Pataal Lok (2020) මතකනේ? ඒ වගේම NH10 (2015), Pari (2018), Bulbbul (2020) වගේ චිත්‍රපටත් මතක ඇතිනේ. මේ හැම නිර්මාණයේම තියෙන පොදු සාධකය තමා අනුෂ්කා ෂර්මා ප්‍රමුඛ Clean Slate Filmz ආයතනය. අනුෂ්කාගේ නිළිකම කෙසේ වෙතත් ඇය හරි අගේ ඇති නිෂ්පාදිකාවක් කියල ඔය උඩ කියලා තියෙන අතලොස්සක් තරම් වෙච්ච නිර්මාණ ටික අ…

Pataal Lok (2020) මතකනේ? ඒ වගේම NH10 (2015), Pari (2018), Bulbbul (2020) වගේ චිත්‍රපටත් මතක ඇතිනේ. මේ හැම නිර්මාණයේම තියෙන පොදු සාධකය තමා අනුෂ්කා ෂර්මා ප්‍රමුඛ Clean Slate Filmz ආයතනය. අනුෂ්කාගේ නිළිකම කෙසේ වෙතත් ඇය හරි අගේ ඇති නිෂ්පාදිකාවක් කියල ඔය උඩ කියලා තියෙන අතලොස්සක් තරම් වෙච්ච නිර්මාණ ටික අපිට සාක්ෂි සපයනවා. Clean Slate Filmz අතගහන්නේ මොන කටයුත්තද දෙපාරක් නොහිත ඒක නරඹන්න ගන්න කියන්න තරම් හොඳ, අලුත්, වෙනස් සංකල්ප වලට එයාලා පණ දීලා තියෙනවා. ඉතින් පොඩි විරාමයකින් පස්සේ එයාලා අලුතින්ම අත ගැහුව වැඩේ තමයි මේ Mai.. ඒ කියන්නේ අම්මා..!!
මේ කතාමාලාව ගැන හඳුන්වන්න උඩ මං කොටපු විදිහට වඩා හොඳ විදිහක් මේ වෙනකම් නම් ඔළුවට ආවේ නැහැ. ඉතින් ඒකයි නිෂ්පාදකයන්ගේ කලින් නිර්මාණ ගැන කියලම මේ නිර්මාණය කොච්චර හොඳ එකක්ද කියලා ඒත්තු ගන්වන්න උත්සහ කළේ. ඇත්තටම මේ දක්වා බලපු හොඳම ඉන්දියන් වෙබ් කතාමාලාවක් වෙන Paatal Lok නිෂ්පාදකයන් අත ගහනවා කිව්වම මම නම් Mai බලන්න දෙපාරක් හිතුවේ නැහැ. තවමත් බලලා ඉවර නැති නිසා වැඩියෙන් ගුණ ගායනා නොකර ඉන්නම්. නමුත් මේ දක්වා බලපු ටික එක්ක පොඩි අදහසක් දුන්නොත් ; “මරු කතාව, සමහර තැන් වලට ඇඩෙන සයිස්”

Mai, කොටස් 6යි තියෙන්නේ. ඉක්මනට බලලා ඉවරයක් කරන්න පුළුවන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අතුල් මොන්ගියා විසින්. Crime|Drama|Thriller ගණයට එකතු වෙන Mai කතාමාලාවට ජාත්‍යන්තර සිනමා දර්ශකයෙන් 7.8ක අගයක් ලැබිලා තියෙනවා. කතාමාලාවට රංගනයෙන් සාක්ෂි තන්වර්, විවේක් මුෂ්රාන්, වාමිකා ගබ්බි, රෛමා සෙන්, සීමා පහ්වා වගේ වැඩකාරයෝ ටිකකුත් එක්කහු වෙලා තියෙනවා. මෙතනින් සාක්ෂිගේ රංගනය සම්මානනීය විය යුතුම බව ගොඩක් දෙනා කියලා තියෙනවා.
ශීල් ලස්සන පුංචි පවුලක අයිතිකාරියක්. තමන්ගේ ආදරණීය සැමියා සහ ආදරණීය දුව එක්ක ඇය ගෙව්වේ හරිම සරල ජීවිතයක්. ශීල් එයාගේ දොස්තර ලොකු අයියගේ වැඩ වලට උදව්වෙන ගමන්, සැමියාගේ ෆාමසියටත් හයියක් වෙන ගමන්, වැඩිහිටි නිවාසෙක සාත්තු සේවයටත් යනවා. මෙතැනදී ශීල්ගේ දුව ගැන යමක් කියන්නම ඕන. ඇය නමින් සුප්‍රියා. සුප්‍රියාට කතා කරන්න බැහැ, ගොළුයි. ඉතින් සුප්‍රියාගේ ගෙදර වැඩියෙන්ම පාවිච්චි වුණේ සංඥා භාෂාව. ඉස්සෙල්ලා කිව්වත් වගේ හැමෝගෙම අඩුපාඩු මකාගෙන මේ තුන්දෙනා කාටවත් කරදරයක් නොවී ජීවත් වුණා.
අන්තිමේදී හැමදේම වෙනස් කරපු ඒ දවස ආවා. එදා ශීල්ගේ ආදරණීය සැමියාගේ උපන්දිනය. සුප්‍රියා උදේ පාන්දරම කොහෙද ගිහිල්ලා. ටික දවසක ඉඳන් සුප්‍රියාගේ යම් වෙනසක් ශීල්ට දැනුනා. ඒත් ඒ ගැන වැඩිය හාර අවුස්සන්න ඇය ගියේ නැහැ. ඉතින් ඔහොම ටික වෙලාවක් ගිය තැන හදිසියේම සුප්‍රියා ගෙදර ආවා. ඊට විනාඩි ගාණකට පස්සේ ශීල්ගේ ජීවිතේ වෙන්න පුළුවන් නරකම දේ වෙන්න නියමිත වෙලා තිබුණා..
ඉතින් කලින් කිව්වත් වගේ කොටස් 6කින් යුක්ත මේ කතාමාලාව කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන්, කම්පනයෙන්, සංවේදී වෙන ගමන් බලාගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේකට ඔයාලගේ කාලයෙන් පොඩි චාන්ස් එකක් දෙන්න. අපරාදේ කියලා හිතෙන එකක් නෑ. කවුද දන්නේ, මේක මේ වසරේ හොඳම ඉන්දියන් කතාමාලා වලින් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් බලන විදිහට සිසිත සහෝදරයත් එක්ක උපසිරැසි ටික හදලා ගෙනත් දෙන්නම්. දෙවැනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජයවේවා..!!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,877 downloadsDownload Mai-S01-E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
20 comments
Rumesh
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතිය සහෝ ..!!
Anonymous
Next episodes please brother
Anonymous
තෑම්ක්ස් බොම්ක❤
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Next episode plz
ජනා
සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥h'
Isuru Ishara
Thank you for the subtitles
Rajitha Lakshitha
Me subtitle eka episode no 1 wala ekamane
දිල්කී බාත්
තෑන්ක්ස්
Mum Sameer
Inside edge season 3 sub denne ndda
Anonymous
මයුර සහෝ කරන ගමන්.
Anonymous
epi 2 එකේ සබ් වලට, epi 1 ඒකේ සබ් පෙන්නන්නේ
Anonymous
sub eka nane..update ekak denna plz..
lakshan
thanks ...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


niyamai saho