Watch Trailer

Mission Mangal (2019) Sinhala Subtitles | ලොවක් මවිත කල MOM මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

අවවාදයි! අතිශයින් සත්‍ය කතාවක් මත නිපදවන ලද නිර්මාණයකි. ඇබ්බැහි වෙන සුළුයි. අභ්‍යවකාශය! නිමක් තොරක් නොමැති තවම කිසිවෙකුට නිමක් ඉමක් සොයාගත නොහැකි අත්භූත දේවල් වලින්, විචිත්‍රත්වයන්ගෙන් ගොඩ ගැසුනු හරිම අපූරු ස්ථානයක්. කොතරම් දර්ශනීය ස්ථාන තව කෙතරම් එහි ඇද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇරෙන්න තව සෞරග්‍රහ මණ…

අවවාදයි! අතිශයින් සත්‍ය කතාවක් මත නිපදවන ලද නිර්මාණයකි. ඇබ්බැහි වෙන සුළුයි.

අභ්‍යවකාශය! නිමක් තොරක් නොමැති තවම කිසිවෙකුට නිමක් ඉමක් සොයාගත නොහැකි අත්භූත දේවල් වලින්, විචිත්‍රත්වයන්ගෙන් ගොඩ ගැසුනු හරිම අපූරු ස්ථානයක්. කොතරම් දර්ශනීය ස්ථාන තව කෙතරම් එහි ඇද්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇරෙන්න තව සෞරග්‍රහ මණ්ඩල කීයක් ඇද්ද? එත් අපේ ලෝකයට තවම අප ඉන්න සෞරග්‍රහ මණ්ඩලයේ පවා සියළු විස්තර තියා ග්‍රහලෝක අටෙහි විස්තරවත් අරගන්න බැරි වෙලා තියෙනවා. මුලින්ම අභ්‍යවකාශයට ගියපු නීල් ආම්ස්ට්‍රෝන්ගේ පටන් අද වෙනකොට බොහෝ පුදගලයන් අභ්‍යවකාශයේ සංචාරය කරලා තියෙනවා. ඒ අතර චන්ද්‍රයා, අගහරු, සිකුරු ආදී ග්‍රහලෝක පිලිබද විමර්ශනයන් ප්‍රදාන වෙනවා. ඉතින් මේ සෞරග්‍රහ මණ්ඩලයේ අපිට (පෘතිවිය) දෙපැත්තෙන් ඉන්න ග්‍රහලෝක දෙක මොකද්ද ඇහුවොත් ඔයාල මොකක්ද කියන්නේ? දන්නේ නැති වෙන්න නම් විදිහක් නෑ. ඔව්…! අගහරු සහ සිකුරු. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ ග්‍රහලෝක දෙකෙන් එකක් වෙන අගහරු පිළිබදව. ඒ අගහරු වෙත දියත් කරපු අභ්‍යවකාශ මෙහෙයුමක් අලලා නිර්මානය කරපු චිත්‍රපටය තමා මේ Mission Mangal චිත්‍රපටය.ඒ මෙහෙයුම සිද්ද කලේ වෙන කොහේවත් නෙමෙයි අපිට අල්ලපු රට වෙන අපේ අතීජාත මිත්‍ර ඉන්දියාවේ.

Mission Mangal චිත්‍රපටයේ මුල්ම පෝස්ටර් එක

මේ චිත්‍රපටය ගැන මුලින්ම මාධ්‍යට අදහසක් නිකුත් වෙන්නේ 2018 නොවැම්බර් මාසයෙ. ඒ අක්ෂේගේම Pad man චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරපු Jagan Shakti විසින්. නොවැම්බර් මාසයේම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුද ආරම්භ කල බව තමයි සදහන් වෙන්නේ. Cape of Good Films | Hope Productions | Fox Star Studios යන සමාගම් සහ Aruna Bhatia සහ Anil Naidu යන පුදගලයන් මෙම අති දැවන්ත අගහරු මෙහෙයුම් චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු සිදු කලා. ඒ වගේම Zee Music Companyයේ සගීතය සමග R. Balk | Jagan Shakti | Nidhi Singh Dharma | Saketh Kondiparthi යන අයගේ තිර රචනයෙන් හැඩ වුන මේ චිත්‍රපටයේ මුළු ගීත තුනක් අන්තර්ගත වෙනවා. IDMb දර්ශකයේ 6.6 ක ලොකු අගයක් සේම, කුණු තක්කාලි දර්ශකයේ 62%ක අගයකුත්, Google පරීශීලකයින්ගේ 93% ක අගයකුත් මෙම චිත්‍රපයට හිමි වෙනවා. පැය දෙකයි විනාඩි 12 දිවෙන Mission Mangal අයත් වෙන්නේ Drama | History යන Genre වලටයි.

