12 Strong (2018) Sinhala Subtitles | ප්‍රති ප්‍රහාරයේ මුල්ම වෙඩි මුරය…. [සිංහල උපසිරැසි සමඟ] (200*)
ඇත්තම කියනවා නම් මේක තමයි මගේ ජිවිතයේ මම ලියන අමාරුම ලිපිය, මොකද මේක ලියන්න ඕන කියලා හිතලා ගොඩක් දවස නමුත් හැමදාම ලියන්න හදනකොට හිතට කිසිම අදහසක් ගලාගෙන එන්නේ නැහැ, එහෙමම කියන්නත් බැහැ ගොඩක් දේ හිතෙනවා විශේෂයෙන්ම මතක් වෙනවා ඒ සියල්ල එකක් මුවගට සිනහවක් නගාගෙන වෙන මොකක් හරි වැඩක් කරන්න හැරෙන එක තමයි සති ගණනක් පුරාවට සිද්ධ වුනේ. නමුත් ඉතින් කොහොම හරි යමක් අකුරු කරන්නයි මේ සුදානම.
2012 වසරේ උසස් පෙළ අවසාන වෙලා එහෙම ගෙදර ඉන්න කාලේ බොහොම පිස්සුවෙන් වගේ ඒ වෙනකොටත් බොහොම තදට තිබ්බ ආසාව වන චිත්‍රපට ටෙලි කතා මාලා නැරඹීම රැකියාව වගේ වෙන තත්වයක් උදා වෙලා තිබ්බේ. ඔය කාලේ ඇතුලේ තමයි මම බයිස්කෝප් ගැන දැනගත්තේ. උපසිරසක් දෙකක් ගත්තා නමුත් ඒ වෙනකොට අද ඔබ මම දන්නා බයිස්කෝප් නම් මහා යෝධ රුක්‍ෂය තිබ්බේ නැහැ නෙව. ඉතින් වැඩි උනන්දුවක් කලේ නැහැ මම ඒ ගැන. ඔය අතරේ චිත්‍රපට, ටෙලි කතා බලන එකෙක් මම කොහොමත් නතර වුනේ නැහැ මේ දේවල් ගැන හොයන්න දවසේ වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසරනා වෙලේ තමයි බයිස්කෝප් මංසල කියලා වෙබ් අඩවියක් දැක්කේ, අහලා පුරුදු නමක් වුන එකේ මොකක් හරි දෙයක් ඉගෙන ගන්න බුක්මාර්ක් පාරක් එහෙම දාගෙන ලිපියක් දෙකක් කියවනකොට තමයි මම ඒ කලේ බලමින් උන්න Person of Interest ටෙලි කතා මාලාව ගැන ලිපියක් ලියන්න හිතුවේ. ලියලා යැව්වා වගේම විකියා කියලා සහෝදරයෙක් බොහොම හොඳින් කතා කරලා ලිපියත් පල කළා ඒ 2012 නොවැම්බර් 21 වැනිදා…. ඉතින් ඔය තමයි මම බයිස්කෝප් පවුලට මුලින්ම එක්කාසු වුන ආකාරය නමුත් ඔය අතරේ මම කොහොම හරි උපසිරස කිහිපයක් කළා මුල්ම උපසිරස අන්තර්ජාලයට එක්කාසු වුනේ 2012 දෙසැම්බර් 28 වැනිදා. හැබැයි ඒ බයිස්කෝප් වෙනුවෙන් නම් නෙමෙයි… ඔහොම වෙන අඩවියක් වෙනුවෙන් උපසිරස කිහිපයක් කරගෙන ඉන්නා අතරේ අර කලින් මගේ ලිපිය පල කරලා මගෙත් එකක් කතා කල සහෝදරයා ආයෙත් මට විද්‍යුත් ලිපියක් එවනවා මල්ලි තව මොනවා හරි දෙයක් කරමු නේද ? කියල… ඉතින් ඒ ආරම්භය තමයි 2013 පෙබරවාරි 12 වැනිදා Dr. No (1962) වශයෙන් බයිස්කෝප් අඩවියේ පළවෙන්නේ. එදා පැනපු පනිල්ලට මම අදත් වැටෙනවා කිව්වොත් නිවැරදි… ඉතින් විකියෝ මුලින්ම ඔබටයි මේ ස්තුතිය අද අපි එකක් නොහිටියත් මොන දේ කොහොම වුනත් එදා ඔබ යමක් කළා, ඒකට ස්තුතියි….
