හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටසෙදි කතාවට තවත් අළුත් චරිත දෙකක් එකතුවුනා. ඒ තමයි පෝලීන් නොහොත් ජූනියර්ගේ මව සහ ඇය කුඩා කාලයේ ඇගේ පෙම්වතා වුන ලයිල් චෙම්ලි. පෝලීන් ගැන නම් ගියවර කොටසෙන් එතරම දෙය…
හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටසෙදි කතාවට තවත් අළුත් චරිත දෙකක් එකතුවුනා. ඒ තමයි පෝලීන් නොහොත් ජූනියර්ගේ මව සහ ඇය කුඩා කාලයේ ඇගේ පෙම්වතා වුන ලයිල් චෙම්ලි. පෝලීන් ගැන නම් ගියවර කොටසෙන් එතරම දෙයක් පෙන්වූයේ නැහැ. නමුත් ලයිල් නම් ආගමික විශ්වාසයන් ඕනේවට වඩා කරපින්නගෙන ඉන්නා අමුතුම විදිහක චරිතයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම ගියවර කොටසේ කතාවෙන් ලයිල් යනු පෝලීන්ගේ විශ්වාසය දිනාගෙන සිටි පෙන්නනවට වඩා යමක් දන්න පුද්ගලයෙක් බව ඉගිකලා. ඔය අතරෙම බාධකය තුල තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් සිදුවුනා. පළමුවෙන්ම ඇසිඩ් මිශ්‍රිත රතු වැස්සක් වැස්ස අතර දෙවනුව ප්‍රථම වරට බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම මුල් කොටස් වල සිටි නමක් ගමක් නොදත් අභිරහස් කෙල්ල ගැනත් ගියවර කොටස අවසානයේ හෝඩුවාවක් ලැබුනා. මේ සියළුම දේවල් අතරේ රෙබෙකා සහ ජිම් යන දෙදෙනා ළඟ ළඟම එන ආහාර අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඒ වගේම රෙබෙකා සතුව ඊට මුහුණ දෙන්න තියන සැලැස්ම දැනගන්න ජූලියා එයට දැඩිව විරුද්ධ වෙන නමුත් බාර්බි නම් එයට එකඟ වෙන්නේ හෝ විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් අවසානයේ මේ දෙදෙනා අතරද ගැටුමක් හටගන්නවා.
හොඳයි එහෙනම් මෙවර කොටස පැත්තට හැරෙමු. සෑම් සහ ජූලියා එකතුවෙලා කල ඇන්ජිගේ මරණ පරීක්ෂණය අවසානයේ ඔවුන්ට හෝඩුවාවන් කිහිපයක් ලැබුනා කට්ටියටම මතක ඇතිනේ. ඇන්ජිගේ මිනීමරුවා ලොකු අතක් ඇති පිරිමියෙක් බව ඉන් හෙලිවුන අතර ඇන්ජි මියයාමට පෙර ඔහුව සූරා තුවාල කර ඇතිබව මෙන්ම ඇන්ජිගේ නියපොතු අතර තිබී මිනීමරුවාගේ සම් කොටස් වගයක් ලබාගන්නත් ඔවුන් සමත් වුනා. ඔන්න එහෙනම් මෙවර කොටසෙදි ඔහු ගැන යම් හෝඩුවාක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙලනි නොහොත් අභිරහස් ගැහැණු ළමයා, පෝලීන්, ලයිල්, සෑම් වැනි පුද්ගලයන්ගේ තොරතුරු රාශියක්ද මේ කොටසෙන් එළිවෙන අතරේම තවත් අභිරහස් ටිකකුත් අළුතින් එකතුවෙනවා. 🙂 ඉතින් ඒ මොනවද කියලා දැනගන්න නම් මේක බාගෙන බලන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!
120 MB කොපිය මෙතනින් බාගන්න 6b59083d0902f7cbc59a77bc521850e1e9ada607 305 MB කොපිය මෙතනින් බාගන්න 5f6d2dc8ad5d76fd1bd2e8b344744757e5133229 1.00 GB කොපිය මෙතනින් බාගන්න c1e283ec638d4f3a8a86383073d408cc38a017a5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,119 downloadsDownload Under.the_.Dome_.S02E04.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
55 comments
තිසර නියෝ (Thisara Buddhika)
jayalath
Thanks Bro....
