Watch Trailer

Marvels Runaways [S01 : E10] Sinhala Subtitles | ඔබ නොදත් කතාව, පලයාම හා අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

නවවැනි කොටස මතක් කරලා ඉන්නවනම් ඒ කොටස ආරම්භ වුනේ මොලී එයාගේ අම්මයි තාත්තයි එක්ක ලැබ් එකේ පරීක්ෂණ කර කර ඉන්නකොට පිපිරීමක් වෙලා හැමදේම විනාශ වෙලා මොලී විතරක් ඉතුරුවෙන සිදුවීම් සියල්ල එක්කමයි. මේක කරපු කෙනාවත් පෙන්නුවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලෙස්ලි. ඒ විනාශේ කරලා ඉවර වෙලා මේ ගැන ටීනාව පවා දැනුවත් කලා.…

නවවැනි කොටස මතක් කරලා ඉන්නවනම් ඒ කොටස ආරම්භ වුනේ මොලී එයාගේ අම්මයි තාත්තයි එක්ක ලැබ් එකේ පරීක්ෂණ කර කර ඉන්නකොට පිපිරීමක් වෙලා හැමදේම විනාශ වෙලා මොලී විතරක් ඉතුරුවෙන සිදුවීම් සියල්ල එක්කමයි. මේක කරපු කෙනාවත් පෙන්නුවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලෙස්ලි. ඒ විනාශේ කරලා ඉවර වෙලා මේ ගැන  ටීනාව පවා දැනුවත් කලා. එතකොට මෙච්චර කාලයක් මේ මරණෙ ගැන ලෙස්ලියි ටීනායි දැනගෙන ඉදලා තියෙනවා. ඒ කියන්නේ අනික් දෙමව්පියන් පවා මේ ගැන දන්නවා කියන එකද? කියන්න බැහැ ඉතින් ප්‍රයිඩ් එකේ වැඩ කරන්නේ සුපිරි දුෂ්ටයෝ මිසක් හොද අය නෙවෙයිනේ. ඒත් ඉතින් එහෙම්ම කියන්න බැහැ නේද? මේ අතරෙම මොලීව නවත්තලා ආපු තැන හිටිය කෙනා උදේ මොලී නැහැයි කියලා දැනගත්තම හොයාගන්නත් ගත්තා. මේ අතරෙම තමයි චේස්ට දැනගන්න ලැබෙන්නේ එයාගේ තාත්තට වෙඩි වැදුණු නිසා එයා තවමත් සුව වෙමින් ඉන්නවා වගේම එයාව දැනට චේස්ටවත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. මේ ගැන එයාගේ අම්මා ජැනට් මාධ්‍යට පවා ප්‍රකාශයක් කරලා කිව්වා. විශේෂයෙන්ම එයා සදහන් කරපු දෙයක් තමයි ස්ට්‍යින් ප්‍රතිකාර ලබන නිසා මහජන ජිවිතයෙන් සමුගන්නවා කියලා. එතනින් පස්සේ චේස් එයාගේ අම්මා එක්ක ඇති වුනු කතාබහකදී තමයි එයාට දැනගන්න ලැබුනේ එයාගේ තාත්තා ප්‍රතිකාර ලබන්නේ ජෝනා ලග කියලා. මේ අතරෙම අර ඉදිකිරීම් කරන තැන, ඔව් අර ප්‍රයිඩ් එකෙන් ඉස්කෝලයක් ඉදිකරනවා කියන තැන අමුතුම දෙයක් පටන් ගත්තා එහෙම නැත්තම් ප්‍රයිඩ් එකේ ඊලග පිවරට ගියා. රොකට්ටුවක උසකට සමාන යන්ත්‍රයකින් ලොකු, ගැඹුරු වලක් හාරන්න පටන් ගත්තා. ජොෆ්රි එක්ක එකට ඉස්සර ඉදන් වැඩ කරලා පස්සේ එයාව පාවලා දීලා ප්‍රයිඩ් එකත් එක්ක ඉහලට ගියපු නිසා පැත්තකට කරපු ජොෆ්රිගේ හිතවතා මතක ඇතිනේ ඩේරිස් ඩේවිස්. ඩේරිස්ව පැත්තකට කරපු නිසා මේ දෙන්නා අතරේ පලහිලව්වක් පවා දෙවැනි කොටසේ ඉදන් පටන් ගත්තෙ. පස්සේ ඒක කෙළවර වුනේ ඩේරිස් ඇලෙක්ස්වත් පැහැරගෙන ගිහිල්ලා, එහෙම කලා කියලා එයාට මුකුත් ලැබුනේ නැහැ අන්ත පරාජයක් ලබුනා මිසක්. ඉතින් ප්‍රයිඩ් එකේ මේ මහා ඉදිකිරිම කරන අලුත් පියවර වෙද්දී ඩේරිස් එයාගේ කෙනෙක් දම්මලා ඔත්තු හොයන්නත් අමතක කරලා තිබුණේ නැහැ. එහෙම කලා කියලවත් ඒ මනුස්සයට වැඩි දෙයක් හොයාගන්න බැරි වුනා.    