ඉතින් 2009 ඉසිර ගුණතිලක සොහොයුරාගේ සිතින් ආරම්භ වෙලා අන්තර්ජාලයේ තැන්පත් වුන මේ වෙබ් අඩවිය 2013 වෙනකොට බොහොම විශිෂ්ඨයන්ගෙන් පිරුන තැනක් වුනා… එදා ඉදලා අද වෙනකම් ඔබ දකින අපේ ලොකු අයියා රොයිලි, අපේ වාසල අයියා, අපේ මාමා නැතහොත් හසන්ත අයියා, අද අපිත් එක්ක නැතත් අපේ දිදුල KD අයියා, ඒ වගේම දැන් ඉදලා හිටලා දකින අපේ දිනිදු අයියා, ඒ වගේම මට යමක් මිනිහෙක්ට බලන්න හැකි වෙන්න ලියන්න හැකි නම් ඒ වෙනුවෙන් මුල ඉදලම ගුරුහරුමක් ලබාදුන්නා උදා අයියා කියන පිරිසට තමයි ඉතින් මේ ස්තුතිය… ඔබ නොහිටින්නට ඔබේ වැඩ නොදකින්නට අද මම වගේම බොහොම දෙනෙක් මේ මහා රුක්ෂයේ සෙවනේ හිමන් නොහරින්නට ඉඩ තිබුනා. විකියාගේ මල කරදරේ නිසාවෙන්ම කොහොම කොහොම හරි මාස 4 ක් වගේ සුළු කාලයක් ඇතුලත (අද අපේ කට්ටිය නම් මේක මාස 2 න් කරනවා) Croods (2013) එකක් මම මගේ 50 වැනි කඩයිම පහුකරනටත් සමත් වුනා. මේ කාලයේ තමයි බයිස්කෝප් කට්ටිය මුහුණු පොතේ එහෙම එක්කාසු වෙන්න ආරම්භ වුනේ, ඉතින් එතනින් මම හඳුනා ගත්තා තවමත් අඳුනන අපේ විමා, ලෝකයේ හෙමින්ම උපසිරසක් කිරීමේ වාර්තාවට හිමිකම් කියන අපේ ආසිරි නොහොම සිරියා, අද අපි මේ දෙන ටෙලි කතා මලා ගුවන් ගත වෙන වෙලාවෙම බලන පුබුදුවා, අපේ පින්තුර කලාව වෙනස් කල අපේ නලින් අයියා, කාලිංග අයියා වගේ පිරිසක්… ඉතින් එහෙමයි බයිස්කෝප් මිතුරු හවුල වෙනුවෙන් දොර විවර වුනේ…
ඔහොම හෙමින් හෙමින් 2014 ජුනි 22 වෙනකොට The Raid 2 (2014) එකක් මම 100 වැනි කඩයිමත් පහුකරන්නට සමත් වුනා. 2014 පුලි 17 වෙනකොට බයිස්කෝප් එකේ ලොකු ඇත්තෝ ඇඳේ වැරදි පැත්තෙන් බැහැලා ද කොහෙද තීරණයක් අරගෙන මාවත් ඇඩ්මින් කෙනෙක් කරන්න මේ අඩවියේ. දැන් වේගේ හොඳටම බාලා වෙලා නමුත් ඉතින් හෙමින් හෙමින් කොහොම හරි 2016 මැයි 7 වැනිදා වෙනකොට 150 වැනි කඩයිමත් පහුකරන්නට සමත් වුනා. ඒ Crouching Tiger, Hidden Dragon Sword of Destiny (2016) එක්ක. ඔහොම ඉන්නකොට 2016 ජුලි 26 වැනිදා මම බයිස්කෝප් හැර යනවා විවිධ හේතුන් නිසාවෙන්, ඒ තමයි මගේ අවසාන උපසිරස වන The Shallow (2016), උපසිරස 178 කින් තිත තබා මම සමු ගන්නවා. ඔය අතර කාලයේ මගේ අධ්‍යාපනික කටයුතු කරගෙන පාඩුවේ ඉන්න වෙලේ රොයිලි අයියා කිව්වම ලිපියක් එහෙම ලියලා දුන්නා නමුත් ඉතින් ආයේ මේ වසරේ ජනවාරි 3 වැනිදා තමයි Call Me by Your Name (2017) එකක් මම බයිස්කෝප් එකක් එක්කාසු වෙන්නේ, තනිකරම රොයිලි අයියාගේ කීමට කිවිවොත් තමයි ආයේ ආවේ නම් :D.
