Watch Trailer

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්,…

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා.

හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. 

ඩොක්ටර් නීල්සන්, වොන්ඩාව පරික්ෂා කරලා, දරුවෙක් ලැබෙන්න ඉන්න බව තහවුරු කරමින් තමයි එපිසෝඩ් එක පටන්ගත්තේ. දැන් කුසට මාස 4ක් කියලත් හැමදේම හොඳින් බවත් ඔහු කියනවා, නිවාඩුවක් අරගෙන ‍එයාගෙ නෝනා එක්ක බර්මියුඩාවට විනෝද ගමනක් යන්නයි ඔහු හිතාගෙන හිටියේ. ඊට පස්සේ ‍විෂන් විසින් ඩොක්ටර්ව එළියට ඇරලවන්න එද්දි හරි අමුතු දෙයක් එළියෙ සිද්ධ වෙමින් තිබුණෙ. එයාලගෙ අසල්වැසියෙක් වෙන හර්බ් පඳුරක් කපනවා තාප්පෙත් එක්කම. වොන්ඩායි විෂනුයි දරුවට දාන නම බිලී ද ටොමී ද කිය කියා තර්ක කරමින් ගෙදර ඉපදෙන්න ඉන්න දරුවා සඳහා සකස් කිරීම් කරනවා. ඒ අ‍තරේ තව මාස දෙකකින් කුසේ දරුවගෙ වයස ඉදිරියට යනවා, දැන් කුසට මාස 6යි. වොන්ඩාගෙ කුස තුළ ව්‍යාජ හැකිළීම් ඇති වෙන්න පටන්ගන්නවාත් එක්කම වොන්ඩාගේ බලයන් එයාටත් නොදැනීම ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ගෙදර තියෙන දේවල් හෙලවෙන්න ගන්නවා, මුළු නගරෙම කරන්ට් එක නැතුව යනවා.

වෝටර් බෑග් එක කැඩෙන නිසා විෂන් යනවා ඩොක්ටර්ව එක්කං එන්න. කොහොමහරි වොන්ඩාගේ යාළුවා, ජෙරල්ඩීන් ඇවිත් තමයි දරුවාව බිහි කරන්න උදව් කරන්නේ. ට්‍රිප් එක යන්න බලං හිටිය ඩොක්ටර්ගෙ කාර් එක කැඩිලා. විෂන් ප්‍රමාද වෙලා හෝ ඩොක්ටර්ව එක්කගෙන එද්දිත් දරුවා ඉපදිලා. විෂන් ඒ දරුවට වොන්ඩා කැමති වුණු නමින්, ටොමී කියලා කතා කරනවා. එක දරුවෙක් කියල හිතන් හිටියට මොකද බලද්දි නිවුන්නු. ඒ වෙලාවෙම තව දරුවෙක් බිහි වෙනවා. ඒ තමයි බිලී කියලා වොන්ඩාම කියනවා.

විෂන් එළි මහනට එද්දි ඔහුට ඇහෙනවා ඇග්නස් සහ හර්බ් ඕපාදූප වගයක් කතා වෙනවා. ඇත්තටම ඒ දෙන්නා කතා කරන්නෙ ජෙරල්ඩීන් ගැන. එයා එක පාරටම නගරෙට ආපු පවුලක්, සැමියෙක් හෝ ගෙයක්වත් නැති කෙනෙක් කියලාත් වොන්ඩාගෙ ගෙදරට එයා ගියා කියලත් තමයි ඇග්නසුයි හර්බියි කතා වෙන්නේ‍. වොන්ඩා ජෙරල්ඩීන්ට කියනවා එයාත් නිවුන් කෙනෙක් බවත්, ඇයට පියෙත්‍රෝ කියල සහෝදරයෙක් සිටි බවත්. (පියෙත්‍රෝ තමයි Avengers: Age of Ultron (2015) චිත්‍රපටයේදී අපිට දකින්න ලැබුණු ක්වික්සිල්වර්.)  ඒ ගැන කියද්දි ජෙරල්ඩීන් වොන්ඩාගෙන් අහනවා “පියෙත්‍රෝව අල්ට්‍රෝන් මැරුවා නේද?” කියලා. වොන්ඩා එතකොට ආයෙ අහනවා මොකක්ද ඔයා ඒ කිව්වෙ කියලා. නමුත් ජෙරල්ඩීන් ඒක මග අරිනවා. ජෙරල්ඩීන්ගෙ මාලෙ තියෙන ස්වෝඩ් ලකුණ දකින වොන්ඩා ඔයා කවුද කියලා ජෙරල්ඩීන්ගෙන් අහනවා. නැවත ගේ ඇතුළට විෂන් එනකොට ජෙරල්ඩීන් නැහැ. ඇය වෙස්ට්වීව් නගරෙන් එළියෙ. ද්වාරයකින් ජෙරල්ඩීන්ව පිටතට නෙරපනු ලැබෙනව.

