ආයුබෝවන් යාළුවනේ..! මම මේ කියන්න යන දේ කියවන්න කම්මැලි නම් ශේප් එකේ පහලට ගිහින් සබ බාගන්න.. ඉතිං ඔන්න හරියටම අවුරුදු 1යි මාස 3යි දවස් 13ක කාලයක කැපවීමකින් පස්සෙ මේ අරගෙන එන්නෙ මගේ පනස් වැනි උපසිරැසිය. ලොකුවට මොකුත් කියන්න උත්සාහ කරන්නෙ නෑ මම. ලිව්වත් කවුරුවත් කියවන්නෙ නෑනෙ. ඒත් ඉතිං යුතුකම් කීපයක්…

ආයුබෝවන් යාළුවනේ..!
මම මේ කියන්න යන දේ කියවන්න කම්මැලි නම් ශේප් එකේ පහලට ගිහින් සබ බාගන්න.. ඉතිං ඔන්න හරියටම අවුරුදු 1යි මාස 3යි දවස් 13ක කාලයක කැපවීමකින් පස්සෙ මේ අරගෙන එන්නෙ මගේ පනස් වැනි උපසිරැසිය. ලොකුවට මොකුත් කියන්න උත්සාහ කරන්නෙ නෑ මම. ලිව්වත් කවුරුවත් කියවන්නෙ නෑනෙ. ඒත් ඉතිං යුතුකම් කීපයක් තියෙනව ඉෂ්ට කරන්න. මුලින්ම මම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ සහෝදරයන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මාව බයිස්කෝප් පවුලට පිළිඅරගෙන මේ තරම් දුර එන්න අතහිත දීම වෙනුවෙන්. ඇත්තම කිව්වොත් විමා තමයි මාව මේ තරම් දුර එන්න ප්‍රධානම සාධකය වුණේ. විමා හැම වෙලාවෙම උපසිරැසියක් ඇඟේ එල්ලපු නිසා තමයි මෙච්චර ඉක්මනට මේ ගමන ආවෙ. ඒ වගේම සමීර, නොදන්න ගොඩක් දේවල් කියල දීල මේ ගමනට ලොකු හයියක් වුණා. හසායිය නම් වැරදි හොයන එක තමා කරන්නෙ. බේරෙන්න බෑ. කොහොමහරි ඉතිං එහෙම වැරදි හොයන නිසාම හැම වෙලාවෙම ගුණාත්මක උපසිරැසියක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනව. රොයිලි අයියවත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනෙ, මොන වැඩේ තිබ්බත් හැම උපසිරැසියකටම “ජය” කියල සුභපතල යනවනෙ. ඒක ඉතිං මාරම ලොකු හයියක්. ඒ වගේම චාමර, දෙන හැම උපසිරැසියම මාර ඉක්මනට පළ කරන්න බැඳිල ඉන්නෙ. ඉතිං රොයිලි අයිය, හසන්ත වික්‍රමරත්න අයියා, ශාන් විමුක්ති, සමීර කරුණාරතන, චාමර සම්පත්, අසංක ප්‍රදීප් රණතුංග, සුධීර මාලන්, ප්‍රණීත් චින්තක රණසිංහ, සිසිල ප්‍රසාද්, ආසිරි ප්‍රියන්ත මේ හැමෝම ගොඩක් ලෙංගතුව සිහිපත් කරන්න ඕන අය.
මීට අමතරව බයිස්කෝප් එක තුළදි යාළුවො සෑහෙන ප්‍රමාණයක් හමුවුණා. කවදාවත් දැකල නැති හැබැයි හොඳ යාළුවො වුණු අය. ලහිරු ප්‍රසාද්, අචින්ත උදයංග, නුවන්ත දුලාන්, නිලුපුල් මධුකප්‍රිය, රවිඳු රුක්ෂාන්, දිල්ශාන් සචින්ත, තරිඳු ගමගේ, ඉසුරු සම්පත්, කවිෂල් රසින්ත, යුශාන් පියුමාල්, මයුර සුරාජ් මේ වගේ ගොඩක් යාළුවො හමුවුණා. ඒ වගේම ශෂිකා එරන්දි මගේ යෙහෙළිය හැම වෙලාවෙම ලොකු සහයෝගයක් ලබා දෙනව උපසිරැසිකරණයේදි මාව දිරි ගන්වමින්. ඉතිං මඟ හැරුණු කෙනෙක් ඉන්නවනම් සමාවෙන්න ඕනෙ ඉතිං. ඒ වගේම මගේ නිර්මාණ වලදි අදහසක් දක්වල ගියපු හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය පිළිගන්වන්න කැමතියි. ඔය තමයි මගේ විස්තරේ. ඒකත් දිග වැඩියි ඒත් ඉතිං ඔය මතක් කරන්නම ඕනෙ ටික තමා කිව්වෙ. එහෙනම් කතාව දිහාවට හැරෙමු දැන්.

IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාප 17,544ක් ලබා ගනිමින් 7.1ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු සිනමා කෘතියක් තමයි මේ අරගෙන ආවෙ. Rotten Tomatoes මීටරේ 88% ක ප්‍රතිචාරත් ඔන්න මේකට ලැබිල තියෙනව. ඒ වගේම Google user 88% ක් සිය මනාපය මේ සඳහා පළ කරල තියෙනව. Crime, Drama, Mystery & Suspense යටතේ වර්ගීකරණය කරල තියෙන මේ සිනමා කෘතිය පැය 1යි විනාඩි 56ක් පුරාවට ඔබව විස්මයට පත් කරල තියන්න සමත් කියල කියන්න පුළුවන්. මේක සත්‍ය කතාවක්. ඒ වගේම සාම්ප්‍රදායික සිනමා කලාවෙන් ඔබ්බට ගිහින් සත්‍ය කතාවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නියම විදියට ඉදිරිපත් කරල තියෙනව. සමීර සහෝ තමයි මට මේක කරන්න කියල ටික කාලෙකට කලින් දුන්නෙ.
පටන් ගන්න මුල්ම විනාඩියේ ඔබව ග්‍රහණය කරගන්න සමත් වෙන වැකි දෙකක් මේකෙ යනව. එතනින් එහාට කතාව වෙනස් ආරකට බොහොම ආකර්ශනීය විදියට ගලාගෙන යනව. ස්පෙන්සර් රැන්හාඩ්, එරික් බොර්සොක්, චාර්ලස් ඇලන් සහ වොරෙන් ලිප්කා.. මේ තමයි මේ කතාවේ කතා නායකයන්. මෙයාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතරදෙනෙක්. මේ හතරදෙනාගෙන් ස්පෙන්සර් රැන්හාඩ් දැනගන්නව ට්‍රාන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ ඉතාම වටිනා ග්‍රන්ථ වල මුල් අත් පිටපත් තියෙනව කියල. මේක දැනගත්තට පස්සෙ ඔහු ඒක ඔහුගේ මිත්‍රයා වොරෙන් ලිප්කාට කියනව. ඔතන තමයි හැරවුම් ලක්ෂය. මේ පොත්වල වටිනාකම ඩොලර් මිලියන දොළහකට වැඩියි. ඔය වටිනාකම නිසා තමයි ඉතිං එතනින් එහාට, එරික් බොර්සොක් සහ චාර්ලස් ඇලන් මේ කතාවට ඈඳෙන්නෙ.
ඔවුන් හදන්නෙ මේ පොත් හොරකම් කරන්න, ඇමරිකානු ඉතිහාසයේ ස්වර්ණමය කොල්ලකෑම මේක වේවි. ඒකට හේතුව තමයි මේ මිලියන 12ක් වටින පොත් බලාගන්න ඉන්නෙ එක වයසක පුස්තකාලයාධිපතිනියක් විතරයි. කිසිම කැමරාවකුත් පුස්තාකලයේ මේ කොටසේ නැහැ, එහෙනම් ඉතිං මොකටද බය වෙන්නෙ, මේක හොඳ සාර්ථක සැලැස්මකට අනුව හොරකම් කරන්න පුළුවන්නේ.. හැබැයි හිතන තරම්, පේන තරම් සරළද මේ හොරකම. ඇයි මෙච්ච්ර වටින පොත් ගොඩක් කිසි ආරක්ෂකයෙක් නැතුව වයසක ගැහැණු කෙනෙකුට බාර දීල තියෙන්නෙ? සැලසුම කොච්ච්ර හොඳ වුණත්, ආරක්ෂාව කොච්චර අඩු වුණත් කෙස් ගහකින් ඔක්කොම ගැස්සෙන්න පුළුවන්. එහෙනම් ඉතිං මේක කැමති නම් බලන්න කියල ආරාධනා කරනව. ඒ වගේම කියන්න ඕනෙ මේක මගේ රසයට සුපිරියක් වුණාට, තව කෙනෙකුට එහෙම නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ ලබා දෙන නිර්මාණ පූර්ව ප්‍රචාරක පටයක් එහෙම බලල හොඳනම් විතරක් බාගන්න. එහෙනම් ගිහින් එන්නම්..
ජය වේවා..!
