Monarch: Legacy of Monsters [S01 : E07] Sinhala Subtitles කොහොමද හැමෝටම? මේ වෙනකොට නම් මාත් එක්ක අවුලෙන් ඇත්තේ කට්ටිය. පහුගිය ටිකේ හොඳටම අසනීප වුණා, ඒ වෙද්දී සබ් එකෙන් 3/4 කරලා තිබ්බේ. ඉතුරු ටික කොහෙත්ම ඉවර කරගන්න පුළුවන් තත්වයක් තිබුනේ නැහැ නිව්මෝනියාවට හායි කියලා යාන්තම් බායි කියල මෙහාට පැනගත්තේ.…

කොහොමද හැමෝටම? මේ වෙනකොට නම් මාත් එක්ක අවුලෙන් ඇත්තේ කට්ටිය. පහුගිය ටිකේ හොඳටම අසනීප වුණා, ඒ වෙද්දී සබ් එකෙන් 3/4 කරලා තිබ්බේ. ඉතුරු ටික කොහෙත්ම ඉවර කරගන්න පුළුවන් තත්වයක් තිබුනේ නැහැ නිව්මෝනියාවට හායි කියලා යාන්තම් බායි කියල මෙහාට පැනගත්තේ. ඒ වගේම මට ඉවර කරගන්න බැරි වුණාම බාරදෙන්න කෙනෙකුත් හිටියේ නැහැ. මේ නිවාඩු කාලේ සහ අවුරුද්ද අවසානය නිසා ගොඩක් අය තමන්ගේ පෞද්ගලික සහ රාජකාරි වැඩ ගොඩක ඉන්නෙ. මේක ඉවර කරලා දුන්නෙත් හිරාන් සහෝදරයා. සාධාරණ හේතුවක් නැතුව අපි සබ් එකක් අක්වදවත් හිතා මතා පරක්කු කරන්නේ නැහැ. ඒ නිසා යම් පමාවක් වෙනවා නම් පොඩ්ඩක් ඉවසන්න කියල ඉල්ලා හිටිනවා. මොකද කවදාවත් සබ් නොලැබී තියෙනවට වඩා යම් කාලයක් පමා වෙලා හරි සබ් ලැබෙන එක වටිනව නේද? උදාහරණයකට මම අතැරලා දැම්මට පස්සෙ වොකින් ඩෙඩ් යුනිවර්ස් එකට අත ගහන්න කැමති කෙනෙක් තාම ඉදිරිපත් වුණේ නැහැනේ. පේනවනේ ඒ බැනිල්ලෙන් වෙලා තියෙන දේ? මහන්සි වෙලා සබ් කරලා බැනුම් අහන්න කවුද කැමති වෙන්නෙ? 🙁
ඒ වගේම මේක එනදාම හෝ ඊට පහුවදා හරි සබ් එක දුන්නම කට්ටිය සද්ද නැතුව සබ් එක නම් අරගෙන යනව කියල පේනවා ඩව්න්ලෝඩ් කවුන්ට් එක බැලුවම. ඒත් ඒකෙන් සියයට එකක්වත් දිරිමත් කරලා කමෙන්ට් එකක් නම් වැටුනේ නැහැ. සාධාරණ හේතුවකට යම් කාලයක් පරක්කු වුණාම කෝල් කරලත් අහනවා 🙁 කමෙන්ට් තමයි මේවා ඉක්මනට දෙන්න ගැම්මා සපයන ඉන්ධන වෙන්නේ හොඳේ. 1990 ගණන්වල ෆිල්ම් එකකට සබ් දුන්නත් කමෙන්ට් 100ක් විතර වැටුණු කාලයක් තිබ්බ මේ උපසිරසි ජිවිතයේ. ඒ කාලේ හිටිය රසිකයෝ තමා අපිට මේ ඇම්ම බෝ කලේ කමෙන්ට් දාලා සලකලා. දැන් අය සබ් එක අරගෙන යනවා විතරයි. සැලකිල්ලට සැලකිල්ල. 😉 ඉතිං, තරහ ගන්න කාරි නැහැ ඉතුරු ටික එන දවසෙම දෙන්නම්.
