Watch Trailer

The Falcon and the Winter Soldier [E05] Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා. එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු. පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව බ…

ඔන්න එහෙනම් අපි The Falcon and the Winter Soldier පස්වෙනි කතාංගයටත් ආවා. මේකත් ලබන සතියෙන් අවසන් වෙනවා. 

එහෙනම් අපි පහුගිය කොටස ගැන කෙටි මතකාවර්ජනයක් කරගමු.

පහුගිය කොටස මේ කතා මාලාවේ මෙතෙක් ආපු අපූරුම සහ අඳුරුම කොටසක්. ඉතින් ආයෝ බකී බාන්ස් නොහොත් වයිට් වුල්ෆ්ට පැය අටක් දෙනවා, ගන්න වැඩේ අරගෙන සීමෝව බාර දෙන්න කියලා. නැතිනම් එයාලම ඇවිත් සීමෝව අල්ලගන්නවා කියනවා. හේතුව තමයි සීමෝ වකන්ඩානු රජ ට’චල්ලා ඝාතනය කිරීම. ඔයාලට මතක ඇතිනෙ Civil War සිදුවීම් පෙල? ඉතින් පහුගිය කොටසේ සීමෝ මොන තරම් කපටි මොළකාරයෙක්ද කියලා ආපහු අපිට දැකගන්න ලැබුණා. සරණාගත කඳවුරේ පොඩි ළමයෙක්ගේ උදව්වෙන් සීමෝ හොයාගන්නවා මෝගන්තාඔව හදාගත්ත අම්මා ඩෝන්‍යාගෙ මළගෙදර චාරිත්‍ර පැවැත්වෙන තැන. ඒක කණ්ඩායමට සෑහෙන උදව්වක් වෙනවා. හැබැයි ජෝන් වෝකර් සහ ලෙමාර් හොස්කින්ස් මෙයාලට මැදිහත් වෙලා මෙයාලා වැඩේ එතෙක් ඉඳලා කරගෙන යන්න උත්සහ කරනවා. ජෝන් වෝකර් නායක ගතිලක්ෂණ පෙන්නද්දි ඔයාලටත් තරහ ගියාද? 😛 ඒත් සෑම් සහ බකී නම් සත පහකට ගණන් ගන්නෙ නෑ ජෝන්ව. සෑම් කියනව එයාට තනියම ගිහින් මෝගන්තාඔ එක්ක කතා කරන්න ඕණ කියලා. සෑම් හිතනවා කතා කරලා එයාගේ මනසෙ අන්තගාමී අදහස් වෙනස් කරවන්න. ඒත් වෝකර් මෙතනට මැදටත් පැනලා සාර්ථක ලෙස වැඩේ අවුල් කරලා දානවා.

එතන ඇති වෙන සටන අස්සේ සීමෝ මෝගන්තාඔට වෙඩි තියල ඝාතනය කරන්න උත්සහ කළත් ‍සිරම් කුප්පිවලට අවධානය ගිහින් සිරම් කුප්පි ‍ඔක්කොම වගේ විනාශ කරලා දානවා. වෝකර් ඇවිත් සීමෝට පහර දීලා ඉතුරු වුණු සිරම් කුප්පිය රහසින් අරගන්නවා. ඊට පස්සෙ සීමෝව අත්තඩංගුවට අරගන්න සීමෝගේ ආරක්ෂිත නිවස වටලන වෝකර්ට සිද්ධ වෙන්නෙ නොහිතූ දෙයක්.  ආයෝ ඇතුළු ඩෝරා මිලාෂේ එකෙනුත් මේ වෙලාවෙම සීමෝව අල්ලගන්න එනවා. ඒත් වෝකර් සුපුරුදු පණ්ඩිතකම් ඩෝරා මිලාෂේ එකටත් පෙන්නන්න ගිහින් හොඳටම ගුටි කනවා. මේ වෙලාවෙ වෝකර් කියන්නෙ, “අඩු ගාණේ එයාලා සුපර් සෝල්ජර්ලවත් නෙමෙයි” කියල. මෙතනදිනම් ජෝන් ගැන දුක හිතෙනව. කොච්චර වුණත් තුන් පදක්කම් ලාභී ශූර සෙබලෙක් වෙලා හිටපු කෙනෙක්නෙ. මේ සටන අතරතුරේ කට්ට සීමෝ එතනින් පැනගන්න සමත් වෙනවා.

මෝගන්තාඔ සෑම්ගෙ නංගි සේරාට තර්ජනය කරනවා සෑම්ව එයාගේ කණ්ඩායමට අරගන්න ඕණ නිසා තනියම මුණගැහෙන්න අවස්ථාවක් සලස්වල දෙන්න නැත්නම් හොයාගෙන එනවා කියලා සේරාවයි එයාගේ ළමයින්වයි. වෝකර් සිරම් එක අරගෙන තිබුණා. දැන් ඔහුත් සුපර් සෝල්ජර් කෙනෙක්. වෝකර්ගෙ සෑහෙන ලොකු ගැම්මක් මෙතන ඉඳං දැකගන්න පුලුවන් වුණා. වෝකර් සහ හොස්කින්ස් ෆ්ලෑග් ස්මෑෂර්ලව වැටලීමක් කරන්න ගිහින් අන්තිමේ මෝගන්තාඔගෙ පහරකින් දුක්ඛිත විදිහට හොස්කින්ස් මිය යනවා. ඒ තරහා එක්ක වෝකර් පලිහෙන් පහර දීලා මෝගන්තාඔගෙ මිතුරෙක් වෙන නිකෝව ඝාතනයට ලක් කරනවා. නිකෝ මිය යන්නේ ඔහු පොඩි කාලෙ කැමතිම වීරයා කැප්ටන් ඇමරිකාගේ පලිහෙන් වීමනම් සෑහෙන කණගාටුවක්. මේ සිද්ධිය දැකලා බයෙන් සලිත වන අය මේ සිදු වීම පටිගත කරගන්නවා. කැප්ගේ පලිහේ ඒ විදිහට ලේ ගෑවුණ එකනම් මාර කම්පනයක් වුණා. 🙁

ඉතින් එතනින් පස්සේ වෙන දේ දැනගන්න අද කොටසින් පුලුවන්. අද කතාවෙ තියෙනව පිටුපස රතු තටු සහිත ගුවන් යානා (Red Tails) ගැන හා සම්බන්ධ දෙවන ලෝක යුධ සමයේ සිදු වීමක් ගැන කතාබහක්. ඉතින් කොයිකටත් ඒ ගැන දැනගෙන ඉන්න කැමතිනම් ඒ ගැන ෆිල්ම් එකක්ම තියෙනවා. උපසිරස වගේම ඒ ෆිල්ම් එ‍කට හොඳ ලිපියකුත් අඩවියේ තියෙනවා. ෆිල්ම් එක තමයි Red Tails (2012). මේ කොටස බලලා වුණත් ෆිල්ම් එක බලලා විස්තර දැනගන්න පුලුවන් ගැටළුවක් නෑ, කොයිකටත් කියලා කිව්වෙ මම උපසිරසෙ ඒ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරල නැති නිසා. ඒ වගේම තමයි අද කතාංගයේ ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා. අනිවාරෙන් ඒකත් බලන්න. 

එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

15,458 downloadsDownload The-Falcon-and-the-Winter-Soldier-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1All BT1Next BT1

Subtitles

15,458 downloadsDownload Subtitles26 KB

52 comments

  1. Bucky

    Thanks for the sub brother!!! ♥️

  2. Sach

    Thanks for the sub machan.!

  3. Kasun

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  4. නිපුන උදේශ්

    බොහොම ස්තූතියි!!!
    ඊයේ නිකුත් වුන episode එකට ඉක්මනින් ම sub එක හදලා, ගොඩක් මහන්සි වුන එකට ආයෙත් ස්තූතියි
    අන්තිම episode එකත් මේ විදියටම ඉක්මනින් ගේනකන් ඉවසීමෙන් බලන් ඉන්නවා...

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Nilush Angana

    Sub ekata thanx

  8. sasanka sathyajith

    Thanks for the sub

  9. ශශී ඩී.ජාගොඩ

    thank you අයියේ
    ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක එනකන්

  10. kavinda gamage

    බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  11. Ruchira

    Thanks for the sub!!!!

  12. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  13. Pramukmili

    Thanxxxxxxxx bro....................

  14. R. V. Perera

    Wrong Turn (2003) Subtitles Dennakoooooooooooooooooooo....................

    1. එල්.සී. දමැල්

      සයිට් එකේ සර්ච් කරල බලන්න...

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  16. Hemal

    Thank you

  17. ravidu ishan

    සබ්එකට thanks mchn..ජය ✌️

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    1. Naveen

      තැන්කු බ්‍රදර්

  20. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  21. Anonymous

    thanks for sub

  22. Nishan S. Ariyarathna

    ස්තූතීයී සහෝ...

  23. Shaggy

    Thank you very much

  24. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    1. ඔයාගෙ K

      පැටියෝ
      ↘♥♥↙
      ♥LOVE♥
      ↗♥♥↖

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  27. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  28. Sachintha Benat

    අම්මෝ අද තමා මේක බලන්න වෙලාවක් හම්බුණේ!
    බොහෝම ස්තූතියි සබ් එකට​.
    ජය වේවා...!෴෴❤

  29. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  30. Sanjeewa

    සුපිරි වැඩක් සහෝ.. උපසිරසියට ස්තූතියි

  31. Bobby

    Thank you very much Bro

  32. prasanga

    thanks...

  33. Bimbisha Adithya

    බොහොම ස්තූතියි උපසිරැසියට ♥️ දමැල් සහෝ ♥️ ජය !

  34. Dewadithya

    Thanks for sub!

  35. lakshan

    thanks ..................

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  38. Manee

    බොහොම ස්තූතියි සිංහල උපසිරසියට සහා කතාවන් වෙනුවෙන් ලබා දෙන ලිපි සඳහා.

  39. UDARA DAMITH

    elaaaaaaaaa

  40. chinthaka.max4

    thankx machan

  41. Sahan

    thanks a lot sahooo

  42. Anonymous

    thanku brother

  43. Anonymous

    thanks bro

  44. Binidu sumal

    Thanks.....

  45. mindika

    Thanks !!!

  46. Anonymous

    Thanks machan..

  47. Sheshank amajith

    Oyalage video play venne nane

  48. අජන්ත

    ලිපිය නම් පට්ට වටිනවා බ්‍රෝ! හැමදාමත් මේවගේ ලිපි ඕනි ආදරෙයි

  49. Ravindra

    Thanks sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.