කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා.. ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ වගේම…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 පස්වැනි සමයේ තුන්වන කොටස. දින දෙකක්ම පමා උනානම් තමයි. කට්ටිය මට බැන බැන නේද ඉන්න ඇත්තෙත්? හරි එහෙමනම් අපි බලමුකො මොකද කතාවේ අද වෙන්නේ කියලා..
ගිය සතියේ කොටස මුළුමනින්ම පාහේ වෙන් කරලා බංකරය ඇතුලෙ පිරිසට මොනවගේ දේවල්ද සිද්ද වුනේ කියලා පෙන්වන්න. ඒ වගේම තමයි ඔක්ටේවියා ඒ අවුරුදු කීපය තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් සෑම ගෝත්‍රයකම නායිකාව බවට පත්වීමට සමත්ව ඇති මැනවින් දකින්නට ලැබුනා. එමෙන්ම ඇයට රතු රැජිණ නමින් නාමයක්ද පට බැදුනා. ඉතින් ගිය සතියේ මතක ඇතිනේ අපිට ක්ලාක්ට මොනා වෙන්න ඇත්ද කියලා කිසිමදෙයක් පෙන්නුවේ නෑ. ඔන්න අද බලාගන්න පුළුවන් ඒ දේවල්.
එලිජියස් යානයෙන් ගොඩ බැස්ස කට්ටිය ක්ලාක් සහ මැඩි හිටිය ගම්මානය අල්ලගත්තා මතකයිනේ. ඉතින් ඒ වෙලාවේ මැඩිගෙ ජිවිතේ බේරගන්න ක්ලාක්ට සිද්ද උනා ඒ අයගෙන් දෙන්නෙක්ව මරලා දාන්න. ඉතින් දැන් ඒ නිසා ඒ කට්ටිය එක්කාසු වෙලා ක්ලාක්වයි මැඩිවයි හොයනවා. ක්ලාකුත් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි කියලා ඔහෙලා දන්නවනේ ඉතින්. ක්ලාක් කරන්නෙත් මැඩි එක්ක එකතුවෙලා සැගවී සැගවී පහරදෙන එක. කොහොමහරි ක්ලාක්ට තුවාල වෙනවා. මේ නිසාම මැඩිව බේරගන්න තියෙන උවමනාවත් නිසාම ක්ලාක් තමන්ම අර කට්ටියට හසුවෙනවා.
ඔන්න ඔය අතරේ අපේ අභ්‍යවකාශ ගතව සිටින බෙලමි ඇතුළු පිරිසගේ සූදානම එලිජියස් යානයට ඇතුල් වෙන්න. මතකයිනේ එයාලට පෘථිවියට එන්න ඉන්ධන මදි බව. ඉතින් එයාලගේ සූදානම මේ යානයෙන් ඒවා ලබාගන්න. යානයට ඇතුල් උනාට පස්සේ කට්ටියට දැනගන්න ලැබෙනවා මේ යානයේ සිටින පිරිස ඇත්තටම කවුද කියලා. වසර සියයකට පමණ පෙර අභ්‍යවකාශ පතල් කැනීම්වලට පිටත්ව ගිය හිරකරුවන් පිරිසක් තමයි මේ ඇවිත් ඉන්නෙ. යානයේ විස්තර අනුවනම් ඒ අයගෙ 300ක් ඉන්නවා. ඒ වගේම ඒ හැමෝම දරුණු මිනීමරුවන්. ඒ වගේම අවි තාක්‍ෂණය සහ ඉහළ දැනුමක් සහිත ශක්තිමත් පිරිසක්.
