Poacher [S01: E04] Sinhala Subtitles මොරිස් ෆින්ගේ පාපෝච්චාරණයෙන් මේ ජාවාරම මහා පරිමාණයෙන් විහිදුණු එකක් කියලා හෙළි වෙනවා. ඒ අතරෙදි මාලාට රාස්ගේ දකුණු අත පොයියා එලන්ජි වල ඉන්නවා කියලා රහසිගත තොරතුරක් ලැබෙනවා. ඒ අනුව මාලා, විජේ ද සමඟින් පොයියා එලන්ජිවල ඉන්නවද කියලා සෝදිසි කරන්න ගියත් පොයියා හිටියේ න…

මොරිස් ෆින්ගේ පාපෝච්චාරණයෙන් මේ ජාවාරම මහා පරිමාණයෙන් විහිදුණු එකක් කියලා හෙළි වෙනවා. ඒ අතරෙදි මාලාට රාස්ගේ දකුණු අත පොයියා එලන්ජි වල ඉන්නවා කියලා රහසිගත තොරතුරක් ලැබෙනවා. ඒ අනුව මාලා, විජේ ද සමඟින් පොයියා එලන්ජිවල ඉන්නවද කියලා සෝදිසි කරන්න ගියත් පොයියා හිටියේ නම් නැහැ. හැමදෙයක්ම ඉවර වුණා කියලා හිතපු වෙලාවේ රාස්ගෙ දුරකථනය නැවතත් ක්‍රියාත්මක වුණ ගෙදර හොයාගන්න ලැබෙනවා. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රාස්ව සොයා වැටලීම් දෙකක් කරනවා. ඒත් රාස් ඒ එක තැනකවත් නැහැ. ගෝවා-මහරාස්ත්‍රා සීමාවේ වත්තක ඉන්නවා කියලා තොරතුරක් ලැබෙනවා. රාස්ව අල්ලගන්න පොලිසිය වත්තට යද්දි රාස් සියදිවි නසාගෙන ඉන්නවා දකින්න ලැබෙනවා.
අලි ඇතුන් විශ්මයජනක ජීවීන් කොට්ඨාසයක්. අලි-මිනිස් ගැටුමෙන් දෙපාර්ශවයටම හානි සිදු වෙනවා. දේශපාලනය, ආර්ථිකය, සම්ප්‍රදාය සංස්කෘතීන් වැනි හේතුන් අලි ඇතුන්ගේ ජීවිතයට සෘජුවම බලපානවා. සමහර වෙලාවට නීති විරෝධී දේවල් අධිකාරීන් විසින් නොසළකා හරින අවස්ථා තියෙනවා. ඒවා නොතකා නියෝගයට පිටින් වැඩ කිරීමෙන් අවංක නිළධාරීන්ට නිරන්තරයෙන් තර්ජනයට ලක්වීමට සිදු වෙනවා. තමන්ගේ ජීවිතය පරදුවට තබා නිළධාරීන්, ස්වේච්ඡා සංවිධාන, පරිසර හිතකාමීන් අලි ඇතුන් වෙනුවෙන් සටන් කරමින් අවට වනාන්තරය මෙන් හෙලා දැමිය නොහැකියි කියා පෙනෙන අසාධාරණ කුමන්ත්‍රණ විසුරුවා හැරීමට ද කැප වී ඉන්නවා. ඒ වගේම අලි ඇතුන් ගැන ව්‍යාජ්‍ය අනුකම්පාවක් මවා පාමින් යුක්තිය ඉල්ලා සටන් කරනවා මෙන් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින් සහ අවධානය බලාපොරොත්තු වන්නන් නැතුවාම නොවෙයි. වර්ථමානයේ සමාජ මාධ්‍යයේ මේක ට්‍රෙන්ඩින් වෙන මාතෘකාවක්. සද්භාවයෙන් කටයුතු කරන්නා හැම වෙලාවකම තමන්ටම තාලම්පට ගහගන්නෙ නැහැ කියලත් මතක තියාගන්න.
Poacher [S01: E04] Sinhala Subtitlesරිචී මෙහෙතා අධ්‍යක්ෂණය කළ මේ කතා මාලාවේ නිමිෂා සජායන්, රොෂාන් මැතිව්, දිබ්‍යේන්දු බට්ටාචාරියා, අන්කිත් මාධව්, කනි කුස්‍රැති යන නළු නිළියන් රඟපානවා. මේක හුදෙක් මලයාලම් සීරීස් එකක් නෙවෙයි, ඒ අතරමැද්දට හින්දිත් තැනින් තැන එකතු වෙනවා. මේ සීරීස් එකේ පලමු කොටස් තුන Sundance Film Festival හිදී ප්‍රදර්ශනය කර තිබෙනවා.
