Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E21] Sinhala Subtitles | කාවද බේරගන්නෙ..?? [සිංහල උපසිරසි සමඟ]

ටැල්බට් කෝල්සන්වත් අරගෙන කෝවාස්ගෙ යානයට ගියා මතක ඇති පහුගිය කොටසෙදි. ඔව් ටැල්බට්ට ඕන කරලා තියෙන්නෙ දැං තමුන් කවුද කියන එක හැමෝටම පෙන්වන්න. මේ දෙන්නා කෝවාස්ගෙ යානයට ගොඩ වැදුනයින් පස්සෙ දෙන්නවම සිරබාරයට ගන්නවා, ඇත්තටම එහෙම නෙවෙයි, ඒත් කියනවනෙ. පස්සෙ ටැල්බට් සහා කෝල්සන් දෙන්නා කෝවාස් හම්බවෙනවා. ඔතනදි…

ටැල්බට් කෝල්සන්වත් අරගෙන කෝවාස්ගෙ යානයට ගියා මතක ඇති පහුගිය කොටසෙදි. ඔව් ටැල්බට්ට ඕන කරලා තියෙන්නෙ දැං තමුන් කවුද කියන එක හැමෝටම පෙන්වන්න. මේ දෙන්නා කෝවාස්ගෙ යානයට ගොඩ වැදුනයින් පස්සෙ දෙන්නවම සිරබාරයට ගන්නවා, ඇත්තටම එහෙම නෙවෙයි, ඒත් කියනවනෙ. පස්සෙ ටැල්බට් සහා කෝල්සන් දෙන්නා කෝවාස් හම්බවෙනවා. ඔතනදි තමයි ටැල්බට් තමන්ගෙ බලය පාවිච්චි කරලා කෝවාස් ඇතුලු පිරිස තමන් ඉස්සරහා දණ ගස්සවන්නෙ. පස්සෙ ලොකු කතා බහකින් අනතුරුව ටැල්බට්ට හැකියාව ලැබෙනවා සමූහාණ්ඩුව අයව හම්බවෙන්න. හැබැයි මෙතන සාමාජිකයො හයක් විතරක් ඉන්න නිසා ටැල්බට්ව පිළිගන්නෙ නැ. ඉතිං එතන පණ්ඩිතකම් දොඩවපු කෙනෙක්ට ටැල්බට් අතින් මැරුම් කන්න වෙනවා. ඊට පස්සෙ සමූහාණ්ඩුව ටැල්බට්ව පිලිගන්නවා. කට්ටියට මතක ඇතිනෙ මේ සෙට් එක ජෙනරල් හේල් එක්ක ගිවිසුමක් ගැහුවා ග්‍රැවටෝනියම් දුන්නොත් පෘථිවිය වෙන්න තියෙන විනාශයෙන් බේරගන්නවා කියලා. ඔන්න ඉතිං ඒක බොරුවක් කියලා දැනගන්නවා. මේ අයට ඕන කරලා තියෙන්නෙ ඒ විනාශයට කලින් ග්‍රැවටෝනියම් ටික පෘථිවියෙන් අරගන්න විතරයි. එතකොට මේ වෙන්න තියෙන විනාශය මොකක්ද? ඔව් ඒ ගැනත් යස අගේට පැහැදිලි කලා මතකනෙ. ඒ තමයි අපි දැන් හොදට දන්න හදුනන තෑනෝස් එන එක. ඇත්තටම කිව්වොත් එතනදි කියනවා මේ වෙලාව වෙනකොටත් පෘථිවියට පහර දෙනවා කියලා. ඒ කියන්නෙ තෑනෝස් නිව් යෝක් වලට පහර දීම.

