Watch Trailer

Westworld [S02: E01] Sinhala Subtitles | නිශාන්තයේ චාරිකාව. [සිංහල උපසිරැසි සමඟ] +18

කොහොමද ඉතිං අවුරුදු එකහාමාරකට පස්සේ 10 වැනි උපසිරස අවසානයේ කිව්වා වගේම Westworld දෙවන කතාසමයෙන් අපි ආයෙත් හමුඋනා.හරි ඔයා පලමු කතා සමය බැලුවේ නැත්නම් කෙටි හැදින්විමක් කරන්නම්.මේ කතාවේ පලමු කතාසමය HBO නාලිකාවේ 2016 වසරේදි විකාශය උනා.කතාව ගැන බැලුවොත් මේක අනාගතයේ පවතින විනෝද උද්‍යානයක්.මේ උද්‍යානයට සං…

කොහොමද ඉතිං අවුරුදු එකහාමාරකට පස්සේ 10 වැනි උපසිරස අවසානයේ කිව්වා වගේම Westworld දෙවන කතාසමයෙන් අපි ආයෙත් හමුඋනා.හරි ඔයා පලමු කතා සමය බැලුවේ නැත්නම් කෙටි හැදින්විමක් කරන්නම්.මේ කතාවේ පලමු කතාසමය HBO නාලිකාවේ 2016 වසරේදි විකාශය උනා.කතාව ගැන බැලුවොත් මේක අනාගතයේ පවතින විනෝද උද්‍යානයක්.මේ උද්‍යානයට සංචාරකයන්ට(guests/අමුත්තන්ට) පැමින විනෝද වෙන්න පුළුවන්.පලමු කතා සමයේදි අපි දැක්කේ ඇමරිකානු ගොපලු සංස්කෘතියට අයත් උද්‍යානයක සිදුවුනු සිදුවිම් පෙලක්.මේ උද්‍යානයේ චරිත විදිහට අතිශය දියුනු කෘතිම බුද්ධියක් සහිත මානවරූපි රොබෝවරු(hosts) තමයි ඉන්නේ..

ඉතිං සාමානයෙන් කෘතිම බුද්ධිය සම්බන්ධවන බොහෝමයක් චිත්‍ර‍පටවල හා කතාමාලාවල වගේම මේකේ පලමු කතා සමය අවසන් වෙන්නෙත් රොබෝවරුන් මිනිසුන්ට එරෙහිව සටන්වැදිම ආරම්භ කිරිමෙන්.නමුත් මේ එරෙහිවිම වෙන්නේ පරිඝනක වෛරසයක් නිසාවත් වෙන දෝෂයක් නිසාවත් නෙවෙයි.අන්න ඒ හේතුව නිසා තමයි මේ කතාමාලාව සුවිශේෂි වෙන්නේ.ඒ වගේමයි මේ කතාමාලාව පාදක වෙන්නේ 1973 දි මේ නමින්ම තිරගතවු චිත්‍ර‍පටයයි. IMDB දර්ශකයේ 8.9 තමයි හිමිකරගෙන තියෙන්නේ..

  • හොදම විද්‍යාප්‍රබන්ධ රූපවාහිනි කතා මාලාව (Saturn Award- 2017)
  • 2016 විකාශය වු හොදම විද්‍යාප්‍රබන්ධ 10 (AAFCA Award -2016) හා හොදම නිලිය,හොදම පරිඝනක දෘෂ්‍ය ප්‍රයෝග,නිර්මාණශිලි තේමා සංගිතය(Ramin Djawadi),හොදම සහය නිලිය සහ හොදම සහය නළුවා ඇතුලු සම්මාන කිහිපයක් හිමිකර ගනිමින් තවත් සම්මාන ගනනාවකට නිර්දේශ වී තිබෙනවා. 