Mission Mangal චිත්‍රපටයට හිමි වූ Rating දැක්වෙන පෝස්ටර් එකක්

අනිත් වැදගත් කාරණාව තමා මේ චිත්‍රපටයේ Cast List එක. මෙම චිත්‍රපටයේ රග දක්වන නළු නිළියන් ප්‍රකාශයට පත් කිරීම මගින් Mission Mangal චිත්‍රපටය බොක්ස් ඔෆිස් ලේබලය අලවා ගනියි කියලා පෙර සලකුණු පෙන්නුම් කලා. 2019 අගෝස්තු 15වන දින එනම් ඉන්දියාවේ නිදහස් දිනය දවසේ මේ දැවන්ත නිර්මාණය ලොව වටා තිරගත වීම ආරම්භ කලා.

Mission Mangal චිත්‍රපටයේ ප්‍රධාන නළු කැල

ඉතින් ඒ නළු නීළි කැල තමා මේ.

  • Akshay Kumar – රාකේෂ් ධවාන් විදිහට
  • Vidya Balan – ටාරා සින්ධේ විදිහට
  • Vikram Gokhale – ISROහි අධ්‍යක්ෂක විදිහට
  • Sonakshi Sinha – ඒකා ගාන්ධි විදිහට
  • Taapsee Pannu – ක්‍රිතිකා අග්‍රවාල් විදිහට
  • Nithya Menen – වර්ෂා පිල්ලයි විදිහට
  • Kirti Kulhari – නේහා සිද්ධික් විදිහට
  • Sharman Joshi – පරමේෂ්වර් ජෝෂි විදිහට මේ චිත්‍රපටයට එකතු වෙනවා. තවත් බොහෝ නළු නිළියන් කැලක් මෙහි අන්තර්ගත වෙනවා.

අක්ෂේ කුමාර් සහ රාකේෂ් ධවාන්

ඉන්දියානු රුපියල් කෝටි 32ක මුදලකින් නිර්මානය වුන මේ Mission Mangal චිත්‍රපටය දර්ශනවාර් 10510කදි ඉන්දියානු රුපියල් කෝටි 288කට අධික ආදායමක් ලබාගෙන නිතරගයෙන් බොක්ස් ඔෆිස් ලේබලය තමන් සතු කරගනිමින් තමාගේ ගමන අවසන් කරමින්. තිරගත වූ පළමු දවසේම ඉන්දියානු රුපියල් කෝටි 29.16 ක් තමා සතු කරගනිම් බොලිවුඩ් චිත්‍රපටයක් 2019 වසරේ පලමු දිනයේ ලබාගත් වැඩිම ආදයමක් ලබා ගත් චිත්‍රපට අතර දෙවැනි ස්ථානයට පත් වෙනවා. ඒ වගේම තිරගත වී දවස් දෙකක් යාමටත් මත්තෙන් චිත්‍රපටයේ වියදම ආවරනය කරගන්නද Mission Mangal සමත් වුනා. පලමු සතිය අවසන් වෙනකොට තම මල්ලේ ඉන්දීය රුපියල් කෝටි 128.16ක් පොදි ගසාගන්නටත් මෙය සාර්ථක වුනා. තවද දෙවන සතියේදි කෝටි 49.95 කුත්, තෙවන සතියේදි කෝටි 15.03 කුත්, හතරවන සතිය වනවිට කෝටි 02.85 තමන් සතු කරගන්නවා. ඒ අනුව සැප්තැම්බර් 20වන දින තිරගත කිරීම අවසානයේ ඉන්දීය කෝටි 237.42 ක දේශීය ආදායමකුත්, කෝටි 51.22ක විදේශිය ආදායමුත් ලබාගෙන සම්පූර්න වශයෙන් ඉන්දීය කෝටි 288.64ක් ලබාගෙන Misiion Mangal තම ගමන අවසන් කරනවා.

තවත් විශේෂ කරුණු කිහිපයක් පහතින් සදහන් කරන්නම්.