ඉතින් අද ඔන්න අභ්‍යවකාශයේ ඉන්න පිරිසත් පෘථිවියට එනවා.. හැබැයි හැමෝම එන්නේ නෑ. ඇයි කියලා ඔයාලම බලලා දැනගන්නකො. ඉතින් මේ අයත් ආවට පස්සේ මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා කියන්නනම් බෑ ඉතින්.. ඔක්ටෙවියත් තමන්ගෙ පිරිස අරගෙන බංකරෙන් හනිකට එළියට ආවනම් තමයි හොද සටනක් බලාගන්න ලැබෙන්නේ. මොකද ඉතුරුවෙලා තියෙන එකම භුමිය කවුරුවත් ලේසියෙන් අතාරින එකක් නෑනේ.
හොදයි එහෙමනම් මෙතෙකින් මම නවතිනවා. සිදු වූ ප්‍රමාදයට යළිත් සමාව ඉල්ලනවා. එහෙමනම් ලබන සතියේ කොටහින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTVසහ BR පිටපත් සඳහා අදාළ වේ.
33,158 downloadsDownload The-100-S05-E03.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
139 comments
pamoad123
Hard Rock
ela machoo. thanx
Kavee22
Enaakan maga balan hitiye.thankzzz
Upul Sampath
Ammo balan hitiyaa godak dawas meka denakam,,,thanks lot
Amila89
දින 2ක නම් මොකක්ද සහෝ,දීපු එක කොච්චර දෙයක්ද.ස්තුතියි
Chathukandy
Thank you bro sub ekata..
chamod6789
ammo ada enakan balan hitiye
Thanks bn sub ekataDinuasa
E bn mt ewapanko sub
gagulinu
thanks brother
Dinuasa
E bn meka ganna bane mt
dsdkavishka
Super thenks saho
100
Sub eakata thanx
mmadhushankha
elaz
Pavi
Thanks..................
losaka
Thank u Bro
Malaka Liyanage
Thank you so much!
Glenmaxwell
Thanks bn......
Kasun4u
Thanzzz ලොක්කෝ..... .mchn
Akash99
Thanks bro
Subhash13
Ela
Chanaka.T.26
Thanx saho....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් හිටියේ....tharindu_katuwawala
උපසිරැසියකට මගේ පළමු කමෙන්ටුව... ස්තුතියි සහෝ...
tharindu_katuwawala
උපසිරැසියකට මගේ පළමු කමෙන්ටුව... ස්තුතියි සහෝදරයා...
Ravindu_ranasinghe
Thanks aaa sub akata . puluwannam blacklist ake e19 e20 e21 sub diyanko bn jaya weva sahoooo
Nimesh sasanka
thanx saho puluwan ikmnata genawta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
nilantha7
THANKS
Navoo
Thank youu ayiyee..
Dedunu Thivanka
thanx........
Dinupamathisara
Thanx bro thankx
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාKavinda Athukorala
ammeh bole dala dala pin mcn
dinesh rathnayaka
thanks broooooo elaaaa
arum zoysa
Thanks bro..sub. ekata jaya wewa.....
mtbchathuranga
tnx bro
Ayesh Prashan
Thank You
s.s.m
tz sub ekata..... jayawewa!!
Warunajeewantha
ස්තූතියි සහෝදරයා
buddhi_tharuka
Thank you so much brother.....
Ashan Pramuditha
Thanx brother......
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Sumeera fernando
Thanks bro
Sanath Indika
thx broo
Sherlock holmes
Elama saho thanks
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචං.. එපිය බාගෙන සබ දානකං බලාගෙන හිටියෙ.. ජය වේවා....!
Kaushan Herath
හම්මෝ හුස්ම අල්ලන් බලන් හිටියෙ සබ එනකන්.ඊළඟ එකනම් පරක්කු කරන්න එපා සහෝ.එනිවේ සබට තෑන්ක්ස්
futureomega
Hammooo ... sub eka awa... athiyantham.. mehe dennek mala sub eka nathuwa..math bayen hitiye.. Jaya wewooooo....
You are Wonkru, or you are the enemy of Wonkru ... Choose ....
Buddhi Jayasanka
tnx saho .asawen balana seson ekak
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks මචන් sub එකට..පුලුවන්නන් Arrow එකේ 20,21 එපිවලටත් sub දියන්කෝ..