.හරි දැන් පලවෙනි season එක බලපු අයටයි මේ විස්තරේ.ඔයාට මතක ඇති පසුගිය 10 වැනි කොටස විනාඩි 90ක ධාවන කාලයකින් යුක්ත උනා.ඒ කොටසේදි Man in Black (කළු වත ඇඳි මිනිසා) කව්ද? එවගේම ආර්නොල්ඩ් කියන්නේ කව්ද ? එයාට මොකද උනේ වගේ ප්‍ර‍ශ්න වගයකට පිලිතුරු ලැබුනා.එවගේම අවසානයේදි ආචාර්ය ෆෝඩ් තමන්ගේ අවසන් කතාව ආරම්භ කරලා යන්න ගියා.ඔයාට මතක නම් ඒ කතාවේ නම උනේ Journey Into Night (නිශාන්තයේ චාරිකාව) .අද episode එකේ නමත් ඒකමයි.ඒ අනුව අපට හිතන්න වෙන්නේ ෆෝඩ්ගේ කතාව තමයි ඉදිරියට අපිට දකින්න වෙන්නේ.හැබැයි පලවෙනි season  එකේ තිබුනා වගේ පැරණි සිදුවිම් අපිට බලාගන්න පුළුවන් කමක් බොහෝවිට ලැබෙයි.ඉතිං ඒ නිසා මියගිය සමහර චරිත නැවත දැකගන්න පුළුවන්කමක් ලැබෙයි..

පලමු කතා සමයේදි සදහන් කරන්න බැරිවුනු දෙයක් තියෙනවා ඒ තමයි රොබෝවරුන්ගේ තැනුම් අමුද්‍ර‍්‍ය.පෙර කොටස් වලදි  රොබෝවරුන්ගේ හමට යටින් යාන්ත්‍රික කොටස් තියෙනවා දකින්න ඇතිනේ.ඒ වගේම අවසාන කොටසෙදි ඩොලෝරස්ව නිර්මානය කරන දර්ශනයේදිත් යාන්ත්‍රික කොටස් තිබෙනවා.නමුත් ඒ පැරණි උද්‍යානයේ රොබෝවරුන් පමනයි යාන්ත්‍රික අලුතෙන් අලුතෙන් නිපදවන අනෙක් සියළුම රොබෝවරුන් වඩා මානවරූපිබවක් ගන්න අපේ වගේම කාබන් හා කැල්සියම් මුසුවු  අමුද්‍ර‍ව්‍ය වලින් තමයි නිපදවලා තියෙන්නේ.අස්ථි පද්දතියක්,  ආහාර ජිර්නය(ආරංචි වන හැටියට ) හා රුධිර සංසරනය පවා ඔවුන්ගේ සිදුවෙනවා. ඔවුන්ගේ සහ අපි අතර ඇති එකම වෙනස ඔවුන්ට මොලය වෙනුවට තියෙන්නේ සුපිරි පරිඝනකයක් විමයි..

පසුගිය කතාමයයේ සැගවුනු පණිවිඩ,ඉගි උපසිරස සමගින් පලවන ලිපියේ සදහන් කලා .මේ කතාසමයෙත් ඒක තවත් වැඩිදියුණු කරලා ගෙන එන්න සුදානමක් තියෙනවා.එවගේමයි බයිස්කෝප් මංසල තුලින් අපි මෙහි පුර්ව ප්‍ර‍චාරක පටයේ කෙටි පැහැදිිලි කිරිමක් ගෙන ආවා.ඒක බැලුවේ නැතිනම් මෙතනින් බලන්න. ඔන්න අනුමාන කලා වගේම තවත් අලුත් උද්‍යානයක් මේ කතාසමයේදි අපිට බලන්න පුළුවන් වෙනවා.එහි නම තවම නිලවශයෙන් හෙලිකරලා නෑ.කොහොම උනත් සමුරායිවරුන් ඉන්න පැරණි ජපන් උද්‍යානයක් තමයි ඒක.අද කොටස ගැන මුකුත් මේ ලිපියේ සදහන් කරන්නේ නෑ.ඒ පිලිබද සම්පුරන ලිපිය අන්තර්ජාලයේ ඇති විස්තරත් සමග මීලග කොටසින් ගෙන එන්නම්.