දැන් හැමෝම දන්නවා සමූහාණ්ඩුව පෘථිවිය බේරගන්න උදව් නොකරන විත්තිය. ඉතිං ටැල්බට් හිතන්නෙ තමන් තමයි පෘථිවියෙ අවසන්බ ලාපොරොත්තුව කියලා. ඔය නිසාම තමයි සමූහාණ්ඩුවේ හිටපු කසායස් පවුලෙ කෙනෙක් කියපු දේ ඔලුවට ගන්නෙ. ඒ තමයි පෘථිවියෙ තියෙන ග්‍රැවටෝනියම් ඇදලා අරගෙන ටැල්බට්ව තවත් බලවත් කරගෙන තෑනෝස්ව පරාද කරන්න. දැං තේරෙනවනෙ පෘථිවිය විනාශ වෙන්න පුළුවන් විදිහ. හැබැයි මේ විනාශයට කලින් තෑනෝස් විශ්වයෙ ජන ග්‍රහනයෙන් බාගයක්ම විනාශ කරලා ඉවරයි. මතකනෙ අන්තිම ස්නැප් එකෙන් පස්සෙ ගොඩක් ඇවෙන්ජර්ස්ලා ඇතුලුව බොහෝ පිරිසක් පැවැත්මෙන් අහක් වෙලා යනවා. ඒ නිසා ශීල්ඩ් පස්වෙනි සමයෙ මුල් බාගෙ දැක්ක ආකාරයට ලෝකෙ කෑලි වලට කැඩෙනවනම් ඒ වෙන්නෙ ඔය කියපු සිද්දියට පස්සෙ.

ඔය අතරෙ තමයි ඩේසි සහා මේ ඇතුලු පිරිස ටැල්බට් සහා කෝල්සන්ව හොයාගෙන එන්නෙ. ඒත් ඉතිං ඒ වෙනකොටත් ටැල්බට් පිස්සෙක් වෙලා ඉවරයි. මතකනෙ ජෙනරල් හේල් පවා ටැල්බට් අතින් මැරුම් කනවා. ඉතිං ඔතනදි කෝල්සන්, මේ, සහා ඩේසි ටැල්බට්ගෙ හිර කාරයො වෙනවා. දැං කෝවාස්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙ ටැල්බට්. ඔය දේවල් අතරෙ ඩේසිව ක්‍රී කෙනෙක්ට බාරදෙනවා. මොකද ටැල්බට්ව නතර කරන්න ඩේසිටවත් බැරිවුනා.

තවදෙයක් තියෙනවා මේ සමූහාණ්ඩුව අය කියනකම් ශීල්ඩ් එක දැනන් හිටියෙ නෑ පෘථිවිය පහරදීමකට ලක්වෙලා කියලා. මං හිතන්නෙ ඒකට හේතුව ශීල්ඩ් එක සෑහෙන කාලයක් තිස්සෙ පිටත ලෝකෙන් වෙන්වෙලා තනියම ලයිට්හවුස් එකට වෙලා හිටපු නිසා වෙන්න ඇති. දැං තමා ටිකෙන් ටික ශීල්ඩ් තෑනෝස්ගෙ පැමිණීම දැනගන්නෙ. අද කොටසෙත් ඒක තහවුරු කරනවා. මේ අය දැනගන්නෙ දැන් කියලා. ඉතිං අපි බලමු ශීල්ඩ් එක ඉන්ෆිනිටි වෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න හදන්නෙ මොන විදිහටද කියලා. ඉතිං ඔය විදිහට තමයි පසුගිය කොටස අවන් වුනේ. අද කොටස ගැන නම් කියන අදහසක් නැහැ.

කට්ටියට ප්‍රශ්නයක් ඇති තවත් සමහරු නම් දන්නවා ඇති, ඒ තමයි..
ජෙනරල් ටැල්බට් දැන් පත්වෙලා ඉන්න කෙනා කවුද..??

ජෙනරල් ටැල්බට් දැන් පත්වෙලා ඉන්න කෙනා, එහෙමත් නැත්නම් තමන්ගෙ ශරීයට ග්‍රැවටෝනියම් ඇතුල් කරගත්තායින් පස්සෙ පත්වුන කෙනා මාවල් කොමික් වලදි හදුන්වන්නෙ Graviton කියලා. Graviton ඇවිත් මාවල් විශ්වයෙ තමත් සුපර් විලන් කෙනෙක්. ඒක නම් දැනටමත් තේරුම් ගිහින් තියෙන දෙයක්නෙ. Graviton ව නිර්මාණය වෙන්නෙ Jim Shooter සහා Sal Buscema කියන දෙපල අතින්. ග්‍රැවිටෝන්ව මුලින්ම අපිට හදුන්වලා දෙන්නෙ 1977 අප්‍රේල් මාසයේ නිකුත් වුන Avengers #158 කියන කලාපය තුලින්. වසර ගානක් පුරාවට විවිධ ආකාර වලින් මෙයා ඇවෙන්ජර්ලට එරෙහිව ක්‍රියා කරපු කෙනෙක් විදිහට තමයි හදුන්වන්නෙ.

