ඔන්න එහෙනං රනවේස් කතා මාලාවෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වේගෙනයි එන්නෙ..මේ කතා සමයෙ මට තමයි 12 වෙනි එපිය බාර වෙලා තිබුණෙ. කොහොමවුණත් මේක කරන්න ගන්න කොට මට ඒ හැටි ආසාවක් තිබුණෙ නෑ ලහිරු සහෝගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි බාරගත්තෙ…හැබැයි බලන්න ගත්තම කතාව ගැන මගේ කලින් තිබුණ නෙගටිව් ආකල්පය තරමකින්…

ඔන්න එහෙනං රනවේස් කතා මාලාවෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වේගෙනයි එන්නෙ..මේ කතා සමයෙ මට තමයි 12 වෙනි එපිය බාර වෙලා තිබුණෙ. කොහොමවුණත් මේක කරන්න ගන්න කොට මට ඒ හැටි ආසාවක් තිබුණෙ නෑ ලහිරු සහෝගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි බාරගත්තෙ…හැබැයි බලන්න ගත්තම කතාව ගැන මගේ කලින් තිබුණ නෙගටිව් ආකල්පය තරමකින් වෙනස් වුණා කීවොත් හරි..ඇත්තටම මේ සීසන් කලින් කතා සමයට වඩා සෑහෙන ඉදිරියෙන් තියනව කියන්න පුළුවන්.. එකක් කලින් සීසන් එකේ තිබුණ මන්දගාමී ගතිය වගේම දුර්වල චරිත හැසිරවීම වගේ සෑහෙන්න අඩු පාඩු මේ සීසන් එකේ යම් තරමකින් මඟ හරවාගෙන තියනව..ඒ වගේම සෑහෙන ක්‍රියාදාම මේ කතා සමයට එක් කරන්න අධ්‍යක්ෂකතුමා වග බලාගෙන තියනව..ඔයාලටම තේරෙන්න ඇති මුල් එපියෙන් පටං ගත්තම මේ වෙනකල්ම කතාව සෑහෙන ක්‍රියාදාම වලින් පිරිල තිබුණා..හරි එහෙනං කියන්න දේවල් නං බොහොමයි..මං ඒකට මෙතන වෙලාවක් කරගන්නෙ නෑ කෙලින්ම අපි කතාවට බහිමු
කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ යෝක්ස්ල සෑහෙන උත්සහයක නිරත වුණා චේස්ගෙන් අනික් ළමයින් ඉන්න තැන අහන්න ගන්න.ඒත් එයාලට එතෙන්දි බාධාවක් වුණේ ටීනා.ටීන ඇවිල්ල මේ ප්‍රශ්න කිරිල්ල නැවැත්තුවා. මේ අතරෙ අපේ පැනල ගියපු යාළුවො සෙට් එක චේස් සහ ගර්ට් ඉන්නෙ කොහෙද කියල හොයාගෙන එයාලව බේරගන්නව..ඒත් එයාලට මෙතෙන්දි ඕල්ඩ් ලේස්ව අමතක වෙනව.ඉතිං යෝක්ස්ලා මූගෙන් ප්‍රයෝජනයක් ගන්න කල්පනා කරනව..ඕල්ඩ් ලේසිව පාවිච්චි කරල ගර්ට්ව් හොයන්න පුළුවන් කියල මෙයාල හිතුවෙ. මේ අතරෙ කතාවෙ තවත් පැත්තක ෆ්රැන්ක් ලෙස්ලිව ක්‍රේටර් එකට අරං ගියා පෙන්නුවා..වෙන මොකටවත් නෙවේ අර මතක චිකිත්සාව කරන්න.ඒ අස්සෙ ඔයාලට මතක ඇති අපේ යාළුවා නිකෝ එයාගෙ යෂ්ටිය හැංඟුවා.මොකද එයාට දැනුනා ඒක පාවිච්චි කරන භයානකයි කියල..ඒවගේම තවත් විශේෂ දෙයක් කලින් එපිය සිද්ධ වුණා. ඒ තමයි මොලීගෙ උපන්දින පාටිය වෙනුවෙන් බඩු ගන්න කියල සාප්පු ගිය කැරොලීනාට හම්බු වෙනවා සැවින් කියල අත්භූත ගෑණු කෙනෙක්ව..කතාව අවසානයෙදි වික්ටර් විශේෂ සංඥාවක් යවල චේස්ට කියනව එයාට සනීප නැති කතාවක්..ඇත්තටම මේක චේස්ව ගෙන්න ගන්න කරපු උප්පරවැට්ටියක් කීවොත් නිවැරදියි..කොහොමවුණත් මේක අහපු චේස්ට අවුල් යනව. ඉතිං මෙයා මොලීගෙ පාටිය අතර තුර හොරෙන්ම තාත්තව බලන්න යනව..ඔන්න ඔහොමයි කලින් එපිය ගෙවීගෙන ගියෙ..