  • අක්ෂේ කුමාර් මෙතෙක් වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටය බවටත්, අක්ෂේගේ පලමු දින වැඩිම ආදායම ලබා ගත් චිත්‍රපටය ලෙසද Mission Mangal පත්වෙනවා. ඒ වගේම අක්ෂේගේ වැඩිම ආදායමක් ලබපු විදේශීය චිත්‍රපටය ලෙසටද මෙය පත් වෙනවා.
  • එලෙසම ඉන්දියානු චිත්‍රපටයක් 2019 වැඩිම ආදයමක් ලබපු චිත්‍රපට අතර පස්වන ස්ථානය Mission Mangal ලබා ගන්නවා. පලවන ස්ථානය Saaho චිත්‍රපටයත්, දෙවැනි ස්ථානය Kabir Singh, තුන්වන ස්ථානය Uri සහ හතරවන ස්ථානය Bharat හිමිකරගන්නවා.
  • Mission Mangal සමග තිරගත වීම ආරම්භ කරපු ජෝන් එබ්‍රාහ්ම්ගේ Batla House චිත්‍රපටයට මරු පහරක් එල්ල කරන්න මෙයට හැකියාව ලැබුනා. Batla House චිත්‍රපටයට ලබාගත හැකිවූයේ ඉන්දීය කෝටි 47ක වියදමකින් කෝටි 113ක් පමණි.
  • මෙතක් කාලයක් බොලිවුඩයේ තම ආධිපත්‍ය දරා සිටි ඛාන් ත්‍රිත්වයට තවත් ප්‍රබල අභියෝගයක් ලෙස අක්ෂේ ඉදිරියට ඒම තවත් මෙම චිත්‍රපටය සමග වැඩි දියුණු වුනා. කිමද යත් ඛාන් ත්‍රිත්වයට එතරම් පසුගිය අවුරුදු කිහිපය සාර්ථක වුනේ නෑ. නමුත් අක්ෂේ කුමාර් 2015 වසරේ රගපෑ Brothers චිත්‍රපටයෙන් පසු මේ දක්වා වසර හතරකට අධික කාලය තුල චිත්‍රපට 12ක් සදහා දායකත්වය සපයා තිබෙනවා. එම සියල්ලක්ම සාර්ථක ලෙස Flop නොවී තම ගමන සාර්ථකව අවසන් කර තිබෙනවා.
  • සාර්ථක චිත්‍රපට ප්‍රතිශතයක් ලෙස ගත් විට 51කට වැඩි අගයක් ලබාගැනීමට මේ වෙනකොට අක්ෂේට හැකියාව ලැබි තිබෙනවා.
  • අක්ෂේ මේ අවුරුද්ද තුල සත්‍ය කතා මත පදනම්ව නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකක රගපා තිබෙනවා. එනම් Kesari සහ Mission Mangal වේ.
  • ඉන්දියානු නිදහස් දිනය ආසන්නයේ හෝ එදින තිරගත කිරීම් ආරම්භ කරන ලද අක්ෂේ කුමාර්ගේ හත්වන චිත්‍රපටය ලෙස Mission Mangal සැලකෙනවා.
  • අක්ෂේ සමග විද්‍යා බාලන් වසර 11කට පසුවත්, සෝනාක්ෂි සින්හා වසර 5කට පසුවත්, පන්නු වසර 4කට පසුවත් මෙහි එකම චිත්‍රපටයේ රගපෑමට එකවෙන ලදි.
  • නිත්‍යා මෙනන් නමැති දමිළ නිළියගේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය වන්නෙද Mission Mangalය.
  • Mission Mangal චිත්‍රපටයේ ප්‍රථම පෝස්ටර් එක 2019 ජූලි 4ත්, ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය ජූලි 18වනදාත් එළි දක්වන ලදි.
  • This Independence Day…The Sky is Not the Limit යන ටැග් ලයින් එක තමා මෙ චිත්‍රපටයේ තේමාව වුනේ.

Mission Mangal චිත්‍රපටය ප්‍රවර්ධනයට සාදන ලද MOM (Mars Orbiter Mission ) යානය.

අපි එහෙනම් දැන් බලමු මේ Mission Mangal චිත්‍රපටයට පාදක වුන සත්‍ය කතාවේ තොරතුරු කිහිපයක්. එහෙමත් නැත්තම් ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය විසින් දියත් කරන ලද අගහරි කක්ෂීය මෙහෙයුමේ (MOM) කතාවේ විස්තරාත්මක තොරතුරු.