පලමුවෙනි කතාමයෙන් පස්සේ අන්තර්ජාලයේ සහ සමාජ ජාලය වල මේ ගැන කෙරෙන සාකච්චාවලදි දැකපු දෙයක් තමයි බොහෝමයක් අයට මේ කතාව තවම හරිහැටි පැහැදිලි විමක් නැතිබව.ඒ අයට කියන්නේ වෙන්නේ කවුරුවත් කිව්වට මේ කතාව සංකීරනයි කියලා ඒ මතය හිතාගෙන මේ කතාව නරඹන්න එපා .අපි ඔබට ගෙන ආ පැහැදිලි කිරිම් වලදිත් කිව්වේ මේක කාල අවධි 3 ගලායන කතාවක් කියලා.විටින් විට ඒ කතා තුනට අදාල දර්ෂන අපිට පෙන්වනවා. නමුත් Reddit forum එකේ තිබුනා මේ කතාව කාල අවධි 5ක ගමන් කරනවා කියලා.ඒ කොහොම උනත් කතාව තේරුම් ගන්න මේක කාල අවධි 3 කියලා ගත්තට ගැටලුවක් ඇතිවෙන්නේ නෑ..

අවසානයට උපසිරස ගැන යමක් කියන්න ඔනේ.පෙර වසරට සාපේක්ෂව ගොඩක් කාර්යබහුල විම් එක්කයි මේ උපසිරස ගෙන එන්න වෙලා තියෙන්නේ.කොහොම උනත් HBO විකාශයට සමගාමිව කතාව ගෙන එන එක කිසිවිටකත් බයිස්කෝප් සිංහලෙන් කන්ඩායම නතර කරන්නේ නම් නෑ.වඩා නිවැරදි හා නිරවුල් උපසිරසක් ගෙන එන්නට උපරිමයෙන් උත්සහකරනවා.ඉතිං උපසිරසේ අඩුපාඩුවක් දැක්කොත් අමතක නොකර පහලින් සදහන් කරන්න !

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

9,092 downloadsDownload Westworld.S02E01.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කළිදු වසූක

Subtitles

9,092 downloadsDownload Subtitles26 KB

56 comments

  1. nkrtharinda95

    යකෝ Download කලෙත් නෑ තාම දැන් ඉතිං මෙතන පිස්සෙක් වගේ Download කරන්න එපැයි හිටං

    ගොඩාක් ස්තුතියි Sub එකට සහෝ දිගටම කරමු ජය වේවා....

  2. Ranga lakshan

    තැන්ක්ස් බ්‍රෝ සබ දෙනකල් තමා හිටියේ. ඔබට ජය

  3. Gishan Kaushalya

    ස්තුති සහෝ සබ් එකට..දිගටම කරමු.
    Into the Badlands Season 03 release වෙලා.එකෙත් පුලුවන්නම් සබ් එක ඉක්මනටම දෙන්නන බලන්න.ජයෙන් ජය...!

  4. Sanath Indika

    thx broo

  5. jessybmlt

    thama download kaleth na subata thanks machan.......... bagannakam pissu wage meka.........

  6. randima12345

    tnx brooooooo

  7. kplbforu

    supiri aaaa.... thank u wewa... puluwan kenek innawa nam van helsing S02 iwara karanawada....

  8. ප්‍රභාෂ් නදීශාන්

    බොහොම ස්තුතියි.

  9. 100

    Sub eakata thanx

  10. akalanka91

    thanks machan

  11. raviz

    Thank you very much...........!

  12. Sumudu Nuwan

    thanks\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

    \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

  13. Bilesha Jayathunga

    Thanks for sub

  14. s.s.m

    tz sub ekata….. into the badlands season 3 release wela. puluwannam eke sub ekath denawada… jaya wewa!

  15. sanjeewa80

    වටිනවා වටිනවා සුබපැතුම්

  16. kaaljay

    thanks

  17. V.T.Piyumal

    Thanks bro!digatama sub demu!!

  18. ranga11112

    21A84540AF0AD847B1268BA2C4BED4356D377431

    Thanks Saho…sub akata Bohoma Pin….
    theruwan saranay

  19. Cmj

    Thank you very much bro!

  20. Udara Damith Dissanayaka

    ..........බොහොම ස්තුතියි.................

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. උදයංග සම්පත් හතරසිංහ

    ස්තුති සහෝ සබ් එකට..

  23. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු...

  24. supsith

    Thanks sub 1ta

  25. piyumal sanjeewa

    බොහොම ස්තුතියි…

  26. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  27. Sachesc

    ගොඩාක් ස්තූතියි ...

  28. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  29. ANJA14641

    thanx bn

  30. chathump

    Thanks machan

  31. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු.ජයවේවා.......

