Runaways බලපු අයට මතක ඇති අපි “මිතුරු කල්ලියේ එකතු වීම” කියලා ජනවාරි මාසෙ වගේ Runaways පලමු කතා සමයට උපසිරැසි ලබා දෙන්න පටන් ගත්තා බයිස්කෝප් මිතුරු කැලත් හවුල් කරගෙන. ඔන්න ඉතිං ඒ වගේම මෙහි දෙවන කතා සමය සදහාද අද පටන් නොකඩවා සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. Runaways කියන්න…

Runaways බලපු අයට මතක ඇති අපි “මිතුරු කල්ලියේ එකතු වීම” කියලා ජනවාරි මාසෙ වගේ Runaways පලමු කතා සමයට උපසිරැසි ලබා දෙන්න පටන් ගත්තා බයිස්කෝප් මිතුරු කැලත් හවුල් කරගෙන. ඔන්න ඉතිං ඒ වගේම මෙහි දෙවන කතා සමය සදහාද අද පටන් නොකඩවා සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා.
Runaways කියන්නෙ මාවල් විශ්වයේ තවත් එක සුපර් හීරෝ කතා මාලාවක්, ඔයාලා ඒක මේ වෙනකොටත් දන්නවා. හැබැයි මේ කතා මාලාව මාවල් හි අනික් කතා ඒ කියන්නෙ ඩෙයාඩෙවිල්, අයන් ෆිස්ට්, පනිෂර්, ලූක් කේජ් වගේ නෙවෙයි, මේ කතාව ගෙතිලා තියෙන්නෙ තරුණයින් පිරිසක් වටා. අර මං කලින් සදහන් කරපු අය බොහෝ විට සමාජ ආරක්ෂකයො විදිහට වැඩ කරන අයනෙ. හැබැයි රනවේස් කියන්නෙ තමන්ගෙ නපුරු දෙමව්පියන්ගෙන් පැනලා යන තරුණ ළමයින් පිරිසක් වටා ගෙතුන කතාවක්. ඔන්න ඕක තමයි ප්‍රධාන වෙනස රනවේස් වල තියන අනික් කතා මාලාවන් එක්ක. ඇලෙක්ස්, චේස්, මොලී, කැරොලිනා, නීකො, සහා ගර්ට්, මේ අය තමයි කතාවෙ ප්‍රධානම චරිත ටික. ඒ වගේම මෙයාලගෙ දෙමව්පියන් වගේම ජෝනා නමින් හදුන්වන කෙනාද මෙහි ප්‍රධාන චරිත අරගන්නවා. ඇත්තම කිව්වොත් ජෝනා කියන්නෙ කවුද කියන එක පිළිබඳව ලොකු කුකුසක් අපිට ඉතුරු වුනා මතක ඇති. මේ වතාවෙ අපිට දැනගන්න පුළුවන් කවුද මේ ජෝනා කියන්නෙ කියලා. “ඇලෙක්ස්, චේස්, මොලී, කැරොලිනා, නීකො, සහා ගර්ට්” මේ අයට විශේෂ වුන විවිධ හැකියාවන් අපිට කලින් සීසන් එකේදි දකින්න පුළුවන් වුනා මතක ඇතිනෙ. ඊටත් වඩා මෙයාලගෙ හපන්කම් මෙවර අපිට දැනගන්න පුළුවන්.
