Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E16] | ඊළඟ උපත… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 16 වන කතාංගයයි. බොහෝ දෙනෙක් ටිකක් විස්තරාත්මක ලිපියකුත් ඉල්ලලා තිබුණ එකේ හිතුනා, වෙලාවත් අරගෙන කතා මාලාවේ අලුත්ම තත්වය ගැන යමක් ලීවොත් හොඳයි කියලා. ගියවර කොටසේ සිදු වුනු දේවල් මතක් කරලා ඉමු මුලින්ම. ගියවර කොටස නැවතත් අපේ මතකය අර…

MAofshield-NEW

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 16 වන කතාංගයයි. බොහෝ දෙනෙක් ටිකක් විස්තරාත්මක ලිපියකුත් ඉල්ලලා තිබුණ එකේ හිතුනා, වෙලාවත් අරගෙන කතා මාලාවේ අලුත්ම තත්වය ගැන යමක් ලීවොත් හොඳයි කියලා. ගියවර කොටසේ සිදු වුනු දේවල් මතක් කරලා ඉමු මුලින්ම.

ගියවර කොටස නැවතත් අපේ මතකය අරගෙන ගියා, ශීල්ඩ් සංවිධානය බිඳ වැටුනු දිනයට. Captain America: The Winter Soldier චිත්‍රපටයෙන් අපි දුටුවා ශීල්ඩ් සංවිධානය ඇතුලත කාලයක් තිස්සේ රැඳී සිටි හයිඩ්‍රා සාමාජිකයින් තමන් සමඟ එකට වැඩ කළ අයව මරා දමමින් හයිඩ්‍රා අරමුණ ඉටු කරන්න ක්‍රියා කළ ආකාරය. ඒ අවධානම ගැන හාංකවිසියක්වත් මහා රහස් ඔත්තුකාරයා වන අධ්‍යක්ෂ ෆියුරිටවත් තිබුණේ නැහැ. ශීල්ඩ් සංවිධානය ලොව පුරාම තම මෙහෙයුම් ක්‍රියාත්මක කරන සංවිධානයක්. විවිධ මට්ටම් වල පරීක්ෂකවරුන් ලොව පුරාම පැතිර මෙහෙයුම් වල නිරත වෙනවා. එවැනි එක කණ්ඩායමක් තමයි ශීල්ඩ් කතා මාලාවෙන් අපිට මුණගැහුනේ. කොල්සන් ඇතුලු කණ්ඩායම ශීල්ඩ් සංවිධානයේ බිඳ වැටීමේදී එයට මුහුණ දුන් ආකාරය, අපිට කතා මාලාවෙන් දකින්න ලැබුනා. නමුත් ගියවර කොටසින් අපිට දකින්නට ලැබුණා, දැන් සැබෑ ශීල්ඩ් සංවිධානය ලෙස තමන්ව හඳුන්වා ගන්නා ගොන්සාලේස් ඇතුලු කණ්ඩායම එම බිඳ වැටුමට මුහුණ දුන් ආකාරය.

මොකින්ග්බර්ඩ්, එහෙම නැත්නම් බොබී මෝර්ස් සහ මැක් මුල සිටන්ම වෙනත් අරමුණක් සහිතව කොල්සන්ගේ කණ්ඩායම සමඟ එකතු වෙලා හිටි බවට හෝඩුවාවන් කතා මාලාවේ කතාංගයන් කීපයකදීම අපිට දැකගන්න ලැබුණා. සැබෑ ශීල්ඩ් සංවිධානයේ සාමාජිකයින් වූ මේ දෙපළ කොල්සන්ගේ කණ්ඩායම සමඟ එකතු වුනේ ඇයිද කියන කාරණාව ගොන්සාලේස් විසින් හන්ටර්ට පැහැදිලි කළත් ඔහු එයට එකඟවන්නේ නැහැ. ශීල්ඩ් බිඳ වැටුනු දිනයේ, ගොන්සාලේස් ඇතුලු කණ්ඩායම එයට මුහුණ දුන් ආකාරය තමයි ගියවර කොටසින් අපට දැකගන්නට හැකි වුනේ.

