Watch Trailer

Supernatural [S14 : E13] Sinhala Subtitles | තවත් එක් වරක් මුණගැහෙන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඩීන්ගේ සැලසුම මොකක්ද කියලා දැනගත්තට පස්සේ සෑම් එයාට උදව් කරන්න පොරොන්දු වුනානේ. ඉතින් එයා සැලසුම් කරපු විදිහට මේ අය පැසිෆික් වලට යන ගමන් හිටයෙ. මේ අතරතුර තමයි සෑම් කේස් එකක් හොයාගන්නේ මේ දෙන්නට විසදගන්න. වැඩේ කියන්නේ මේක සෙට් වුනේ මේ අය ගමන් කරපු පාර අතරමයි. ඩීන්ගේ නම් ඒ හැටි හිතේ මන…

පසුගිය කොටසින්

ඩීන්ගේ සැලසුම මොකක්ද කියලා දැනගත්තට පස්සේ සෑම් එයාට උදව් කරන්න පොරොන්දු වුනානේ. ඉතින් එයා සැලසුම් කරපු විදිහට මේ අය පැසිෆික් වලට යන ගමන් හිටයෙ. මේ අතරතුර තමයි සෑම් කේස් එකක් හොයාගන්නේ මේ දෙන්නට විසදගන්න. වැඩේ කියන්නේ මේක සෙට් වුනේ මේ අය ගමන් කරපු පාර අතරමයි. ඩීන්ගේ නම් ඒ හැටි හිතේ මනාපයක් තිබුනේ නැහැ මැරෙන්න යන අස්සෙ කේස් විසදන්න යන්න. හැබැයි මේ දෙන්නා කොහොමහරි මේක විසදන්න ගියා. කැස්ටියෙල්ගේ වැඩ නිසා ලෙඩ ඇදට වැටිලා ඉන්න ඩොනටෙලෝ ඉනෝකියන් කොදුරන දේවල් ඩොනටෙලෝගෙන් පස්සේ දිවැසිවරයා වෙන්න හිටිය ටෝනිට කොහොමහරි ඩොනටෙලෝ කියපු දේවල් ඇහෙන්න පටන් අරන් මිනිස්සුන්ව බිලි දෙන්න පටන් අරන් තිබුනේ. ඒ කොටසට අනුව දෙවැනියට බිලි වුනේ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්ගේ එක්කෙනෙක්. ඉතින් මේ නිසාම සෑම් ඩීන් දෙන්නා මේ වැඩේට අතගහපු වෙලාවේ ඉදන් හුගාක් දුරට හැගීම්බර විදිහට තමයි සිදුවීම් පෙළ පෙන්නුම් කලේ. කොහොමහරි ටෝනිව හොයාගෙන යද්දී ඒ වෙලාවේ ගිනි තියලා මරන්න හදපු කෙනාත් සෑම්, ඩීන් දෙන්නා එකතු වෙලා  බේරගත්තත් මේ අයට ටෝනිව බේරගන්න බැරි වෙනවා. මොකද තමන් තවත් කෙනෙක්ගේ වචන ටිකක් ඇහිච්ච පමණින් මිනිස්සු මරපු නිසා එයාටම එපා වෙඩි තියාගෙන මැරුණා. මේ දේවල් වෙන්න හේතුව ඩොනටෙලෝ ජීවීතයත් මරණයත් අතර ජීවීතයක් ගත කරන බව තේරුම් ගත්ත සෑම්, ඩීන් දෙන්නා කෑස්ගෙත් උදව්ව ඇතුව ඩොනටෙලෝ නැවතිලා හිටිය රෝහලේදී එයාව සනීප කරලා මෙච්චර කාලයක් පුරාවටම සිහියක් නැතුව හිටිය ඩොනටෙලෝව ආයෙමත් වතාවක් ජීවීතේට ගෙන්නුවා.

ඩීන් මයිකල් එක්ක පන පිටින් ගිලෙන්න ගිය එකට සෑම් හුගාක් දුකෙන් හිටියෙ. ඔයාලම දකින්න ඇතිනේ දුක කොච්චරද කියනවනම් එයා ඩීන්ටත් හයියෙන් වතාවක් ගහනවා. කොහොම කොහොමින් හරි ඩීන්ගේ හිත අන්තිමේදී වෙනස් විදිහට අනංමනං කියලා සෑම් එයාගේ හිත වෙනස් කරලා ඩීන් ඒ වෙලාවේ පෙට්ටියක් ඇතුලේ ගිලෙන්න ගිය අදහස අතහැරලා දාලා සෑම් වගේම කෑස් එක්ක ආපහු වතාවක් බංකරයට එනවා. මේ වෙද්දී ඩොනාගේ වෙඩි කාපු නික් පොලිස් හිර බාරයේ ඉස්පිරිතාලෙ ඉදලා එතන හිටිය නිලධාරියටත් පහර දීලා එතනින් පැනලා එනවා එයාගේ කලින් ගෙදරට. හැබැයි එයා එන්නේ වෙන කවුරුවත් හොයන් නෙවෙයි ලූසිෆර්ව හොයාගෙන. මේ ගැන එතන හිටිය නික්ගේ මැරුණු බිරිදගේ අවතාරය පවා දැනන් හිටියා. ලූසිෆර් එහෙ හිටිය නැති නිසා එයා එහෙන් පිටවෙලා ආවා ලූසිෆර්ව හොයාගන්න අරමුණින්. මීට කොටස් කිහිපයකට කලින් අපිට දැකගන්න ලැබුණා ලූසිෆර්ට ආයෙම වතාවක් ජීවය ලැබුනා නික්ගේ යාච්ඤාවන් ඇහිලා. බලමු ඉස්සරහට මේ දෙන්නට දෙන්නා ආයේ මුණ ගැහෙවිද කියලා.

