කතාවට පාදක වන කතා මාලාව නම් කරල තියෙන්නෙත් song of ice and fire විදිහට නිසා, රතු දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය සහ කතා මාලාව අතර ප්‍රධාන සම්බන්ධයක් තියෙන්න පුළුවන්. Ice කියල කියන්නෙ white walkers සහ ඔවුන් මෙහෙයවන අන්ධකාරයේ දෙවියන් නම්, fire විදිහට හඳුන්වන්නේ රතු දෙවියන් නම්, මේ සම්බන්ධය හරි විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒත් song of ice and fire කියන එකට තවත් අර්ථකථන තියෙනවා. මම මේ කියපු සදාතනික අරගලය නිම වෙන්නෙ Azor Ahai -අසෝ(ර්) අහායි කියන වීරයකුගේ නැවත පැමිණීමත් එක්ක බවයි රතු දෙවියන් අදහන අයගේ විශ්වාසය තියෙන්නෙ. ඒ විශ්වාසය, අනාවැකිය පහත විදිහටයි දැක්වෙන්නෙ.

“There will come a day after a long summer when the stars bleed and the cold breath of darkness falls heavy on the world. In this dread hour a warrior shall draw from the fire a burning sword. And that sword shall be Lightbringer, the Red Sword of Heroes, and he who clasps it shall be Azor Ahai come again, and the darkness shall flee before hi”

“දිගු ග්‍රීෂ්ම සෘතුවට පසු, තරුවලින් ලේ ගලන, අන්ධකාරයේ සීශීත සුසුම් පොළොව මත පතිත වන දිනක් උදා වනු ඇත. මේ භයානක වෙලාවේ සටන්කරුවෙක් ගිනිගෙන දැවෙන කඩුවක් ගින්නෙන් ඇද ගනු ඇත. මේ කඩුව Lightbringer, වීරයන්ගේ රතු අසිපතයි. මේ අසිපත ලබාගන්නා කෙනා අසෝ(ර්) අහායි නැවත පැමිණීම වනු ඇත. ඔහු ඉදිරියේ අන්ධකාරය පලායනු ඇත.”

හරියට night king කියන්නෙ the great other හෝ අන්ධකාරයේ දෙවියන්ගෙ ශූරයා වගේ, අසෝ(ර්) අහායි කියල කියන්නෙ රතු දෙවියන්ගෙ ශූරයා (champion),. ඒ වගේම මේ අනාවකියේ නැවත පැමිණීමක් ගැන කතා වෙනවා. ඒ කියන්නෙ මීට කලින් මේ ශූරයා ඉඳල තියෙනවා. ඒ කොයි කාලේද?

මීට අවුරුදු 8000කට කලින් දිගු රාත්‍රියක් ඇවිත්, ලෝකයේ අන්ධකාරයෙන් වැසී, night walkers ල හිස ඔසවා තිබුණු කාලයේ මේ අසෝ(ර්) අහායි කියන ශූරයා ඔවුන්ව පරදවා දිගු රාත්‍රිය නිම කිරීමට සටන් කරා කියලයි රතු දෙවියන් අදහන මිනිසුන්ගෙ විශ්වාසය. white walkersලව පරාජය කිරීම ගැන game of thrones විශ්වයේ එක එක කලාප වල වෙන වෙන ආකාරයේ පුරාවෘත සහ විශ්වාසයන් තිබෙන්නෙ. ඒත් දිගු රාත්‍රිය තිබුණා කියන එක, white walkersල ඒ කාලේ හිටිය කියන දේ බොහෝ අය විශ්වාස කරනවා. උතුරේ මහා විශාලට හදා තිබෙන යෝධ තාප්පය (the wall) නිර්මාණය වුණේ, white walkers උතුරට පලවා හැර, මිනිසුන්ව මේ තර්ජනයන්ගෙන් බේරා ගන්න. එහෙම හදන්න ඒ කාලෙ වින්ටෆෙල් හිටිය බ්‍රැන්ඩන් ස්ටාර්ක් කියන පුද්ගලයා මායාව පාවිච්චි කරලා තියෙනවා. ඊට පසුව ඒ සීමාව ආරක්ෂා කරන්න පිහිටවූ පිරිස night watch එක ලෙස විදිහට හැඳින්වුණා.