හොදම හරිය තිබුණේ මොලීට එයාගේ අම්මයි තාත්තයි ඉතිරි කරපු ටේප් එක. ඒ ටේප් එකේ මේ අයට වැදගත් වෙන විදිහේ බොහොමයක් දේවල් තිබුනා. ප්‍රධානම කාරණේ තමයි මේ අය කිව්ව නගරේ පහල මොකක්දෝ යමක් තියෙනවා කියන විශ්වාසය. අනික් කාරණේ තමයි මේ දෙන්නත් ප්‍රයිඩ් එක්ක එකතු වෙලා හිටියා වගේම මේක මනුෂ්‍ය වර්ගයාට හොද සංවිධානයක් නෙවෙයි කියන කාරණේ. වර්තමාන ප්‍රයිඩ් සංවිධානයේ දෙමව්පියන් පවා මේ සංවිධානය ඇතුලේ ඉන්නේ වැඩි හිතේ කැමැත්තකින් නෙවෙයි කියලා කතාව බලපු ඔයාලට තේරෙන්න ඇති. ඒත් මේ මොලීගේ අම්මයි තාත්තයි උත්සහ කරලා තියෙනවා ප්‍රයිඩ් එකෙන් කරන්න ලැස්ති වුන විනාශය නවත්තන්න. ඒකෙ අතුරුඵලයක් හැටියට තමයි මේ දෙන්නට මැරිලා යන්නත් සිද්දවුණේ. එතකොටම තමයි අපේ මේ තරුණයෝ ටිකට කල්පනා වෙන්න ගත්තේ මේ අය මුල ඉදලම කරලා තියෙන්නේ ලෝකෙම විනාශ කරලා දානවා හා සමාන දේකට අර ඇදීමක් කියලා. පස්සේ මේ අය ගෙවල් වලට බොරු කියලා සාදයකට යන මුවාවෙන් අර ඉදිකිරීම් කරන තැනට ගිහිල්ලා හාරපු ලොකු වල ඇතුලට ලොකු වාහනයකුත් දාලා, පාලක පුවරු විනාශ කරලා දාලා නීකොගේ පාරම්පරික යෂ්ටිය පාවිච්චි කරලා ඒ සිදුර වහලා දාන්න යද්දී මේ අයගේ දෙමව්පියන් ඇවිල්ලා වැඩේ කඩාකප්පල් කරලා දානවා. තරුණයෝ කණ්ඩායම එකට එකතු වෙලා මේ අයට විරුද්ධ වෙන්න යද්දී ජෝනා ඇවිල්ලා තරුණයෝ හැම කෙනාටම පහර දුන්නා. ජෝනාට වගේම ලෙස්ලිටත් විරුද්ධ වුන ෆ්‍රෑන්ක් පවා ජෝනා එක්ක එකතු වෙලා ඉන්නේ. මේ පස්දෙනාගෙන්ම වැඩි බලයක් තියෙන්නේ කැරොලිනාට නිසා එයා එයාගේ අනික් යාලුවෝ ටික යවලා තනියෙන් ජෝනා එක්ක සටන් කරන්න හැදුවා. එතකොට ලොකු පිපිරීමක් වගේ දෙයක් වෙලා විදුලි සැපයුමත් නැතුව ගියා වගේ දෙයක් වුනා.  අද කොටස තුලින් බලාගන්න පුලුවන් වේවි කැරොලිනා නැවතිලා ජෝනා එක්ක සටන් කරපු වෙලාවේදී මොකද වුනේ කියලා. ඒ වෙච්ච ඝට්ටනයෙන් EMP වලින් වැඩ කරන හැම උපාංගයක්ම පාහේ විනාශ වෙලා ගිහින්. එතකොට කැරොලිනාට මක් වෙන්න ඇතිද? එයා මැරිලා ඇතිද? කට්ටිය ආපහු අර සටන වෙච්ච තැනට යද්දී කැරොලිනාට වෙච්ච දෙයක් නැහැ. කොටින්ම එයා එතන හිටියේ නැහැ. ඒත් අනික් අයගේ දෙමව්පියන් මේ අයව හොයන්න එද්දී කට්ටියම පැනලා යනවා. පැනලා ගිහින් අලුත් සැලසුමක් දියත් කරන්නයි සුදානම. මිට වඩා අද එපියේ මොකක්ද වෙන්නේ කියලා යන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ එහෙනම්.   මුල් කතාසමයෙන් දෙවැනි කතාසමයකට ඉතුරු කරපු ප්‍රශ්ණ 