අද කොටස අරන් එන්න කලියෙන් දෙයක් කියන්න තියෙනවා. මොකද අද සුපර්නැචුරල් රසිකයින්ට විශේෂ දවසක් වෙන නිසා. හරියටම 2005 සැප්තැම්බර් 13’වැනිදා ප්‍රථම වතාවට ප්ලොට් කොටස, ඒ කිව්වේ මුල්ම කොටස විකාශය කරපු සුපර්නැචුරල් කතාමාලාවේ 2019 පෙබරවාරි 07’වැනිදා, ඒ කිව්වේ ඊයේ දවසෙ මේ කතාමාලාවේ 300’වැනි කොටස විකාශය කරනු ලැබුවා. එතකොට අපේ වෙබ්අඩවිය හරහා මුල්ම වතාවට මේකට MDG සහෝදරයා කතාසමයන් 10 ක් පුරාවටම උපසිරැසි අරගෙන එන්න තීරණය කරපු මුල්ම අඩිතාලම වැටෙන්නේ 2013 නොවැම්බර් 27 අරන් ආපු සුපර්නැචුරල් මුල්ම කොටසේ සිංහල උපසිරැසිය එක්කයි. ඉහින් අද අරන් එන 14 වැනි කතාසමයේ 13 වැනි කොටසින් තමයි කොටස් 300 සම්පුර්ණ වෙන්නෙ.

අද කොටස තුලින්

කතාව කියන්න දෙයක් නැහැ. මේ වෙද්දී දන්නවා ඇති අද කොටසට ජෝන් වින්චෙස්ටර් එනවා කියලා. හැබැයි ඉතින් හිතන්නෙවත් නැති හරි අපූරු විදිහටකට තමයි එන්නේ. ඉතින් මේ අවස්තාව ගත කරන්න ලැබෙන මේරි, සෑම් වගේම ඩීන්ට මේක හරිම අපූරු විදිහක සංවේදී අවස්ථාවක් වෙනවා. කියන්නේ මොකටද බලලම ඉන්නකෝ.

මං ගිහින් එන්නම් එහෙනම්. ජය!!

——
අද කතාවේ නම “Lebanon”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: – Andrew Dabb & Meredith Glynn
විකාශනය වුනේ: 2019 පෙබරවාරි 07
මීලග කොටසින්: “Ouroboros” | 2019 මාර්තු 07

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,230 downloadsDownload Supernatural-S14E13.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,230 downloadsDownload Subtitles46 KB

37 comments

  1. nkrtharinda95

    පිස්සුද මනුස්සයෝ තාම එපිය download කළෙත් නෑ හිටං Lol. විහිලුවට හොඳේ... ගොඩක් ස්තුතියි මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට, ජය වේවා මිත්‍රයා

  2. DimuthuMadhumal

    Thq mcn

  3. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  4. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් එක දීලා...
    බබයිස්කෝප් එකේ තියන දිගම කතා මාලාව...
    මෙච්චර කාලයක් එක දිගට කරගෙන ආපු එක සුපිරි වැඩක්...

  6. suranuwan

    ela thanks bro....

  7. Kanchana

    Thanx sahooooo mamath eda idala thama balanava

  8. YasasPerera

    ikmanin sub eka dunnata thanks bro.. good luck

  9. Kulanjana Maduranga

    subata thanks saho....

  10. Lucky9bro

    Mechchara ikmanata Sub eka dunnata Thankzzzz Wewa....
    Good Luck !
    Jaya Wewa!!!
    $

  11. Eranda Malith 2.0

    Sub ekata thanks mcn

  12. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ සුපිරි වැඩක්

  13. PASINDU1952

    Thanx for the sub bro/>

  14. NuwandiSM

    ආයෙමත් මාසයක් බලන් ඉන්න වෙනව ඒ කියන්නෙ...ජය වේවා සහෝ..ස්තූතියි

  15. Rumesh Asanka

    thank you

  16. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.......!

  17. Supunkb

    හම්මේ එලම ජය වේවෝ....

  18. Niroshani maduka

    Ammo epi 300kma download karala baluwa kiyanne???.sub ekata thank you dr...

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  20. Hashithmetalore

    Thankuyou castiel

  21. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  22. Ayesh Prashan

    Thank You

  23. Kingdomd

    Thanks bro

  24. dilanga sampath

    ස්තුතියි

  25. Bhathiya gamage

    thanks

  26. D.Chamara

    bohoma sthuthi sahooo

  27. luon95

    Thank you!!

  28. Nimanthayash

    බොහොම ස්තූතිය සහෝ උපසිරසියට

  29. lpwicrama

    thankyou

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Pramukmili

    thanxx bro...........

  32. simone0504

    ep 14 weni eaka ewila kawadda sinhala sub danne eakee

  33. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  34. Amila Mudalige

    Sub ekta Thanks

  35. Sajithlakshan

    thanks .................

  36. Sandarunimsara

    Sub ekata tnx bro

  37. Anonymous

    ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️