ඉතින් අද 12 Strong (2018) එකක් මේ සුදානම 200 වැනි කදිම පහු කරන්න. ඇත්තම කියනවා නම් ඉතින් 207 ක් වෙනවා මේ වෙනකොට මේක එනකම් උපසිරස නොකර බලා ඉන්න බැහැ නෙව, ඒ තමයි මේ සොදුරු කොටිවලිගයේ හැටි, අතට ගත්තොත් බිම තියන්න වෙන්නේ නැහැ ලෙහෙසියෙන්. මේ වසර 5 ක් ගමන ඇතුලේ බොහොම දේ අත් වින්දා, විශේෂයෙන්ම සතුටු වෙන එක දෙයක් තමයි එදා බයිස්කෝප් හිටිය තැන හා අද වෙනකොට බයිස්කෝප් පත්වෙලා තියන තැන දැක්කම ඇතිවෙන ඒ සතුට. මමත් එකේ සුළු කොටස් කාරයෙක් කියන හැඟීම බොහොම සතුටක් හිතට, ඒ එකක්ම හොඳ මිනිස්සු ටිකක් අඳුනා ගන්න ලැබුන එකත් ලොකු සතුටක් කිව්වැකි.
රොයිලි, දිදුල, හසන්ත, දිනිදු, විමා, ආසිරි, සමීර, ප්‍රනීත්, යශෝධ, කවිදු, නිර්මානි, චාමර, නිලුපුල් වගේ උපසිරසකරුවන් එකක් බලනකොට නම් ඔබ බොහොම දෙනෙක් මම අරගෙන ආව චිත්‍රපට බලලා නැතුව ඇති. මොකද ගොඩක් වෙලාවට මම තෝරාගන්නේ ටිකක් වෙනස් අඩු පිරිසක් බලන යමක් නිසාවෙන්, ක්‍රියාදාම ඇසට විසිතුරු වුනත් මගේ හිත හැමවෙලේම දිව ගියේ හොඳ කතාවක් පැත්තට ඉතින් ඒක අමුතුම කතාවක් වුනොත් බලන පිරිස අඩුයි නෙව. මේ කාලය ඇතුලේ බොහොම ආසා කරන චිත්‍රපට කිහිපයක් වෙනුවෙන් උපසිරස එක්කාසු කරන්නට මට හැකි වුනා. The Perks of Being a Wallflower (2012), The Great Gatsby (2013), The Bridge on the River Kwai (1957), Mud (2012), American Hustle (2013), Gravity (2013) Liberal Arts (2012), The Guest (2014). Carol (2015), Room (2015), Mustang (2015), The Danish Girl (2015), Call Me by Your Name (2017), Phantom Thread (2017). It Happened One Night (1934) එවැනි කිහිපයක්.
ඔය ඒ අතරින් කිහිපයක් ඉතින් භාෂා 15 ඇතුලේ චිත්‍රපට 108 ක් හා ඉතිරිය ටෙලි කතා මලා කොටස් එකක් නිර්මාණය වුන මේ උපසිරස 200+ ඇතුලේ ඉන්නවා මම සදා ණයගැති එක උත්තමාවියක්, ඒ තමයි මගේ අම්මා, එදා මෙදා තුර මේ සියල්ල වෙනුවෙන් විදුලි බිල්, අන්තර්ජාල බිල් සියල්ල ගෙවමින් මෙවැනි යමක් කරන්නට හැකි වෙන්න මට ඉගැන්නුවා එතුමියට තමයි ඉතින් මේ සියල්ලේ එකක් මම ගතයුත්තක් සමාජයට එක්කාසු කරනවා නම් ඒ පිං අයිති වෙන්නට ඕන, ගෙදර අනික් කට්ටියටත් ඔය පොඩ්ඩක් පිනක් ලැබුනට කමක් නැහැ ඉතින්….