ඒ වගේම උතුර හැමදාමත් ස්ටාක් කෙනෙක් සිටිය යුතුයි (there must alwasy be a stark in winterfell) කියල කියන්න හේතුවක් වෙන්නෙ මේ white walkersලගෙන් තියෙන තර්ජන නිසා. ඊට අමතරව මේ ප්‍රකාශයට තව හේතුවක් තියෙනවා. ඒත් කතාව spoil කරන්නෙ නැතුව ඒක සාකච්ඡා කරන්න බෑ. ඒ වගේම ස්ටාක් ප්‍රකාශය වන “winter is coming” කියන එක නිකම්ම නිකම් පැමිණීමක් නෙවෙයි, එයින් ඔබ්බට ගිය භයානකකමක් ගැන කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සලකන්න පුළුවන්. ඒ මොකද, දිගු ශීත කාලෙක වෙලා තියෙන දෙයක් ආයේ ශීත කාලෙක වෙන්න පුළුවන් කියන දේ ඔවුන් දන්නවා.

දැනට කතා පැවතෙන කාලයේ white walkersල ආයේ හිස ඔසවලා තියෙන්නෙ. අවුරුදු 8000කට උඩදි වගේ, අඳුරු සීතල අතරින්, ඔවුන් පලවා හැරි ප්‍රදේශවලින් ඔවුන් නැවතත් පැමිණෙමින් සිටිනවා. අඳුර සහ ශීත කාලය වෙස්ටරෝස් වලට ළඟා වෙනකොට ඒ සමගම white walkersල ජනතාව සිටින ප්‍රදේශවලට ඇතුල් වෙන්න උත්සහ කරන්න පුළුවන්. ඔවුන් ඒ සඳහා හමුදාවක් ගොඩ නගාගෙන තියෙනවා. ඔවුන්ට තියෙන බාධාව විශාල wall එක විතරයි. ඒත් night watch එක wildlingsල එක්ක කරපු සටනෙදි පවා අපි දැක්ක wall එක ආරක්ෂා කරන්න ඔවුන්ට ඉන්නෙ මොන තරම් අඩු හමුදාවක්ද කියල. white walkers නැවත හිස ඔසවා තියෙන බව දැනුම් දී, night watch එකේ ආරක්ෂාව තර කරන්න උදවු ඉල්ලුවත් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් බොහෝ ප්‍රභූවරුන්ගෙන් ලැබුණේ නෑ. විශේෂයෙන්ම kings landing වල මේ සඳහා තියෙන්නෙ ඉතා අඩු අවධානයක්. ඔවුන් විශ්වාස කරන්නෙ නෑ ඇත්තමට white walkersල ඉන්නවා කියල.

එතකොට අපේක්ෂා කරන්න පුළුවන් එකම දේ තමයි රතු දෙවියන් හා බැඳී අනාවැකිය වන අසෝ(ර්) අහායි නැවත පැමිණීම. ඒත් කවුද අසෝ(ර්) අහායි? එක එක අය ඒ ගැන හිතන විදිහ වෙනස්. එසෝස් වල ඉන්න රතු පූජකයන් විශ්වාස කරනවා ඩැනේරිස් ටාගේරියන් තමයි අසෝ(ර්) අහායි නැවත පැමිණීම කියල. ඇය දැනට සිටින්නෙ ඒ මහාද්වීපයේ කියල ඔබ දන්නවා. ඇයට හිමි රජකම ලබාගන්න ඇය තවමත් වෙස්ටරෝස් හි kings landing වලට ආවේ නෑ. ඇය අසෝ(ර්) අහායි කියල විශ්වාස කරන්න ප්‍රධානම හේතුව තමයි ඇයගේ මකරුන්. ගිනි විදින මකරුන් සහ ගිනි සඳහා අධිපති දෙවියන් අතර සම්බන්ධයක් තියෙනබව ඕන කෙනෙක්ට පිළිගන්න පුළුවන් තර්කයක්. ඒ වගේම අනාවකියේ සඳහන් වෙනවා නෙ ගිනිගෙන දැවෙන අසිපතක් ආයුධයක් ගැන. ඩැනේරිස් තමයි අසෝ(ර්) අහායි කියල හිතන අය තර්ක කරන්නෙ මේ මකරුන් තමයි අනාවකියේ සඳහන් වෙන ආයුධය කියල.

