Watch Trailer

Strike Back : Retribution (2017) [S06 : E01] with Sinhala Subtitles | නව අංශයක්, නව ආරම්භයක්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

කාගෙන් හරි ඇහුවොතින් Strike Back බලලා තියද කියලා. සැහෙන්න දෙනෙක් ඔව් කියයි. මොකද හුග දෙනෙක් මේක බලන්න ඇති. එකක් අපි උපසිරැසි ලබා දුන්නා. අනික මේක ලංකාවේ රූපවාහිනී නාලිකාවත බාගෙට විකාශය වුණා. ඉතින් මුල් කතාසමයන් පහම අරං ආවේත් මමමයි. සමීර චතුරංග සහෝගේ උදව් ඇතිව. ඒත් ඉතින් පස්වන කතාසමය අවසාන වෙද්දීම C…

කාගෙන් හරි ඇහුවොතින් Strike Back බලලා තියද කියලා. සැහෙන්න දෙනෙක් ඔව් කියයි. මොකද හුග දෙනෙක් මේක බලන්න ඇති. එකක් අපි උපසිරැසි ලබා දුන්නා. අනික මේක ලංකාවේ රූපවාහිනී නාලිකාවත බාගෙට විකාශය වුණා. ඉතින් මුල් කතාසමයන් පහම අරං ආවේත් මමමයි. සමීර චතුරංග සහෝගේ උදව් ඇතිව. ඒත් ඉතින් පස්වන කතාසමය අවසාන වෙද්දීම Cinemax නාලිකාවෙන් කිව්වා Strike Back Legacy ඒකෙන් මේ කතාමාලාව අහවර කරනවා කියලා. එයාලා කිව්වත් වගේම එහෙම කලා. ඒකට මං දන්න හේතු දෙකක් තිබුණා. එකක් Cinemax නාලිකාව මේ කතාමාලාව වෙනුවෙන් දරන්න සිද්දවුනු අධික පිරිවැය අධික වීම වගේම කලින් කතාමාලාවේ ඩේමියන් ස්කොට් වෙනුවෙන් රංගනයෙන් දායක වුනු Sullivan Stapleton වගේම මයිකල් ස්ටෝන්බ්‍රිජ්ට රංගනයෙන් දායක වූ Philip Winchester කියන මේ දෙන්නට අවුරුදු ගණනනාවක් එකම කතාමාලාව වෙනුවෙන් රංගනයෙන් දායක වී ඇති වූ එපා වීම නිසාවෙන්. ඉතින් මේ දෙන්නා මේකෙන් අයින් වෙලා වෙනින් කතාමලාවන් වෙතට යොමු වුණා. සලිවන් Blindspot කතාමාලාව තුලිනුත්, පිලිප් The Player කතාමාලාව තුලිනුත් දායක වුණා. වැඩේ කියන්නේ මේ කතාමාලා දෙකම විකාශය වුණේ එකම නාලිකාවක. ඒත් ඉතින් පිලිප් රංගනයෙන් දායක වුනු The Player කතාමාලාව නම් පළමු කතා සමයෙන්ව අවලංගු වුණා.

