Watch Trailer

Gotham [S05 : E06] Sinhala Subtitles | සතුරා ඔබේ ලඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න ගෝතම් හයවෙනි කොටස අරගෙන ආවා. පරක්කුයි තමයි මිත්‍රවරුනි. මේක විතරක් නෙමෙයි ෆ්ලෑෂ් කලින් කොටස දෙන්නත් සෑහෙන පරක්කු උනා. කරන්න දෙයක් නෑ ඉතින් මේවා වෙන බාරදෙන්න කෙනෙක් නැති නිසා වැඩ අස්සේ පරක්කු වෙලා හරි හෙමිහිට මට කරලා ගේන්න සිද්ධවුනා. ඉතින් කලින් කොටස් වලට උපසිරැසි කරන්න උදව් කරලු හසන්ත ස…

එහෙනම් ඔන්න ගෝතම් හයවෙනි කොටස අරගෙන ආවා. පරක්කුයි තමයි මිත්‍රවරුනි. මේක විතරක් නෙමෙයි ෆ්ලෑෂ් කලින් කොටස දෙන්නත් සෑහෙන පරක්කු උනා. කරන්න දෙයක් නෑ ඉතින් මේවා වෙන බාරදෙන්න කෙනෙක් නැති නිසා වැඩ අස්සේ පරක්කු වෙලා හරි හෙමිහිට මට කරලා ගේන්න සිද්ධවුනා. ඉතින් කලින් කොටස් වලට උපසිරැසි කරන්න උදව් කරලු හසන්ත සහ සමන් සහෝදරයන්ට ස්තූති කරනවා.

අපි කතාව පැත්තට හැරුනොත්, ගෝඩ්න්ගේ පරණ මිත්‍රයෙක් උදව් අරගෙන ඇවිත් ඉන්නවා. එයා තමයි ඩුවාඩෝ. ඉතින් අර සැපයුම් හෙලිකොප්ටර් එකට RPG එක ගහපු කෙනාට ඒක විකුණපු කෙනා ගැන තොරතුරක් ලැබුන නිසා ජිම් ගියා එයාව හොයන්න. එතනදී තමයි ගෝඩ්න්ට ඩුවාඩෝ මුණගැහුනේ. හැබැයි ඩුවාඩෝ ඒ RPG එක විකුණපු කෙනාව මැරුවා.

ඉතින් නිග්මාට වෙලා තියෙන දේ අපිට දැනගන්න පුලුවන් උනා. ප්‍රොෆෙසර් ස්ට්‍රේන්ජ් එයාගේ ඔලුව ඇතුලට චිප් එකක් දාලා. එතකොට නිග්මාව මෙච්චර කල් පාලනය කරලා තියෙන්නේ වෝකර්. අන්තිමේ ඒ රහස ගෝඩ්න්ට දැනගන්න පුලුවන් උනා. එතනදී තමයි ගෝඩ්න් දැනගන්නේ හේවන් විනාසය පිටිපස්සේ ඉන්නේ වෝකර් කියලා. ඉතින් එතනින් පස්සේ තමයි අර උදව්වට කියලා ආපු ඩුවාඩෝ ඇතුළු පිරිසත් හතුරෝ කියලා ගෝඩ්න් දැනගන්නේ. තව සිදුවීමක් ඔයාලා දකින්න ඇති. සෙලීනා ජෙරමායාව මැරුවා කියලා හිතාගෙන හිටියාට මිනිහා මැරිලා නෑ. එයා වෙන දෙයක් සැලසුම් කරනවා.

මේ සතියේ කොටස ගැන ටිකක් කිව්වොත්, ඩුවාඩෝට නිග්මාව පාලනය කරන්න පුලුවන් නිසා එයා නිග්මාට අණ කරනවා ගිහින් ගෝඩ්න්ව මරන්න කියලා. හැබැයි ආයෙත් ගෝඩ්න් කරන්ට් එක අල්ලලා නිග්මාගේ මොලේ තියෙන චිප් එක අවුල් කරනවා. එතනින් ගියාම කලින් අතුරුදහන් වෙලා හිටපු චරිතයක් ඔන්න ආපහු එලියට එනවා. එයා ගෝඩ්න්ට බොහොම කිට්ටු චරිතයක්. ඉතින් ගොඩාක් දේවල් සිද්ධවෙන්න නියමිතයි. අපි ඊලඟ කොටසින් මුණගැහෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,914 downloadsDownload Gotham-S05-E06.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

8,914 downloadsDownload Subtitles29 KB

28 comments

  1. Sampath sandaruwan

    Thanks sub ekata

  2. Shehan premarathne

    thanks brother...

  3. DUMIDU55

    Thanks සහෝ sub එකට

  4. Gihan@dias

    අම්මෝ මචං..මේ එපිය නැතුව අඬ අඬ හිටියේ...බොහෝම පිං...

  5. Vihanga sathsara

    thankss machan

  6. 100

    Sub eakata thanks

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. RumalDemintha

    Thankzzzz bro

  9. RAVINDUrd1997

    thankyou bro...

  10. sahancharuka

    Thank You!!!

  11. s.s.m

    tz sub ekata...

  12. Kulanjana Maduranga

    subata thanks

  13. Dilrulzz

    Thnx bro

  14. Supun_no

    Thanks

  15. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..........!

  16. Ayesh Prashan

    Thank You

  17. wajira

    Thanks for sub

  18. madawaththa

    Tnx Bro..

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    සබ් එක එනකම් හිටියේ..
    කොහොම හරි දිගටම සබ් එක දෙන එක ඇති...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. nisalpasidu

    e07 awith brooo ikmanata denna inna bariyooo

  22. ravindukingslayer

    Thanx mchm sub ekt epi 07 sub ek dnwd bb

  23. Mr.Freeze

    E07 oneeeeee

  24. D.Chamara

    bohoma sthuthi sahooo

  25. Eranda Malith 2.0

    Thanks mcn

  26. dil_shan

    tnz sub ekata

  27. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️