Watch Trailer

Marvels Runaways [S02 : E02] Sinhala Subtitles | යළි බල ගැන්වීම…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආව Marvel Runaways දෙවැනි කතා සමයේ දෙවැනි කතාංගය. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විමා අයියට මට මේ එපිය කරන්න අවස්ථාව ලබාදුන්නට. ඒ වගේම ළහිරු ප්‍රසාද් අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් වැඩිය කතා බහක් නැතුව බලමු කතාව ගැන. පසුගිය කොටසින්… අපි දැක්කනේ පලවෙනි සීසන් එකේ අවසානේ තරුණ කණ්ඩ…

ඔන්න එහෙනම් අරගෙන ආව Marvel Runaways දෙවැනි කතා සමයේ දෙවැනි කතාංගය. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විමා අයියට මට මේ එපිය කරන්න අවස්ථාව ලබාදුන්නට. ඒ වගේම ළහිරු ප්‍රසාද් අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් වැඩිය කතා බහක් නැතුව බලමු කතාව ගැන.

පසුගිය කොටසින්…

අපි දැක්කනේ පලවෙනි සීසන් එකේ අවසානේ තරුණ කණ්ඩායම ඕල්ඩ් ලේස්වත් අරගෙන පැනලා යනවා. ඒ පැනලා යද්දි එයාලව කලින් වතාවේ මැරුණ ඩෙස්ටිනීගේ මිනීමරුවන් කියල මාධ්‍යයේ ප්‍රචාරය කරපු නිසා තරුණ කණ්ඩායමට ටිකක් විමසිල්ලෙන් තමයි ජීවිත ගෙවන්න වුනේ. ඔහොම යනකොට චේස්ගේ ෆිස්ටිගෝන් දෙක උස්සපු කොල්ලෙක් පස්සෙන් අපේ තරුණ කණ්ඩායම පන්නගෙන යනකොට අහම්බෙන් කැරොලිනා වලකට වැටෙනවා. ඒ ඇවිල්ලා විශාල මන්දිරයක් වගේ එකක් කියලා දකින්න ඇති නේ. කට්ටිය එතන නවතින්නත් තීරණය කලේ එතන කවුරුත් නැති නිසා. කොහොමින් හරි කට්ටිය දකින්න ඇතිනේ මොලීට එයාගේ දෙමව්පියෝ දුන්න ටේප් එක එයා ග්‍රාසියෙලට යවලා තිබ්බා. ඒකෙන් වුනේ ග්‍රාසියෙලාට ටීනගේ අතින් මැරුම් කන්න මොකද එයා මාධ්‍යට කිව්වනේ ප්‍රයිඩ් එක ගැන සාක්ෂි තියෙනවා කියලා. ඊට පස්සේ දකින්න ඇති ටීනයි රොබට් එකතු වෙලා විසාඩ් එකේ තාක්ෂනයෙන් එයලගේ ලමයිව හොයගන්න මුහුණු හදුනා ගැනීමේ මෘදුකාංගයක් හදලා තිබ්බා. එතකොට ඇලෙක්ස් ආපහු ඩේරියස් ගාවට ගිහින් සල්ලි ඉල්ලුවම උනේ ඩේරියස් ගාව ඇලෙක්ස්ට වැඩ කරන්න සිද්ද වෙච්ච එක. සල්ලි ඕන නිසා එයත් වැඩේට කැමති වෙනවා. එතකොට ඩේරියස්ගේ දුවවත් දකින්න ඇතිනේ. ඔන්න අලුතින් කෙනෙක් කතා මාලවට එකතු වුනා. නැත්තම් ඇලෙක්ස්ට යන කල දසාව මොකද්ද, නිකෝ වෙනම සීන් එකකනේ. ඊට පස්සේ දකින්න ඇති වික්ටර් එක්ක ජෝනා සන්නිවේදනය කරනවා. ඔව් අධී තාක්ෂණික ක්‍රමයකින් ඒ දෙන්න සන්නිවේදනය කරගන්නවා. ජෝනගේ ඇග ටිකෙන් ටික දිරාගෙන යන නිසා එයාට සුව වෙන්න පෙට්ටියක් ඕන. ඒක හදන්න දන්නේ වික්ටර් විතරයි. ඉතින් ඒ හින්දා එයා එක්ක සන්නිවේදනය කරල වික්ටර්ගේ නෝනගේ උදව්වෙන් ජෝනා පෙට්ටිය හදන්න තමා දැන් හදන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් දකින්න ඇති ජෝනා එයාගේ දුව කැරොලිනාව හම්බුවෙන්න ගියා. කොහොමින් හරි කැරොලිනත් එයාට ලං වුනා. ඉදිරියට මොකක් කරයිද කියන්නත් බෑ. අන්තිමේ කලින් කොටස ඉවර වුනේ එක පාර ඇති වුන භූමිකම්පාවත් එක්ක.

අද කොටසින්…

අද කොටසින් බලාගනන් පුළුවන් තරුණ කණ්ඩායම කොහොමද බල ගැන්වෙන්නේ කියලා. චේස්ගේ ෆිස්ටිගෝන් දෙක හදාගන්න, එයාලට හම්බවුන මන්දිරය යථා තත්වෙට ගන්න හැටි, එතකොට නිකෝ එයාගේ අම්මගේ යස්ඨිය ගන්න ගිහින් වෙන දේවල් වගේම, ඇලෙක්ස් සහ ලිලීගේ ආදර සම්බන්ධයත් ඔයාලට බලාගන්න පුළුවන්. ඊට අමතරව ජෝනාගේ ඉදිරි සැලැස්මවල්, ප්‍රයිඩ් එක ඊලගට මොකද්ද කරන්න හදන්නේ කියලත් බලාගන්න පුළුවන්. එහෙනම් වැඩිය අද කතාව ගැන කියන්න යන්නේ නෑ. මොකද කතා රසය නැති වෙනවා නේ.

අද කතාවේ නම – Radio ON
අධ්‍යක්ෂණය – Chris Fisher
කතාව රචනය – Warren Hsu Leonard, Stephanie Savage
මේ කොටසට IMDb අගය – 8.7
විකාශනය – 2018 දෙසැම්බර් 21
ඊලග කොටස – Double Zeros

එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඊළග කොටසට උපසිරැසිය චාමර සම්පත් අයියා අරගෙන ඒවි. ජය වේවා…!!!

සුභ නත්තලක් වේවා…

…..Never Doubt Your POWER.
POWER is Your Destiny………

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,849 downloadsDownload Marvels-Runaways-S02-E02.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

3,849 downloadsDownload Subtitles34 KB

18 comments

  1. kavinuweerakkody

    ස්තූතියි අයියේ..උඹ කියපු නිසාම මුල ඉඳන් බලන්න පටන් ගත්තා!!!
    ජය වේවා

  2. darshana100

    thanks saho

  3. shanika1028

    meka episode 13ma release wela iwarai,
    sub tika ikmanata dapan kollo
    thankz

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Arunashan

    බයිස්කෝප් දිනෙන් දින දියුණු වෙිවා

  6. Ayesh Prashan

    Thank You

  7. Kulanjana Maduranga

    subata thanks

  8. dsdkavishka

    Thenks ...

  9. Shehan putha

    thanks bro jaya wewa !
    suba naththalak wewa !

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. priyan99

    thanks bro sub ekata

  12. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  13. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  14. Sahasra

    බොහොම ස්තූතියි මල්ලි.

  15. Sajithlakshan

    thanks .....................

    1. MAALnath

      Thanks ................good luck ...................

  16. chinthaka.max4

    thankx machan

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.