ඉතින් Cinemax නැවැත්තුවා කිව්ව Strike Back එකේ අලුත් එකක් එනවයි කියලා මේ අවුරුද්ද මුලදී ප්‍රේක්ෂකයන් පුදුම කරමින් මේ අය ප්‍රකාශ කරලා පෝස්ටරයක් පවා නිකුත් කලා. මේ ගැන මංසල තුලින් දැනුවත් කලා. කලින් කතාමාලාව නම් වුණේ Strike Back Legacy කියන නාමයෙන්. මෙදාපාර මේක නම් කරලා තියෙන්නේ Strike Back: Retribution කියලා. ඇත්තටම මේක හයවන කතාසමය වුනාට මුල් කතාමාලාව රීබූට් කිරීමක් කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ පරණ නළුවෝ කිසිම කෙනෙක් නැහැ. පරණ ස්ටෝරි ලයින් සම්බන්ධයක් නැහැ. ( දැනට නම් පළමු කොටසේ කලින් කතාමාලාවේ එක් අංශයක් ගැන සදහන් කලා.😜) ඉතින් මෙහෙම රීබූට් වෙන කතාමාලා විතරක් චිත්‍රපට පවා හරිම ලේසියෙන් ෆේල් වෙනවා. මොකද ප්‍රේක්ෂකයන් කැමති නැහැ එයාලා හදුනන පරණ අයව අයින් කරලා අලුත් නිර්මාණය වෙනවට. ඉතින් මේ ස්ට්‍රයික් බැක් අලුත් කතාමාලාවට වුනෙත් ඒ ටිකම තමයි. මිනිස්සු හිතුවේ මේක හරි නැති වේවි කියලා. ඒත් පළමු කොටස විකාශය වීමත් එක්ක ප්‍රේක්ෂක පැසසුම තිබුනට වඩා පොඩි වර්ධනය වීමක් වෙලා තියෙනවා. පරණ අය නැති වුනත් තවත් ලස්සන අලුත් හය දෙනෙක්ගේ කණ්ඩායමකින් නැවතත් වතාවක් නිර්මාණය වෙලා තියෙනවා. ස්ටෝන්බ්‍රිජ්ගේ චරිතයට සමාන චරිතයක් වන මැකැලැස්ටර්ගේ චරිතයට Warren Brown දායක වෙලා තියෙනවා. එතකොට වායට්ගේ චරිතයට The Shannara Chronicles හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව Daniel MacPherson විසින් වායට්ගේ චරිතයට දායක වෙලා තියෙනවා. පිලිප් ලොක් කියලා චරිතයක් මතක ඇති සෙක්ෂන් 20 පවත්වාගෙන ගියපු. මෙදාපාර නම් අපිට මේ වෙනුවෙන් ගැහැණු කෙනෙක්ව තමයි දැකගන්න වෙන්නේ ඩොනවන් කියලා. එතකොට තව ජූලියා රිච්මන්ඩ් කියලා කෙනෙක්ව එහෙමත් මතක ඇති. කොහොම අමතක වෙන්නද නේද?! එයාගේ චරිතයට සමාන චරිතයක් Roxanne McKee විසින් මේ කතාවේ රෙනෝල්ඩ් කියන චරිතයෙක් දායක වෙනවා. ආයේ එතකොට අනික් කතාමාලාවේ හිටිය කිම් මානස්ගේ චරිතයට සමාන චරිතයක් වන නොවින්ගේ චරිතයට Alin Sumarwata විසින් රංගනයෙන් දායක වීමක් වෙලා තියෙනවා. මේ විකාශය වුනු මුල් කොටසට මේ වෙද්දී 6.2/10 වගේ අගයක් ලැබිලත් තියෙනවා.

එහෙනම් ඉතින් අලුත් මුහුණුවර කොහොමද කියලා බලලම තීරණය කරන්නකෝ. මං ගීහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

ප:ලි: කතාමාලාවේ පිටපත් නිකුත් වෙන්නේ බදාදාට. නමුත් මේකට ඉස්සර වගේ ඉංග්‍රීසි උපසිරැසි සපයපු එකම වෙබ් අඩවිය නම් දැන් ක්‍රියාත්මක වන තත්වයේ නැහැ. කොටින්ම addic7ed අඩවිය පවා මේකට ඉංග්‍රීසි උපසිරැසි සපයන්න කියපු ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරලා තිබුනේ. එහෙම වෙලා සිකුරාදා උදේ තමයි මේකට උපසිරැසියක් නිකුත් කරලා තිබුනේ. ඉතින් සුපර්නැචුරල් නිකුත් වෙන්නෙත් එදාටම නිසා මේක පොඩ්ඩක් පස්සට දාන්න වෙනවා මොකද දෙකම එදාටම ඉවර කරන්න කාලය මදිකම නිසා. අද නම් කරලා දැම්මේ ඉදලා ඉදලා පෝයක් වැටුණු හින්දා. ඉස්සරහට නම් මේ විදිහට උපසිරැසි අරං එන්න බැරි වෙයි මේකට. ඒ හන්දා ස්කොපියන් එකට ඇවිත් කෑ ගහලා යනවා වගේ මේකට නම් කෑ ගහලා යන්න එන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,875 downloadsDownload Strike-Back-S06E01.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

13,875 downloadsDownload Subtitles47 KB

67 comments

  1. lahiru sandaruwan

    thank you so much brother......