ඒ අතරම, ඇස් දෙක නැති ඉන්හියුමන් කෙනෙක් වුනු ගෝර්ඩන් ස්කයිව බලන්න ඇයව රඳවා සිටි තැනට යනවා. ඒ ඔහුගේ බලය පාවිච්චි කරමින්. ඇත්තටම මේ ඉන්හියුමන්ලා ගැන වැඩි යමක් අපි තවම දන්නේ නැහැ. රෙයිනා, ගෝර්ඩන්, ස්කයි, ස්කයිගේ මව ඇතුලු කීප දෙනෙක් මේ කාණ්ඩයට වැටෙන බවත්, ඔවුන් ඔබෙලිස්කයේ විධාරණයට නිරාවරණය වීමෙන් අනතුරුව විවිධාකාරයේ බලයන් ලබාගෙන ඇති බව අප දන්නවා. ඒ වගේම මේ ඔබෙලිස්කයත් ඒ හා සම්බන්ධ ජානමය ක්‍රියාවලියත් ක්‍රී නම් බොහොම පෞරාණික පිටසක්වළ ජීව කොට්ඨාශයෙන් ලැබුණු දෙයක් බවත් අප කතා මාලාව හරහා දැනගත්තා. ගෝර්ඩන් විසින් ස්කයිගේ පියාව, ඒ වගේම රෙයිනාව රැගෙන ගියේ කොහේද ඒ වගේම ගියවර කොටස අවසානයේ ගෝර්ඩන් ස්කයිව රැගෙන ගියේ මොන වගේ තැනකටද යන කාරණා කිසිවක් අප දන්නේ නැහැ. ඒ කාරණා කීපයකට පිළිතුරු අද කොටසින් ලැබෙයි.

ගියවර කොටස එකම ආකාරයට දිග හැරුණු කොටස් හතරකට පමණ පසුව කතා මාලාව නිවැරදි පැත්තට හැරවූ කතාංගයක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ස්කයි සතු බලය මොන තරම් පුදුමාකාරද ඒ වගේම බලවත්ද යන්න ගියවර කොටසින් මැනවින් ගෙන හැර දැක්වූවා. විශේෂයෙන්ම කතාංගය අවසානයේ ස්කයිව අල්ලා ගැනීමට පැමිණි බොබී ඇතුලු පිරිස වෙත ඇය නොදැනුවත්ම ඇයගේ බලය යොමු කරපු සිද්ධිය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

හයිඩ්‍රා ආක්‍රමණයට ගොන්සාලේස් ඇතුලු පිරිස මුහුණ දෙන සිද්ධියේදී නැවතත් කතා මාලාවට ප්‍රවිෂ්ට වී තිබුණා Lucy Lawless, ඒ පරීක්ෂක හාර්ට්ලිගේ චරිතය නැවත මතක් කරමින්. ඇය, ඒ වගේම අධ්‍යක්ෂ ෆියුරිගේ අණ පරිදි ගොන්සාලේස්ගේ ප්‍රහාරක නෞකාව බේරාගැනීමට පැමිණි මොකින්ග්බර්ඩ්, මැක් සහ ගොන්සාලේස් සමඟ එක්ව හයිඩ්‍රාවන්ට එරෙහිව සටන් කර නෞකාව ඇතුලු එහි සිටි අනෙක් ශීල්ඩ් පරීක්ෂකවරුන් බේරාගත් බවක් තමයි දකින්නට ලැබුණේ. ඒ අධ්‍යක්ෂ ෆියුරිගේ නියෝග නොසලකා හරිමින්. අධ්‍යක්ෂ ෆියුරි බොබීට නියෝග කොට තිබුණේ ගොන්සාලේස්ව මුදා ගත් වහාම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබුණු ආයුධ හයිඩ්‍රා අත පත්වීම වළක්වන්නට එය මුහුදුබත් කරන ලෙසටයි. එම නියෝග නොතැකීම නිසාවෙන් නෞකාව වගේම මිනිස් ජිවිත රැසක් බේරාගන්නට ඔවුන් සමත් වී තිබුණා. ඉන් අනතුරුව පිහිටුවා ගන්නා සැබෑ ශීල්ඩ් සංවිධානයේ අරමුණ වුනේ අධ්‍යක්ෂ ෆියුරිගේ අඩි පාරේ ගමන් කරන වර්තමාන අධ්‍යක්ෂ පරීක්ෂක කොල්සන්ගේ කණ්ඩායමේ කටයුතු ගැන සෝදිසි කරමින් ඔවුන් කටයුතු කරන ආකාරය නිවැරදි දැයි මැන බැලීමයි. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අවසානයේදී ගොන්සාලේස් ඇතුලු කණ්ඩායම, බොබීගේ සහ මැක්ගේ සහය ඇතිව කොල්සන්ගේ කඳවුර වටලන්නේ.

