Watch Trailer

The Defenders [S01 : E04] with Sinhala Subtitles | හස්තයේ පැටිකිරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. මොක…

ඔන්න ඉතින් ඩිෆෙන්ඩර්ස් කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස ගැන ආයෙ බොරුවට මතක් කර කර ඉන්න ඕන නෑනෙ. අද කතාවෙ කියවෙන වැදගත් දෙයක් ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. අද ඔයාලට දැනගන්න ලැබෙන්නෙ හෑන්ඩ් එක ගැන. ඇත්තම කිව්වොත් ඒකෙ ප්‍රධානින් පස්දෙනෙක් ගැන. හරියටම කිව්වොත් අතේ ඇගිලි පහ ගැන. මොකද හැමෝම දන්නවා අතේ ඇගිලි පහ එකිනෙකට වෙනස් කියලා. ඉතින් මේ පස් දෙනත් එකිනෙකට වෙනස් පස් දෙනෙක්. ඔය නිසාම තමයි මේ සංවිධානය හස්තය එහෙමත් නැත්නම් හෑන්ඩ් කියලා හදුන්වන්නෙ.

මැඩම් ගාඕ

මැඩම් ගාඕ ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. මොකද මෙයා අපිට ඩෙයා ඩෙවිල් එකේදි වගේම අයර්න් ෆිස්ට් එකේදිත් හම්බුනා. මුලින්ම මැඩම් ගාඕ සම්බන්ධ වෙලා හිටියෙ විල්සන් ෆිස්කෙ සංවිධානයත් එක්ක. පස්සෙ ඉතින් දන්නවනෙ මිනිහගෙත් ලොක්කා වගේ වුනා. කොහොමහරි මෙයා නිව්යෝක් වලින් කාලෙකට ගියත් ආපහු ඩෙයාඩෙවිල් සීසන් 2 වලදි එනවා. එයාගෙ හතුරෙක් වෙච්ච බ්ලැක්ස්මිත්ව විනාශ කරන්න ඩෙයාඩෙවිල්වයි පනිෂර්වයි මෙහෙයවන්න. ඒත් අයන් ෆිස්ට් එකේදි මැඩම් ගාඕ මතුවුනේ හෑන්ඩ් නැත්නම් හස්තයෙ ප්‍රධානියා විදිහට.

 

බකූටො

බකූටො අපිට දැකගන්න ලැබුනෙ අයන් ෆිස්ට් තුලින්. කොලින්ගෙ සෙන්සෙ විදිහට. අන්තිමේ මිනිහත් හස්තයෙ කෙනෙක් කියලා දැනගන්නවා. මතකනෙ ඔය හාදයා මැඩම් ගාඕ හිර කරගෙන එහෙම හිටියා. අනික මේ දෙන්නා අතරෙ ප්රශ්න තියෙනවා කියලා පෙන්නුවා. මං හිතන්නෙ එහෙම කලේ ඩැනීව අන්දන්න කියලා. කොහොමහරි අයන් ෆිස්ට් අවසාන වෙනකොට බකූටො පිහි පාරක් කාලා මැරෙනවා. ඔව් අපි හිතුවෙ මලා කියලා. ඒත්…

 

 

 

ඇලෙක්සැන්ඩ්රා

ඇලෙක්සැන්ඩ්රා පහුගිය කොටහින් අපිට දැකගන්න පුළුවන් වුනා. මෙයා තමයි හස්තය හසුරුවන කෙනා කියලා පිළිගන්නෙ. අනික මැඩම් ගාඔත් එයාට ගෞරව කලා. අනික තමා ස්ටික් ඒක තහවුරු කරනවා. ස්ටික් කියන්නෙ ඇලෙක්සැන්ඩ්රා “led them since the beginning.” එතනින් පැහැදිලි වෙනවා මෙයා තමා හස්තයෙ ප්‍රධානියා කියලා. එහෙම නැත්නම් හස්තයෙ ඇගිලි පහේ මැද ඇගිල්ල. තව කියනවනම් මෙයා වසර සිය ගානක් එහෙමත් නැත්නම් ඊට වඩා කාලයක් ජීවත් වෙනවා. ඒත් මෙයා රෝගාතුව ඉන්න හින්දා තේරුම් ගන්නවා තවත් වැඩි කාලයක් ඉතුරුවෙලා නැති විත්තිය. ඉතින් ඇලෙක්සැන්ඩ්රා අනික් අයව එකතු කරනවා නිව් යෝක් විනාශ කරන්න. ඒකෙ ආරම්භය තමා පලවෙනි කොටසෙ වෙච්ච භූ කම්පනය.

