ඔන්න අද අවසාන කොටස. මම ඊයෙත් කිව්වා වගේ අද කොටස ඊයේ කොටස හා ඈඳිලා තියෙනවා. මේ වෙද්දි කැප්ටන් ජැක්සන්ගේ හා සූසන් ගේ රහස වගේම සාජන් ඩ්‍රේක් ගේ පසුගිය ජිවිතය ගැනත් අපි දන්නවා. දැන් තව ඉතුරු වෙලා තියෙන්නේ රීඩ් ගේ අතුරුදහන් වෙච්ච කුඩා දියණිය ගැන අභිරහසයි. බලමුකෝ ඒක අද එළිවෙයිද කියලා. කලින් කතාව අවසාන වෙ…

ඔන්න අද අවසාන කොටස. මම ඊයෙත් කිව්වා වගේ අද කොටස ඊයේ කොටස හා ඈඳිලා තියෙනවා. මේ වෙද්දි කැප්ටන් ජැක්සන්ගේ හා සූසන් ගේ රහස වගේම සාජන් ඩ්‍රේක් ගේ පසුගිය ජිවිතය ගැනත් අපි දන්නවා. දැන් තව ඉතුරු වෙලා තියෙන්නේ රීඩ් ගේ අතුරුදහන් වෙච්ච කුඩා දියණිය ගැන අභිරහසයි. බලමුකෝ ඒක අද එළිවෙයිද කියලා.
කලින් කතාව අවසාන වෙද්දි ජැක්සන් තමුන්ගේ පස්සෙන් පළිගන්න ආපු තරහකාරයව ද්වන්ද සටනකින් පරාජය කළත් සටනට කලින් ඔහු ගහපු ගැටේට ජැක්සන් දැන් අහුවෙලා අවසානයි. ඒ තමා ජැක්සන් කියන්නේ ජැක් නැමැති කීතුකරන්නා කියන අපරාධකාරයා බවට සැක කිරීමට සැලස්වීමෙන්. ප්‍රධාන පරීක්ෂක ඇබලයින් කියන්නේ ගොඩක් තමුන්ගේම මතයේම එල්ලීගෙන වැඩකරන කෙනෙක් නිසා ඔහුට ජැක්සන් ගේ නිරවද්‍යතාවය ඔප්පු කරන්න රීඩ් සෑහෙන කට්ටක් කන්න වෙනවා. ඊටත් වඩා සහෝදර සෙබලෙක් වූ කොස්තාපල් හොබ්ස් ගේ ඝාතනය මුල්වූ හා ඊට පසු සිදුවූ සිදුවීම් නිසා රීඩ් ඇරෙන්න අනික් සියළුම පොලිස් නිලධාරීන් ඉන්නේ ජැක්සන් එක්ක අවුලෙන්. රීඩ්ට හැකිවෙයිද ජැක්සන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කරන්න? තමුන්ගේ දියණියගේ අභිරහස විසඳෙයිද? අද කොටස බාගෙනම බලන්නකෝ.
මේ කතා මාලාවේ දෙවැන්නත් හදන බව ආරංචියි. එතකොට ඒකත් සබ් එක්ක ගේන්න බලමුකෝ. ඒත් ඊට කලින් Revolution කතා මාලාවේ පළමු අදියරේ දෙවන කොටස මේ මාසේ අග විතර ඉඳන් ආපහු පටන් ගන්න නියමිතයි. එහෙනම් ඒ කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. කමෙන්ට් එකක් දාලමු යමු හොඳේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
1,249 downloadsDownload Ripper.Street.S1E8.Baiscopelk.zip141 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
33 comments
හසන්ත වික්‍රමරත්න
Amila
godak pin macho..godak asawen baluwa kathawak.dukai adin iwara wena eka.2weni eka awoth ekat denna.supiri wadak oba thumage.api wenuwen karapu.
Kolla
tnx bro
pubudu
Thanksses
hh
Elazzzzzz machan
chami
Elakiri machan
සමීර කරුණාරත්න
සුපිරි කතා මාලවක් සහෝ මේ ඉවර වුනේ කමක් නැහැ තව පට්ට කතාවක දෙවෙනි අදියරක් එනව නේ.... අපි පැය 8කින් මේක බල්ල ඉවර කර ගත්තට ඔයාට මේ උපසිරැසට ඊටවඩා කලයක් වැය වෙනවට සිකුරුයි... ඉතින් අපි වෙනුවෙන් මේ කල දේට බොහෝම ස්තුතියි සහෝ.....!
