පසුගිය සතිය ගැන මතක් කරනවානම් ජෙරොම් හා එයාගේ අනුගාමිකයන් එක්කාසු කරගෙන ගෝතම් පොලිසියෙ අය එක්ක ඇතිවුණු සටනදී ජෙරොම් මැරිලා ගියා. හැබැයි එයා එයාගෙම සහෝදරයාට උරුමකම් කියන්න දෙයක් ඉතරි කලා. ඒ තමයි පිස්සුව ඇති කරන අර ගෑස් එක ජෙරමයාට ආවරණය වෙන්න සලස්වපු එක. ජෙරොම්ගේ මළ මිනිය ලවා කියපු දෙයක් නිසා එයාගේ අ…

පසුගිය සතිය ගැන මතක් කරනවානම් ජෙරොම් හා එයාගේ අනුගාමිකයන් එක්කාසු කරගෙන ගෝතම් පොලිසියෙ අය එක්ක ඇතිවුණු සටනදී ජෙරොම් මැරිලා ගියා. හැබැයි එයා එයාගෙම සහෝදරයාට උරුමකම් කියන්න දෙයක් ඉතරි කලා. ඒ තමයි පිස්සුව ඇති කරන අර ගෑස් එක ජෙරමයාට ආවරණය වෙන්න සලස්වපු එක. ජෙරොම්ගේ මළ මිනිය ලවා කියපු දෙයක් නිසා එයාගේ අනුගාමිකයන් ජෙරොම්ගේ මිනිය වළලලා තියෙන තැනින් ගොඩගන්න තීරණය කලා. ඊටත් පස්සේ එයාගේ මිනි පෙට්ටියත් එක්කම අරන් ගිහින් ගෝතම් පොලිසියට පහර දුන්නා. පහර දුන්නමත් නෙවෙයි ඉතින් එතන බලය අතට ගත්තා වගේ දෙයක්. මේ ඔක්කොම ජෙරමායාගේ සැලසුම් කියලා ගෝඩ්න්ට වගේම කතාව බලාගෙන හිටිය අපිට දැනගන්න ලැබුණා. ඒ දේවල් හරියට ජෙරොම් මෙතුවක් කල් හීන මවපු දේවල් වලටත් එහා ගිය දේවල් ටිකක් වගේ. කොහොමත් ඉතින් ජෙරොම්ටත් වඩා ජෙරමායා කියන්නේ බුද්ධිමත් කෙනෙක් නෙහ්.
අපි හිතුවටත් වඩා මේ කතාව වෙනස් වුණා. වෙනස් වුණා නෙවෙයි වෙනස් කලා. ඒකෙ ප්‍රධාන ස්තුතිය ලැබෙන්න ඕන වැලස්කා නිවුන් සහෝදරයින් දෙන්නාට. අපි හැමෝම බලන් උන්නේ මේ අයගෙන් කවුරුහරි කෙනෙක් ජෝකර් වෙයිද කියලා. මම දන්නේ නැහැ අනික් අයට නම් කොහොමද කියලා හැබැයි ජෙරොම් නම් ජෝකර් වෙනකන් මම ඇගිලි ගැන ගැන බලන් හිටියෙ. කොහොම නමුත් ජෙරොම්ගෙයි ජෙරමායාගෙයි රංගනයෙන් බලන් ඉන්න අපිට ඒත්තු ගැන්නුවා එයාලා ජෝකර්ලා කියල. හොදට කල්පනා කරලා බැලුවොත්, හොදට හිතලා බලන්න ජෙරොම් වැලස්කා හරියට නිකන් The Dark Knight (2008) චිත්‍රපටයේ හිටිය Heath Ledger විසින් පණ පෙවූ ජෝකර් වගෙයි. එතකොට ජෙරමායා වැලස්කා හරියට Dark Knight Returns (2012) චිත්‍රපටයේ හිටිය ජෝකර් වගෙයි. කොහොම නමුත් ජෙරොම්ට සම්පුර්ණ කරගන්න බැරිවුණු ජෝකර් කියන චරිතය අපිට ජෙරමායා හරහා පටන්ගැන්මක් හැටියට දකින්න ලැබුණා.
බෲස් ඉන්නේ ජෙරමායා එක්ක කියලා දැනගත්තම ගෝඩ්න් ක්ෂණිකවම ගියා බෲස්ව හොයාගෙන. අන්න එතනදී තමයි ජිම්ට හිතාගන්නබැරි විදිහේ වීඩියෝ ගොඩක් දකින්න ලැබුණේ. ඒ විතරක් නෙවෙයි ජෙරමායා කියන්නේ මොන වගේ වංචාකාරයෙක්ද කියලත් එයාට දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලට මතක ඇතිනේ නේද බෲස් තමන්ගේ සමාගමේ අරමුදල් ජෙරමායාට යොදවලා ඒ දෙන්නා එක්කාසු වෙලා හදපු ජෙනරේටර් එහෙම? ඒවා ජෙනරේටර් වලටත් එහා ගියපු බෝම්බ කියලත් ජිම්ට දැනගන්න ලැබුණා. මේ වෙද්දී බෲස් ජෙරමායාගේ බය නැති කරන්න එයා එක්ක ජෙරොම්ව වල දාපු තැනට ගිහින් හිටියෙ. ජෙරමායා කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා නොදන්න බෲස්ට ඕන වුනේම එයාට උදව් කරන්න විතරමයි. ඒත් ප්‍රශ්නේ මේකයි ජෙරොම්ගේ ගෑස් එකක් වැදුනා කියල ඒ විදිහේ පිස්සුවක් නටන්න පුලුවන්ද? මොකද ජෙරමායාගේ වැඩ දෙපිටිකාට්ටු ඒවා. ඔයාලට හිතෙන්නේ නැද්ද ජෙරමායා කලින් හොද මුණක් පෙන්නන් හිටියට හොද පුරුද්දක් තියෙන අපරාධකාරයෙක් කියලා? කොහොම හරි ජෙරමායා නිර්මාණය කරපු උපකරණයකින් ජිම් හිටිය බංකරය පුපුරවලා යවනවා. ජිම් මැරෙන්න ඇතිද? මොකද එලියට යන්න නම් විදිහක් තිබුනෙම නැහැ කියලා අපි දැක්කා.