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්...
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
සබ් එකට ගොඩක් ස්‍තූතියි..............
දිගටම දෙමු.
අපි ඔයත් එක්‍ක දිගටම ඉන්‍නවා.
ජයෙන් ජයම වේවා! ...............අයේෂ්
Thank You..
Keshan Wasala
අම්මෝ නියමයි මේක එනකම් හිටියේ මග බලන් :D සුපිරිම කතාවක් !! ගොඩක් ස්තුතියි සහෝ ..
Chamoud Dayanpriya
Tnq yaluwa......
Vishal Wedimpala
thnQ aaa sub 1ta :-D mm agili gena gena htye ep-4 eka dnkm...onna ehnm thawth parakku nokara මම බලනවෝ මේක!! ;-)
තිසල් නදීශන (සොනික්)
well done brow...
නලින්
එළ එළ සුප්පා! මෙක ඊයේම බාගත්තා !!
ස්තුතියි සබ්ට !
ජය වේවා!
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
thanks...
දසුන් සුචරිත
බාමි.
shani
thanks
Nishshankla ruwan
ස්තුතියි :)
Ama
ස්තුතියි!!!!!!!!
..Ravi...
විගසින් ලබා දුන්නාට තුති..!! :-D
sampath100
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Gayan sampath
Thanks saho......
රොෂීන් චාරුත
නියම කතාව. නමුත් අවුල මේ කතාව එන්න එන්නම අවුල් වෙන එක. මෙහෙම අවුල් වෙන්නවනම් ඉදිරියටත් නිෂ්පාදකයින්ට සිදුවේවී සීසන් සීයක් විතර හදන්න මේ කතාවේ. මේ කතාවට අදාල නවකතාවේ සිංහල පරිවර්ථනයක් එහෙම තියෙනවාද?
චාරුක ලක්ෂිත
එල එල... පුළුවන් තරම් ඉක්මනට සේරම ටික දෙන්න....
ඊලග එකේදී හමු වෙමු....
ඔබට ජය.....Rashmika
thanks lot saho!!!
Tharindu
Thanx saho.....
sri
patta machan..................
SAMEERA DILSHAN
බොහෝම ස්තූතියි සහෝ............!
sanath indika
thx sahooo
Prasanga
ela elaaaaaaaaaaa ohoma yamu
Rajitha
ela ela............
ikmanatma inith eka oooooooooneeeeeeeeeeeeenandana xpress
Thanx saho
indika
thanks
Sahan
fattama thankz wewaa bro...
වරුණ රංගජිත් (වරූ)
patta machan thanks
Tharindu Perera
elazzz ahh machan....
thanks sub ekatahhh...dev
bohoma stuti saho.
kungfu
elzzzzzz bn
harsha
ස්තූතියි සබට මෙන්න ගත්තා ජයවේවා!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........sujith lasantha
tanks
තාරුක
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..Amil
උපසිරසියට බොහොම ස්තූතියි.
ජය වේවා!
Anuradha Eranda
Ela kollekge ela wedak thanks saho
Ruchira
ස්තුත්යි අය්යෙ sub 1..........
Thusitha
උපසිරසි වෙනුවෙන් ගොඩාක් ස්තුතියි......
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. කොම් එක හරි ගිය ගමන්ම බලන්න හිතාගෙන දැන්ම යාළුවා ලව්වා බාගෙන තියාගන්නවා. ජය෴෴ :P :P
පසිඳු උදාර
බොහොම ස්තුත්යි සහෝ අනේ ඉක්මනට අනිත් ටිකත් දාන්න හොඳේ ;)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Niro
thnx bro pissuwen wage balana hitiya meka enakal....patta story eka.
නයන
thanks bro...................................................
sithija
thanks bro mekata… e5th ekmanata dannako . video eka eye ide idan dwnload karan enne sub eka denakan.:-\
Aravinda
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Under-the-Dome-S2.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)