The perfect heist is a work of fiction.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
9,804 downloadsDownload American-Animals-2018-BluRay.zip110 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
112 comments
kalana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
100 වෙනි කඩයිමත් පසුකරන්න අවැසි කාලය, ශක්තිය ලැබේවායි පතමි...Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dimuthu Nisansala
Thank you!!!
Samadi
සුභපැතුම්....
gihan perera
ස්තුතියි සහෝ...මේකට උපසිරැසි දානකන් හිටියේ මචෝ...ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Ravindu Rukshan
ගැම්මෙන් 50 නහ ගසල...මෙතනින් නොනැවතී ඉදිරියට යෑමට හැකියාවක් ලැබේවා කියා පාර්ථනා කරනවා..
Kanchana
Thanx sahoooo
ජයෙන් ජයPanther
Ela saho thanz sub akta
THE NEW FOLDER
Congratulations
thanks for subtitle
OshankaNW
50 වන උපසිරැසියට සුබපැතුම් සහෝ ......
ජයවේවා .....Poop popular
මම ලියුවත් කවුරුවත් කියවන්නෙත් nahane බ්රෝ apinam kiyawanawa 50 upa sirasata ජය වෙවා
yasitha8991
Thank you brooo
A wagema e money walata kemathi aya innawa nam mata reply ekak danna. Super wedak thiyenawa. Meke payment sure. Wagakimen kiyanne.
Prabodha Madhusankha Hettiarachchi
Congratulations bro 50th sub ekata. Thank me wage movie ekakaa sub dunnata...
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ උපසිරසියට... ඒ වගේම 50වැනි උපසිරසියට සුභ පැතුම්...100ත් ඉක්මනට ගහමු හොදේ.... මටත් හුගක් සබ් කරද්දි උදව් කරපු කෙනෙක් තමා ඉතින්, කරන වැඩේ නියමෙටම කරලා ඉක්මනට දෙනවා.. ඉතින් ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනව... ජය...
Nimach273
Thanks machan
lahirulg
බොහොම ස්තූතියි අයියේ... 50 වෙනි උපසිරසියට හදපිරි සුබපැතුම්... කරන වැඩකටයුතු ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න සුබ පතනවා.
Achintha Udayanga
මෙන්න බොලේ තට්ට මෑන් 50ත් ගහල.. මුල්ම කඩයිමට සුබ පැතුම් එහෙනම්.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිං අපේ බයිස්කෝප් සැට් එකට එකතු වෙලා වැඩි කාලයක් නෑ හැබැයි තට්ටෙ ප්‍රසිද්ධයි මේ වෙනකොටත් බොහොමයක් දෙනා අතර..තට්ටෙ ඕන වෙලාවක මචං ලිපියක් ලියා දියං කීවොත් කවදාවත් බෑ කියන්නෙ නම් නෑ...ඒ වගේ හිත හොඳ ආදරණීය චරිතයක් තට්ටෙ කියන්නෙ... ඒ වගේම වැඩක් භාරගත්තොත් කැපවීමෙන් ඒ දේ ඉවරයක් කරල මිසක් පස්ස බලන්නෙත් නෑ තට්ටෙ..මේ තරම් සුළු කාලයකින් මුල්ම කඩයිම පහු කරපු එකෙන්ම කැපවීම කොයිතරම්ද කියන එක පැහැදිලි වෙනව තට්ටෙගෙ..එකක් නම් හරි දැන් තියෙන්නෙ 100 තමා..ඔහොම යං තට්ටෙ ඊළඟ කඩයිම වැඩි ඈතක නෙවේ..ජය වේවා..!!
Kulanjana Maduranga
Hat off respect bro....Great work & lot of thanks UDAYANGA saho....wish u'r great future....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
50 වෙනි උපසිරසියට සුබ පැතුම්!
පට්ට ෆිල්ම් එකක් වගේ...මේ වගේ ෆිල්ම් සුපිරි..
අරන් බලන්න ඕනේ...catanddog
thnx broooooooooooo
Ruwan Pushpakumara
sabata tanks broo.ewagema 50tat 100t ekmanatama gahanna.bro ubala henda tamae ape film 1k taerumak atewa balanne.degatama sab denna obata jaya.
Shashi
කොහොම හරි අන්තිමට 50ත් ඉවර කළා එහෙනම්. සුභ පැතුම් උදයංග!!!
ඔයා මේ වෙනුවෙන් වෙන කැපවීම නම් නියමයි. තවත් හොඳ නිර්මාණ වලට
උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
ඉක්මනින්ම ඊළඟ කඩයිමටත් එන්න ලැබේවා!
