ඉතින් මිත්‍රවරුනි ගිය වසරේ මැයි මාසයේ ගෝතම් හතරවෙනි කතා මාලාවේ අවසානයෙන් මුණගැහුනාට පස්සේ ඔන්න අද තමයි අපි මුණගැහෙන්නේ. ඔයාලාට මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතාමාලාව එහෙම නැත්නම් බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ තමයි ගෝතම් සමඟ ඔයාලාට එකතුවෙන්න තියෙන අවසාන කතා මාලාව. ඉතින් කලින් සීසන් එක…

ඉතින් මිත්‍රවරුනි ගිය වසරේ මැයි මාසයේ ගෝතම් හතරවෙනි කතා මාලාවේ අවසානයෙන් මුණගැහුනාට පස්සේ ඔන්න අද තමයි අපි මුණගැහෙන්නේ. ඔයාලාට මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතාමාලාව එහෙම නැත්නම් බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ තමයි ගෝතම් සමඟ ඔයාලාට එකතුවෙන්න තියෙන අවසාන කතා මාලාව. ඉතින් කලින් සීසන් එක නම් ඉවර වෙනකන්ම උපසිරැසි දෙන්න මට හැකියාවක් ලැබුනේ නෑ, ඒ නිසා හසන්ත අයියාගේ සහය පතන්න සිද්ධවුනා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි. ඒවගේම චාමරටත්. ඉතින් මේ වතාවේ අපි දෙන්නාම සූදානම් ඔයාලාට උපසිරැසි අරගෙන එන්න. වැඩිය කතා ඕන නෑ අපි කතාව පැත්තට හැරෙමු.
අපි පෙර කතා මාලාවේ අවසන් කොටස ගැන ටිකක් මතක් කරගමු. ජෙරමායා පොලිස් අත්අඩංගුවට ගත්තාට පස්සේ ජිම් හිතුවේ බෝම්බ තර්ජනය ඉවරයි කියලා. ඒත් ඒ තව බෝම්බ නගරයේ හයිකරලා තියෙන්නේ කියලා ජෙරමායා හෙලිකරනකම් විතරයි. ඉතින් ඒ තැන් ටික දැනගන්න ඕන නම් ජෙරමායා ඒ වෙනුවට බෘස් එක්ක කතා කරන්න ඕන කියලා කිව්වා.
ඉතින් වෙන කරන්න දෙයකුත් නැති එකේ ජිම් ජෙරමායාගේ ගණුදෙනුවට කැමති උනා. ජෙරමායා බෘස් මුණගැහුන වෙලාවේ එයාට කිව්වා එයාලා දෙන්නා තුලම තියෙන්නේ එකම විදියේ අන්ධකාරයක් කියලා. ඒවගේම එයාට රාස් අල් ගුල් එක්ක තියෙන සම්බන්ධය ගැනත් කිව්වා.
පෙන්ගුයින්, ග්‍රන්ඩි සහ ටැබි කණ්ඩායමට අන්තිමේ හියුගෝ ස්ට්‍රේන්ජ්ව හොයාගන්න පුලුවන් උනා. ඉතින් හැමෝගේම ප්‍රාර්ථනය උනේ ග්‍රන්ඩිව ආපහු බුච් කරන්න. කොහොමහරි අන්තිමේ ග්‍රන්ඩි ආපහු බුච් බවට පත් උනත් පෙන්ගුයින් එයාගේ අම්මා මරපු පලිය ටැබිගෙන් අරගන්න බුච්ට වෙඩි තියලා මරලා දානවා. රිඩ්ලර් සහ ලී ගැන මතක් කලොත්, ඒ දෙන්නා පිහියෙන් ඇනගන්නවා. අන්තිමේ ඒ දෙන්නා නතර වෙන්නෙත් ස්ට්‍රේන්ජ් ලඟ.
රාස් අල්ගුල් බාබරාට ආරාධනා කරනවා ගෝතම් වලින් පිටවෙලා ගිහින් සෙවනැලි ලීග් එක පාලනය කරගෙන ඉන්න. ඒත් බාබරාගේ සැලසුම උනේ ටැබි, ඇල්ෆ්රඩ් සහ පෙන්ගුයින්ගේ උදව්වෙන් රාස්ව මරලා දාන්න. ඔය අතරතුරේ රාස් සහ ජෙරමායා බෘස්ව තැනකට එක්කගෙන යනවා නගරය විනාශ වෙලා යනවා පෙන්නන්න. ඒක පෙන්නන වැඩේ කරන්න වෙන්නේ නෑ මොකද බාබරා එතනට කඩන්පාත් වෙනවා. ඉතින් ආයෙත් වතාවක් බෘස් එක්ක එකතුවෙලා බාබරා රාස්ව මරලා දානවා.
ඉතින් මේ කලබලයත් එක්ක රජය නිවේදනයක් කරනවා ගෝතම් වලින් පිටවෙන්න කියලා. ඒත් බෘස් තීරණයක් ගන්නවා සෙලීනාව ඇල්ෆ්රඩ් එක්ක යවලා එයා ගෝතම් වල නවතින්න. මොකද නගරයට ඒ වෙලාවේ වීරයෙක් අවශ්‍ය මොහොතක්. ඒවගේම ගෝඩ්න් පොලිසියේ අය එක්ක නවතිනවා. ඉතින් එතනින් පස්සේ තමයි පස්වෙනි කතාංගය පටන් ගන්න යන්නේ.