කොමික් වලදි නම් ග්‍රැවිටෝන් කියලා හදුන්වන්නෙ ෆ්රෑන්ක්ලින් හෝල්ව(Franklin Hall). ගුරුත්වාකර්ශනය පිළිබඳව පර්යේශණය කරපු හාදයෙක්. මෙයාට බලය ලැබෙනවා ගුරුත්වාකර්ශනය පාලනය කරන්න පුළුවන් වෙන විදිහෙ. කොහොම වෙතත් ඇවෙන්ජර්ස්ලා අතින් පරාදවෙනවා. ඒ උනත් ආපහු එන්න විදි හොයාගෙන තියෙනවා. පස්සෙ කාලෙක මෙයා Advanced Idea Mechanics කියන කවුන්සිලයෙ විද්‍යා ඇමති වෙලා තියෙනවා.

ඔයිට අමතරව ග්‍රැවිටෝන් The Avengers: Earth’s Mightiest Heroes කියන ඇනිමේටස් සීරීස් එකෙත් අපි දකින්න ලැබෙනවා. MCU එක ගත්තාම ෆ්රෑන්ක්ලින් හෝල් Agents of S.H.I.E.L.D. තුලින් අපිට දැක ගන්න ලැබුනා. ඒ වගේම දැං ග්‍රැවටෝනියම් ඇතුලෙ ඉන්න දෙන්න කෙනෙක් තමයි හෝල් කියන්නෙ. හෝල් වෙනුවට Agents of S.H.I.E.L.D. තුලදි ජෙනරල් ටැල්බට් තමයි ග්‍රැවිටෝන් බවට පත්වෙන්නෙ.

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

 

 

 

#Hail Marvel!

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,307 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D-S05E21.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,307 downloadsDownload Subtitles31 KB

43 comments

  1. Nipuna Kisal

    Thnks Saho......

  2. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ... ඔබට ජය

  3. Kasun A.

    upasiresiyata thuthi lahiru saho.jaya!

  4. geeganagamage

    බොහොම ස්තුතියි එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

  5. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  6. Ayesh Prashan

    Thank You

  7. niroshansn

    Thanks macho sub ekata

  8. S.K. Ruchiranga

    thz brother

  9. Udith

    thnx wewaaa

  10. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  11. thilina aklanka kuruwita

    Thava 1i, Ekath ivarai,
    Sub ekata Thanks,
    Next week hamba wemu

  12. nirodha uthpala

    Thx bn last eakath ohoma demu thx for sub bro digatama denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග (අවසාන) කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. V.T.Piyumal

    Thaks bro meka ikamanata dunnata,anthima aken hambemu,jaya wewa!!

  15. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro....!

  16. Shalika

    Ela

  17. podda

    thanks!!!!!!!!!!

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

    1. KasunRe

      කාටහරි පුලුවන්නම් Van Helsing & Blindspot දෙකේ ඉතිරි කොටස්වලටත් Sub දෙන්න. ගොඩක් පින්.....

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  20. nimanaka

    thanks brother

  21. nimanaka

    thanks brother. ash vs evil dead s03 sub karamuna

  22. madawa902

    Sub eka ganna ba bro........

  23. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ...
    Season 6 එක අවොත් හොදයි..
    හැම එකක්ම cancel කර කර යනවා..

  24. sam1973

    thank you

  25. Shashmith 1

    Tnx

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  28. Barfi

    Spoilers denna epa bn aul ynwa...
    Sub ekata thanks
    ..

  29. 3cjsasika

    elama saho digatam kran yamu thnaks jayawewa

  30. lahiruranasinghe

    sub eka nalune...error 404

  31. hiruni

    Thankzzzz bro sub ekata

  32. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. Udara Damith Dissanayaka

    .....................උපසිරැසියට බොහෝම ස්තුතියි...................

  34. Ashan Maduranga

    haffeee balamu balamu moko wela thiyanne kiyala thanks lahiru saho jaya wewa budu saranai

    ~~HAIL MARVEL~~

  35. prageeth2

    thank you !

  36. B Mushan

    Thanks

  37. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
    ජයවේවා !!!!!

  40. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  42. Sugath kumara

    Sub walt thanx
    21,22 torrent link dannako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.