  32. Charith Eranga Munasinghe

    THANKS....patta kathawakata sub denne.

  33. Nilupul Madukapriya Perera

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ...

  34. රොයිලි

    හම්මෙ ඇති යන්තම් පටන් අරන්.සුපුරුදු විදියට කලින් පාර වගේම ලිපි ලියල අපිට ලැබේවි කියල බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

    1. Kalindu Wasuka

      අනිවාර්යෙන්ම රෙයිලි අයියේ

  35. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  36. sam fisherr

    කොම්බුව @වනුවට(@)@යාදාඇතිබව කරැනා@වන් සලකන්න

    කට්ටිය කියදදි ‍මුලින්ම කියද්දි @වස්ට් වල්ඩ් සහ @ගම් කතාව එකම එකක් තවත් එක උද්යානයක් විතරයි got කියද්දි එක එ@හම වන්න බැ @මාකද got වලදි සමහර අය@ග අතපය කපද් එව කාබනික එව මිසක් @වස්වල්ඩ් වල @රා@බාලග ව@ග කෘතිම එව වග තිබ්බනැ.සමහර තැන්වලදි.@බල්ල මුලිම්ම කපල අරයට@මයාට@පන්නන්න හිටන් අරන්යනව අපි දැක්ක.තව කට්ටියව අලු@වනකම්පුච්චද්දි,අතපය කැලිකපද්දි,සමහර මැරිච්ච අය@ග ඇටකටු @පන්නද්දි එව @බාරැ එව ව@ග තිබ්@බනැ කියල තර්@ක මහ@ලාකුවටදැම්මත් තව දුරටත් එ කතාව කියන්න @වන්නැ ව@ග රුධිර සංසරනය පවා සිද්දවනවනම්(@ම්කටත් ගැටයක් ගැහුව කියන්@න් අර වැ@ඩ සිද්ද වන්න තියන සම්බාවිතාව වැඩි උනා කියන එක ව@ග)

    got ත් තව එක උද්යානයක් නම් කවුද එකට එන @හා ආව අමුත්@තා අපි @වස්ට් වල්ඩ් වලනම් එ අයව අමුත්තන්ව පැහැදිලිවම දැක්කත් got වල එ@හම නිච්චියක්වත් දැක්@කනැ@න westworld වල අමුත්තන්ව මරන්න බැ @වඩිවදින්නැ එත් got වල ඇනල මැරැන්නැති එ@කක්වත් නැ(ඇයි @ජානා ඉන්@න හීහීහී.මට මුල ඉදලම ඔකව ඈල්ලු@වනැ hikz

    සමහරවිට hbo ල කියයි සර්සි කියන්@න උද්යානයට එන අමුත්@තක් එයා රාජදානි පාලනයට හරි ආසයි එකනිසා bla bla bla..............(hbo එවුන්ට @හාදට නැ@මන දිවක් දි@යන්@න ඹන පැත්තකට හරවන්න පුලුවන්)

    ස්තුති අයි@ය සබ් එකට කරැනාකරල තවත් hbo ටිවි සිරියස් වලට සබ් @දන්න.big little lie කතාව එපි 8 ක වග කතාවක්@න අපිටත් බලන්න යමක් බයිස්කප් @දන්නැද්ද @බාලද කතා බලල ඇතිවලා ති@යන්@න කරැනාකරල house of cards,big little lie ව@ග @ගම් තියන එව බලන්න ආසය සබ් එකවත් නැති උනානම් සාවන් බලන්න @දකුත් නැ @මදවස්වල

  37. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි.

  38. mmkasun

    thanx

  39. Isuru Wanniarachchi

    Thanks bro...

  40. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...

  41. umesh@55

    thanks sub ekata, supirima kathawak ... jaya wewa

  42. nilantha7

    thanks

  43. anishka ishan

    thnkz bro

  44. Damith Nuwan

    බ්‍රෝ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෑනේ. ලින්ක් එකක් දෙන්න...

  45. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  46. bimsaraathukorala

    Thanks bro

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  48. KuMu

    Tnx Bro.Good luck.

  49. AsithaDilruwan

    ela saho thanks

  50. CHOOTA

    thanks bro

Load more comments