2008 නොවැම්බර් 23 වන දින අඟහරු වෙත මිනිසුන් රහිත යානයක් යවන බවට මුලින්ම සභාපති ජී. මාධවන් නයාර් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 2008 දී චන්ද්‍රයාන් -1 නමැති චන්ද්‍රිකාව චන්ද්‍රයාට දියත් කිරීමෙන් පසු 2010 දී ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ ආයතනය විසින් ශක්‍යතා අධ්‍යයනයකින් පසුව MOM (Mars Orbiter Mission )මෙහෙයුම් සංකල්පය ආරම්භ විය. අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං විසින් 2012 අගෝස්තු 3 වන දින මෙම ව්‍යාපෘතිය අනුමත කරන ලදී. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් කක්ෂය සඳහා අවශ්‍ය අධ්‍යයනවලින් ඩොලර් කෝටි 125 ක් සම්පූර්ණ වියදමත් මුළු ව්‍යාපෘති පිරිවැය ඩොලර් කෝටි 454ක් ලෙසද දක්වන ලදි. මෙම චන්ද්‍රිකාව සඳහා ඩොලර් කෝටි 153 ක් වැය වන අතර ඉතිරි මුදලට හේතු වී ඇත්තේ භූමි ස්ථාන සහ රිලේ වැඩිදියුණු කිරීම් අනෙකුත් (ISRO) ව්‍යාපෘති සඳහා යොදා ගැනීමටයි. මෙහෙයුමේ ප්‍රධාන ස්ථානය ලබා ගත්තේ රාකේෂ් ධවාන් නමැති විද්‍යා පරීක්ෂකයා විසිනි.

රාකේෂ් ධවාන්

පැසිෆික් සාගරයේ දුර්වල කාලගුණය හේතුවෙන් (ISRO) අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නැව් කලින් තීරණය කළ ස්ථාන ලබා ගැනීම ප්‍රමාද වීමත් සමඟ අභ්‍යවකාශ ඒජන්සිය MOM මෙහෙයුම 2013 ඔක්තෝබර් 28 වන දින දියත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් නොවැම්බර් 5 දක්වා කල් තබන ලදී.

සී 25 ලෙස නම් කරන ලද PSLV-XL දියත් කිරීමේ වාහනයේ එකලස් කිරීම 2013 අගෝස්තු 5 වන දින ආරම්භ විය. විද්‍යාත්මක උපකරණ පහ සවිකිරීම බෙංගලෝර් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ දී නිම කරන ලද අතර නිමි අභ්‍යවකාශ යානය PSLV-XL දියත් කිරීමේ වාහනය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා 2013 ඔක්තෝබර් 2 වන දින ශ්‍රීහාරිකොටා වෙත නැව්ගත කරන ලදී. චන්ද්‍රිකාවේ සංවර්ධනය වේගයෙන් මාස 15 කින් වාර්තාගත ලෙස නිම කරන ලදී. එක්සත් ජනපද ෆෙඩරල් රජය මෙය අනුමත නොකලද, නාසා ආයතනය 2013 ඔක්තෝබර් 5 වන දින යළිත් එම්‍ය තහවුරු කළේ එම මෙහෙයුමට සන්නිවේදනය සහ නාවික සහාය ලබා දෙන බවයි. 2014 සැප්තැම්බර් 30 වන දින පැවති රැස්වීමකදී නාසා සහ (ISRO) නිලධාරීන් අඟහරු ගවේෂණය කිරීම සඳහා අනාගත ඒකාබද්ධ මෙහෙයුම් සඳහා මාර්ගයක් ස්ථාපිත කිරීමේ ගිවිසුමක් අත්සන් කළහ. ක්‍රියාකාරී කණ්ඩායමේ එක් පරමාර්ථයක් වනුයේ MAVEN කක්ෂය සහ MOM අතර විභව සම්බන්ධීකරණ නිරීක්ෂණ සහ විද්‍යා විශ්ලේෂණයන් මෙන්ම අනෙකුත් වර්තමාන හා අනාගත අඟහරු මෙහෙයුම් ගවේෂණය කිරීමයි.