අද කතාවෙදි කැරොලීනා නිකෝවයි මොලීවයි වගේම පල්ලියේ සාමාජිකයෙක් වුණ වෝන්වත් එකතු කරගෙන ලෙස්ලිව බේරගන්න ක්‍රේටර් එකට යනව. මේ ගමනෙන් තමා කැරොලිනාට එයාගෙ ආච්චි සූසන්ව මුණ ගැහෙන්නෙ ඉස්ස ඉස්සල්ලාම. ඉතිං කැරොලීනා සූසන්ගෙනුත් උදව් ඇතුව කොහොමහරි අම්මව බේරගන්නවා. ඒ විතරක් නෙවේ එයාව හිර කරං හිටිය පල්ලියෙ අයටත් ඒත්තු ගන්නනව ෆ්රෑන්ක් කියන්නෙ මොන වගේ අධම මිනිහෙක්ද කියල. මේ අතරෙ වික්ටර් චේස්ට එයාගෙ අමාරුව ගැන කියල ඒ මුවාවෙන් පුතාගෙ හිත දිනාගෙන කොහොමින් කොහොමහරි ප්‍රයිඩ් එකේ සේවකයෙක් විදිහට වැඩට යවනව..මේ වැඩ කරන අතරතුරේදි ප්‍රයිඩ් එකේ පරීක්ෂණ වැඩ වලට යොදාගත්ත සේවකයො දෙන්නෙක්ගෙ සැක සහිත කතා බහක් චේස්ගෙ කන වැකෙනවා. ඒ අස්සෙ කතාවෙ තවත් පැත්තකින් ඇලෙක්ස් එයාගෙ ඇඟිලි සලකුණු ගෑවිච්ච තුවක්කු ටමාර්ගෙන් ගන්නව..වෙන මොකේටවත් නෙවේ ඒ මාර්ගයෙන් තාත්තව අල්ලගන්න පොටක් පාදගන්න තමයි..ඒ වගේම තවත් එක විශේෂම දෙයක් අද කතාවෙදි වෙනව. කොලින්ට අර එදා සාප්පු සවාරියේදි හම්බවුණ අත්භූත ගෑණු කෙනා ඇත්තටම කවුද කියන කියන අද එපිය බැලුවම ඔයාලට දැනගන්න ලැබෙයි…මං ඒ ගැන මොකුත් කියන්න යන්නෙ නෑ එහෙම වුණොත් ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙනව.. හරි එහෙනං තවත් විස්තර ඕන නෑ ඔයාලම අරං බලාගන්න..මේ කතා සමයේ මගේ දායකත්වය මෙතනින් අහවරයි..අන්තිම එපිය අරං චාමර සම්පත් සහෝ හනිකට එයි ඔයාල හමුවට.. මං ගියා..ජය වේවා !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
*උපසිරැසියෙ තිබු දෝෂය නිවැරැදි කර ඇත.
2,877 downloadsDownload Marvels-Runaways-S02-E12.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
19 comments
Hirunaprabodha
Nuwan_Hero
oyala dila thiyenne 13 wana Episode eke sub 12 weni eke denna
dsdkavishka
Thenks for sub
Nuwan_Hero
dan hari thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
darshana100
thanks yalu tawa akai jaya wewa
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන හිටියේ....
අන්තිම එපියත් ඉක්මනටම දෙමු...Shehan putha
thank you saho....
Kulanjana Maduranga
subata thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!priyan99
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
Sajithlakshan
thanks .....................
MAALnath
Thanks ..................good luck ........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .. . !
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Runaways [S02 : E12] Sinhala Subtitles | මිහිතලයේ සුර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



ගොඩාක් ස්තූතියි සහෝ..
ඔබට ජය..
තාම එපිය බැලුවෙ නම් නෑ..මතක විදියට සැවින් කියන්නෙ අර යානයේ හිටිය කෙනා.. ජෝනා යානය උඩට ගන්න සැවින් සැවින් කිය කිය කතා කරා වගේ මතකයි..