මෙච්චර කතාව විකාශය වෙලත් මේකෙ තුලින්ම විසදුනේ නැති කරුණු ගණනාවක් ඉතිරි කරමින් තමයි පළමු කතාම්සය අවසන් වුණේ. ඉතින් ඒ නිසාම තමයි රනවේස් දෙවන කතාසමයකට පවා දීර්ඝ කලේ. නිකුත් වෙන දවසක් කියන්න දන්නේ නැති උනාට ඔයාලට හිතන්න ඉතුරු වුන ප්‍රශ්ණ ඇති. ප්‍රශ්ණ කිව්වේ දෙවැනි කතාසමයෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දේවල්. නිකමට වගේ මතක් කරලා දෙන්නම් ඒ මොනාද කියලා.විශේෂයෙන්ම කියන්න ඕන මේ ටික කියවන්න පටන් ගන්න කලියෙන් අද එපියත් බලලම ඉන්න කියලා. මොකද ස්පොයිලර්ස් තියෙන්න පුලුවන්. 

01. ලොස්ඇන්ජලීස් නගරයේ ඉදිකිරීම් කරන තැන පහල ඇත්තටම මොකක්ද තියෙන්නේ? කැරොලිනාගේ ඇත්තම තාත්තා ජෝනා ලොකු අභිරහසක් හැමොගෙන්ම හංගලා තියාගත්තා. අඩුම තරමේ ලෙස්ලිවත් දැනන් හිටියේ නැහැ ඩේල් වගේම ස්ටේසි දෙන්නා අර ඉදිරිකිරීම් කරන තැනට ඇවිල්ලා හොයලා බලනතාක්ම. ඔයාලට මතක ඇති දෙවැනි කොටසේ එක්තරා තැනක කියනවා “ඒක නම් ගීබ්බෝරියම් බිලි පුජාවක් වෙන්නම ඕන කියලා” මම එතනදී කිව්වා මතකද දන්නේ නැහැ මේ කියන්නේ මනුෂ්‍ය වර්ගයා සහ මුලින් නැති කර දැම්ම සදහා යෝධයින් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට තමයි ගීබ්බෝරියම් කියන්නේ කියලා. ඩේල් වගේම ස්ටේසි දෙන්නා කියපු විදිහට ඒ ජීවියෙ ජීවතුන් අතර ඉන්න කෙනෙක්. මේ දෙන්නා දන්නෙත් නැහැ ඇත්තටම මේ මොකෙක්ද කියලා. බොහෝවිට ඒ පහල ඉන්නවා ඇත්තතේ එයින් යෝධයෙක් වෙන්න ඕන. කොමික් වල නම් ඇත්තටම ජෝනා ජීවතුන් අතර නැහැ. නමුත් මේ “පැරණි දෙවියන්” නොහොත් ගීබ්බෝරියම් නමින් හදුන්වන යෝධ වර්ගයට ප්‍රයිඩ් එකේ අය උදව් කරලා තියෙනවා සදාකාලික ජිවත අරගන්න. ඒ වෙනුවෙට මේ යෝධයින්ගේ කාර්යයන් ඉටු කරලා දෙන පොරොන්දුවට.  02. ඇත්තටම මේ ජෝනා කියන්නේ කවුද? මේ කතාම්සායේ ප්‍රධාන අරමුණු කිහිපයක් තිබුනා. එකක් මේ තරුණයින්ගේ කණ්ඩායම නැවත එකතු කරන එක. අනික් එක තමයි ජෝනාට බිලි දීමක් මගින් නැවත ප්‍රාණය ලබාදෙන එක. අපිට ජෝනා කියන චරිතය ගැන වැඩිදුර විස්තරයක් දකින්න ලැබුනේ නැහැ. හැබැයි අපිට දකින්න