ස්වොන්ඩේ

ස්ටික් ස්වෝන්ඩේව හදුන්වලා දෙන්නෙ අප්‍රිකානු යුධ නායකයෙක්, හොර තුවක්කු ජාවාරම් කාරයෙක් විදිහට. අනික තමා ස්ටික් මෙයා ගැන කියනකොට තව හැකියාවක් ගැන කියනවා. ඒ තමා පියවර කිහිපයකින් නාඩි වැටෙන එක නවත්තන්න පුළුවන් හදවත නවතින කම්ම. මෙයා මුල්ම වතාවට ඩිෆෙන්ඩර්ස් තුලින් තමා හදුන්වලා දෙන්නෙ. මේ හාදයා හස්තය වෙනුවෙන් අපරාධ සංවිධානයක් කරන් යන කෙනෙක්. කොටින්ම කියතොත් හස්තයෙ හැම කුණු ජරා වැඩකමට සුද්ද වන්තයො වෙන්නෙ මෙයාලා. ස්වොන්ඩේ කට්ටිය බදවගන්නෙ හාලම් වලට ඔලුව දාපු හින්දා තමා ලූක් කේජ් මිනිහා පස්සෙ වැටුනෙ.

මුරකාමි

මෙයා නම් අපිට මීට කලින් හම්බෙලා නැ. ඒත් ඔයාලට මතකනෙ නෝබූව. නෝබුව මෙහෙයවපු කෙනා තමා මුරකාමි කියන්නෙ. මැඩම් ගාඔත් ඇලෙක්සැන්ඩ්රට ගරු කලා. ඒත් මුරකාමි වෙනස් කෙනෙක්. මිනිහා ඇලෙක්සැන්ඩ්රට කතා කරන විදිහ නායකයෙක්ට කතා කරනවා වගේ නෙවෙයි. අනික තමා තමා ස්ටික් මුරකාමි ගැන කියන ඒවගෙන් ඒක පැහැදිලි වෙනවා. මොකද මුරකාමිව හදුන්වලා දෙන්නෙ ගුප්ත කෙනෙක් විදිහට. ඒත් එලියට ආවොත් අන්තිම නපුරු කෙනෙක්. ඔය දේවල් වලින් පැහැදිලි වෙන්නෙ මේ අයගෙන් දරුණුම කෙනා මුරකාමි කියලා.

 

 

හරි ඔය තමා හස්තයේ ඇගිලි පහ, එහෙමත් නැත්නම් හස්තයේ ප්‍රධානින් පස්දෙනා. මේ අය වැඩිය එකතුවෙන අය නෙවෙයි. මෙයාලා තම තමන්ගෙ රටවල ඉදන් හස්තය මෙහෙයවන අය. ඕවා මං කිව්වෙ මේ කට්ටිය ගැන පොඩි අවබෝධයක් අරගන්න. ලොකු විස්තරයක් කිව්වෙ නැ. ඔයාලා දන්න ඒත් අමතක දේවල්. අද කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් මේ අය කොහොමද මෙහෙම සංවිධානයක් හදාගත්තෙ, ඒකට හේතුව මොකක්ද කියලා. එහෙනම් මම යනවා. ඊලග කොටස අපෙ අනුරුද්ධ (ලියෝ) සහෝ අරගෙන ඒවි. ජය වේවා!

