අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඋදයංග සම්පත්කොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටබලන්නරුසියානුසිංහල උපසිරැසිළමයින්ට

Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 40 votes.
Please wait...

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් නෑ මේකට. තිබුණෙ ජර්මන්, සහ ඉන්දුනීසියන් සබ් දෙකක් විතරයි. ඉතිං ඒ නිසා මං මේක ජර්මන් වලින් ඉංග්‍රීසියට පරිවර්තනය කරල ඊට පස්සෙ තමයි සිංහලට හැරෙව්වෙ. කියන්න ආඩම්බරයි දැං නම් ලෝකෙටම මේකෙ සබ් තියෙන්නෙ සිංහලෙනුයි, ජර්මන්, ඉන්දුනීසියන් භාෂා වලිනුයි විතරයි. අනික මට ෆිල්ම් එකේ හැම වචනයක්ම හරි පරිස්සමට අහන්න සිද්ධ වුණා මේ වැඩේ සාර්ථකව කරන්න ඕන නිසා. වගකීමෙන් කියන්න පුළුවන් මේකෙ කතාවට හෝ අන්තර්ගතයට හානි නොවන විදියට මේ සබ් එක කරන්න මට පුළුවන් වුණා. බාර අරන් දවස් එක හමාරකින් මට වැඩේ කරල ඉවර කරන්නත් පුළුවන් වුණා.

හරි අපි එහෙනම් කතාව පැත්තට ටිකක් හැරිල බලමු. “ග්‍රේ” කියන්නෙ තරුණ සෙල්ලක්කාර වෘකයෙක්. එයා අයිති රංචුවේ නායකයා “මාග්‍රා” හදිස්සියේම තීරණය කරනව විශ්‍රාම යන්න. ඉතිං රංචුව හොඳ ශක්තිමත්, විශ්වාසවන්ත දෑතකට බාර කරන්න ඕන නිසා මාග්‍රට ඕන වෙනව තරඟයකින් නායකයව තෝර ගන්න. තරඟෙට ඉදිරිපත් වෙන්නෙ දරුණු “රැගියර්” කියන වෘකයයි, ග්‍රේ කියන මේ සෙල්ලක්කාර වෘකයයි. ග්‍රේ අසීමිතව සෙල්ලක්කාර නිසා ඔහුගේ පෙම්වතිය “බියන්කා” මෙයාගෙන් වෙන් වෙලා යන්න තීරණය කරනව. ඊට පස්සෙ ග්‍රේ පිස්සුවෙන් වගේ බියන්කගෙ ආදරේ නැවත් ලබා ගන්න ක්‍රමයක් හොයනකොට තමයි ඔහුට “මැමී” කියන අහිකුණ්ඨික හාවිය හමු වෙන්නෙ. මැමී, ග්‍රේට මැජික් අරිෂ්ඨයක් දෙනව. ඒකෙන් ග්‍රේ ගෙ මුළු ජීවිතේම නොහිතූ මහා වෙනසකට ලක් වෙනව. ඒ වෙනස නිසාම වෘක රංචුවට බරපතල ගැටළුවක් ඇති වෙනව.අරිෂ්ඨය නිසා ඔය වගේ ප්‍රශ්න මහ ගොඩක් තමයි ඇති වෙන්නෙ. මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඕන නම් මේක බලන්නම වෙනව. බැලුව කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ එකෙන්ම.

මේ චිත්‍රපටයි 2016 වර්ෂයේ තමයි මුලින්ම තිරගත වෙන්නෙ. Animation, Comedy, Family ගණයට තමයි මේක අයිති වෙන්නෙ. පැය 1 විනාඩි 25 ක කාලයක් ධාවනය වෙනව. IMDb අගය 5.8/10 ක් විදියට සටහන් වෙනව. මේකත් අනිවාරෙන් බලන්න කියල ඔන්න මං නිර්දේශ කරනව. මොකද හැම විනාඩියක්ම ආසවෙන් බලන්න හිතෙන විදියට කතාව සජීවීකරණය කරල තියෙනව. එ වගේම කතාවත් හරිම ලස්සනයි. ආයෙත් සබ් එකකින් හමු වෙනකල්, මේක ඔයාලට බාරයි. එහෙනම් බයිස්කෝප්වාසීන්ට ජය වේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

(උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී)

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Udayanga-Sampath-2018.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

49 thoughts on “Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]

  • Isira janith

    Me ke 2ni film sub bennako

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • PIYUMI WASANA

    Thanks aiye.thawath animation ekakata sub ekak danna puluwannam.

    Reply
  • Thanks …………..good luck …………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • akashadhithya

    thanks..!!!!!!!!!!!!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    යාළුවනේ ඔන්න දැන් සබ් එකේ තුබුණු අවුල හදල තියෙන්නෙ.. දැං ඕන ප්ලේයර් එකක, ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ.. සමාවෙලා ආපහු සබ් එක බාගෙන ෆිල්ම් එක බලන්න..