අඟහරු කක්ෂීය මෙහෙයුමේ (MOM) අභ්‍යවකාශ යානය (නිදර්ශනය)

අඟහරු කක්ෂය මෙහෙයුම (MOM), 2014 සැප්තැම්බර් 24 සිට අඟහරු වටා කක්ෂගත වන අභ්‍යවකාශ ගවේෂණයකි. එය Rakesh Dhawan ප්‍රමුඛ කණ්ඩායමේ අති සාර්ථක උත්සහය සහ දක්ෂතාව නිසා 2013 නොවැම්බර් 5 වන දින ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් දියත් කරන ලදී. එය ඉන්දියාවේ පළමු අන්තර් ග්‍රහලෝක මෙහෙයුම වන අතර Roscosmos, NASA සහ European Space Agency වලින් පසු අඟහරු වෙත ළඟා වන සිව්වන අභ්‍යවකාශ ඒජන්සිය (ISRO) බවට එය පත්විය. අඟහරුගේ කක්ෂයට ලඟා වූ පළමු ආසියානු රට සහ ඉන්දියාව, සිය මංගල උත්සාහයෙන්ම එය සිදු කල පළමු රට බවටද එය පත්විය.

2013 නොවැම්බර් 5 වන දින 09:08ට ධ්‍රැවීය චන්ද්‍රිකා දියත් කිරීමේ වාහනය රොකට් සී 25 භාවිතා කරමින් ආන්ද්‍රා ප්‍රදේශයේ සතීෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අගහරු වෙත දියත් කරන ලදි.

අඟහරු කක්ෂීය මෙහෙයුම (MOM) දියත් කිරීම

MOM පරීක්ෂණය පෘථිවි කක්ෂයේ මාසයක් පමණ ගත කළ අතර, එය 2013 නොවැම්බර් 30 වන දින අඟහරු කක්ෂය වෙත තල්ලු කිරීමට පෙර ක්ෂ්‍රෙත්‍ර උපමාරු හතක් සිදු කලේය.අඟහරු වෙත දින 298 ක සංක්‍රාන්තියකින් පසුව, එය 2014 සැප්තැම්බර් 24 වන දින අඟහරු කක්ෂයට ඇතුළත් කරන ලදී.

අඟහරු පසුබිමේ අඟහරු සමඟ අඟහරු කක්ෂීය මෙහෙයුමේ (MOM) අභ්‍යවකාශ යානය.

මෙම මෙහෙයුම අන්තර් ග්‍රහලෝක මෙහෙයුමක් නිර්මාණය කිරීම, සැලසුම් කිරීම, කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වූ “තාක්‍ෂණික නිරූපණ” ව්‍යාපෘතියකි. එය විද්‍යාත්මක උපකරණ පහක් රැගෙන යන ලදි. කර්නාටක ප්‍රාන්තයේ බයාලාලු හි පිහිටි Indian Deep Space Network (IDSN) ඇන්ටනාවේ සහාය ඇතිව බැන්ගලෝර්වල SRO Telemetry, Tracking and Command Network (ISTRAC) හි අභ්‍යවකාශ යානා පාලන මධ්‍යස්ථානයේ සිට මේ වන විට අභ්‍යවකාශ යානය අධීක්ෂණය කරනු ලැබේ.

කක්ෂීය ගමන් පථ සටහන (පරිමාණයට නොවේ)

මෙහෙයුමේ මුළු පිරිවැය ආසන්න වශයෙන් ඩොලර් කෝටි 450 කි. මෙහෙයුමේ මූලික පරමාර්ථය වන්නේ අන්තර් ග්‍රහලෝක මෙහෙයුමක් නිර්මානය කිරීම, සැලසුම් කිරීම, කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණයන් සංවර්ධනය කිරීමයි. ද්විතීයික පරමාර්ථය වන්නේ දේශීය විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් අඟහරුගේ මතුපිට ලක්ෂණ, රූප විද්‍යාව, ඛනිජ විද්‍යාව සහ අඟහරු වායුගෝලය ගවේෂණය කිරීමයි.