ජෙරමායාගේ අනුගාමිකයන් GCPD වලට කඩාගෙන පැන්න නිසා ලී ටොම්කින්ස්ව එලියට අරගන්න වැඩේ එඩ්ට තව තවත් ලේසි වුණා. කතාවේ සැක හිතෙන තවත් කාරණයක් තමයි ලීගෙයි එඩ්ගෙයි ආදර පලහිලව්ව ඇත්තක් වේවිද කියන එක. මොකද ඔයාලා දන්නවා ඇතිනේ ලී කියන්නේ මොන තරම් හොද කෙනෙක් වුනත් පසුකාලීනව වෙච්ච වෙනස්කම් එක්ක එයාගේ වාසියට යමක් ලැබෙන්නේ නැත්තම් එයා තවත් කෙනෙක්ගේ අහලකවත් ඉන්නේ නැහැ කියලා. මේ අතරවාරයේ පෙන්ගුයින් වගේම ග්‍රන්ඩි දෙන්නා එක්කාසු වෙලා ජෙරමායාගේ අනුගාමිකයන්ගෙන් කෙනෙක්ව කුදලන් ඇවිත් දැනගන්න උත්සහ කරනවා ජෙරමායා මොකක්ද කරන්න හදන්නේ කියලා. මේ දෙන්නාගේ ආයෙමත් ලෑස්තිය කොහොම හරි මොනම හරි දෙයක් කරලා හියුගෝ ස්ට්‍රේන්ජ්ව හොයාගෙන ග්‍රන්ඩිව සුව කරගන්නයි. ඒ විතරක් නෙවෙයි ජෙරමායා එක්ක හිටිය ගෑනු කෙනා “එකෝව” මතක ඇති නේද? අන්න ඒ එකෝ පහුගිය කොටස තුලදී ඇදන් හිටියෙ හාර්ලි කවීන්ගේ ඇදුමක් තමයි ඈ. ඔව් ඔව් අර උල් කන් දෙකක් වගේ තිබුණු ජිම්ට බංකරේ ඇතුලෙදි පිස්තෝලයක් දික් කරන් හිටිය කෙනා තමයි. ගෝතම් සීරිස් එක නම් අපිටත් නොදැනීම අලුත් චරිත එලියට දානවා
අද කොටස තුලින් වෙන්නේ මොනාද කියලා කියන්න යන්නේ නැහැ. එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDYV පිටපත් සඳහා අදාළ වේ.
11,064 downloadsDownload Gotham-S04E21.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
39 comments
Nuwandika Dil
ksjayalath
බොහොම ස්තූතියි....
Hirunaprabodha
ස්තූතියි සහෝ ... ඔබට ජය
Sanath Indika
thx broo
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
S.K. Ruchiranga
thz brother
Ayesh Prashan
Thank You
Mr.X
ස්තූතියි සහෝ
SASANDA SENEVIRATHNE
supiri aiyeee thnks
Gathsara Umesh
Bhooooom sthuithiyi ayye...
naughty
ස්තූතියි
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Eranga Sandaruwan
එල එල.
මේකේ එපිය ඩවුන්ලෝඩ් නොකර හිටියේ hd එකට වඩා web රිප් එකට සීඩ් වැඩි නිසා මොහොකට සබ් දෙයිද දන්නේ නැති නිසා.උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.....
s.s.m
tz sub ekata....jayawewa!!
podda
elama
tharindu gunarathna
thanks
shadow
Thank. Sab eka dunnata. Aiye.jaya..
SMART NIRO
thank broo jaya wewaa
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් හිටියේ..Amil5289
Elmahh tnx
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
ela bro.....
kelumchathuranga
thanks
Avpfilms
මේච්චර වටිනා ලස්සන කථා තියෙද්දි නේ අපේ රටේ බහුතරයකට මෝඩ ටෙලි නාටයය බලන්න වෙලා තියෙන්නේ. ඔයාලා වගේ අය ඉන්න නිසයි අපිට ඒ අවස්ථාව උදා වුනේ. ගොඩාක් ස්තූතියි මේවාගේ දෙයක් ලබා දෙන්න කැප වූවාට...
ජයෙන් ජය...Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
sineth devapriya
හා හා... අද තමයි දවස
E22 Air date
තෑන්ක්ස් බ්‍රෝ සබ් දුන්නට. Finale 1ත් ඉක්මනට දෙනව කියල දන්නව.
ජයජෙරෝම්!!!!!!
ජෙරමායා!!!!Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sherlock holmes
Thanks bro
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට..................ජය වේවා!!!!!!!!!!!!!
Recon
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
chanaka_naveen
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....
chamith555
ft
Dilrulzz
Tnx oyala me karana de nm eththatma hoda deyak
wajira
thanks for sub
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Elah