පරීක්ෂක මේ ගේ උදව්වෙන් කොල්සන් කඳවුරෙන් පැනගත්තත්, පරීක්ෂක මේ සහ ෆිට්ස්-සීමන්ස් දෙපළ ඔවුන් බාරයට පත් වෙනවා. කොල්සන්ට ද්‍රෝහී වීම සම්බන්ධයෙන් බොබී පසුතැවෙන බවක් පේන්න තිබුණත් ඇය සමත් වෙනවා, අධ්‍යක්ෂ ෆියුරි විසින් කොල්සන්ට ලබා දුන් කුඩා මෙවලම් පෙට්ටිය තමන් සතු කරගන්නට. ඇත්තටම සති කීපයක් තිස්සේ මම පෞද්ගලිකවම බලාගෙන සිටියා, පරීක්ෂක මේ සහ බොබී මෝර්ස් අතර ඇතිවන සටනක් නරඹන්නට. මෙම දෙවන කතා සමයේම එක් කොටසක මතක විදියට හතරවන කතාංගයේ පරීක්ෂක මේ තමන්ගේ මුහුණුවරම රැගෙන පැමිණි පරීක්ෂක 33 සමඟ කළ සටනින් පසුව කතා මාලාව තුළ මා දුටු හොඳම සටන පරීක්ෂක මේ සහ බොබී මෝර්ස් අතර ඇති වුනු සටන බව කිව යුතුමයි.

ඒ වගේම සඳහන් කළ යුතුම මොහොතක් ලෙස සලකන්න පුළුවන් පරීක්ෂක සීමන්ස් විසින් බොබී මෝර්ස්ට උපයාත්මක පහරදී බිම වැට්ටූ අවස්ථාව. මෙතෙක් දවසක් ස්කයිගේ බලය තමන් ඇතුලු සෙසු පිරිසට තර්ජනයක් ලෙස සැලකූ සීමන්ස් ඒ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගත් බව කියන්න පුළුවන්. සැබෑ ශීල්ඩ් සංවිධානයේ ආක්‍රමණයත් සමඟ කොල්සන්ද යම් කිසි ආකාරයකින් පුදුම වුනු බවක් පේන්න තිබුණත් කැප්ටන් ඇමරිකා දෙවන චිත්‍රපටයෙන් පසුව ශීල්ඩ් සංවිධානයට ඇත්තටම සිදු වුනේ මොන වගේ දෙයක්ද කියන එක දැන් ඔහුටත් පැහැදිලි වුනු බවට සැකයක් නැහැ.

ගෝර්ඩන් සහ ස්කයිගේ හමුව ගැන කතා කළොත් ඔහු ස්කයි සතු බලය ගැන කතා කරන්නේ බොහොම ධනාත්මකවයි. එය මුලින් වේදනාකාරී වුවත් එය පාලනය කරන්නට පුහුණු වුනාට පස්සේ, ඒ බලය තමන් ඇතුලු සෙසු සියලු දෙනාට යහපතක් හැටියට භාවිතා කරන්න පුළුවන් බව ඔහු කියා සිටිනවා. ඒ වගේම ගෝර්ඩන්ට ඔහු සතු බලය ලැබුණු මුල් අවස්ථාවේ ස්කයිගේ මව ඔහුව වැළඳගෙන ඔහුව පුහුණු කළ අයුරු ඔහු කියා සිටින්නේ, ස්කයිටත් එවැනිම වූ පිරිසක් හමුවේ වෙනත් තැනක යහපත් ජීවිතයක් ගත කරන්නට හැකි බව අවධාරණය කරමින්.