ඒ වගේම මකරුන් උපත ලැබුවාට පසුව, රතු පූජකයන්ගේ බලය වැඩි වීමක් වෙලා කියල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මැලිසැන්ඩ්රා එය සම්බන්ධ කරේ වල්ගා තරුවක් අහසේ දිස්වුණු දිනයට. ඇය විශ්වාස කරා අනාවකියේ සඳහන් වෙන ලේ ගලන තරුව මෙයයි කියල. නමුත් එදාමයි ඩැනේරිස්ට මකරුන් හම්බෙන්නෙත්. (දෙවන කතා මාලාවේ පළවෙනි කොටස) තව විශේෂ දෙයක් තියෙනවා. මීට කලින් white walkers ල ඉන්න කාලෙ, ඒ කියන්නෙ අවුරුදු 8000කට කලින් වැලේරියා යුගය බිහිවෙලා තිබුණේ නෑ. අපි දන්නවා මකරුන් සහ ටාගේරියන් පරම්පරාවේ ආරම්භය සම්බන්ධ වෙන්නෙ වැලේරියා වලට. වැලේරියා ලෝහ ඉතා ප්‍රබලයි. ඒ ලෝහයෙන් හදපු කඩු තියෙන්නෙ ඉතා සුළුතරයක්. ජෝන් ස්නෝ ගාව තිබුණු කඩුවත් (longclaw) වැලේරියා ලෝහයෙන් හදපු එකක්. මේ වර්ගයේ කඩුවකින් white walkers ල මරන්න පුළුවන් කියල ඔවුන් පවා දැනගෙන හිටියේ නෑ. ඒකයි ජෝන් ස්නෝ අතින් longclaw කඩුවෙන් white walker කෙනෙක් මැරුනම night king ඒ දිහා වික්ෂිප්තව බලාගෙන හිටියේ.

night king

ඒත් මැලිසැන්ඩ්රා විශ්වාස කරා, ඇය ගින්දරෙන් දැකපු නිමිති විදිහට, ස්ටැනිස් බැරතියන් අසෝ(ර්) අහායි කියල. ඒ අනුව ඇය ඔහුව ඇයගේ විශ්වාසවලට හරවාගෙන වෙස්ටරෝස් රජකම ගන්න ඔහුව උනන්දු කරා. ස්ටැනිස් බැරතියන් තම සාමාන්‍ය බැරතියන් ධජයට ගිනිගෙන දැවෙන හදවතක් එකතු කළෙත් ඒ විදිහට.

House-Baratheon-of-Dragonstone-heraldry

රතු දෙවියන්ගෙ විශ්වාස වල මිනිසුන්ව ගින්දරට පූජා කිරීම ගැන විශ්වාස කෙරෙනවා. ඒ විශ්වාස නිසා අවසානයේදී ස්ටැනිස් බැරතියන් තමන් ආදරය කරන ඔහුගේ දුවව පවා බිලි දෙනවා. ඒත් අවසානයේදී ඔහු සහ මැලිසැන්ඩ්රා විශ්වාස කරපු දේවල් බොරුවක් බවට පත් වුණා.

