Pinocchio [E19] with Sinhala Subtitles | ඉර, සුළග සහ සංචාරකයා… [සිංහල උපසිරසි]
19වෙනි කොටස කියන්නේ අන්තිම කොටසට කලින් කොටස. අද කොටස හරිම රසවත් විදියට ගලා ගෙන යනවා. වැඩියෙන්ම මේකේ මුල් ටිකේදිම සභාපති පාර්ක්ට නියම නියම වැඩ ටිකක් වෙනවා. අහ්න් චන් සෝ අපහාස නඩුවක් ඇම්මනේ කි හා මියුන්ග් ගේ කීමට. මේකෙන්වත් සභාපතිගේ ඇත්ත එළියට එයිද බලමු.
දන්නවනේ කොයි තරම් සභාපතිව කොටු කර ගන්න හැදුවත් එයා කොහෙන්හරි ගැලවෙන බව. ඉතින් කතාවෙ අන්තිමේදි ටිකක් දුක හිතෙන් දෙයක් වෙනවා. ටිකක් නෙවෙයි, බොම් ජා ට කැමති අයට නම් ඒක ගොඩක් වෙන්නත් පුලුවන්. බොම් ජා ට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඉර,සුළ්ග සහ සංචාරකයා..ඒකනේ අද කොටසෙ නම. හොදට බැලුවොත් කවුද ඉර,කවුද සුළග,එතකොට සංචාරකයා කවුද තේරෙයි.
එහෙනම් අන්තිම කොටස අරන් එන්නම්.
සුබ දවසක්!
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3266 downloads
Thanks 1st Comment