ජෙරල්ඩීන් කියන්නේ ස්වෝඩ් නියෝජිතවරියක් බවත්, එතන වට කරලා ස්වෝඩ් නියෝජිතයින් විසින් ආරක්ෂක මුරපොළක් හදලා තියෙන බවත් තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ. ඒ නෙරපුම සිද්ධ කළේ බොහෝ විට වොන්ඩා කියලයි මටනම් හිතෙන්නේ. බොහෝවිට වෙස්ට්වීව් තුළ වෙනත්ම යථාර්තයක් වොන්ඩා විසින් පාලනය කරනවා වෙන්න පුලුවන්.  මතකද ඩොක්ටර් කිව්වා, මේක අපිට පැනලා යන්න බැරි පුංචි නගරයක් බව? විෂන්ට යමක් තේරීගෙන එනකොට යථාර්තය නැවත සකසන්නේ වොන්ඩා වෙන්න පුලුවන්. සමහරවිට මේ අතුරු චරිත සියල්ල වොන්ඩාගේ යථාර්තය තුළ සිරකරුවෝ වෙන්න ඇති. මතකනෙ විෂන්, විලියම් ෂේක්ස්පියර්ගේ “මුළු ලොව රඟ මඩලකි. සියලු මිනිසුන් හා ගැහැණුන්, හුදෙක් එහි නළු නිළියෝයි” කියල කියන කවි කොටස? ඒක අහම්බයක් නොවෙන්නත් පුලුවන්. සමහරවිට විෂන්ට තේරෙනවා ඇති මේ ලෝකය බොරුවක් බව. කොහොමවුණත් මේ කොටස ඇතුළු කතාවේ ඉදිරි කොටස්වලින් මේ ප්‍රශ්ණ සියල්ල විසඳගන්න වගේම කුතුහලය විසඳගන්න පුලුවන් වේවි.

අවසන් වශයෙන් ඔයාලා දැනටමත් සමහරවිට දන්නවා ඇති මේ වොන්ඩා-විෂන් සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Avengers: Endgame (2019) සිදු වීම්වලින් පසුව කියලා, ඒ ගැන තහවුරු කරලා තිබුණේ මේ කතාවෙ මොනිකා රැම්බෝ ලෙසින් රංගනයෙන් දායක වෙන Teyonah Parris.  ඒ වගේම පහුගිය දවසක IMDb එක සමඟ කළ සාකච්ඡාවක් අතරතුරදී විෂන් ලෙස රංගනයෙන් දායක වන Paul Bettany විසින් Endgame චිත්‍රපටයේ වොන්ඩා විසින් විෂන්ගේ මළසිරුර ලබාගන්නා ආකාරයේ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් තිබෙන්න ඉඩ තිබුණු බව සඳහන් කරලා තිබුණා.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

12,675 downloadsDownload WandaVision-E04-1.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

12,675 downloadsDownload Subtitles36 KB

38 comments

  1. Gayana Thathsara

    අඩේ තෑන්ක් බ්න් සබ් එකට හවස ඉඳන් හෝම් එක රීෆ්‍රෙශ් කර කර හිටියෙ සබ් එක තියේද බලන්න...

  2. Anonymous

    thzzz සහෝ ජය වේවා

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Anonymous

    Niyamai sub

  6. Anonymous

    Ammo dena wegee ❤️❤️❤️ thanku wewaa

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Thisara sandeepa

    Godak ස්තූතියි

  9. Kasun

    මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි :D

  10. යුරාන් ධනුක (දනුවා)

    Thanak you Bro !!!

  11. geeganagamage

    බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  12. විමා

    පට්ටයි විස්තරේ.
    මෙන්න ලිපි.❤️

  13. Anonymous

    Niyamai

  14. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  15. Anonymous

    Thanks bro.............

  16. Ruchira

    Thanks for the sub!

  17. Waruna Kamalawansha

    නියමයි......

  18. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  19. AKASH

    thanx bro!

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    1. Salitha Isuranga

      තෑම්ක්ස්

  21. Gayana Thathsara

    අලුත් සබ් එකත් දෙන්ඩෝ.... Episode 5

  22. Shaggy

    Thank you very much

  23. Anonymous

    thanks for subtitle

  24. Dushan

    nice

  25. Malaka prasad

    thnak you bro.....

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Pramukmili

    Thanx bro.............

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  30. sasanka sathyajith

    Thanks for the sub

  31. Dewadithya

    Thanks for sub!

  32. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  33. kasun weerasinghe

    me sub eka galapenne nahane

  34. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  35. Bimbisha Adithya

    උපසිරැසියට බොහොම ස්තූතියි ♥️

  36. Nisal

    thanks for sub

  37. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the goodwork.