ඒත් මැලිසැන්ඩ්‍රා කියන්නෙ වංචාකාරියක්ද? අපිට එහෙම හිතන්න බෑ. ඇය ඉතා දක්ෂ රතු පූජිකාවක් කියල අපිට විශ්වාස කරන්න වෙනවා. වෙන ආගම් වල දැක නැති අදහාගත නොහැකි දේ අපි රතු දෙවියන්ගෙ පූජකයන්ගෙන් දැක්ක, මැලිසැන්ඩ්රා ගෙන් පවා දැක්ක. ඇය ස්ටැනිස් බැරතියන්ගෙ සහෝදරයා (රෙන්ලි බැරතියන්) මරන්න එවපු කළු ඡායාවක් වැනි දේ එයට උදාහරණයක්. ඒ වගේම ඇය රතු දෙවියන්ගෙන් අසෝ(ර්) අහායි ව පෙන්වන්න කියා කල ඉල්ලීමේදී, ගිනි දළු තුළින් ස්ටැනිස් බැරතියන්ව දුටුවම, ඔහු තමයි අසෝ(ර්) අහායි කියා හිතපු දේ තමයි ඇය කල වැරැද්ද. දෙවියන් වැඩ කරන්නෙ මිනිසුන්ට තේරෙන විදිහට නෙවෙයි. සමහර විට මැලිසැන්ඩ්රාට ස්ටැනිස්ව පෙන්නුම් කරන්න ඇත්තේ, සැබෑ අසෝ(ර්) අහායි වෙත ළඟා වීමේ මග සලකුණක් විදිහට. ඒ නිසයි සමහරුන් විශ්වාස කරන්නෙ ජෝන් ස්නෝ සැබෑ අසෝ(ර්) අහායි වෙන්න පුළුවන් කියල. ඒ තර්කය ඇත්ත වෙන්න පුළුවන්ද කියල අපිට 6 වෙනි කතා මාලාවේදී දැකගන්න පුළුවන්.

ලිපිය නිමකරන්නම් තවත් රතු පූජකයන් සතු බලයක් සඳහන් කරලා. ඔවුන්ට පුළුවන් මිය ගිය පුද්ගලයන් නැවත ගෙන්වන්න. අපි TV series එකේ ඒකට උදාහරණයක් දැක්ක. ඒ තමයි Thoros of Myr කියන රතු පූජකයා බෙරික් ඩොන්ඩේරියන් කිහිප වතාවක්ම මරණයෙන් අවදි කර තිබීම. (ඔහුගෙත් බලය වැඩි වීම සිදු වුණේ මකරුන් ඉපදුනාට පස්සෙ) ඉතිං ඒ විදිහට ජෝන් ස්නොව නැවත මරණයෙන් අවදි කරන්න මැලිසැන්ඩ්රාට හැකි වේවිද? ජෝන් ස්නෝ සැබෑ අසෝ(ර්) අහායිද එහෙමත් නැත්නම් ඒ ඩැනේරිස් ටාගේරියන්ද? එහෙමත් නැත්නම් අපි නොහිතපු වෙනත් කෙනෙක්ද? පිළිතුරු කොහොම වුණත් රතු දෙවියන් සහ ඒ වටා තිබෙන විශ්වාස ගැන දැනගෙන ඉන්න එක, TV series එක බලද්දි ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – INTERNAL-KILLERS, x265.ShAaNiG, FLEET, CtrlHD, WEBRip-monkee / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

77,925 downloadsDownload GOT.S06.E01.Sinhala.zip126 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

77,925 downloadsDownload Subtitles126 KB

136 comments

  1. kavinda

    බොහොම ස්තූතියි සහෝ
    එනකල් බලා උන්නේ =D

  2. chamika

    thankz saho

  3. YASIRU HASARANGA

    මරු මරු . එනකන් බලන් හිටියේ .
    ස්තුතියි සහෝ !

  4. Mahesh

    Thanx lot.........

  5. iduwara

    පට්ට සහෝ.. අපේ හද පිරි මෙව්වා ඒක ඔයාට.. ඔයා දෙවියෙක් වගේ තමා දැන්.. බොහොම ස්තූතියි

  6. සුරේෂ් ජයතිලක

    ගින්දර රොයිලි අයියා! :)

  7. eranga

    Thank You...

  8. brian harshana

    thank bro!

  9. Sanath Perera

    යකඩෝ මේක එනකම් බලන් හිටි කාලයක්...
    රෝයිල් අයියට පිං මේකට සබ් එකයි ලිපියයි දුන්නට....
    ඉවසිල්ලක් නෑ මේකෙ මොකද වෙන්නෙ බලන්න...
    ලිපිය කියවනවා මේක බාන්න දාලා..
    ජයෙන් ජය සහෝ....
    අනේක වාරයක් ස්තූතියි සබ් එකට....
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  10. tv pissa

    wow awa awa.tnx tnx

  11. Anjana

    udee idan balan hitiyee meka danakan.thnkzzz dr........

  12. brian harshana

    torrent nane?

  13. devinda gamage

    Fatta Bro Fatta.oyata pin.ty

  14. නිරෝෂ්

    බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  15. Mahesh

    torrent link????? pls....