  2. Shehan prathapasinghe

    ela ela bro kohoma hari genin thanks!!!!!

  3. nisha

    Ashaven balapu tv series akak.thanks sub akata.ediriyatath puluvan vidiyata sub denna.jaya weva.

  4. sandun

    suppa wadak. thank saho. jaya wewa....

  5. Lushan

    Subata thanks bro.
    Mama balapu hodama T.V. Series ekak!!!
    Good Job...

  6. thisal

    thanks

  7. Lakshitha

    අම්මො දෙනකං හිටියේ.............season එක ඉවර වෙනකං sub ඔනේ............තව ටිකක් කලින් දෙන්න පුලුවන් නම් පට්ට.........

    1. Chämàrá Sâmpáth

      මේකෙ වීඩියො පිටපත් බදාදා නිකුත් වුනාට ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වුනෙ සිකුරාදා. සුපර්නැචුරල් නිකුත් වෙන්නෙත් සිකුරාද. ඒක මුලින් දෙන්න එපැයි.

  8. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  9. Udara Damith B/K

    ok

  10. Bobby

    Nice Work Chamra

  11. Kasun Widusha

    tnx mchoo

  12. Anonymous

    Thanks Bro

  13. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...ජය වේවා!!!

  14. Dhananjaya Chamath

    බොහෝම ස්තුතියි

  15. Ravindu Rukshan

    Tjx

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. chameera

    thnks mchn..
    meka download karnna site 1k denvada..

  18. maduranga

    ratings nam madi wagee . balamu parana eewata gahanna paluwan weewida kiyala

  19. kasun

    S.W.A.T, Seal Team Tv Series දෙකටත් sub දෙන්නකෝ..ජය වේවා...

  20. ඉෂාන් මදුෂ

    පට්ට.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  22. Viraj Harsha

    elama macho thanks...man aasama karana pattama tv series ekk thamai strike back..elama wede digatama kargena yamu..jayawewa..!!!

  23. AWNCK

    Thanks Bro.........

  24. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

    සුපර්නැචුරල් පස්සේ දියන් බන්.
    මේක දීලා ඉඳහන්..

  25. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  26. sanjeewa

    කවුරුහරි පින්වතෙක් මේක ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් ලබාදෙන්න පීස්

  27. Mahesh

    Sub ekata thanx

  28. ravi

    AMMO...................................
    thnkz

  29. Buddi

    Thanks.............

  30. harsha

    කලින් කතාමාලා 5ම බලපු නිසා මේකත් බලන්නම වෙනවා. එහනම් සබ අරගත්තා ස්තූතීයි ජයවේවා

  31. Rajitha

    ela bro ela.......jayawewa......!

  32. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සාමරයෝ...
    කලින් සීසන් 5ම ඉතින් බැලුවා නොවෑ.. ඒ නිසා මේකත්
    බලන්ටම වෙනවා.. ඒත් බලමු සුපුරුදු ඩබල නැතුව මේ පාර
    කතාව කොහොමවෙයිද කියලා..

  33. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

    1. namal

      red jhon tnx kiyala......

  34. kavinga

    elama

  35. dasun manuranga

    meke link eka hoyala denawada

  36. rock

    thanx machan

  37. Ravin

    Thanks for the sub

  38. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  39. namal

    ela bro ela.... digatama karagena yamuuuuu

  40. Pramod Tharaka

    Ela bro...

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Sajith Anthony

    උපැසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  43. Raveen Fernando

    download link eka dennako

  44. rasika

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…

  45. mahinda silva

    thanks bro...

  46. Lakshan

    Thanks Bro.

  47. Oshan M.

    Thanks machan!

  48. Lahiru W

    Thank you very much for Sinhala subtitle.

  49. ‌lahiru

    Thankss bro

  50. Lt.Snk

    හයවෙනි සීසන් එක ඔන්න අද ඉදල බලන්න පුලුවන්. උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝදරයා. බලලම රේටින් දාන්නම්.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.