පහුගිය කොටස අපේ හිරාන් මල්ලි අරගෙන ආවා. මුලින්ම එයාට ස්තුතිවන්ත වෙන්න ඕනා. ඒ වගේම සමහරු බලාපොරොත්තු වෙනවා මේ වගේ කතාවකින් දැවැන්තයින් අතර ලොකු ගැටුම් ඇතිවෙලා ලොකු සිද්දි දාමයක් වෙයි කියල. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මොකද මේක බැක් ස්ටොරියක් සහ මේකෙන් පෙන්වන්න උත්සහ ගන්නේ ෆිල්ම් එකකින් පෙන්නගන්න බැරි කතාවක්. මොකද ෆිල්ම් එකකින් කවදාවත් පෙන්නගන්න බහ මේ මොන්ස්ටර්ස්ලා නිසා මිනිස් ජිවිත වලට ඇතිවෙන වෙනස් කම් ගැන. ඒ වැඩේ කරන්න තමයි ලෙජන්ඩරිලා මේක නිර්මාණය කරන්නෙ. එයාල ඒක මේ වෙනකම් සාර්ථකව නිර්මාණය කරගෙන ආවා. එහෙනම් මේ වෙනකම් වෙච්ච දේවල් ලාවට මතක් කරගෙන ඉමු,
පසුගිය මතකයෙන්
කට්ටිය ඇලස්කාවට යන්න තීරණය කරනවා හදිසියේම. මතකද ඇලස්කාවට ගිය හේතුව?. ඒ තමයි මේ වෙනකොට අතුරුදහන් වෙලා ඉන්න හිරෝෂිව හොයාගන්න. හැබැයි යන්නේ නම් තනියම නෙමෙයි, හිරෝශිගේ මිත්‍රයා ලී ෂෝගේ උදව් ඇතිව. හැබැයි ඒ ගමන නම් කෙලවර වුණේ මහා විනාශයකින්. විනාශයට හේතු වුණේ ෆ්‍රොස්ට් වාර්ක් කෙනෙක්. ඉතිං එතැනදී වැඩේ අවුල් වුණා. යාන්තම් මොනාක් එකේ පිහිටෙන් සහ කෙන්ටරෝගේ තැනට සුදුසු නුවන නිසා කට්ටිය පණ බේරාගත්තා. හැබැයි මොනාක් එක එයාලට ඕන වැඩේ කරන්න පුළුවන් වෙන ආකාරයට තමයි අන්තිමේදී මේ හතරදෙනාව නිදහස් කලේ. ඒ අනුව කේට්ගේ අම්ම කෙන්ටරෝ ගැනත් දැනගත්තා. ඒ වගේම ගොඩ්සිලාට කෝල් එකක් දීලා ගෙන්නගන්න පුළුවන් උපකරණයක් සහ ඒ උපකරණයට ගොඩ්සිලා දක්වන ප්‍රතිචාර ගැනත් අපි පහුගිය කොටසේදී දැක බලාගත්තා. ඒ විතරක් නම් මදැයි. හිරෝශිගේ සිතයම අනුව මීළඟට ගොඩ්සිලා මතුවෙන තැනට කට්ටිය ගියහම වුණේ කවුරුත් නොහිතපු දෙයක්.
Monarch: Legacy of Monsters [S01 : E07] Sinhala Subtitles
අද කොටසින්
ඉතිං මේ කොටසේදී අපිට දකින්න ලැබෙනවා මේ සම්බන්ධ සම්පුර්ණ ඇත්ත කතාව මොකක්ද කියල. ඒ වගේම අද කොටසේදී හරි අපුරු දෙයක් වෙනවා. ඒ තමයි Apex Cybernetics ආයතනය බිහිවීම ගැන සම්පුර්ණ පසුබිම් කතාව අපිට ගලපලා දෙනවා. ඔයාලට මතක ඇතිනේ මැකාගොඩ්සිලාව? අන්න එයාව නිර්මාණය කලේ මේ ආයතනය විසින්. එහෙනම් බලන්නකෝ අද එපිය. ලබන සුමානේ ආයේ හම්බවෙමු.
Director : Matt Shakman
Writers : Chris Black, Matt Fraction
IMDB : 5.9 (Dec.12 2023)
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,823 downloadsDownload Monarch.Legacy.of_.Monsters.S01E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
57 comments
Harsha
Sachintha
❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Sandeep Madushan
Waited brother.. thanx.. get well soon..