ගොන්සාලේස් විසින් තමන් ඇතුලු කණ්ඩායම ගැන කොල්සන්ට සියලු දේ පවසමින් ඉල්ලා සිටින්නේ අධ්‍යක්ෂ ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කර දෙන ලෙසයි. ඒත් එයට කොල්සන්ගෙන් සහයෝගයක් නොලැබෙන නිසාවෙන් එය ෆිට්ස්-සීම්න්ස් දෙපළට ඔහු විසින් බාර කෙරෙනවා. ඔවුන් එයට සහයෝගයක් දක්වාවිද නැද්ද යන්න අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි. ඒ කොහොම වෙතත් විරසක වී සිටි ෆිට්ස්-සීමන්ස් දෙපළ නැවත එක්ව සිටිනවා දකින්න ලැබුණ එක නම් එය සිදුවෙන තෙක් හැමෝම බලාගෙන සිටි කාරණයක් කියලා කියන්න පුළුවන්.

ගියවර කතාංගයේ අවසන් සිදුවීම වුනේ ශීල්ඩ් කඳවුරෙන් පලා ගිය කොල්සන් සහ ලාන්ස් හන්ටර් අතර හමුව. ඒක ඇත්තටම සිත් ඇදගත් සිදුවීමක් කියන්න පුළුවන්. තමන්ගේ කලින් බිරිඳ සැබෑ ශීල්ඩ් සංවිධානය සමඟ එක්ව සිටින බව දැන දැනම හන්ටර්, නිළ වශයෙන් කොල්සන්ගේ කණ්ඩායම සමඟ එකතු වෙනවා. ඇත්තටම කිව්වොත් මේ අවස්ථාව වන විට සිටින්නේ කොල්සන් විතරයි. බලමු එහෙනම් මේ දෙදෙනා එකතු වෙලා මොන වගේ දෙයකට මුල පුරයිද කියලා. සැබෑ ශීල්ඩ් සංවිධානය මොන වගේ එකක්ද කියන එක ගැන මේ වන විට ඔයාලට අවබෝධයක් ලැබිලා ඇති. ඒ වගේම ඉන්හියුමන්ස්ලා එක්ක ස්කයිගේ කතාව මොන විදියට දිග හැරේවිද කියලා අද කොටසින් නරඹන්නට හැකි වෙයි.

අද කොටස නම් කර තිබෙන්නේ “Afterlife” ලෙසයි, 2015 අප්‍රේල් 07 වන දා විකාශය වූ මෙම 16 කතාංගය ඉන්හියුමන්ස්ලා සමඟ ස්කයි ආරම්භ කරන ජීවිතය මූලික කරගනිමින් දිග හැරෙනවා. ඒ වගේම මයික් පීටර්සන් (ඩෙත්ලොක්), ස්කයිගේ මව, රෙයිනා, කැල් සෑබෝ ඇතුලු කතා මාලාවේ ප්‍රමුඛ චරිත කීපයකගේ ආගමනය සනිටුහන් කරනවා. ලබන සතියේ විකාශය වීමට නියමිත 17 වන කතාංගය නම් කොට තිබෙන්නේ, “MELINDA” ලෙසයි. පරීක්ෂක මෙලින්ඩා මේ, “The Cavalry” යන අන්වර්ථ නාමයෙන් ඇයව හඳුන්වන්නේ ඇයිද යන්න ලබන සතියෙන් අපිට දැනගන්න ලැබෙයි කියලා හිතනවා. ලබන සතියේ විකාශය වෙන කොටස මොන වගේ වේවිද කියලා පහළින් බලාගන්න පුළුවන්. මං ගියා. තවත් උපසිරැසියකින් මුණ ගැහෙමු. එලස්ස්ස්.. ජයම වේවා..!

Marvel’s Agents of SHIELD 2×17 Promo “Melinda”

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

174 MB (720p) කොපිය මෙතනින් බාගන්න

626C33B8BD3F3C738CBCBBB016AE729EDB910EE8

284 MB කොපිය මෙතනින් බාගන්න

A33DFF7F36623D183059A67DC4BF9C78F4ECFC1D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,450 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E16.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

5,450 downloadsDownload Subtitles62 KB

41 comments

  1. Thimothy

    ada mama 1st
    thanks ayye

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      මේ පාර සබයි ලිපියයි දෙකම සුපුරුදු වේගෙට සුපුරුදු විදිහට දිලා.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  2. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ...
    අද කලින්ම දීලා වගේ.....
    ජය!!!