ලැබුනා කැරොලිනාට වගේම අසීමිත ජෛව බලයක් හිමි මැදී වයසේ කෙනෙක් හැටියට. එයාගේ බලය ගැන පෙන්නුවා. හැබැයි මේ බලය කොහොම ලැබුනද මේ මොකක්වත් පෙන්නුවේ නැහැ. ඒ වගේම අද මේ අවසාන කොටස බැලුවම තේරේවි අන්තිමටම පෙන්නනවා ජෝනා ආයෙමත් දිරා යාමකට පත්වෙනවා. කොමික්වල වර්ගීකරණයට අනුව ජෝනා කියන්නෙත් මැජේස්ඩෑනියන් නම් වර්ගයාගේ කෙනෙක්. මේ අයගේ ශරීරය විතරයි මනුෂ්‍යයෙකුගේ වගේ බලාගන්න ලැබෙන්නේ. ඇත්තටම මේක කොමික්වල නම් අනික් පැත්ත. ලෙස්ලි වගේම ෆ්‍රෑන්ක් ඩීන් දෙන්නා තමයි මේ මැජේස්ඩෑනියන් වර්ගින් දෙන්නෙක් වෙලා ඉන්නේ. ආයුධ වෙලදාම් කරලා පසුකාලින පෘතුවියට පිටුවහල් කරලා තියෙනවා ඊටපස්සේ තමයි ප්‍රයිඩ් එක්ක එකතු වෙලා වැඩ කරලා තියෙන්නේ. ඒත් ටෙලිකතාමාලාවේ නම් ෆ්‍රෑන්ක් වගේම ලෙස්ලි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. කොහොම හරි කොමික්වල තියරිය මාරු කරලා තමයි කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ.  03. ඇත්තටම කැරොලිනා කියන්නේ කවුද? මේ කතාවේ හරිම ලස්සන තරුණයින්ගේ කණ්ඩායමක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. හැමෝටම සුපිරි බලයන් තිබුණේ නැතත් ඇලෙක්ස්ගේ ඇත්තම බලයන් පෙන්නුවේ නැතත් (ඔව් ඔව් කොමික්වල එයාට මායා සම්බන්ධ වැඩ කෑලි පුලුවන්) එයාට තමයි කණ්ඩායමේ තාක්ෂණික දැනුම අතින් ඉහලින්ම හිටියේ. එතකොට චේස් වගේම නීකො දෙන්නට තමයි අධි බලැති ආයුධ හැසිරවීමේ හැකියාවක් තිබුණේ. එතකොට මොලීට එදා රෑ ලැබ් එක තුල පිපිරීමේදී ලැබුණු සුපිරි ශක්තියක් තියෙන්නේ. එතකොට ගර්ට්ට පුලුවන් ඩයිනෝසෝරයා එක්ක මානසික මට්ටමින් සම්බන්ධතාව පවත්වන්න පුලුවන් හැකියාව තියෙන්නේ. එතකොට කැරොලිනා? එයත් මැජේස්ඩෑනියන් කෙනෙක්ද? ලොකුවට පැහැදිලි කරලා පෙන්නුවේ නැති උනාට අපිට කතාවේ දැකගන්න වගේම තේරුම් ගන්න ලැබුනා කැරොලිනාගේ තාත්තා ෆ්‍රෑන්ක් නෙවෙයි ජෝනා කියලා. අඩුම තරමේ දෙන්නගේ බලයන් දැක්කමවත් කට්ටියට තේරෙන්න ඇති නෙහ්?! ඔව් මේ කතාවට අනුව නම් කැරොලිනා කියන්නේ මැජේස්ඩෑනියන් තාත්තා කෙනෙක් වගේම මනුෂ්‍ය අම්මා කෙනෙක් ඉන්න දෙමුහුන් (හයිබ්‍රිඩ්) දරුවෙක්.  