Akila Dilhara
Thanks Brother...❤
ASK
ඒලම...
Harshana Dissanayaka
Balan Hitiya Koi Wele Hari watei kiyala...
Aniwa sub eka denawa kiyala dannawa..
Thanks Bro...
Get Well Soon...Diaryofnish
ඉක්මනින් ම සම්පූර්ණයෙන්ම රෝගී සම්පත්තිය ලැබේවා !! ඇත්තටම Sub එකට ගොඩ ගොඩක් ස්තුතියි... sub eka පරක්කු උන නිසා Sub එක නැතුව බලන්න අරගෙන ආයේ තියෙන්න ඇරියා මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා... ඒත් හිතුනා පරක්කු වෙලා හරි අනිවාර්යයෙන්ම Sub එක දෙයි කියලා..e nisa ඔන්න ඔහේ what if එක බල බල කාලේ ගෙවා ගත්තා.. තියෙන වැඩ රාජකාරි එක්ක මේ වෙනුවෙන් කාළය වැය කරලා Sub ගෙනාව ට බොහො ම පින් .... ආදරෙයි පැලෙන්න බයිස්කෝප්.LK....
chanux
thanks for the sub.get well soon bro...
Nuwan
Dan kohamada ban sanipada
Paker
Thank you
Anonymous
නියමයි bro එනකන් බලන් හිටියේ
Miyuru Gimhan
Thankz for the sub bro
Anonymous
Thanks brother ❤️
Disan Nanmindu
Thank you ayye sub eka enakn baln hitiye
Avishka sanjeewa
ඉක්මන් සුවය පතනවා කොල්ලො. ගොඩක් ස්තුති sub එකට
viraj
thanks.........
Asela champika
Aul ganna epa kollo ,digatama kramuuu
Anonymous
Thank u brother. Get Well soon bro
Anonymous
Thank you aiye
රුක්ෂාන් ඛාන් (රුකා)
උපසිරැසියට බොහෝම ස්තුතියි, සහෝ!
Anonymous
get wel soon thank a lot
dias
thanks bro ****
Anonymous
thanks bro
Anonymous
Thanks bosa. Get well soon
Anonymous
Get well soon sago. parissamin.eelaga epi ekath supiriyata demu.
Anonymous
Thanks cuddah
Anonymous
අම්මෝ සෑහෙන දවසක් බලන් හිටිය. ස්තූතියි සහෝදරය. ඊලග එක පුලුවන් තරම් ඉක්මනට ගේන්න. ජය වේවා. ❤️
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට අට වෙනි එපියන් ඇවිල්ල තියෙනව පුලුවන් ඉක්මනට සබ්ටයිඩල් එක දෙන්න
Lochana Kawshal
Good
හශාන්
එලම
Nuwan Madusanka Kumara
Get well soon and thanks for the subtitle bro
Anonymous
lot of thanks.
Anonymous
Thank you for the subtitle
Sashen
Thank u bro.Supiri .ජයවේවා.
Buddhika Lakmal
get well soon brooo....
පරක්කුවෙලා හරි සබ ගෙනාවට තෑන්ක්ස්....Anonymous
ජයවේවා
Pamudu Shehan
Thankyou machan subtitle. Ewgema Get well Soon Brother !!!!!!!!! Jaya wewa....
Pamudu Shehan
Thankyou machan subtitle ekata
Ewgema Get well Soon Brother !!!!!!!!!
Jaya wewa....Anonymous
thanks brother
Amila Eranda
Thank you so much සහෝ...❤️
Get Well Soon...❤️Anonymous
Get well soon Wish you a Happy New Year
Anonymous
asneep welath sub eken tikk iwr kalne .. thanks machn...
Unknown
බලන්න ඕන. sub එකට Thank you.
indika 75
thanks..
Anonymous
thank you wena mahansiyata. ikmanta sanipa wewa
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Thanks Mchn
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Chamith madushan
Cupiri bn❤️
Dill
Great work....!
Advertisement
![Monarch : Legacy of Monsters [S01 : E07] Sinhala Subtitles | නොදැන හුන් කතාවක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Monarch_-Legacy-of-Monsters-TV-Series.jpg)



Thank you bro. Get well soon ❤️