Watch Trailer

Peaky Blinders [S05 : E05] Sinhala Subtitles | තිගැස්ම [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 05 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් බ්‍රිලියන්ට් චෑන්ග් කියන චීන ජාතිකයා තෝමස් ෂෙල්බි හමුවට අපූරු විදිහකට ව්‍යාපාර යෝජනාවක් අරගෙන එනවා. ඒ ව්‍යාපාර යෝජනාවේ තියෙන අධික ලාභය සහ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළ…

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 05 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් බ්‍රිලියන්ට් චෑන්ග් කියන චීන ජාතිකයා තෝමස් ෂෙල්බි හමුවට අපූරු විදිහකට ව්‍යාපාර යෝජනාවක් අරගෙන එනවා. ඒ ව්‍යාපාර යෝජනාවේ තියෙන අධික ලාභය සහ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපළෙන් සිදු උන පාඩුව පියවගන්න ඕන නිසා තෝමස් ෂෙල්බිට අබින් ව්‍යාපාරයටත් සම්බන්ධ වෙන්න සිදු වෙනවා. ඒ අතරේ බිලී බෝයිස්ලා එක්ක දැන් තෝමස් ෂෙල්බි ව්‍යාපාර කරන්නත් පටන්ගෙන. ඒ ව්‍යාපාර සිදු කිරීමේදී බිලී බෝයිස්ලාගෙන් ලබාගන්න චෙක් පතක් සඳහා ඇපකාරයෙක් කරගන්න හදන්නේ ඔස්වල්ඩ් මෝස්ලිවයි. ඒකෙන් ඔස්වල්ඩ් මෝස්ලි හා බිලී බෝයිස්ලා අතර සම්බන්ධතාවක් ඇති බව ඔප්පු කරන්න තෝමස් ෂෙල්බි උත්සාහ කරනවා. ඒ වගේම ආතර් ට වෙඩි තියන්න ආපු ලින්ඩට වෙන්නේ වෙඩි තියන්න නෙවෙයි. පොලී ග්‍රේ ගෙ වෙඩි පාරකට ලක් වෙන්න.

මේ කොටස පටන් ගන්නේ වෙඩි වැදුන ලින්ඩා ව ගේ ඇතුළට අරගෙන ගිහින් ප්‍රතිකාර කරන සිදුවීමකින්. කොහොම හරි ලින්ඩාට මැරෙන්න නොදී ඉන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. ඒ අතරේ තෝමස් ෂෙල්බිගෙ නිවසේ සාදයට එක් උන ඔස්වල්ඩ් මෝස්ලි විසින් නව යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒක යෝජනාවක් කිව්වට හරියට නියෝගයක් වගේ එකක්. ඒකෙන් තෝමස් ෂෙල්බිට නම් කිසිම වාසියක් නෑ. මේ දේවල් මෙහෙම සිදුවෙද්දි ඒඩා ගෙ දරුවගෙ පියා සහ හමුදා ඔත්තුකරුවෙකු වන බෙන් යන්ගර්ට වෙන්නේ හිතාගන්න බැරි දෙයක්. ඒ අතරේ ටොමී දැන් ඔස්වල්ඩ් මෝස්ලි ව මරා දාන්න සැලසුම් කරලා ඉවරයි. ඒකට ටොමී තමන්ගෙ පරණ යාළුවෙක්ගෙන් උදව් ලබාගන්නයි යන්නේ.

ඉතිං යාළුවනේ, ලින්ඩාට වැදුන වෙඩි පහරින් ලින්ඩා මිය යාවිද? නැත්නම් ෂෙල්බිලාට පුළුවන් වේවිද ප්‍රතිකාර කරලා ලින්ඩාගෙ ජීවිතය බේරගන්න? ඔස්වල්ඩ් මෝස්ලි විසින් තෝමස් ෂෙල්බිට ඉදිරිපත් කරන යෝජනාව මොකක්ද? ඒ යෝජනාවෙන් තෝමස්ට වාසියක් නැත්නම් වාසියක් ලැබෙන්නෙ කාටද? ‍බෙන් යන්ගර් ට සිදු වෙන්නෙ මොකක්ද? ඒ වගේම තෝමස් ෂෙල්බි ඔස්වල්ඩ් මෝස්ලි ව ඝාතනය කරන්න උදව් ගන්න යන්නෙ කාගෙන්ද කියලා කතාව බලලම දැනගන්න. ජයවේවා!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

26,869 downloadsDownload Peaky.Blinders.S05E05.Baiscopelk.com_.zip69 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

26,869 downloadsDownload Subtitles69 KB

17 comments

  1. Anonymous

    thnks bro

  2. kavindu

    thnks bro

  3. Anonymous

    sub ekata thanks bro

  4. Anonymous

    Season 6 ekath release wuna gamanma denna saho
    Jaya wewa

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Anonymous

    <3<3<3 :D:D:D

  9. Anonymous

    Sub Eakata Thanks Bro..

  10. Ravfdo 06

    thank you

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    Thanks

  13. Mano

    Godak sthuthi..Jaya wewa!

  14. Dewadithya

    Thanks for Sub!

  15. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  16. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  17. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.