04. චේස් එයාගේ තාත්තට අනාගතයේ ඉදන් කල අනතුරු ඇගවීම මොකක්ද? චේස්ගේ තාත්තා වික්ටර් ස්ටයින් කියන්නේ සුපිරි විද්‍යාඥයෙක් කියලා දැකගන්න ඇතිනේ. එයාගේම නිර්මාණයක් තමයි අර අනාගතය දිහා බලන්න පුලුවන් පුංචි ටීවී එකක් වගේ උපකරණයත්. හත්වැනි කොටසේ පස්වෙනි විනාඩිය හරියෙදි වගේ අනාගතයේ චේස්ගෙන් අතීතයට පණිවිඩයක් යවනවා. ඒක ලැබෙන්නේ වර්තමානයේ වික්ටර්ට. එතන කිව්වා මතක ඇතිනේ “තාත්තේ, මම විශ්වාස කරනවා මේක ඔයාට හරි වෙලාවට ලැබේවි කියලා. මම දන්නවා ඒක හරිම බැරෑරුම් දෙයක්. ඒත් සමහරවිට මං දේවල් අවුල් කරගෙන තියෙනවා වෙන්නත් පුලුවන්. මට ඔයාට කියන්න ඕන වුනේ මට සමාවෙන්න කියලා. හැමදෙයක් වෙනුවෙන්ම මට සමාවෙන්න. කරුණාකරලා ඔයා මොන දේ කලත් ෆිස්ටයිගන්ස් නම් අරගන්න එපා” කියලා. මේ පණිවිඩේ ඇත්තටම මොකක් වෙන්න පුලුවන්ද? මේක නිකන් එක්තරා කාරයක සමාව ඉල්ලිමක් කියලා හිතෙන්නේ නැද්ද? හරි වික්ටර් මේ පණිවිඩේ නොසලකා හැරලා එයා එයාගේ පුතාට ෆිස්ටයිගන්ස්  වලින් පහර දීලා අන්තිමට එයාගේ බිරිදගේ අතින්ම වෙඩි කන්නත් වුනා. හැබැයි චේස් මෙතනදී සමාව ඉල්ලන්නේ හැමදෙයක් වෙනුවෙන්ම කියලා. බොහෝවිට ඒකත් දෙවන කතාසමය තුලින් පහැදිලි කරලා දෙයි. මොකද එතනදී චෙස් කියන්න හදන්නේ එක් දේකට වඩා වැඩි දෙයක්. තවත් කාරනාවක් තියෙනවා. හැබැයි මට ඒ ගැන කතා කරන්න බැහැ මොකද හුලූලගේ රනවේස් සැහෙන්න වෙනස්කම් වලට යොමු කරලා නිර්මාණය කරලා තියෙන නිසා. දැනට දෙවන කතාසමයෙන් ඔය ටික දැකගන්න පුලුවන් වේවි කියලා විශ්වාස කරනවා. කවදා නිකුත් වේවිද කියලා නම් කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් ලබන අවුරුද්දේ නිකුත් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න අමාරුයි. ඒ උනාට මොකෝ මේ අවුරුද්දේ තව කොමික් පදනම් කරගෙන නිකුත් වීමට නියමිත කතාමාලා කියක් නම් තියද. තවත් වැඩිය කියන්න කියවන්න යන්නේ නැහැ. මමත් මෙතනින් සමුගන්නවා. ගිහින් එන්නම් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