    1. රොයිලි

      ඕනෑම ටොරන්ට් අඩවියකින්, Game of Thrones S6E01 විදියට සර්ච් එකක් කරල, ඉහත සඳහන් නම් තියෙන කොපි එකක් බලලා බාගන්න. HDTV ඕනා කොපියකට වැඩ කරාවී. ජය෴෴

    2. Mahesh

      thanx bro..... wede hari

    3. Marlon

      Thanks machan well done

    4. ruwan

      ehenam ithin adugane torrent site ekak denna.kickass piratebay wala meka ne

  16. shalitha

    kohomada dowunload kranne ?

  17. Kasun Widusha

    Tnx Royili aiyaa,,awa dawasema dunna ela

  18. T!Nk3R

    ammoooooooooooo thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
    superiiiiiiiiiiiii aeeeeeee thxxxxxxxxxxxxxx.......................!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Isuru

    ela ela
    thanx macahan. maa sub 1a dfannakam balan hitiyaa...
    anith ewath apu gaman danna hakiyawa labeewa...
    obata jaya....

  20. Nerun Kalpajith Fernando

    Thanks ah... torrent link dan danne nedda :O

  21. GihanC

    ude idan balan idala dan tamai news eka awe badu dala kiyala ...roily ayya deyya...thank u so much

  22. GihanC

    ude idan balan idala dan tamai news eka awe badu dala kiyala ...roily ayya deyya ...thank u so much

  23. CM Champika

    thanxxxxxxxxxxxx

  24. akalanka

    බොහොම ස්තූතියි සහෝ.....

  25. Nadda

    අඩෝ සුපිරියක් බ්‍රෝ... අද උදේ 10ට විතර මම එපිය බාලා බලාගෙන හිටියේ සබ එනකම්.. තෑන්ක්ස් වෙවා!! අනිත් එපි ටිකත් මෙවගේ ඉක්මනටම දෙන්න... ඔන්න එහෙනම් මම බලනවෝ... #ජය!! ;)

    1. saji

      machan mata link eka ewapan ko download karaganna

  26. sahana weerakoon

    අසෝ(ර්) අහායි ජොන් ස්නොව් වෙන්න ඔනි.මට හිතෙන විදිහට
    ජොන් ස්නොව් ස්ටාක් කෙනෙක් වෙන්න බැහැ.නෙඩ්ගේ අව ජාතක පුතා කිව්වට එක තැනකදි ජොන් ස්නොව් කියනවා මම ස්ටාක් කෙනෙක් නේවෙයි කියලා. ජොන් ස්නොව් ගින්දර එ කියන්නේ මකරු එක්ක සම්බන්ධයක් තියනවා කියලා.මොකද ජොන් ස්නොව් ධවල ඇවිදින්නා එක්ක වලියෙදි උගේ වෙප්න් එක (හෙල්ල) ජොන් ස්නොව්ගේ ඇගේ තිබ්බට මුකුත් වෙන්නේ නැහැ.හරියට කලිසිට උන එකෙ අනිත් පැත්ත.

  27. me

    Thanks

  28. Anjana

    dwn krnna be neh..ane torrnt link ekak denna plz...google search karata pennanne naa neh torrnt link...

  29. prabath

    thank you very much.mekata sub watenakan thama balagen hitiye ude idamma

  30. Sadu..

    හ්ම්ම් මුලින්ම කියන්න ඕන. බොහොම තුති බ්‍රෝ සබ් එකට.......උදේ ඉදන් නෙවෙය් දැනට මාසෙකට විතර උඩින් ඉදලා තමය් දත කට මැදලා මේක බලන්න ලෑස්ති වෙලා හිටියේ සහෝ.නැවත වතාවක් තුති සබ් එකට... ජයවේවා!!!