shashik
මේ කලදේට ඔබට බොහොම පින් ,,,
danuka
Thanks ayya
“චූටී මල්ලි”
මේකත් ඉවරයි එහෙනම්
ඔව් ඔව් රෙවොලුෂන් නම් අනිවා ඔනිඒවගෙම තව දෙයක්
මේ කතා මාලාව පුරාවටම
ඔයාගෙ මහන්සිය වෙනුවෙන් ලැබුනු අගය කිරිමනම් මදි වගෙ
අපේ යාළුවො මිට වඩා සැලකිල්ලක් දැක්කුවොත් නේද හොද?mudiya / මුදියා
හුරේ නියමයි රොයිලි අයියා.කොහොමහරි දුන්න නේද වෙඩි වගේ.රෙවලූෂන් එනව කියල තිබුන එකත් හොඳම ආරන්චියක් තමයි.බලාගෙන ඉන්නව හොඳේ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
ccnp
Thanks
ශාන් විමුක්ති [වීමා]
නියමයි රොයිලි අයියා :)
මෙකත් ඉවරයක් කලා එහනම් ...! මල් හතයි ;)
අනිවා "Revolutionර්" ඔනමයි
නොදුන්නොත් ආයෙ ගෙදරට හොයන් එනව ඔං නොකිවුවයි කියන්න නම් එපා.... :P :P :P :Ptharanga
පට්ටම කතාව එහෙනම් ඉවරයි නේ බොහොම පින් සහෝ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල... මැක්සා... සතියකින් විතර මුළු ගේමම ගහල දැම්මා නේද.... එලම තමයි.... රෙවෝලුෂන් එනකම් බලා හිදිමි....
uda
මරු මරු රොයිලියෝ...
මම හිතුවේ මේක මෙතනින් ඉවරෙටම ඉවර ඇති කියලනේ...
දැන් බලපුහාම රට පැටලෙන වැඩ ටිකක් තියෙන්නේ කරේ, නේද?
එහෙන් එකයි, මෙහෙන් එකයි. ඈ...හ්?කොහොමත් උඹ ඉතින් පරක්කු කරන මිනිහෙක් නෙවේනේ...
දෙන එක දෙනවා වෙඩි වගේ... හැබැයි දිගෙන යනවා මේ වේගෙ වැඩි ද ? එහෙමත් නැතිනම් මේක වැඩිය කට්ටියට අල්ලලා ගියේ නැතුවා ද? කියන එක ටිකක් ප්‍රශ්නයක් වගේ.
කමක් නෑ. දෙවෙනි එකත් ආහම කැමතිනම් දීහං.
දෙන්ඩ හිතේයෑ මෙහෙම තියෙද්දි. දේවි කියලා හිතනවා ඒත්! ජය!was
පට්ට එහෙනම් ඒකත් ඉවරෝ.. තව හොද ෆිල්ම්ස් ටිකක් සබ් දාලා දෙන්න අයියේ
d2dinu
බයිස්කෝප් රජුගේ තවත් වික්ක්‍රමයක් මේ විදිහට අවසන් වෙනවා.මේ මොහොතේ බෙහෙවින් ස්තුති වන්ත වෙනවා අප වෙනුවෙන් වැය කළ ඔබේ වටිනා කාලය පිළිබදව.ඒමෙන්ම ඔබේ සබ් ලබාදීමේ වේගයටත් මම සුබපතනවා.රෝයිලි ජයවේවා!
ravi70
sadaaaaa jaya
රාම් රාජ්
රෙවලූෂන් දෙවන අධියරේ පලමු කොටස නේද.ස්තූතියි.එහෙනම් ඔන්න ඒකට නැවත සෙටි වෙනවා.
fer
aiyo iwarada? man me ilaga 1th enakan balan hitiya madai
isuraj
ela katahwa mama ekak nara baluwa oyath godak thanks iye thawa sub denna :D tikak duki kathawa iwara hinda :(
Uraj Deemantha
එලකිරි :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍චතුර
ගොඩක් ස්තූතියි. මෙන්න බාන්න දැම්මා.
Tahrindu
ගොඩක් ස්තුතියි සබ් එකට
අපි වෙනුවෙන් මහන්සි වෙලා කරන
මේ කාර්යය ඔන්න අයිත් Many Thanks කිවුවා
මම 8 ම ගත්ත වෙන වෙනම commets නම් දැම්මේ නැහැ
තරහ වෙන්න එපා
ජයවේවා !!!!!!uditha
ela wedak very nice..........
Rashmika
onna mekt iwri..season 1 ikmnt dunnt thanks lot saho..
Hesh
plz season 2 denna meke,, jaya wewa !!!!!!!!!
kesara
thank you saho sub 1ta.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තූතියි :)
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


රොයිලි අයියා කතා දෙනවා නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ.එල එල් අ එහෙනම් එකත් ඉවරයි. මේ මාසේ අග ඉඳන් නම් වැඩ තියෙයි හොඳට රෙවොලුෂන් පටන් ගත්තම. එහෙනම් ගොඩක්ම ස්තුතියි මේ වගේ කතා පෙළක් ඉතා ඉක්මනට අපිට ලබා දුන්නට :D