X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතරවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේ ටීවී සිරිස් එකට ඔයාලගේ ලොකු කැමැත්තක් තියන බව කමෙන්ට් වලින් පැහැදිලියි. ඒකට ස්තුතියි. ඒත් පොඩි දෙයක් කියන්න ඕන. මේකේ ටොරන්ට් හොයල මහන්සි වෙන්න එප…

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතරවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේ ටීවී සිරිස් එකට ඔයාලගේ ලොකු කැමැත්තක් තියන බව කමෙන්ට් වලින් පැහැදිලියි. ඒකට ස්තුතියි. ඒත් පොඩි දෙයක් කියන්න ඕන. මේකේ ටොරන්ට් හොයල මහන්සි වෙන්න එපා. මොකද සීඩ්ස් තියන ටොරන්ට් අඩුයි. ඒක හින්ද තමා පහල තියන උපදෙස මම පොස්ට් එකට ඇතුලත් කරන්නේ. පොස්ට් එක කියවනවා නම් ඔයාලට වීඩියෝ පිටපත ගන්න තැන පැහැදිලිව කියල තියනවා මම.
මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.
X-Men Season 1 Episode 5 Captive Hearts
ඉතින් මේ කොටස පටන්ගන්නේ ජින් එක්ක සයික්ලොප්ස් පොඩ්ඩක් විනෝද වෙන්න එලියට යාමත් එක්ක. ඔයාල දන්නවනේ එයාල දෙන්න පෙම්වතුන් කියල. පොඩ්ඩක් ඒ ගැන දුකෙන් ඉන්නවා ඉතින් අපේ මේ වුල්වරින්. මොකද එයාත් ජින්ට ආදරය කරනවා නේ. කොහොම උනත් ජින් එක්ක සයික්ලොප්ස්, මොර්ලොක් කියන සැඟවිලා ජීවත්වෙන විපරීතයන් කණ්ඩායමට අහුවෙන එකත් එක්ස් මෑන් කණ්ඩායමේ උදව් ඇතුව එයාලගෙන් ගැලවෙන එකත් තමා මේ කොටසෙන් පෙන්නන්නේ.
X-Men Season 1 Episode 6 Cold Vengeance
ඕන කෙනෙක්ට තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ආදරය කරනවා බලන් ඉන්න අමාරුයි නේ. ඉතින් ඒ හැඟීමම තියන අපේ වුල්වරින් ජින් සයික්ලොප්ස් ආදරය හින්දම එක්ස් මෑන් කණ්ඩායම දාල යනවා. එයා යන්නේ කලබල පරිසරයෙන් මිදිලා එස්කිමෝවරු ඉන්න ආක්ටික් ප්‍රදේශයට. ඉතින් එහෙට ගිහින් වත් සැනසිල්ලේ ඉන්න බැ. මොකද එයා පස්සෙන් සෙබර්ටුත් එනවා පලි ගන්න. ඉතින් මේ දෙන්නගේ තරහ පිරිමහ ගන්න සටනට අහිංසක ධීවරයෝ ටිකක් මැදිවෙන එකත් එයාල බේර ගන්න එකත් තමා මෙම කොටසෙන් දකින්න ලැබෙන්නේ.
හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
X-Men (TV Series 1992–1997) with Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,589 downloadsDownload X-Men-Season-1-EP05-06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
**REPOSTING FORM 2017** X-Men (TV Series 1992–1997) with Sinhala SubtitlesSubtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Thilinda Randeera
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Ishan Madusha
බොහෝම ස්තූතියි...
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Heshara
Sub එකට ගොඩාක් ස්තූති. Telegram චැනල් එකත් අප්ඩේට් කරන්න
Sahan Gayantha
thanks a lot Asanka Pradeep saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න