2014 සැප්තැම්බර් 25 වන දින Mangalyaan විසින් ගන්නා ලද අඟහරු පෘෂ්ඨයේ පළමු රූප වලින් එකක්

ප්‍රධාන අරමුණු වනුයේ පහත සඳහන් ප්‍රධාන කාර්යයන් ඇතුළත් අන්තර් ග්‍රහලෝක මෙහෙයුමක් නිර්මානය කිරීම, සැලසුම් කිරීම, කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණයන් සංවර්ධනය කිරීමයි:

  • පෘථිවි කේන්ද්‍රීය කක්ෂයේ සිට හීලියෝ කේන්ද්‍රීය ගමන් පථයට අභ්‍යවකාශ යානය මාරු කිරීමට සහ අවසානයේ අඟහරු කක්ෂයට අල්ලා ගැනීමට කක්ෂීය උපාමාරු
  • කක්ෂය සහ ආකල්ප (දිශානතිය) ගණනය කිරීම් සහ විශ්ලේෂණය සඳහා බල ආකෘති සහ ඇල්ගොරිතම සංවර්ධනය කිරීම
  • සියලුම අදියරවල සංචලනයන්
  • මෙහෙයුමේ සියලුම අදියරවල අභ්‍යවකාශ යානය නඩත්තු කිරීම්
  • බලය, සන්නිවේදනය, තාප හා ගෙවීම් මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම
  • අවිනිශ්චිත තත්වයන් හැසිරවීම සඳහා ස්වයං පාලන අංග ඇතුළත් කිරීම

විද්‍යාත්මක අරමුණු පහත සඳහන් ප්‍රධාන අංශ අනුව වැටහෙනවා.

  • රූප විද්‍යාව, භූ ලක්ෂණ සහ ඛනිජ විද්‍යාව හැදෑරීමෙන් අඟහරු මතුපිට ලක්ෂණ ගවේෂණය කිරීම.
  • දුරස්ථ සංවේදක උපක්‍රම භාවිතා කරමින් මීතේන් සහ CO2 ඇතුළු අඟහරු වායුගෝලයේ සංඝටක අධ්‍යයනය කිරීම.
  • අඟහරුගේ ඉහළ වායුගෝලයේ ගතිකතාවයන්, සූර්ය සුළඟ හා විකිරණවල බලපෑම සහ වාෂ්පශීලී ද්‍රව්‍ය අභ්‍යවකාශයට පැනීම අධ්‍යයනය කිරීම.
  • අඟහරු චන්ද්‍රයා වන ෆෝබොස් නිරීක්ෂණය කිරීම සඳහා මෙම මෙහෙයුමට විවිධ අවස්ථාවන් ලබා දෙන අතර අඟහරු හුවමාරු මාවතේ දක්නට ලැබෙන ග්‍රහකවල කක්ෂ හඳුනා ගැනීමට සහ නැවත තක්සේරු කිරීමට ද අවස්ථාවක් ලබා දීම.

අඟහරු කක්ෂීය මෙහෙයුමට සමගාමීව නිකුත් කරන ලද ඉන්දියානු රුපියල් 2000 මුදල් නෝට්ටුව

ඔන්න එහෙමයි එහෙනම් Mangalyaan මෙහෙයුමේ විස්තර. සත්‍ය සිදුවීම සහ චිත්‍රපටය ගැන යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මෙච්චර කියලත් මේ චිත්‍රපටය ගැන අදහසක් නැත්තම් ට්‍රේලර් එක බලලා ඉන්නකෝ. එතකොටවත් අදහස වෙනස් වෙයිද කියලා බලන්න. මෙ වගේ සත්‍ය සිදූවීමක් පාදක කරගෙන නිමවපු චිත්‍රපටයක් නොබැලුවොත් එය ඔබේ අවාසනාව.

අසල්වැසි ඉන්දියාව මේ වගේ සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම්, මීට කලින් කලපු පරමානු බෝම්බ අත් හදා බැලීම් (EX – Pokran) වගේ දේවල් එක්ක ඒ වගේම මේ ළගකදි චන්ද්‍රයාගේ අදුරු පැතිකඩට යානයක් ගොඩ බස්වන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ මෙහෙයුම අසාර්ථක වුනා. නමුත් ඔවුන් එහෙම හරි උත්සහ කලා. ඊට කලිම් අභ්‍යවකාශයේ මෙහෙයුම් ඉන්දියාව ඉතා හොදට ඔවුන් කලා. නාසා එකට බැරි වුන දේවල් පවා ඔවුන් කලා. ඒත් අපි. කොයිබටද මේ යන්නේ. අභ්‍යවකාශ යානයක් තියා ලංකාවටම කියලා මෝටර් රථ සමාගමක්වත් තියෙනවද? මෑතකදි යවපු රාවාණා නමැති චන්දිකාවත් යැව්වේ කොහේ ඉදලද? ලංකාවේ ඉදලද? නෑ නේ. අඩු තරමේ ලංකාවේ ඉදලා අභ්‍යවකාශයට යානයක් යවන්න කවදා නම් පුළුවන් වෙයිද? ඒවා ගැන තියෙන්නේ ඇත්තටම පුදුම දුකක්. ලෝකයේ උතුම්ම රට කියපු අපි දැන් අන්ත අසරණයි. මේවා ගැන කියන්න ගියොත් හුගක් කියන්න වෙනවා. ඉස්සරහටවත් වෙනස් වෙයි කියලා හිතමු. එහෙම වෙනස් කරන්න බලමු. ඇත්තටම අපේ මේ ජන්ම භූමිය කොහාටද මේ යන්නේ කියලා ප්‍රශ්නයක් අහන ගමන් මම වැඩේ නවත්තන්නම්.