  3. D.Chamara

    thaka sahoo niyamai degatama karagena yamoo

  4. සුපුන් මධුසංක

    Thanks saho..... ada nam ikmanatama sub 1 dila. e nisa ayeth thanks..... digatama yamu.....

  5. නලින්

    ස්තුතියි යශෝ... ඔන්න දැන්ම බා ගෙන මේබලන්න හදන්නේ... එලස්ස්!! වේවා
    ජය වේවා!

  6. Kps

    සබ දානකම් බලාගෙන හිටියේ
    එල ඈ ස්තූතියි......................

  7. indika

    How to find kung fu tv serise sinhala subtitles. please let me know

  8. Saketha Pulasthi

    අම්මෝ ලිපියෙ දිග :O .ඒ වුනාට ඔන්න ලිපියෙ ඔක්කොම ටික කියෙව්වා.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  9. බිනර කවිශ්ක

    උපසිරසියට බොහෝම ස්තූතියි…
    Bates Motel Season 03 පටන් අරගෙන
    ඒකටත් සබ් දෙන්නකෝ…..

  10. දසන් බුද්ධික

    ඔන්න ගත්තෝ...
    සබට තුති වගේම කතාවටත් තුති..
    ජයවේවා,...!!!

  11. kavinda

    බොහොම ස්තූතියි සහෝ…

  12. Ashan

    Thanks saho

  13. Tharindu

    බොහෝම ස්තූතියි!

  14. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  15. sajeevi

    thanks a lot

  16. Ruchira

    sub 1ට ස්තුතියි.........

  17. Jayz වනිගනෙත්ති

    Thanx Saho... Da vinci's deamons S3 enne kawadda dannawada kawruhari? Dan IMBD eke date's serama waradiy ne..

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. ප්‍රදීප් මධුසංඛ

    දිග ලියුමක් දාලා සහෝ..
    කමෙන්ට් එකක් දැම්මෙ නැත්තම් ඒක ලොකු පාඩුවක් වෙනවා.
    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  20. සුපුන් බුද්ධික

    ස්තුතියි සහෝ සබ් එකට...
    තවත් උපසිරැසියකින් හමු වෙමු...

    ජය වේවා !!!

  21. Samadhi

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!

  22. Hasara

    elama thama

  23. Harsha

    තැන්ක්ස් මචන් සබ් ඵකට ඵනකම් මග බලාන වුන්නේ දිගටම සබ් දෙන්න තෙරැවන් සරණයි.....

  24. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  25. Yomal Ravindu

    Thanks.................!!!!..............Thanks.................!!!!.................Thanks.................!!!!............Thanks.................!!!!................Thanks.................!!!!................Thanks.................!!!!.........................Thanks.................!!!!...................................Thanks.................!!!!.....................................Thanks.................!!!!.............

  26. Hydra

    174 MB (720p) කොපිය සවුන්ඩ් එකවිතරයි නේ බන් යන්නේ

    1. යශෝධ

      ඒක HEVC x265 කොපියක්. KM player update කරලා බලන්න. නැත්නම් මීඩියා ප්ලේයර් ක්ලැසික් එකෙන් බලන්න.

  27. Rasidu

    නියමයි,sub ඒක දැන් කලින්ම දානවා.......sub එකටයි ලිපියටයි දෙකටම thanx

  28. shan

    niyamaiii saho!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. Hasitha

    Thanks machoo sub 1ta
    :) :) :)

  30. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාගන්න ලැබුනෙ. අනිවා බැලීමක් තමා. ජය෴෴ :P :P

  31. Bhagya

    ohoma yan...........!

  32. Samitha

    බොහොම ස්තූතියි ඔන්න අදයි බාගන්න ලැබුනෙ. අනිවා බැලීමක් තමා. ජය෴෴ :P :P

  33. S.K.Ruchiranga

    subata thanz daredevil tv series ekata sub dennako plz

  34. me

    Thanks

  35. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  36. chinthaka

    tnkzz saho.

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  38. Manoj Ashitha

    Thank you very much....

  39. Pramukmili

    thanxx bro...............