    Reply
  • Sewmini Printers

    Torrent eka ganna site ekak kiyannako

    Reply
  • Hiranhiru

    ගොඩක් ස්තුතියි සබ් එකට. එච්චරක් මහන්සියෙන් හදපු සබ ඔන්න අපි බානවො.. පින් සිදු වේවා

    Reply
  • Damithmadu

    Wada na bro
    Try kala kala awlak na puluwan welawaka hadala update karanna mata mehema une first time
    Palaweni line deka thunak penawa in passe na

    Reply
    • upulcmiller

      සබ් වැඩ නැතිනම් POTplayer එක දාගන්න.
      VLC , 321 , KM තුනේම සබ් වැඩ නෑ. ඒත් POTplayer එකේ නම් ගින්දර වගේ වැඩ.

      Reply
  • sameera50354

    Phone eken balanna puluwan player ekak kiyapan bro mege eke wada na bn phone eke awlakda danne na

    Reply
  • Sub eka wada na saho.

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      Pot Player එක දාල බලපං මචං, ඒකට වැඩ.. ඕක අනිත් ඒව වගේම සාමාන්‍ය Srt ෆයිල් එකක්, අනිත් ප්ලේයර්ස් වලට වැඩ නොකරන හේතුවක් මම දන්නෙත් නෑ බං.. 🙁

      Reply
  • pradeep darshana

    Sub ekata jaya wewa

    Reply
  • upulcmiller

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට. සුපිරි වැඩක්. ජය ජය !

    සබ් වැඩ නැතිනම් POTplayer එක දාගන්න.
    VLC , 321 , KM තුනේම සබ් වැඩ නෑ. ඒත් POTplayer එකේ නම් ගින්දර වගේ වැඩ.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kauru hari pinwanthayek torrent link ekak dannakoo

    Reply
  • thanks wasthuva…..b.s

    Reply
  • sameera50354

    Sub eka wada na bro android wala play wennema na sub editor ekakin baluwaama line 4i 5i thiyeneeee

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      මචං ඕක නිකං නෝට්පෑඩ් එකේ Open කරල බලපංකෝ… අනික මගේ Players වල වැඩ…

      Reply
      • sameera50354

        Phone eke wadada bn

        Reply
  • AsithaDilruwan

    api nobalana ඇනිමේෂන්..
    ela ela thanks

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදයංග සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • ranga11112

    මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,

    Reply
  • Prasad1987

    Player ekaka wath sub eka play wenne na hariyata bro..help plz…

    Reply
    • උදයංග සම්පත් හතරසිංහ

      මචං ඕක VLC and Pot Players වල Play වෙනව.. KM, GOM වලට Support කරන්නෙ නෑ කියල මට කීප දෙනෙක් කිව්ව.. ඒකට හේතුවක් මම දන්නෙ නෑ.. ඕක සාමාන්‍ය SRT Sub 1k..

      Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Thilinamadushankaalwis

    thankz

    Reply
  • salithamihiranga

    Sub eka load unata run wenne ne saho. KMPlayer Update karalat try kara.

    Reply
  • salithamihiranga

    Sub eka load unata run wenne ne saho. KMPlayer Update karalat try kara

    Reply
    • salithamihiranga

      VLC dala try kara. weda. Tnx saho

      Reply
      • උදයංග සම්පත් හතරසිංහ

        මචං මං ඕක ලියල ටෙස්ට් කරල බැලුවෙ නං Potplayer 1න්… ඒකට නම් කිසිම අවුලක් ආවෙ නෑ… KMPlayer එකට වැඩ නොකරන හේතුවක් නම් මට හිතාගන්න බෑ..

        Reply
        • salithamihiranga

          මචන් VLC එකෙන් බලද්දිත් අවුල් උනා. ම්ම් note pad එකට drag & drop කරලාවෙන සබක් එක්ක compare කරල බ්eලුවා
          –> කියන එකට -> තමයි තියන්නේ. පස්සෙ ම්ම් Re place කරා.
          sub එක සුපිරියට තියනවා. Thanks මචෝ

          Reply
  • තෑන්ක්ස්

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි
    ඔයා ඉන්ග්‍රීසි හදපු සබ එකත් ඔය කොහේ හැරී ඉංග්‍රීසි සබ දෙන එකකට දාන්da
    ආඩම්බරයි අයියේ

    Reply
  • Kaushan Herath

    මචන් සබ බාන්න බෑනේ.404 Not Found කියල එරර් එකක් එනවනේ.

    Reply
    • Kaushan Herath

      කොහොමහරි බාගත්තා.සබට ස්තූතියි සහෝ

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • thanks bro your hard work…

    Reply
  • shiransri

    තැන්ක්ස් සහෝ .
    සුපිරි filme එකක් .තැන්ක්ස් මහන්සිවෙලා sub දුන්නට

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Sthuthiy godak. Lassana film ekak. Sub eka ikmanata enakam balagena gitiye. Good job.

    Reply
  • Januthchathuranga

    watinnawa sahoo watinnawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *