Watch Trailer

WandaVision [E03] Sinhala Subtitles | පුංචි පවුල [සිංහල උපසිරසි]

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයට…

WandaVision පළවෙනි කොටස් දෙකම එක වර නිදහස් වුණා ප්‍රේක්ෂක කැමැත්ත අකමැත්ත නිරීක්ෂණයකට. සමහරුනම් අකමැති වෙලා තිබු‍ණා මේකේ සිට්කොම් ගතියට. මොකද කිව්වොත් එයාලා මේ සීරිස් එකෙනුත් බලාපොරොත්තු වුණේ සාමාන්‍ය සුපිරි වීර කතාවක් බලන්න ලැබේවි කියලයි. හැබැයි අමතක කරන්නත් එපා මේ කතාවෙන් මුලු මාවල් සිනමා විශ්වයටම බලපෑමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි වගේම මේක ඇතුළුව තව කොටස් 7ක්ම නිකුත් වෙන්න තියෙන බව. පළවෙනි කොටසේ ස්ටාර්ක් ආයතනයේ ටෝස්ටර් දැන්වීම වගේම දෙවෙනි කොටසේ තිබුණු දැන්වීම ස්ට්‍රකර් ඔරලෝසු දැන්වීම. හයිඩ්‍රා ලකුණත් ඒ ඔරලෝසුවෙ තියෙනව ඔයාල දකින්න ඇති.

හරි එහෙනම්, මුලින්ම අපි පුරුද්දට වගේ පහුගිය කොටස ගැන පොඩ්ඩක් ආවර්ජනයක් කරමු. ලිපිය ටිකක් දිග නිසා තුන්වෙනි එපිය බලන්න හදිසි අය බලලා ඇවිත් කියෙව්වත් තරහා නෑ. ටිකක් විශේෂ කරුණු ටිකක් සඳහන් කරන්න හිතුවා අද ලිපියට.

දෙවෙනි කොටස පටන්ගත්තෙ දඩ බඩ ශබ්දයකින්. මේකට මහ රෑ වොන්ඩා-විෂන් ජෝඩුව මහ රූ බව වුණත් ඔවුන් දකිනවා ඒක ආවෙ ගස්වල අතු ගැටීමකින් කියලා. ඉතින් දෙවෙනි කොටසෙ මූලිකව තිබුණෙ ටැලන්ට් ෂෝ එකක් ගැනනෙ. මේ ටැලන්ට් ෂෝ එක පැවැත්වුණේ වෙස්ට්වීව් ප්‍රාථමික පාසලට අරමුදල් එකතු කිරීමක් වශයෙන්. ඉතින් ඔයාලා දන්නවනේ වොන්ඩාට ලොකු උවමණාවක් තිබුණා කියලා නගරයට ගැළපිලා ඉන්න. ඒ නිසාම වොන්ඩායි විෂනුයි මේකට සම්බන්ධ වෙනවා මැජික් ෂෝ එකක් කරන්න. හැබැයි ඒ අනිත් අයට ඔවුන්ගේ කිසිම බලයක් නොපෙනෙන්නත්, සාමාන්‍ය අය විදිහට පේන්නත් වැඩ කරනවා කියන තීරණය ඇතුව. විෂන් අසල්වැසි ආරක්ෂාව ගැන කතා කරන්න නගරෙ පොදු පුස්තකාලයේ එයාගේ වැඩපළේ යාළුවො කිහිප දෙනෙක් පවත්වන රැස්වීමකට යනවා. මේ අතරෙ ආපහු අර මුලින් ආපු ශබ්දය‍ වොන්ඩාට ඇහෙනවා. වත්ත‍ට යන වොන්ඩාට දකින්න ලැබෙන්නේ හරි අමුතු දෙයක්. පඳුරු අතර වැටිලා තිබුණ හෙලිකොප්ටරයක්. වැදගත්ම දේ ඒකේ පාට පැහැදිලිව පෙනුනා. ඒ විතරක් නෙමෙයි ඒකෙ S.W.O.R.D ලකුණත් දකින්න තිබුණා.

S.W.O.R.D කෙටි නමේ තේරුම Sentient Weapon Observation Response Division. සිංහල තේරුම ගත්තොත් ජීවී ආයුධ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හා ප්‍රතිචාර දැක්වීමේ කාර්යංශය. ඒකත් S.H.I.E.L.D. එකට සම්බන්ධ වෙනත්ම සංවිධානයක්. ශීල්ඩ් ගැනනම් ඔයාලා විස්තර ඇතිව කලින් අහලා ඇති. ශීල්ඩ් ගැන ලිපියක් මෙතන තියෙනවා. හොයල බැලුවොත් ඔය S.W.O.R.D වගේ විවිධ කොටස් ගැන බලන ශීල්ඩ් හා සම්බන්ධ සංවිධාන කිහිපයක්ම තියෙනවා. අපි S.W.O.R.D ගැන බැලුවොත්, ඒකෙන් කරන කාර්ය තමයි ලෝකයට ඇති වෙන පිටසක්වල තර්ජන සහ අභ්‍යාවකාශීය බලපෑම් සම්බන්ධ දේවල් ගැන බලා‍ගන්නේ.

S.W.O.R.D ලෝගෝව

ඔයාලට මතක ඇති පළවෙනි එපිසෝඩ් ‍එක ඉවර වුණේ කතාවටම අදාළ කල්පිත ක්‍රෙඩිට් දර්ශනයකින්. ඒක කවුරුහරි නිරීක්ෂණය කරගෙන හිටියා. එතන තියෙන පොතේත් තියෙන්නේ S.W.O.R.D ලකුණ.

වෙනත් ලෝක තර්ජන ගැන බලන ස්වෝර්ඩ් එක ඇයි මේ දිහා බලන් ඉන්නේ. දේවල් කිහිපයක්ම ඔන්න අපිට හිතට එනවා. පිටසක්වල ප්‍රශ්ණ කිව්වම, වෙනත් යථාර්තයන්, වෙනත් මානයන් සහ කුඩා මානයන් වගේම වෙනත් විකාරකාරී වෙනස්කම් ගැනත් බලනවා. මේ අතරින් දෙයක තමයි වොන්ඩා-විෂන් ජීවත් වෙන්නේ කියලා අපිට පැහැදිලිවම හිතන්න පුලුවන්. හැබැයි මෙයාලා ශීල්ඩ් එකට වඩා තද ක්‍රියාමාර්ග ගන්න කට්ටියක් වෙන්නත් පුලුවන්.

නැවතත් දෙවෙනි එපිය ගැන බැලුවොත් වොන්ඩා යනවනේ ඇග්නස් එක්ක ටැලන්ට් ෂෝ එකේ සැලසුම් කිරීමේ රැස්වීමකට. එතනදී ජෙරල්ඩීන් කියලා කෙනෙක්ව වොන්ඩාට හඳුනගන්න ලැබෙනවා.

එයා ගැන ටිකක් හොයලා බැලුවොත්, ඇයගේ ඇත්ත නම තමයි මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ගේ යාලුවා මාරියා රැම්බෝගේ දියණිය. Captain Marvel (2019) චිත්‍රපටයෙදීනම් අපි දැක්කේ මොනිකාව පොඩි ළමයෙක් විදිහට. අර කැප්ටන් මාවල්ගේ ඇඳුමේ ඩිසයින් එක විවිධ විදිහට වෙනස් කරන පුංචි කෙල්ල. හැබැයි Teyonah Parris විසින් රඟ දක්වන මේ වැඩිහිටි මොනිකාව අපිට පළමු වතාවට දකින්න ලැබෙන්නේ වොන්ඩා-විෂන් සීරිස් එකේදියි. ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත Captain Marvel 2 චිත්‍රපටයෙනුත් දකින්න ලැබෙයි අපිට මේ වැඩිහිටි මොනිකාව.

වොන්ඩා, ඩොටී එක්ක ඉන්න අතරතුරේත් විශේෂ සිදු වීමක් වෙනවා. කවුරුහරි කෙනෙක් කතා කරනවා වොන්ඩාට රේඩියෝවක් හරහා. “කවුද ඔයාට මෙහෙම කරන්නෙ වොන්ඩා?”  කියලා ඒ කෙනා අහනවා. සමහරුන්ට තේරිල තියෙනවා මේ Ant-Man and the Wasp (2018) චිත්‍රපටයෙන් අපිට හමු වුණු ස්කොට් ලෑං ගැන බලපු FBI නියෝජිතයා, ජිමී වූ ගෙ කටහඬ වෙන්න පුලුවන් බව. ඒ ගැනත් ඉදිරියට වැඩි විස්තර දැනගන්න පුලුවන් වේවි. කොහොමවුණත් ජිමී වූව වොන්ඩා-විෂන් කතා මාලාවේදි දැකගන්න පුලුවන් අපි ට්‍රේලර් එකෙනුත් දැක්ක විදිහට.

ජිමී වූ

කොහොමහරි, මැජික් සංදර්ශනයත්, නම්බුවත් ගොඩින් බේරගන්න ජෝඩුව සමත් වෙනවා. අන්තිමේට වොන්ඩා ගැබිණියක් වෙලා තමයි කතාව ඉවර වෙන්නේ. හැබැයි අර කතාවෙ මුලින් ආපු ශබ්දය ඇවිත් ඔවුන් එළිමහනට ඇවිත් බලද්දි අභිරහස් මී මැසි පාලකයෙක් පොළොව යට පියනක් ඇරගෙන එනවා දකිනවා. ඒ මී මැසි පාලකයාගේ පිටේ තිබුණු ලකුණන් කුමක් අදහස් වෙනවාද කියලාත් ඇත්තටම එයා කවුද කියලත් ඉදිරියේදි එළි වේවි. ඒ ගැන අපි වැඩිය හොයන්නෙ නැතුව ඉමු. ඒක වොන්ඩා දකිනවාත් එක්ක, ආපහු කාලයේ හෝ යථාර්තයේ පිටුපසට යනවා. ඒත් එක්කම වොන්ඩා-විෂන්ගේ හාදුවෙන් පස්සේ හැම දේම පාට වෙන්න ගන්නවා පළවෙනි වතාවට.

ඇත්තටම හරිම විකාරයි වගේ නේද දැනට කතාව? කතාවත් හොඳටම කුතුහලාත්මකයි. ඉතින් තවත් ලිපිය දික් කරන්න අදහසක් නෑ. ඒ නිසා තුන්වෙනි කොටස ගැන කියන්නෙ නෑ. ඔයාලම බලන්නකෝ සිද්ධ වෙච්ච අලුත්ම වෙනස්කම් එක්ක කතාව කොහොමද ඉදිරියට ගලාගෙන යන්නේ කියලා…

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

13,298 downloadsDownload WandaVision-E03-1.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

13,298 downloadsDownload Subtitles19 KB

34 comments

  1. Dulan

    සබ් එකට තෑන්ක් බ්‍රෝ

  2. Dulan

    Sub ekata thanx bro

  3. Anonymous

    Ikmanata dunnata thanks

  4. kalana Dhananjaya

    wow!Thanks bro

  5. Salitha Isuranga

    Thanx brooooo

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Kasun

    Thank you bro ikmanatama sub eka dila :D

  10. geeganagamage

    කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  11. විමා

    සබට තුති මලේ..
    කතාව සෙට්. ❤️

  12. saliya_dasanayake

    mekath athal tikak

  13. UDARA DAMITH

    ela lipiya

  14. Anonymous

    ස්තූතියි සබ් එකට

  15. Anonymous

    Thanks for the sub <3

  16. NKMKanishka

    Thanks for the sub <3

  17. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  18. Waruna Kamalawansha

    මරු බොහෝම ස්තූතියි

  19. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  21. Shaggy

    Thank you very much

  22. Dushan

    nice

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Pramukmili

    Thanxxx bro..........

  26. Ishan Madusha

    බොහොම ස්තූතියි

  27. sasanka sathyajith

    Thanks for the sub

  28. Dewadithya

    Thanks for sub!

  29. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  30. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  31. Bimbisha Adithya

    උපසිරැසියට බොහොම ස්තූතියි ♥️

  32. Anonymous

    thanks

  33. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  34. රවින්ද්‍ර

    තෑන්ක්ස් සබ් එකට