Watch Trailer

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක…

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කියන 3ම කරල තියෙන්නෙ Pawan Kumar විසින්. සංගීත අධ්‍යක්ෂණය Poornachandra Tejaswi විසින් කරල තියෙන්නේ. චිත්‍රපටිය හදන්න රුපියල් මිලියන 25ක වියඳමක් දරල තියෙනවා. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Shraddha Srinath, Radhika Chetan, Dileep Raj, Roger Narayan කියන නළු නිළියො ටික .

කතාව මෙහෙමයි, රචනා කියන්නෙ පත්තර වාර්තාකාරිණියක් විදිහට ස්ථිර පත්වීමක් බලාපොරොත්තුවෙන් The Indian Express කියන පුවත්පතට තාවකාලිකව ලිපි ලියන අවිවාහක තරුණියක්. රචනාගේ අම්මා මෙයාට කසාදයක් කරල දෙන්න කොච්චර උත්සාහ කලත් ගමෙන් නගරෙට ඇවිත් රචනා මේ රස්සාව කරගෙන ඉන්නවා. නගරයේ ද්විත්ව ගුවන් පාලමේ වෙන අනතුරු ගැන, පත්තරේට කතාවක් ලියන්න රචනා විස්තර එකතු කරමින් ඉන්නවා. ගුවන් පාලමේ නීතිවිරෝධී විදිහට යූ ටර්න් ගන්න අයගේ විස්තර ගන්න, ගුවන් පාලමේම තැනක නැවතිලා ඉන්න වයසක කෙනෙක්ගෙන් රචනා උදව් ගන්නවා. ඒ විදිහට යූ ටර්න් ගන්න අයගෙ වාහන අංකෙ මේ වයසක කෙනා පහුවදාට රචනාට දෙනවා. දවසක් ඔය විදිහට බයික් එක හරවගෙන යන සුන්දර් කියල කෙනෙක්ගෙ වාහනේ විස්තර රචනාට හම්බවුනාට පස්සෙ සුන්දර්ව හම්බවෙලා එයාගෙන් ඉන්ටවිව් එකක් ගන්න බලාපොරොත්තුවෙන් රචනා සුන්දර්ව හොයාගෙන යනවා. ඒ ගියාට සුන්දර්ව මුණ නොගැහිම ආපහු හැරිල එන්න රචනාට සිද්ධ වෙනවා.

ඊට පස්සෙ එදා රෑම පොලිසියෙන් ඇවිත් රචනාව පොලිසියට එක්කන් යනවා පරික්ෂණේකට කියල. හේතුව මොකක්ද අහනකොට රචනා දවල් හම්බවෙන්න ගිය සුන්දර් ගෙදර ෆෑන් එකේ එල්ලිලා මැරිල තියෙනව කියල පොලිසියෙන් දැනගන්න ලැබෙනවා. මරණයට සැක පිට රචනාව රිමාන්ඩ් භාරයේ තියාගන්න හදනකොට උප පොලිස් පරික්ෂක නායක්ට ඇත්ත විස්තරේ ඔක්කොම රචනා කියනවා. සුන්දර් ඇරුණහම තවත් 10 දෙනෙක්ගෙ මේ විදිහෙ විස්තර රචනා ලඟ තියෙනවා කියල නායක්ට කියනවා. ඒ අය ගැන හොයල බලනකොට ඒ හැමෝමත් සියදිවි නසාගෙන තියනව කියල දැනගන්න ලැබෙනවා. මේ හැමෝගෙම මරණයට හැඩයේ U හැඩයේ සම්බන්ධයක් තියෙන බවත් මේ මරණ වලට රචනාගේ සම්බන්ධයක් නැති බවත් දැනගන්න නායක්, රචනත් එක්ක එකතුවෙලා මේ විදිහට ගුවන් පාලමේ යූ ටර්න් ගන්න අය මැරෙන්නෙ කොහොමද කියන ප්‍රෙහ්ලිකාවට පිළිතුරු හොයන එක තමයි චිත්‍රපටියේ ප්‍රධාන සිද්ධිය. කොහොමහරි අවසානෙට ඇස් බැඳල කරකෝල අත ඇරිය වගේ සිද්ධියක් තමයි වෙන්නේ, ඒක කොහොමද කියන එක ඉතිං ඔයාලම බලාගන්න. එහෙනං ජයවේවා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