පළමු සමයෙ මොකද වුනේ කියන කාරණේ මම කෙටියෙන් පැහැදිලි කරන්නම් එහෙනම්, ඇලෙක්ස්, චේස්, මොලී, කැරොලිනා, නීකො, සහා ගර්ට් කියන්න කුඩා කාලයෙ ඉදන්ම යාළුවො, හැබැයි නීකොගෙ අක්කගෙ මරණයත් එක්ක මෙයාලගෙ මිතුරුකම බිඳිලා යනවා. ඒ වගේම තමයි මෙයාලගෙ දෙමව්පියන් ප්‍රයිඩ් නමින් හදුන්වන සංවිධානයක සාමාජිකයින් වෙනවා. ප්‍රයිඩ් කියන්නෙ පිටට හොද නම පෙන්නන් ඇතුලින් අන්තිම දරුණු දේවල් කරන සංවිධානයක් කිව්වොත් මම හරි. ඉතිං කාලයක් යද්දි ඇලෙක්ස්, චේස්, මොලී, කැරොලිනා, නීකො, සහා ගර්ට් මේ ගැන හොයාගන්නවා. එතනදි තමයි මෙයාලට දකින්න ලැබෙන්නෙ ඩෙස්ටිනි කියන ගෑණු ළමයා මෙයාලගෙ දෙමව්පියො මරලා දානවා. ඒත් මොකටද?? ඒ ජෝනට නැවත ජීවය දෙන්න. ඕකත් එක්ක ළමයි ටික තමන්ගෙ අම්මා තාත්තා ගැන හොයන්න ගන්නවා. බිදිලා ගිහින් තිබ්බ මිතුදම් ආයෙ අලුත් වෙනවා. ඔය අතරෙ තමයි ජෝනා ආයෙ ඇවිත් පොලොව හාරලා යමක් උඩට ගන්න උත්සහ කරන්නෙ, ඒකෙන් සිද්දවෙන්න පුළුවන් හානිය පිළිබඳව දැනගත්ත අපේ තරුණ යාලුවො ටික ඒක නතර කරනවා, එතනදි මෙයාලට මේ අයගෙ දෙමව්පියන් එක්ක වගේම ජෝනා එක්කත් සටන් කරන්න වෙනවා. නමුත් මෙයාලා පොලොව විදින එක නවත්තනවා. ඊට පස්සෙ ඇලෙක්ස්, චේස්, මොලී, කැරොලිනා, නීකො, සහා ගර්ට් වගේම අලුතින් මෙයාලට එකතුවුන ඩයිනසෝර් එක්ක මෙයාලා තමන්ගෙ දෙමව්පියන්ගෙන් පැනලා යන්න ගන්නවා. එහෙම ගියාම මොන අම්මා තාත්තද හොයන්නෙ නැත්තෙ, ඉතිං මේ අයත් තමන්ගෙ දරුවො හොයන්න ගන්නවා. ඔන්න ඔහොම ඉවර වුන කතාව එතන ඉදන් මෙවර ආයෙ පටන් ගන්නවා.
මෙදා පාර අපිට මොනා බලාගන්න ලැබෙයිද?? අනිවා ගොඩක් ප්‍රශ්න වලට උත්තරනම් ලැබෙනවා නිසැකයි. මොකද කලින් සීසන් එකේදි අපිට ප්‍රශ්න කන්දරාවක් ඉතුරු කරලා තමයි ඉවර වුනේ, මෙවර කතා සමයෙන් අපිට මොනා දැනගන්න ලැබෙයිද මොනවද ඉතුරු වුන ප්‍රශ්න කියලා දැනගන්න ඕන නම් Runaway පළවෙනි කතා සමයෙ 13 වෙනි කොටසෙ අපේ චාමර සහෝ දුන්න ලිපිය කියෙව්වනම් හරි. ඒකෙ සේරම විස්තර සුපැහැදිලිව තියනවා.
ඇත්තටම ගිය වතාවෙ නොහිතුවටත් වඩා කට්ටිය කතාව බලලා තිබ්බා ඒකට සෑහෙන සංතෝසයි. ඉතිං කලින් වතාවෙ වගේම මේ පාරත් මං එක්ක සම්පූර්ණ කතා මාලාවෙම උපසිරැසි ලබාදෙන්න චාමර සම්පත්, නිලුපුල් මධූකප්‍රිය, නුවන්ත දුලාන්, රවිදු මලයා, අචින්ත උදයංග, උදයංග සම්පත්, කවිෂල් සහා බේනුක නිම්හාන් මල්ලිල දෙන්නත් එකතුවෙලා ඉන්නවා. එහෙනම් මම ගියා.
සුබ නත්තලක් වේවා!
#Haill Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,571 downloadsDownload Marvels-Runaways-S02-E01.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
25 comments
sachintha
sahan malinga
ela bokka....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!dsdkavishka
Thenks .... a lot...
darshana100
niyamai saho
Hasidhuanjana
Thanks .
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
lakiya1998
thnx mchn bLgen idiye meke sub enakam...ikmanata anik kotas tiketh sub dapan
Ayesh Prashan
Thank You..Supiri
Kasun Andy Doo
ස්තුතියි මචං
Kulanjana Maduranga
subata thanks saho...
Shehan putha
thanks bro ! jaya wewa !
suba naththalak wewa !රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilankadissanayake
බොහොම ස්තූතියි !!!
Sachintha Kalhara Benet
MARVEL නම් ඉතින් නොබලා කොහොමද? ☺️☺️☺️☺️
නියමයි මේ කතාව.
සිංහල උපසිරැසිය බොහෝම ස්තූතියි සහෝ.....!
ජයෙන් ජයම වේවා.....!priyan99
thanks bro sub ekata
Thanusha
Thanks bro
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
Sajithlakshan
thanks ......................
MAALnath
Thanks ................good luck .........................
dx12
thanks bro
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Marvels Runaways [S02 : E01] Sinhala Subtitles | විනාශයක ඇරඹූම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය