බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලං හිටිය කතාවක් දෙවැනි අදියර තමයි මේ ආරම්භ කරන්න හදන්නෙ. මං මුල් කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට කලින් The Witcher විශ්වය ගැන දැනගන්න කැමති නම් මීට කලින් පල කරපු මේ ලිපිය කියවලා බලන්න. මොකද ලිපියෙ වගේම සබ් එකේදී පාවිච්චි වෙන වචන ගැන ආයෙ ආයෙ පැහැදිලි කරන්න බලාපොරොත්තු…

බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලං හිටිය කතාවක් දෙවැනි අදියර තමයි මේ ආරම්භ කරන්න හදන්නෙ. මං මුල් කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට කලින් The Witcher විශ්වය ගැන දැනගන්න කැමති නම් මීට කලින් පල කරපු මේ ලිපිය කියවලා බලන්න. මොකද ලිපියෙ වගේම සබ් එකේදී පාවිච්චි වෙන වචන ගැන ආයෙ ආයෙ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ මේ වතාවේදී. ලිපිය ටිකක් සුපුරුදු පරිදි දීර්ඝ වෙන්න පුලුවන් ඒ නිසා කැමති නම් විතරක් මතක් කිරීම කරන්න ලිපිය කියවන්න. මං කොහොම හරි කොටස් අටම සම්පුර්ණ විදිහට උපරිම කෙටියෙන් ලිපියෙ ඇතුලත් කරනවා. එහෙම නැත්තම් පහලට ගිහිල්ලා සබ් එක අරගන්න පුලුවන්.
පළමු කතාසමය
උතුරු රාජධානි වගේම නිල්ෆ්ගාඩ්ලගෙ අධිරාජ්‍ය පිහිටලා තියෙන කොටසට තමයි ‘කන්ටනට්’ කියන්නෙ. මේ දේශය පුරාවට අනාවැකි කියන්නන්, රාක්ෂයො, මේජර්ලා, එල්ව්ස්වරු වගේම විචර්ලා එහෙම නැත්තම් මායාකරුවන් ජීවත් වෙනවා. මේ මායාකරුවන් මූලිකවම හදුවන්නෙ වගේම ජනප්‍රිය වෙන්නෙ රාක්ෂයින්ගෙ කොට්ටාශය දඩයම් කරන වර්ගයක් විදිහට. මේ මායාකරුවන්ගෙන් කිහිප දෙනයි ඉතිරි වෙලා ඉන්නෙ. මේ අතරේ මුල් කතාසමයෙ එකම හා ප්‍රධාන මායාකරු වෙන්නෙ රිවීයාවල ගැරල්ට්. වතාවකදී එයාට රෙන්ෆ්‍රී වගේම ස්ට්‍රේගෝබෝර් කියන එකිනෙකාව මරාගන්න හදන දෙන්නව මුණගැහෙනවා. මේ දෙන්නටම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියලා ගැරල්ට් විශ්වාස කලත් අවසානෙදි කෙළවරක් වෙන්නෙ ගැරල්ට්ම රෙන්ෆ්‍රීව මරලා දාලා එයාව ගම්වැසියන්ගෙ ගැරහීමට ලක් වෙලා එහෙන් පිටවෙලා යන්න වෙලා. එයා රෙන්ෆ්‍රී මරණ වෙලාවේ එයාට දැනගන්න ලැබෙනවා කැලෑවක ඉන්න ගෑණු ළමයා තමයි ගැරල්ට්ගෙ දෛවය කියලා.

ගැරල්ට්ගෙ මේ ගමන අතරතුර එයාට යැස්කියර් කියලා ගීත වයන්නෙක්වත් මුණගැහෙනවා. ඒවගේම මේ දෙන්නව එල්ව්ස්ලගෙ කිං ෆිලවැන්ඩ්‍රෙල්ට පවා අහුවෙනවා. සින්ට්‍රා රාජධානියෙ කැලැන්තේ රැජින තීරණය කලාම එයාගෙ දුව පෙවේටාව විවාහ කරලා දෙන්න, ඩූනි කියලා පෝර්කියූපයින් මිනිහෙක් ඇවිල්ලා විමතියේ නියමයෙ නාමයෙන් පෙවේටා කසාද බදින්න අයිතියක් තියෙනවා කියලා කියනවා. ඩූනි කියන්නෙ රාක්ෂයෙක් කියලා එයාව එතනම ඝාතනය කරන්න නියම වෙද්දී ගැරල්ට් එයාව බේරගෙන ඩූනි වගේම පෙවේටා දෙන්නා විවාහ වීමත් එක්කම ඩූනිගෙ ශාපයත් එයාගෙන් මැකිලා යනවා. ඩූනිට මේ කරපු උදව්වට ත්‍යාගයක් ලබා ගන්න කිව්වම ගැරල්ට් විහිළුවෙන් වගෙ කියනවා විමතියේ දරුවෙක් ලැබෙන්න ඕන කියලා. මේ මොහොතේදීම දැනගන්න ලැබෙනවා පෙවේටා ගැබ්ගෙන කියලා. මේ දැරුවා ඩූනිගෙ වුනත් අයිතිය ගැරල්ට්ගෙ කියලා දැනගත්තම එයා ඒ මොහොතේදීම එහෙන් යනවා.

කාලයක් යද්දී ගැරල්ට්ට නින්ද නොයන ප්‍රශ්ණයක් මතුවෙන නිසා එයා ජින් බෝතලයක් හොයාගෙන යනවා. මේක ඇතුලෙ හිටිය දේ යැස්කියර්ව අසනීපයට ලක් කරනවා. මේ නිසාම ගැරල්ට්ට සිද්දවෙනවා සරාගී මේජ් කෙනෙකු වන ‘වෙංගර්බර්ග් වල යෙනිෆර්’ මුණගැහෙන්න. කෙටියෙන් කියනවනම් යෙනිෆර් කියන්නෙ කාලෙකට කලින් කශේරුකාවෙ ආබාධයක් නිසා කුදු ගැහිලා, විරූපී විදිහට ඉදලා පස්සෙ කාලෙක මායාකාරියක වන ‘ටිසේයා ද ව්රිස්’ විසින් ඇයව ‘ආර්ටුසා’ නම් මායා පාසලට අරගෙන ගිහිල්ලා මෙහෙදී එයා එයාගෙ විරූපී බව නැති කරගෙන රූමත් වෙන්න වගේම බලගතු වෙන්නත් ලැබෙනවා. ඒත් මේ ලැබෙන දේවල් වලින් යෙනිෆර්ට කිසිමදාක ගැබ් ගන්න ලැබෙන්නෙ නැහැ. තමන්ගෙ ගර්භාෂයෙ ප්‍රශ්ණයට ප්‍රතිකාරයක් හොයමින් දේශයෙන් දේශයට මාරු වේවි හිටිය යෙනිෆර්ට ගැරල්ට්ව මුණගැහෙන්නෙ ජින් එකෙන් යැස්කියර්ට වෙච්ච දේට ප්‍රතිකාරයක් හොයාගෙන ආවාමයි. ජින් බෝතලයක් කියන්නෙ සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබෙන දෙයක් නිසා යෙනිෆර්ගෙ විසදුම ඒක වුනත් එයා ඒක ප්‍රයෝජනයට ගද්දි පාලනයක් නැතුව යන නිසා ගැරල්ට් එක ප්‍රර්ථනාවක් පාවිච්චි කරලා එයාව බේරාගෙන එහෙන් පිට වෙනවා. මෙහෙම ගියපු ගැරල්ට්ට නැවත වතාවක් යෙනිෆර්ව මුණගැහෙනවා ඒ මකර දඩයමක් අතරතුර. ඒවගේම මේ දෙන්නා මුණ ගැහුණු මේ අතරතුර යෙනිෆර්ට ගැරල්ට්ගෙ ත්‍යාගයක් විදිහට ලැබුණු දැරුවා ගැනත් දැනගන්න ලැබෙනවා.

සිරිලා කුමරියගෙ දෙමව්පියන් මුහුදු ගිහිල්ලා අතරමං වුන නිසා එයාට උස් මහත් වෙන්න සිද්දවුනේ තමන්ගෙ සීයා වගේම ආච්චි ලග. ගැරල්ට් බාර නොගෙන ගිය දරුවා ආරක්ෂා කරන්න කියලා ආයෙ සින්ට්‍රා වලට ආවත් කැලැන්තේ රැජින ගැරල්ට්ව හිර කරලා රජතුමා එක්ක නිල්ෆ්ගාඩ්ලා එක්ක සටන් කරන්න ගිහිල්ලා රජතුමාවත් මරණයට ලක් වෙලා ඔවුන් නගරය අල්ලාගන්නවා. කැලැන්තේ රැජිණ ආපහු එන්නෙත් බරපතල තුවාල එක්කයි. සින්ට්‍රාවල අවසන් හුස්ම හෙලන කැලැන්තේ රැජිණ සිරිලාට කියනවා ‘ගිහිල්ලා රිවීයාවල ගැරල්ට්ව හොයාගන්න, ඔහු තමයි ඔබේ දෛවය කියලා.’ නගරෙන් පිටවෙලා යද්දී ඇයව කහියර්ට අහුවෙනවා. පස්සෙ එයාගෙන් බේරිලා කැලෑවට යද්දී, ඩාරා කියලා එල්ෆ් පිරිමි ළමයෙක්ව මුණගැහෙනවා. මේ දෙන්නා සරණාගතයින්ගෙ කදවුරකට ගොඩවැදුනත් එහෙදිත් කහියර් ඇතුළු නිල්ෆ්ගාඩ්ලගෙ පහර දීමක් එල්ලවෙන නිසා එයාලා එහෙන් පැනලා යන්නෙ ‘බ්‍රෝකිලොන්’ කියලා ඝන වනාන්තරයකට. මේ අතරේ කහියර් වැඩට ගත්ත තවත් කෙනෙක්ගෙ අනන්‍යතාවයන් හොරාගන්නා කෙනෙක් ලවා මවුස්සැක්ගෙ මුහුණුවර අරගෙන සිරිලා අල්ලගෙන එන්න කියලා පිටත් කරලා යවපුවාම එයා බ්‍රෝකිලොන් වලටත් ඇවිල්ලා සිරිලාව රවට්ටලා එහෙන් එක්කගෙන යද්දී එයා ඇත්තටම මවුස්සැක් නෙවෙයි කියලා දැනගන්න ලැබුනට පස්සෙ ඩාරාගෙ උදව් ඇතිව ඒ විකෘතිකයාගෙන් බේරෙනවා. හැබැයි මේ වතාවෙදි ඩාරා එයාගෙන් ඈත්වෙලා යනවා. තනියම රෑ ගත කරද්දී සිරිලා පහර දීමට ලක් වෙද්දී එයා එයාගෙ බලයන් පාවිච්චි කරලා ඒ මිනිස්සු මරලා දානවා. මේ බව එයාට දැනගන්න ලැබෙන්නෙ උදේ ඇහැරෙද්දි. ඒ අහලට එන ගෑණු කෙනෙක් සිරිලාව එයා ජීවත් වෙන තැනට එක්කගෙන යනවා. එයා ජීවත් වෙන්නෙත් සොඩ්න් සටන සිද්දවෙන ලගපාතමයි.

නිල්ෆ්ගාඩ්ලා එක්ක සිද්දවෙන සටන අතරතුර යෙනිෆර් ප්‍රතිවිරුද්ධකරුවන් සියලු දෙනාවම එයාගෙ බලයන් ගින්දර බවට පත් කරලා සේරම අයව පුච්චලා මරලා දැම්මා. මේ අතරේ සිරිලා නැවත වතාවක් හීනයක් දකිනවා ගැරල්ට් වගේම ටිසේයා දෙන්නම යෙනිෆර් කියලා ගෑණු කෙනෙක්ව හොයනවා කියලා. ඒත් එක්කම එයත් ඇහැරිලා කැලෑව පැත්තට දුවන්න ගත්තා. ඒ අතරේ ගැරල්ට් සිරිලාව හොයාගෙන සරණාගත කදවුරකට ගියාම එහෙ හිටිය රාක්ෂයෙකුගෙ හපා කෑමට ලක් වෙලා ඇදගෙන වැටිලා ඉද්දි එයාව මනුස්සයෙක් කරත්තයක දාගෙන එන අතරේ ආපහු සිහිය ආවා. සිහිය එන්න කලින් ගැරල්ට් එයාගෙ අම්මා ‘විසේනා’ විසින් ගැරල්ට්ව මායාකරුවෙක් වෙන්න අතරමං කරලා දාලා ගියපු හැටි. ගැරල්ට්ට ආයෙ සිහිය එද්දී කරත්තෙ හිටිය වෙළෙන්දා මේ අයගෙ ගොවිපලට ආවම එයාගෙ නෝනා එක්ක සිරි ගැන කතා වෙනවා ඇහුණාම ගැරල්ට්ට තදියමේ කැලෑව පැත්තට දුවගෙන යද්දී එයාට එයාගෙ දෛවය එහෙම නැත්තම් සිරිලා අවසානෙදි මුණගැහෙනවා. ඒත් එක්කම ගැරල්ට්ගෙන් අහනවා ‘කවුද යෙනිෆර් කියන්නෙ’ කියලා.

ඔන්න ඔහොමයි මුල් කතාසමයෙ අන්තර්ගතය වුනේ. හැම පුංචි සිදුවීමක්ම මේකෙ ඇතුලත් නොවෙන්න පුලුවන්. ඒත් පුංචි මතක් කර ගැනීමක් වෙනුවෙන් ප්‍රමාණවත් වේවි කියලා හිතනවා.
දෙවන කතාසමය
කතාවේ වෙන දේවල් නොකියා පුංචි පසු සටහනක් දෙවැනි කතාසමය ගැන දෙන්නම්. The Witcher කියන්නෙ සම්පුර්ණ නවකතා පොත් අටකින් සමන්විත කතා පෙලක්. මුල් කතාසමය නිර්මාණයට ‘The Last Wish’ හා ‘Sword of Destiny’ පාදක වෙද්දී දෙවැනි කතාසමයට පාදක වෙලා තියෙන්නෙ ‘The Last Wish’ හා ‘Blood of Elves’ නවකතා පොත් දෙක වගේම ‘Time of Contempt’ කියන නවකතාවෙ මුල් ආරම්භයත් පාදක කරගෙනයි.
පලවෙනි කතාසමය විකාශය වෙලා වසර දෙකක කාල පරතරයක් ඇති වෙනවා, ඒ කොවිඩ්-19 වසංගතයට මේ කතාමාලාවේ රංගන ශිල්පියකු මෙන්ම කාර්ය මණ්ඩලයෙ කෙනෙකු ගොදුරු වෙන නිසාත්, රූගත කිරීම් අතරතුර රංගන ජීවීතයෙ නැවත කිසිදු දිනක තමන්ටම අසීරු කාර්යයන් සිදු කරන්න බැරි මට්ටමේ තත්වයක් පවා උදා වීමට ගිය රංගන ශිල්පී හෙන්රි කැවීල්ට ඇතිවෙච්ච ආබාධ තත්වය නිසාත් මේ කතාමාලාවේ රූගත කිරීම් ආසන්න වශයෙන් තුන්වතාවකටත් නතර කරන්න ඇති. ඉතිං ඔය වගෙ බාධක මැද්දෙ නිර්මාණය වුන දෙවැනි කතාසමය නිකුත් වෙන්නෙ මෙවර දෙසැම්බර් 17’වැනිදා, ඒ සුපුරුදු පරිදි කොටස් අටක් ඇතුලත් වෙන විදිහට.
ඉතිං දෙවෙනි කතාසමය නිකුත් වෙන්න කලින් අපූරු ස්පින්-ඕෆ් ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය වෙලා නිකුත් වෙනවා ‘The Witcher: Nightmare of the Wolf‘ නමින්. මේකත් The Witcher විශ්වයටම අලලා මුල්ම මායාකරුවන් නිර්මාණය වුන විදිහ පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්. ඒවගේම තමයි අපිට හුරු පුරුදු The Witcher කතාමාලාවෙ සිදුවීම් වලට වසර 1200 ක කාලය පාදක කරගත් ‘The Witcher: Blood Origin‘ නමින් කොටස් හයක තවත් වෙනම කෙටි කතාමාලාවක්ද නිර්මාණය වෙමින් පවතිනවා. ඒවගේම කියන්න ඕන දෙවැනි කතාසමය විකාශය කරන්න මාස දෙකකට කලින්, ඒ කිව්වේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී The Witcher කතාමාලාව තුන්වන කතාසමය දක්වාද දීර්ඝ කිරීමක් නිල වශයෙන්ම Netflix ආයතනය යටතේ සිදු වනවා.
කලින් වතාවේ වගෙ දවස් කීපයකින් උපසිරැසි ටික දෙන්න බැරි තත්වයක් උදා වුනත්, හැකි විදීහට ඉතිරි කොටස් හත අරගෙන එන්නම්. එහෙනම් ඉතිං මේ එක්කම ආරම්භ කරන දෙවැනි අදියරත් රස විදින්න කියලා ආරාධානා කරන ගමන් සමු ගන්නවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
34,243 downloadsDownload The-Witcher-S02-E01.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
46 comments
Anonymous
Anuja Lakshitha
thanks ayye sub ekt
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Mahesh
චෝර සයිට් එකකින් දීලා තිබ්බා බන් කලින්
කතාවට ආදරේ නිසාම බයිස්කෝප් සබ එනකම් හිටියේ.
නැත්තම් අරුන් කතාවත් එපා කරලයි නවතින්නේAnonymous
සිරා කතාව බන්
මේලෝකේ කොලිටියක් නැති ගොබ්බ සබ් තියෙන්නේ උන්ගෙ
ඒකනිසයි කොච්චර පරක්කු වුනත් බයිස්කෝප් දෙනකන්ම ඉවසන් ඉන්නේ
Naveen
උපසිරසියට තුති
Anonymous
තෑන්ක්ස් බයිස්කෝප් ! ජය වේවා !
Sisila
උපසිරසට ස්තූතියි. පුල්වන්නනම් නැවතුනු කතා වලට සබ් කරන්න. අර The Flash එහෙම අතැරලම දාලනෙ. පරන ජනප්‍රිය කතා අතරින්න එපා විශ්වාසෙන් මේ සයිට් එකට එන්නෙ සබ් ගන්න. ඉස්සර වගෙ නෙවෙයි දැන් වෙබ් සයිට් එකෙ අවශ්‍ය ඒවට වඩා අනවශ්‍ය ඒවට සබ් දෙන්නේ. ඉස්සර තිබ්බ ගුණාත්මක සයිට් එක ඕනි අපිට.
Chämàrá Sâmpáth
දැන් එතකොට ඔය 'අලුත්', 'අනවශ්‍යයි' කියලා කියන්නෙ මේකටද? මේක නවත්තලා The Flash දුන්නම මේකත් නවතිනවානෙ.
ඔය ඇරෝවර්ස් එකේ කතා වලට මෙතෙක් සබ් කරපු හැමෝම ඔය කතාවල් බැලුවා. ඒකත් එයාලට සබ් කරන්න සිද්දවුන නිසා. ඕවයෙ සබ් කරපු හැමෝම දැන් කාර්යබහුලත්වය නිසා උපසිරැසිකරණයෙන් ඉවත් වෙලා ඉන්නෙ. ජීවීතේට ඕවා බලපු නැති අය ලවා සබ් කරවන්න අමාරුයි. ඇරත් CW, සුපර්හිරො ඒවට සබ් කරන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා අපිට බල කරන්නත් බැහැ. මොකද අපි කොයි කවුරුත් සබ් කරන්නෙ හිතේ පුංචි හරි කැමැත්තක් තියෙන දේවල් වලට. දැන් හිතනවා ඇතිනෙ මට මේවා කරන වෙලාවේ The Flash කරන්න පුලුවන්නෙ කියලා. මමත් ඕවා බලන එක නවත්තලා දැන් අවුරුදු ගාණක් වෙනවා. ඒ තරමටම ඔය ලාමක කතා මට (පුද්ගලිකවම) අප්පිරියයි.
ඔය දේවල් නිසා තමයි තවදුරටත් The Flash වගෙ එක සීසන් එකක් අවුරුද්දක් තිස්සේ ඇදෙන, කෙළවරක් නැති කතා පටන් නොගෙන, මිනි (ලිමිටඩ්) වගෙ එකක් කරගෙන, කරලා ඉවර කරගන්න පුලුවන් මග නැවතුනු කතාවකුත් කරගෙන අපේ අය පාඩුවේ ඉන්නෙ. The Witcher පටන් ගත්තෙ අවුරුද්දකට හො දෙකකට වතාවක් රිලීස් වෙන කොටස් 08 කොහොමහරි කරගන්න පුලුවන් කියන විශ්වාසය නිසා. ඒ නිසා මමනම් හිතන්නෙ නැහැ ඔයා මේක 'අනවශ්‍යයි' කියලා ප්‍රශ්නයක් කරගන්න ඕන කියලා.
Anonymous
Sira kathawa bn
Oya bolada series nwatwana ekma tmai hoda
Oya fantasy loka wala hirawechcha un kyna ewa gnan gnna epa bn,asarana jewetha neh
Mini series dena eka nm nwatwanna epa lagadi ravindu saho athulu set eka deepu series tika niyamai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
බයිස්කෝප් එකෙන් ම සබ් එක දෙනකල් බලන් හිටියේ...
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
සුපිරියි ඇහ්හ්හ්
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Rumesh
Thanks saho
Anonymous
Thanks bn
Thilina
supri wadak
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
❤❤
yomal
thanks baiscope team
Anonymous
Tnq Brdh ❤️✨
Namal
The wheel of time සීරිස් එකට සබ් දෙන්නේ නැත්තෙ ඇය්.බය්ස්කෝප් සය්ට් එකේ තියෙන්නම ඕන එකක්. උපසිරැසියට බොහොම ස්තුතිය
Nilush Angana
Sub ekata thanx
Gihan
Sub ekta thanks saho
Jaya wewa....Anonymous
Thnkz
Lahiru Bandara
සුපිරි ඩෝ මේක එනකම් තමා බලන් හිටියේ. පට්ට කතාව පලවෙනි සීසන් එක දවස් දෙකෙන් බලල ඉවර කළා. පුළුවන්නම් දවසට එකගානෙවත් සබ් දියන් බන් මේ සීසන් එකට එල මචන් සුපිරි තෑන්ක්ස්
Asanga
thank you soooo much...
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ !!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Redrux
Thnkz bro
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Prabhath Malinda
Subtitle දෙන සයිට් කොච්චර තිබ්බත් baiscopelk තරම් Quality subtitle දෙන්න ඒ කාටවත් බෑ... Thank you so much baiscopelk . Supiriyak චාමර සම්පත් ❤
Prasanga
Thanks
Anonymous
Superb
Ranjana deshan
Thax godk asawen bln hitiye enkm
chinthaka.max4
thankx machan
Kevin
Suddo ai spiderman no way home eka Donna mechchara parakku
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith
elaaaa
lakshan
thanks ........................
Dewadithya
Thanks for Sub!
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ලිපිය පළමු සීසන් එක මතක් කරගන්න උදව් වුනා. ලිපියට තුති!Miyuru
THANX BRO
Anonymous
Jaye wewa.wisthere tike godac watinewa .Hamedema sartheke wewa!
Roshan
Thnx bro...Great job... Good luck...
nilanka
thanks.....
Advertisement


දෙනකන් බලන් හිටියේ ආයුබෝවන්ඩ