5,642 downloadsDownload U-Turn-2016.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,642 downloadsDownload Subtitles46 KB

31 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. saduhiru1

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...............

  3. Ranidu

    Saho oya deepu Rangitaranga filuma baluwa,kynna wachana na supiri paharak
    Me filuma nam mama blala thyno,mekath kynna deyak na supiriyakma tamai,kaztya blnna
    Digatama Kannada films(action,thrillers) labadenna saho
    Jaya wewa!!!

  4. Saritha diwankara

    Thankz sub ekata

  5. malith

    Ela ela

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kanchaka

    Thanks bro........

  8. hasi.shah

    Thanks. good choice we are lack of Kannada

  9. janithnilanga

    niyamai saho

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. geeganagamage

    සබ් එකට බොහොම ස්තුතියි

  13. hansi rathnayaka

    Digatama me wage film walata sub denna. api godak asai me wage thiller film walata. mara lassanai. Rangitarangath beluwa

  14. N_R

    Thanks.

  15. muditha gayan

    Gooooooood

  16. NuwanK

    Thanx Bro

  17. Prasanna123

    පට්ටම ෆිල්ම් එකක් බ්‍රෝ... බලල කියන්නේ... කිසිම සැකයක් හිතන්නේ නැතුව බාගන්න අය ගන්න.. සුපිරිම ස්ටෝරි එකක් තියෙන්නේ.. ෆිල්ම් නම් ෆිල්ම්... ගුටි කෙල ගන්නේ නැති ඒවගෙයි මේවගේ ඒවගෙයි තියෙන වෙනස වැඩක් නෑ කියලා... ගොං පාට් නැති මේවගේ ෆිල්ම් දෙන ඔයාලා වගේ අය තමයි කලාව ගැන දන්නේ... නැවතත් ඔයාට තෑන්ක්ස් බ්‍රෝ....

    1. poornarm

      ane macho download link diyan

  18. poornarm

    ane macho download link ekak diyan plz

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. nuwanishalika

    me film eka api kalin balala thinawa baiscope ekenma aran, eka tamil meka kannada, eth ekama nama ekama kathawa. ethin balapu 1k ayemath balana eke therumak na. oyage mahansiyath aparade eka nisa sub nathi film ekak sub kara nam thamai watinne.

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. jeffry7895

    dowload link ekak dipan kollo

  23. Chathu_OO

    කරකවලා අත අරිනවා නෙමෙයි...
    නෑ නෑ...
    කරකවලා අත අරිනවාත් තමයි...
    අනේ මන්දා...
    චිත්‍රපටිය බාලා දවස් ගාණකින් බැලුවේ...
    හොල්මන් බවක් මතක තිබුණේම නෑ බලන කම්...
    බලලා ඉවර වෙන කොට මහ රෑ 12.10යි...
    පට්ට ලොකු ගෙදරක ඉඳන් තට්ට තනියම...
    හොල්මන් කියලා මතක් වුණා නම් බලන්නේ නෑ මේ වෙලාවට කීයටවත්...

  24. AsithaDilruwan

    Ela saho thanks

  25. ruchiray7

    patta film ekak machan........... thanks a lot.

  26. kocha

    hash tag eka dennako

  27. Lahiri

    thankz saho

  28. thusithak91

    thx machan

  29. Rxvindudilxan

    Speed wenas ne

  30. julanjith

    oyaala meeke download link dammoth hodai mewa download karanna sites nahane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.