ඉතින් ගෝතම් දැන් තියෙන්නේ රජයේ පාලනය යටතේ නෙමෙයි. හැමෝම කල්ලි ගැහිලා වෙන වෙනම ප්‍රදේශයන් පාලනය කරනවා. පෙන්ගුයින්, බාබරා, ස්කෙයාක්‍රෝ වෙන වෙනම තමන්ගේ ප්‍රදේශයන් පාලනය කරගෙන යනවා. ගෝතම් පොලිසිය සරණාගතයෝ ටිකක් එක්ක කොටුවෙලා ඉන්නවා. එයාලාට මුකුත් සැපයුම් ලැබෙන්නෙත් නෑ. මොකද නගරයෙන් පිටවෙන්න හෝ නගරයට ඇතුල්වෙන්න තහනම්. ඒ නිසා එයාලාට උදව් ලැබෙන්නෙත් නෑ. ඔන්න ඔය වගේ තත්වයක් තමයි දැන් ගෝතම් වලට උදාවෙලා තියෙන්නේ. අද කතාවේ අපි හොඳට දන්න කියන කෙනෙක් පෙන්ගුයින් අතින් මරනයට පත්වෙනවා. ඉතින් අද කොටස බලන්න ඔයාලාට බාරයි. අලුත් චරිතත් ඉදිරියේ කතා මාලාවට එකතුවීමට නියමිතයි. ඒ ගැන ඉදිරි ලිපි වලදී සඳහන් කරන්නම්. ඉතින් ඊලඟ කොටස ඔයාලාට හසන්ත අයියා අරගෙන එයි. හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,852 downloadsDownload Gotham-S05-E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
44 comments
Ravindu Rukshan
Thanusha
Thanks bn
Kaushan Rasanga
දෙනකන් හිටියේ.
තෑන්ක්ස් ආ ❤️Suuriyadewa
thanks!!!!
Milo
සබට තැන්ක්ස් සහෝ... දිගටම දෙමු..
dsdkavishka
Thenks for sub
S.K. Ruchiranga
thzz sub ekta
geeganagamage
ගොඩාක් ස්තුතියි එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය සීරියස් එකක්
WM sithmaka
අම්මෝ බන්,තෑන්ක්ස් වේවා,ඉක්මනට දාපන් මචෝ ඊලග එකත්
DUMIDU55
හම්මේ gotham. Thanks sub එකට
Hiran Eranda
thanks nuwantha ayiye
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයmadawaththa
Tnx bro..
Ayesh Prashan
Thank You
s.s.m
tz sub ekata.....
100
Sub eakata thanks
podda
disti didin din!!!!
subata thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේක එනකම් බලන් හිටියේ...
ඉක්මනටම සබ් එකත් දීලා...
මේ වගේ දිගටම සබ් දෙමු...
දිගට අදින්නේ නැතිව මෙහෙම ඉවර වෙන එකත් හොදයි....කවිශල් රසින්ත (කවී)
Episode එක බලලම ඔන්න කොමෙන්ට් එකක් දාන්නේ. පලවෙනි Episode එකම කොලිටියි. සුපිරියි. තවත් කතාවක ශ්‍රේෂ්ඨ නිමාවක් සනිටුවහන් කරයි වගේ... සබට තුති නුවන්ත අයියේ... ජය වේවා...!!!
Eranga Sandaruwan
අවසාන සීසන් එක නිසා බලන්න කම්මැලී වගේ අප්පා.
තාම ඩවුන්ලොඩ් කලෙත් නෑ.
බලමුකෝ නේ ඒනම්.උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..Kulanjana Maduranga
subata thanks saho...
futureomega
thanks
Dinesh Buddika
thanks wewa.................
Gihan@dias
නිකමට ආවාම දැක්කේ මේක ඇවිල්ලා කියලා..තැන්ක්ස් බං.දිගටම දියන් මචං..උබේ සබ් මම හැමදාම කියනවා වගේ සුපිරියි..
Pradeepkumara
Thnx brooo
Thiran Madumal
එල සහො.... එපි ටික ඔක්කොම එනකන් ඉදලා තමා මන් නම් බලන්නේ..කමෙන්ටුවක් දාලා යන්න ආවේ..දිගටම සබ් දෙමු එහෙනම්..
wajira
thanks for sub
Udara Damith Dissanayaka
elaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasith premadasa
thanks sub akata
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...............!
Pramukmili
thnxxxxx bro....
sahancharuka
thank you!!!!!!!
D.Chamara
bohoma sthuthi sahooo
Dilrulzz
Thnx saho
තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
kelumchathuranga
thanks
Sandun fernando
thanks bro,..machan mta meka downlord karaganna lik ekak set une na..link ekak dipanko
Stranger
thanks
Nipuna perera
thank you...
melinda
thank you
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sonta123max
THANKS FOR THE SUB BRO......
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S05 : E01] Sinhala Subtitles | විප්ලවකාරි වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Gotham-Season-5-Final.jpg)



බලාගෙනම හිටපු එක් කතාමලාවක් තැන්ක්