ජය වේවා!ඉසුරු සම්පත් සිරිසේන
50* වැනි උපසිරසියට සුබ පැතුම් මචෝ..
මෙතනින් නතර නොවී දිගටම කරගෙන යං එහෙනම්...
~~ඔබට ජය~~Mayura
අද සිල්වර් රෑන්ක් එකෙන් පිදුම් ලද ඔබට මගෙ උනුෂුම් සුබ පැතුම්..100 ගහද්දිවත් කොන්ඩෙ වැවේවා කියා පතන්නේ ඉතින් හදපත්ලෙන්මයි ඈ....
විමා
දෙවැනි කඩයිමට සුභපැතුම්
ඔව් ඔව් පලවෙනි කඩයිම තමා මට එනම් පලවෙනි සබ එක
ඒක පැන්න එකා දෙවැනි එකත් පැන්නොත් එහෙම මිනිහව නවත්තන්න පුළුවන් වෙන්නේ මංගල්ලෙකට විතරයි.
ඒවටත් නවත්තන්න බැරි උන අය ඉන්න එකේ මම හිතන්නේ ඒ අතලොස්සෙන් එකෙක් වෙයි උඹත් ඉදිරියේදී
එහෙනම් උදයංග අර අනිත් ගොබිලා වගේ නොවී ඊළඟට ශතකයත් ගහමු ඔහොමම ගැම්මෙන්
කොහොමත් වොකින් ඩේඩ් එකෙන් තව 16ක් සෙට් වෙනවා එකියන්නේ 50+16 = 66 අප්‍රේල් වගේ වෙනකොට 100 ගහන්න පුළුවන් වෙයි
එහෙමනම් මේ කරන්නා වූ පුණ්‍ය කර්මයේ බලයෙන්
සියල්ල සාර්ථක වේවා....
ජෙයින් ජෙයිම වීවා :Dසනිඳු ලක්ඛිත
පලමුවෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ...තව තවත් ඉදිරියට උපසිරස කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි..ජය වේවා!!!
Jana
Thanks Saho :)
Himantha
50 ta subapatum saho
Sulakshana Thilakarathna
සුභ පැතුම් 50 ට. ජයම වේවා!! මේකත් අනිවා බලනවා. බොහොම ස්තුතියි සහෝ!!
දිල්ශාන් සචින්ත
සුභපැතුම් උදේ. ඉක්මනට 100ටත් යමු ජය.
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා........!!!!!!!!!!!!!
බොබී
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්, සහෝ. කවද්ද 51 වැනි එක කරන්නේ?
AdithyaCP
Thankyou brother..And Congratulations Brother ❤
piumal123
ela bro 100 th ikmanatma demu
hemanthahka
Thanks for expended your valuable time for us...
Ishan Madusha
50 වෙනි උපසිරැසියට සුබ පැතුම්.බොහොම ස්තූතියි සහෝ
Asanka N
බොහොම ස්තූතියි. ජය වේවා ....
Amilperera
Thnks broo sub akata
mighty.94
Congrats for 50th Sub. Cheers...!!!
උදයංග සම්පත් හතරසිංහ
සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි..! ❤❤❤❤
kavinuweerakkody
100ත් ඉක්මනට ගහමු උදයංග අයියේ..ජය වේවා!!
madhubashana bandara
thanks saho
madhubashana bandara
thanks saho
ලහිරු ප්‍රසාද්
හදවතින්ම සුබ පතනවා මචං 50 වෙනි කඩයිම වෙනුවෙන්. මේ ආව වගේ ඉදිරි කඩයිම් වලට යන්නත් ශක්තිය වගේම කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේව බයිස්කෝප් නිසා හම්බවුන තවත් හොද මිත්‍රයෙක් වගේම තට්ටයෙක්. ටිවි සීරීස් කිහිපයක්ම ඇදන් යන එළ කොල්ලෙක් තමා ඉතිං. ඒ වගේම දොඩං ගොඩ බදා ගත්තා වගේ තියෙන හැම එකම බදා නොගෙන එකක් ඉවර කරලා තව එක්කට අත ගැහුවනම් තමා හොද. එහෙනම් ජයෙන් ජයම වෙන්නෝන!!!
Udara Damith Dissanayaka
50හට සුබ පතනවා
මන් ෆිල්ම් එක බැලුවේ නැතත් අනිවරයෙන් ලිපිය කියවනවා
ඒවා කියවන එකත් වෙනම ආතල් එකක්Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
jagath55
Thanks
Rashmika dumidu
ස්තුති සහෙ
sampath n perera
wish you all the best
Advertisement

Thanks Saho.....