Watch Trailer

Marvel’s What If…? [S02 : E07] Sinhala Subtitles | තෝර්ගේ ඉරණම හෙලාට උරුම වුණොත්? [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුපුරුදු පරිදි ඔන්න අදත් උණු උණුවෙම What If…? එපිය අරගෙන ආවා. මේ තමයි දෙවෙනි සීසන් එකේ හත්වෙනි එපිසෝඩ් එක. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Hela Found the Ten Rings?” කියලයි. ඒ කියන්නේ “හෙලාට මුදු දහය හමුවුණොත්?” කියන එකයි. Thor (2011) ෆිල්ම් එක මතක ඇති කියලා හිතනවා. ෆිල්ම් එක නිකු…

What If

කොහොමද හැමෝටම? සුපුරුදු පරිදි ඔන්න අදත් උණු උණුවෙම What If…? එපිය අරගෙන ආවා. මේ තමයි දෙවෙනි සීසන් එකේ හත්වෙනි එපිසෝඩ් එක. අද එපිය නම් කරලා තියෙන්නේ “What If Hela Found the Ten Rings?” කියලයි. ඒ කියන්නේ “හෙලාට මුදු දහය හමුවුණොත්?” කියන එකයි.

Thor (2011) ෆිල්ම් එක මතක ඇති කියලා හිතනවා. ෆිල්ම් එක නිකුත් වෙලා දැන් සෑහෙන කාලයක් වෙන නිසා එපියට ඕන ටික මතක් කරන්නම්. ඒකෙදී තෝර්ව, එයාගේ අහංකාරකමට පාඩමක් විදියට එයාගේ බලයන් අයින් කරලා එයාව මිඩ්ගාඩ්වලට (ඒ කියන්නේ පෘථිවියට) පිටුවහල් කරනවා. ඒවගේම එයාගේ ආයුධය වන Mjolnir වත් පෘථිවියට එවනවා. නමුත් තෝර් Mjolnir ව අතට ගන්න සුදුසු කෙනෙක් වෙන තාක්කල් ඒක එයාට උස්සන්න බෑ. ෆිල්ම් එක අවසානය වෙනකොට තෝර්ට, Mjolnirව දරන්න තරම් සුදුසු කෙනෙක් බවට පත්වෙලා ලෝකිව පරාද කරන්න හැකිවෙනවා.

ඉතින් මේ සිද්ධි දාමය හෙලාට වුණොත් මොකක් වෙයිද කියල තමයි මේ එපිසෝඩ් එකෙන් අපට බලාගන්න පුළුවන් වෙන්නේ. මේ සිද්ධි දාමය ටිකක් වෙනස් කරලා, Shang-Chi and the Legend of the Ten Rings (2021) එකේ හිටපු වෙන්වූ වත් ඈඳගෙන තමයි කතාව ලියලා තියෙන්නේ.

හෙලා, හෙවත් මරණයට අධිපති දෙවඟනව අපට මුලින්ම හඳුන්වා දෙන්නේ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙනුයි. හෙලා කියන්නේ ඔඩින්ගේ පළවෙනි දරුවා. ඒවගේම රාජධානි 9 ම එක්සත් කරන ඔඩින්ගේ යුධ ව්‍යාපාරයේදී එයාගේ වධකයා (අලුගෝසුවා) විදියට වැඩ කරපු කෙනා. කොහොම නමුත් එයාගේ ලේ පිපාසය සංසිඳවන්න බැරි නිසා ඔඩින් එයාව සිරගත කරනවා. මේක තමයි අපේ ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ වෙන්නේ.

නමුත් මේ විශ්වයේදී ඔඩින් ඈව සිරගත කරනවා වෙනුවට එයාගේ බලයන් අයින් කරලා එයාව මිඩ්ගාඩ්වලට පිටුවහල් කරනවා. තෝර්ට කරා වගේම. එයාට, තමන්ගේ බලයන් ලබා දෙන ඔටුන්නත් මිඩ්ගාඩ්වලට එවනවා. මේ ඔටුන්න, වෙන්වූ විසින් හොයාගන්නවා. ඉතින් ඉතුරු ටිකේ වෙන්නේ මොකද කියලා එපිය බලලම හොයාගන්නකෝ.

දෙවෙනි සීසන් එක ඉවර වෙන්න තව ඉතිරි වෙලා තියෙන්නෙ එපිසෝඩ් දෙකයි. ඒ එපිසෝඩ් දෙකේ උපසිරසි ඔයාලට නිර්මාල් විමුක්ති අයියා අරගෙන ඒවි. එහෙනම් තවත් කතා මාලාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.

 

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,819 downloadsDownload What-If-S01-E07-Sinhala-Subtitles.zip18 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

10,819 downloadsDownload Subtitles18 KB

13 comments

  1. Sijja

    Thanq so much

  2. Anonymous

    Thanks. Wede niyameta karanawa. Epiya enakotama sub denawa. Keep it up

  3. Thejan

    cupiriyak thama.thank you bn sub ekt.

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  5. Nishan S Ariyarathna

    Thanks bosa බලාගෙන ම innnwa sub දෙනකම් හැමදාම හවස් වෙද්දි....

  6. Sachin Yehan Perera

    oya nam waddek malli. thank you!

  7. ushan charuka

    thank you sooo much podi lokko...
    eth patan gatta wade iwara karanam hodai kiyala hituna mokada oya me season eka lassanata dunna. ehenam tawat lassana wedak apahu aragena enna jaya wewa

    1. Sanupa Ranmeth

      බොහොම ස්තුතියි සහෝ. ❤ සීරීස් එක පටන්ගන්නකොට ඉවර කරන්න තමයි හිතන් හිටියෙ. :') ඒත් හදිසියේම වැඩක් වැටුණ නිසා මේක වෙන කෙනෙක්ට දුන්නෙ. ඒ අයිය මටත් වඩා හොඳට සබ් එක කරාවි :)

  8. Kosala

  9. Kosala

    අද සබ් එක තාම නෑ. අපේ වෙලාවටම ඔයාට වැඩක් සෙට් උනේ. පලවෙනි එපි 7 ම සබ් ටික ගානට වෙලාවට හිතුවටත් වඩා ඉක්මනට වැටුනා. ❤️ ^_^ සනුප සහෝදරයා නැති අඩුව අද ස්බ් දාගෙන බලන What If ෆෑන්ස්ලා ටිකට හොදට දැනෙන්න ඇති. :(

  10. chinthaka chathuranga

    thanks bro

  11. Thisara Prabhath Senarathne

    Thanks broh

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P