5,902 downloadsDownload Marvels-Runaways-01x10.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,902 downloadsDownload Subtitles30 KB

43 comments

  1. Ghostsd

    thanx bro. e9 balala iwara wenakotama e10 eke sub eka dila

  2. Dilshan999

    e9 balala iwara wela nikamata me paththata awa. 10e ekatath sub dala. danena sathuta kiya ganna ba bro thanks bro....S2 ekatath sub demu budu saranai!!!!!!!

  3. Dilshan999

    9e baluwa vitharai 10e dila patta.....thanks bro.

  4. Lushan Tharinda

    Epi tika ikmanata dunnata thanks bro...

  5. Thamoth Kavinda

    Sub එකට තැන්ක්ස්.

  6. Soori

    කතා මාලාවම ඉක්මනට දුන්නු අපේ මිතුරු කල්ලියට බොහෝම ස්තුතියි.....!
    ලහිරු ප්‍රසාද්, චාමර සම්පත්, නුවන්ත දුලාන්, නිලුපුල් මධූකප්‍රිය, අචින්ත උදයංග, රවිදු රුක්ෂාන්, දිල්ශාන් සචින්ත සහ යසිරු සහෝලා ගත් මේ උත්සාහයට මාගේ ප්‍රනාමය.
    තවත් කතා මාලාවකින් මේ වගේම හමුවෙමු.
    ජය වේවා...!!!

  7. akila.tharusha

    fttta thanks sub ekata digatama ooneeee

  8. Pasindu7365

    Thanks Elh

  9. darshana100

    super machan thanks

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  13. geeganagamage

    බොහෝම ස්තුතියි මේ වගේ ලස්සන සුපිරි ටීවී සිරියස් එකක් අවසන් වෙනතුරු ගෙන ආවට .

  14. Udara Damith Dissanayaka

    මේකේ සබ් දුන්න සෙට් එකටම ස්තුතියි
    මේවගේම එකක් සෙට් එකට ගේන්ඩ

  15. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාවක්....
    ඊළගට ඉතින් JJ තමා.........

  16. ravindu111

    Elamaa

  17. udithasanka

    thankz bn

  18. Kasun A.

    sabata thuthi chamara saho.jaya!

  19. priyan99

    thanks bro sub ekata

  20. Malinda

    Marvel නිර්මාණයක් හැටියට සැහෙන්න පුළුවන් මට්ටමක් නම් මම දැක්කේ නෑ. අනිත් මාවල් Drama එක්ක බලද්දී නිර්මානාත්මක බව අඩුයි.

    සබට තෑන්ක්ස් බ්‍රෝ.

  21. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා..........

  22. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. sachintha

    Sub ekata thanks Chamara sahooo....
    Supernatural eken hamu wemu....

    Black Lightning ekata sub denna puluwan katadoo....??

  25. Shan

    sub එකට බොහොමත්ම ස්තුතියි සහෝ.. ;)
    එහෙනම් ඉතින් තවත් මේවගේම සුපිරි කතාමාලාවකින් නැවත හමුවෙමු.
    ජය වේවා!!

  26. Dean

    Tnx mcn

  27. trok

    tnx bro

  28. pasi.roy

    thx sub ekata kattiya set wela dunna wage CW eke yana riverdale tv series ekath sub dunna ..........

  29. wajira

    thanks bro sub ekata

  30. Dushan Tharuka

    Thank You !!!

  31. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Tharindu divanjana

    thanz mchn jaya wewa....

  34. Sumudu Nuwan

    thanks sub ekta thma beluwe ne

  35. SanjulaJeter

    thank you!

  36. Kalana liyana arachchi

    Ada thama serama bagaththe. Bohoma sthuthi sub dunnata.
    Black lightining ekata sub den nedda oyala? Neththan eka iwara unata passeda denne?

  37. snranga7

    Thanks for the sub

  38. Sahan Sulakkhana

    sub ekta thanks ayyiaa

  39. Supun M. Hettigoda

    හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  40. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  41. indika.sub91

    Sub ekata godak sthuthi saho. puluwan tharam ikmanata meke s2 eketh sab eka denna puluwannam hodai bro..

  42. Sajithlakshan

    thanks ..................

  43. sahangayantha

    thanks a lot saho sub ekata