තව දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටය මට කරන්න කියලා වෙන් කරපු සුධීර මාලන් අයියට ස්තූතිවන්ත වෙනවා. ෆිල්ම් එක ඇවිල්ලා හුග වෙලාවක් ගන්නේ නැතුව අනිත් සබ් ඔක්කම පැත්තකට දාලා මේක කරන්න පටන් ගත්තේ බයිස්කෝප් අපි කවදද හොදම දේ මුලින්ම ලබාදෙන නිසා. අභ්‍යවකාශ විද්‍යාත්මක වචන වැහි වැහලා තිබ්බ නිසා සබ් එක ගේන්න ටිකක් විතර පහුවුනා. නමුත් ඒකෙන් පාඩුවක් නම් වෙන්නෙ නෑ මොකද ඒ හැම නොදන්න වචනයකම අර්ථය මම හොදින් පෙන්වලා දීලා තියෙන නිසා. එහෙනම් ඉතින් තවත් මොකටද නේද පරක්කු කරන්නේ. ඉක්මනට ගිහිල්ලා ඒනම් සබ් එක ගන්න. ඔන්න කියවිල්ල ඉවරයි. මතක් කරලා කොමෙන්ට් එකක් එහෙම දාල ගියාට කිසිම අමනාපයක් නෑ. වැරදි හරි කමක් නෑ කියල යන්න ඉතින් නේද? එහෙමවත් කොමෙන්ට් වැටෙයිනේ. නිදි මරාගෙන පුටු රත්කරගෙන කරන මේ වැඩේට එහෙමවත් සැලකිල්ලක් දෙන්න. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු ඉක්මනින්. ජය වේවා…!!!

………..The Sky is Not the Limit………

ප.ලි. ඉහත සියළු සිනමා වාර්තා WAR හින්දි සිනමා පටය සහ Shyera Narasimha Reddy තෙලිගු සිනමා පටය නිකුත් වීමට පෙර ලබාගත් ඒවා වේ. එම නිසා. සදහන් කල චිත්‍රපට දෙකෙහි සිනමා වාර්තා හෙතුවෙන් ඉහත යම් යම් වාර්තා එහා මෙහා විය හැකි බව සලකන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD / Proper WEB පිටපත් සඳහා අදාළ වේ.

23,274 downloadsDownload Mission-Mangal-2019.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

23,274 downloadsDownload Subtitles66 KB

137 comments

  1. darshana100

    thanks saho buduaranai

    1. wranjanjayasekara1989

      Ela bro

  2. Isuru13579

    Mission mangal film eka ganna baida

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    මෙච්චර ඉක්මනට සබ් එක හම්බෙයි කියලා හිතුවේ නැ

    ජය වේවා...

  4. OsandaFdo

    ❤️❤️❤️

  5. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ...සෑහෙන විස්තරයක්...

  6. sanjeewa124

    Up load කලා ට ස්තුතියි.....

  7. Shabi & Pavi

    සුපිරි සහෝදරයා හිතුවා විතරයි සබ් එක දීලා...දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා. ගොඩක් ස්තූතියි.....

    1. Amila kasun warunika

      Good

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Harshi111

    thank you for the sub. jabariya jodi movie ekatath sub dennako.plzzzzzzzzzzz

  10. chathumago@

    අගේ ඇති විස්තරේ... සබ් එක හදනවට වඩා විස්තර ටිකට මහන්සි වෙලා වගේ... බොහොම ස්තූතියි..