  31. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි රොයිලී අයියේ.
    වසරක් බලන් හිටියා සීසන් 6 වෙනුවෙන්.
    ඉක්මනින් සබ් එක දුන්නාට ගොඩාක් ස්තූතියි අයියේ.
    තරිදු විශ්වනාත් අයියාටත් ගොඩාක් ස්තූතියි සුපිරි ලිපිය වෙනුවෙන්. දෙඉහටම සුපිරි ලිපි ටිකක් ඔක්කෝම එපිසෝඩ් වෙනුවෙන් දෙන්ඩෝ.
    මං හිතන්නේ අද කොටසින් රෙඩ් වුමන් හෙවත් මෙලිසැන්ඩ්‍රාගේ සැබෑ ස්වරූපය පෙන්නුවා කියලා.
    ඊලග කොටස වෙනුවෙන් බලා සිටිමී.
    සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

  32. Berry

    මරු මරු . එනකන් බලන් හිටියේ .
    ස්තුතියි සහෝ !

  33. chathura

    machan download karana link eka nane

  34. Nuwan Dewapriya Disanayaka

    please give torrent links.................

  35. Suchira

    subtitle එකේ පොඩි අවුලක් තියෙනව.දෙබස් කියවන වෙලාවට නෙවෙයි sub එක යන්නෙ.කාල පරතරයෙත් අවුල් තියෙනව.ඒ හින්ද එක තැනකදි හැදුවත් ආයෙත් වෙනස් වෙනව.මොනව උනත් thanks මෙහෙමවත් එකක් දුන්නට.පුලුවන්නම් පොඩ්ඩක් බලල දූෂය නිවැරදි කරන්න

    1. රොයිලි

      සුචිර සහෝ මට ගත්ත කොපියේ නමයි, ඒකට ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් තියෙනවනම් ඒකයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ස්තූතියි. ජය෴෴

    2. Suchira

      Game.of.thrones.S06E01.HDTV.720p.350MB.MkvCage.com :-video eka
      Game.Of_.Thrones.S06E01.HDTVRip.720p.AAC2_.0.x264-CasStudio :-subtittle eka

    3. විමා

      මේක මේ මුලින්ම ආපු රුසියන් කොපිය නේද සහෝ?
      මේකටනම් සබ් ගැලපෙන්නේ නෑ :/
      ඉංග්‍රීසි සබ් එක පවා ගැලපෙන්නේ නෑ මේකට

  36. Suchira

    subtittle එකේ පොඩි අවුලක් තියෙනව.දෙබස් කියවන වෙලාවට නෙවෙයි sub එක යන්නෙ.කාල පරතරයෙත් අවුල් තියෙනව.ඒ හින්ද එක තැනකදි හැදුවත් ආයෙත් වෙනස් වෙනව.මොනව උනත් thanks මෙහෙමවත් එකක් දුන්නට.පුලුවන්නම් පොඩ්ඩක් බලල දෝෂය නිවැරදි කරන්න

  37. thilina

    thank bro

  38. priyantha

    මග බලාන උන්නෙ කවදද ඉතුරු ටික පෙන්නන්නෙ කියල තෑන්ක් රොයිලි සහෝදරයා

  39. Gathsara Umesh Kumara

    අම්මෝ සබට ගොඩාක් තැන්ක්ස් රොයිලි සහෝ......දිගටම ඉක්මනටම දෙමු..

  40. dineth

    බොහොම ස්තූතියි සහෝ

  41. Praveen Geeshan

    අම්මට සිරි ඇඩේනවා ඈ. ඉක්මනට sub දුන්නට ගොඩක් තැන්ක්ස් සහෝ. එල එල එනකම් හිටියේ...

  42. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  43. Inusha Ambagahawaththa

    niyamai Tharindusaho lipiya...Tharindu saha Royli saholata bohoma isthuuthiyi..

  44. Gayan

    Thanks for a sub mcn.tharidu sahoge lipi walatath thanx for lot.keep going maybe 4th or 5th episode Jon will be come back.

  45. Asiri

    පට්ටයි රොයිලි සහෝ.මේක එනකල් අවුරුද්දක් ම වගේ බලාගෙන හිටියනේ.ලිපිය ලියන තරිදු සහෝටයි සබ් දෙන රොයිලි සහෝටයි බොහොම ස්තූතියි.

  46. ishara

    amme suda enakam balan hitiye ummmmmmma thanks raththaran

  47. gamage

    pattaine,,, ade onna apahu supiri seris eka balanna puluwan, thanks roily sahoooo

  48. Hashan Perera

    balaagena hitiyee...thnks sahooo

  49. Heshan

    Thanks saho...

  50. Rajitha

    Thank you saho......jayawewa.....!

Load more comments