The Defenders on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

11,565 downloadsDownload The-Defenders-S01E04.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

11,565 downloadsDownload Subtitles29 KB

53 comments

  1. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා..

  2. Kasun Widusha

    Tnx mchooo

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. nuwan

    thanks mcn!!!

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  6. shehan

    niyamai kollanee mekata pissu vatila inne

  7. Nimesh

    Puluwn ikmntama dunnata thanxx saho...blagena inne anith ewath enakal...

  8. Pradeep Anuruddha Dissanayake

    සබට තුති අයියේ :D

  9. isuru

    Big thank you bro..

  10. madhawa supun

    ela ela sahooo digatama ohoma yamu

  11. tharindu gunarathna

    thanks

  12. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  13. shan

    හොඳ විස්තරයක් ලහිරු සහෝ.. ;)
    sub එකටත් බොහොම ස්තුතියි.
    තව පුංචි දෙයක්, මම කලින් කොටසෙදිත් මේ ගැන කිව්වා.
    ඒත් ඒ ගැන ආපහු මතක් කරන්න කැමතියි. :)
    අතරමග නවත්තල තියෙන series වලටත් පුලුවන්නම් මේවගේම ඉක්මනට sub කරලා සම්පූර්ණ කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා.
    ජය වේවා!!

  14. ඉෂාන් මදූෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  15. Lakshan

    Thanks Bro.

  16. Sajeevi

    thanks

  17. Nuwan Dewappriya

    thanks machan ikmanata denwata
    ithuru tikath ikamanta denna

  18. chalitha

    බොහොම ස්තුතියි සහෝ

  19. එල්.සී. දමැල්

    Thanks fo sub Lahi

  20. C. R. ජයලත්

    නියමයි ලහිරු සහෝ ජය වේවා!!!!!

  21. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  22. Saman Ranasinghe

    පිස්සු කොර ආ.....මාවෙල්ලා දීල තියෙනව මේ පාර
    රිදෙන්නම.... බොහොම පිං ඔයාලට....සිංහල එක්ක
    මේව අපි බලන්නෙ ඔයාලගෙ කැපවීම හින්දනෙ...
    ජයෙන් ජයම වේවා.....මේව මේ ආත්මෙම පලදෙන කුසල කර්ම හොදේ......

  23. Oneee

    tanks for sub

  24. Udara Damith B/K

    dc ලට බනින අය baiskop මන්සලේ ඇති
    ``````````මුල් චරිත අනුකරණයෙන් නව චරිත බිහිවීම````````
    කියලා ලිපියක් එක කියවල ඉන්ඩකෝ
    එතකොට තේරෙයි මේගොල්ලෝ ඔක්කොම වගේ කොපි කරපුඒවා කරන්නේ කියලා හේ...
    0000000
    උපසිරසට ස්තුතියි

    1. Anonymous

      marvel > Dc

    2. Anonymous

      dc appiriyai bn

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. අසිත

    elama saaho thanks

  27. Chamara Asanka

    Thnx ළහිරු

  28. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  29. මිතුල් ලක්ශිත

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  30. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    #ජය වේවා

  31. Nadeera

    Thanks Bro

  32. Ruwintha Sandaru

    Thanks For Sub

  33. tharangani

    thanx

  34. ‌lahiru

    tanxxx bro supirii

  35. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ.

  36. silent$

    Paharaaaaaaaaaaaaa

  37. Hasitha Chathuranga

    බොහොම ස්තූතියි සහෝ……

  38. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  39. Vikum

    Thanks.....

  40. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  41. LSM HUSKAA

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  42. shasith sandaruwan

    සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
    දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
    ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
    ලහිරුගේ ලිපිය නම් මරු ආ..
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Amalka

    Thanks sub ekata

  45. lakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  46. Janitha Pasan

    බොහොම ස්තූතියි!!!

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  48. Milinda Sadaruwan

    thanks bro

  49. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි

  50. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

Load more comments