  11. losaka

    godak hoda lipiyak Thank u bro

  12. Udaya Tharanga

    thank you

    1. Anura thu

      Super

  13. Nuwan_Hero

    thanks for sub
    Battla House 2019 filme ekatath sub demuko

  14. sampath n perera

    godak mahansiwela... thanks...

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....හින්දි සිනමාවත් දැන් සෑහෙන්න තැනකට එනවා. WAR එකත් බැලුවා දෙයියනේ කියලා. කතා කරලා වැඩක් නෑ ඒක ගැනනම්. බලපු නැති අයට කියන්නෙ ඒකනම් අනිවා බලන්න. ඒ වගේම අනිත් එක මේක. Sci-fi පැත්තෙන් සෑහෙන්න වෙනසක් කරන්න පුලුවන් උනා. දෙයියනේ කියලා අපිට ඉතිං අනුන්ගෙ දේවල් බලාගෙන හූල්ල හූල්ල ඉන්න තමා තියෙන්නේ...බුදුසරණයි....ජය වේවා!!!

  16. lakmal

    Thank you very much for sub :) what a movie ;)

  17. isuru srinath sjs

    බොහොම ස්තුතියි මලයා.. විස්තරයත් සුපිරියටම දීලා තියෙනවා.

  18. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ha lipiyataa ...

  19. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    කාලෙකට පස්සේ ලිපියයි ෆිලුමයි දෙකම සුපිරි පහරක් බැලුවේ,ගොඩක් වෙන්නේ ලිපියේ තියන සුපිරිය ෆිලුමේ නැතිඑකනේ
    ජය වේවා!!!

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  21. D.Chamara

    bohoma sthuthi sahoo

  22. prageeth

    thanks bro

  23. Sajtih

    suppa

  24. MC

    Thanks saho

  25. Kasun sapu

    Thanks saho

  26. Ayesh Prashan

    Thank You Information Tikath Supiriyatama Thiyeno

  27. Inoka86

    ස්තූතියි ඔබට

  28. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....නියමෙට විස්තර කරලා තියෙනවා....පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  29. dush135

    ela

    1. Piumi ann

      Thankx mechcharama lipiya liuwata

  30. subodha

    Thanks

  31. ඩොක් අයියා

    ඉස්සර මේකේ ලියලා තියෙන දේවල් කොපි පේස්ට් කරන්න පුළුවන්. මෑතක ඉඳලා ඒක නවත්වලා.

    කොහොම උනත් මෙවැනි වටිනා උපරැසියක් අපිට දීපු කවිශල් රසින්ත මල්ලීට ගොඩක් ස්තුතියි

  32. asankabalage

    Thanks machan sub ekata.godak mahansi wela thiyenawa.thanks machan.digatama sub karamu.

  33. arawindasunimal

    kavishal rasintha thanks sub ekata jayawewa.................

  34. iduminda

    Thanks!

  35. chathura97

    Download Link Ekak Danna Please.........

  36. palithadesilva

    thankyou...

  37. Hemal

    Thank you

  38. අමිල

    බොහොම ස්තුති සහෝදරය,සියලු කටයුතු සාර්ථක වේවා,ජයවේවා

    1. kosala

      Elama brooo

  39. Kapila4499

    thanks for sub

  40. hatharasingha

    බොහොම ස්තූතීයි

  41. hatharasingha

    උපසිරැසියට ස්තූතීයි

  42. chanuka_ayesh

    thanx for the sub... good luck..

  43. d m d madhushan

    2FE7E8CBD505E1C747F8D83C2843F0EE2AFDD3CC
    torrent URL eka onna lesine ethakota.....

    1. pradeepsaparamadu

      mision mangal eke sub eke zip file eka weda karannene. eka hadala danna.

  44. Prabhasoft

    thank you...!!! Gd lk....

  45. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතී සහෝ ජයෙන් ජය...

  46. thilz

    lipiya nam godak watinawa.thanks 4 the sub

  47. Shamal manojan

    තෑන්ක්ස් සබ් එකට!

    Request:

    Yamla Pagla Deewana: phir se - 2018

  48. jagath55

    Thanks

  49. Nirosh C

    ස්තුතියි කවිශල් සහෝ.ජයවේවා!

  50. Ranga lakshan

    සබට තෑන්ක්ස්. ලිපියනම් කියෙව්වේ නෑ ෆිලුම බලලම කියවනවා. උත්සහය නියමයි

Load more comments