Poacher [S01: E04] Sinhala Subtitlesනිමිෂාව පහුගිය කාලයේ නම් වැඩිපුර මලයාලම් නිර්මාණ වලින් දකින්න ලැබුණෙ නැහැ. Jigarthanda DoubleX (2023), Chithha (2023), Mission Chapter 1 (2024) දෙමළ චිත්‍රපටි වල ඇය විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා දකින්න ඇති. පෝචර් නිමිෂා සම්බන්ධ වන පලවෙනි සීරීස් එක. ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටයේ නිමිෂා, මලෛඅරසි කියන වනවාසී චරිතය රඟ දැක්වුවා. මලෛඅරසිගේ සැමියා වුණ අල්ලියස් සීසර් ඇත් දළ වෙළඳාම් කරනවා. ඒත් මලෛඅරසි ඇත් දළ විකිණීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඇත් දළ වෙළඳාම නිසා තමන්ගේ ජීවිතය විනාශයට ගෙන යනවා කියලා මලෛඅරසි තදින්ම විශ්වාස කළා. පෝචර් සීරීස් එකේ ෆස්ට් ලූක් පෝස්ටර් එක දකිද්දිම මට මතක් වුණේ මේ සම්බන්ධකම.
Poacher [S01: E04] Sinhala Subtitlesඉන්දීය වන සංරක්ෂණ සේවයේ නිළධාරීන් කණ්ඩායමක්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්, පොලිස් නිලධාරින් සහ යහපත් ප්‍රදේශ වාසීන් තමන්ගේ ජීවිතය පරදුවට තබා ඉන්දීය ඉතිහාසයේ විශාලතම ඇත් දළ දඩයක්කරුවන් අල්ලා ගැනිමට සහ ඔවුන්ව දූෂිත පද්ධතියක් තුල නීතිය ඉදිරියට ගෙන ඒමට උත්සාහ කිරීමේ කතාවක් මෙහි ඇතුලත්.
Poacher [S01: E04] Sinhala Subtitlesකොටස් 8ක් සහිත මේ ඇමසන් වෙබ් සීරීස් එක පෙබරවාරි මාසයේ 23 වෙනිදා විකාශනය ඇරඹුවා. මේ වෙද්දි මේ සීරීස් එකට ලැබිලා තියෙන Imdb රේටින් අගය 7.7/10ක්. ඉතා යහපත් ප්‍රතිචාර මීට ලැබිලා තියෙනවා. NDTV 4/5ක්, ඉන්දියන් එක්ස්ප්‍රස් 3/5ක් ලෙසින් තමන්ගේ රේටින් අගය දක්වලා තියෙනවා. වනාන්තරයට, වනජීවීන්ට ආදරය කරන හැමෝම අනිවාර්යයෙන්ම මේ සීරීස් එකට කැමති වේවි. ඒ වගේම අද්විතීය VFX නිර්මාණ සහ සිත් වසඟ කරන සිනමාකරණයක් අත්විඳින්න පුළුවන්. විශේෂයෙන්ම “Amazon Prime“ එකේ වෙබ් සීරීස් එකක් කියලා කියද්දිම වැදගත්කමක් තියෙනවා කියලා තේරෙනවා ඇතිනේ.
ඉතින් අපේ හේෂන් සහෝදරයා පලවෙනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඒ එක්කම බන්දුල කහඳාව අයියා, සුභාෂිණි අක්කා, සොහොන් අයියා… ඒ විතරක් නෙවෙයි අපේ මයුර සුරාජ් අයියා මේ කතා මාලාවට ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එනවා. ෆීනික්ස් නැති තැන සීරීස් කොයින්ද?
Poacher [S01: E04] Sinhala Subtitlesඑහෙනම් මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
Poacher [S01: E04] Sinhala Subtitlesබුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
1,794 downloadsDownload Poacher-2024-Ep-04-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Poacher [S01: E04] Sinhala SubtitlesSubtitles
3 comments
Buddhika Lakmal
rkkasun
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series






...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..