ගොඩක් දේ කිව්වා මොකද ඊලග කඩයිම කවදා එයිද කියන්න දන්නේ නැති නිසාවෙන්…. නැවතත් ස්තුති කරනවා අපේ හිටපු හා වර්තමාන ඇඩ්මින්වරුන් හැමෝටම (අසංක අයියා, සිසිලා, සුධා, නිර්මානි අක්කා, චාමර… මේ උඩ නම් කියවුනේ නැහැ කියලා හිතන ඇඩ්මිලා ටික වගේම අපේ නියෝ කොල්ලත් මතක් කරන්න ඕන). උපසිරසකරුවන් බොහොම දෙනෙක් මතක් කරන්න ඕන නමුත් කිසිම කෙනෙක් තවත් මතක් කරන්නේ නැහැ මොකද එක නමක් හරි මට ගමහැරුනොත් ඒක මහා අපරාධයක් ඔබ සැමට බොහොම ස්තුති මේතාක් මට වචනෙකින් හෝ කල උදව් වෙනුවෙන්.
අවසාන වශයෙන් බයිස්කෝප් බීජය රූස්ස ගසක් වෙන්නට ජල බිදක් වුන තවමත් මහා ගංගාවක් වගේ අපි එකක් නොකඩවා එක්කාසු වෙන ප්‍රේක්ෂක ඔබට ස්තුතියි අපිව දිරිමත් කරනවට අපෙන් උපසිරස ගන්නවා. ඔය අතරේ කොයිතරම් කලත් හොඳක් අහන්න බැරි ගුණමකුවන් නැතුව නෙමෙයි නමුත් එහෙම නොවන ඔබටයි මේ හදපිරි ස්තුතිය, වචනයක් කියල යන්න ඒ ශක්තියට එහා දෙයක් අපිට මෙයින් ලැබෙන්නේ නැහැ….
රටක යුද්ධයක් තියනවා කියන හැඟීමට අපි අමුත්තන් නෙමෙයි ඒ දශක ගණනාවක් අපේ රටේ ජාතිවාදී කෝලහාල නිසාවෙන් ලෝකයේම නමක් දිනාගත්ත ත්‍රස්ත සංවිධානයක් කල හදියක් නිසාවෙන්. නමුත් අපේ රටේ වීර පුතුන්ට පිං සිද්ධ වෙන්න අද අපි නිදහස් රටක්. නමුත් ගෙදරින් එලියට ගිය කෙනා හවස ගෙදර එනතෙක් පන බයේ බාලාහිටිය කාලෙකුත් තිබ්බා අපිට. නමුත් මේ කතා කරන ලෝකයේ බලවත්ම රටක් වන ඇමරිකා එක්සත් ජනපදය එහෙම ලොකු බයකින් ජිවත් වෙන රටක් නෙමෙයි, මොකද ලෝකයම ඔවුන්ගේ අණසකට යටත් නිසාවෙන්. නමුත් 2001 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා දවස නිසා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයම කඳුලෙන් නහවමින්.
මේ සියල්ලටම හේතුව වුනේ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය කියන එක ලෝකයම දන්නා කරුණක්. ඉතින් ජිවිත 2996 ක් බිලිගනිමින්, 6 000 කට අධික පිරිසකට තුවාල සිදුකරමින්, ඇමරිකානු ඉතිහාසයට දිනක් ඇතුලත ඩොලර් බිලියන 10 කට එහා ගිය දේපල හානියක් සිදුකල මේ ත්‍රස්ත කණ්ඩායම සොයාගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුන බවට කිසිම සැකයක් නැහැ. ඉතින් මේ දිග හැරෙන්නේ ඒ 9/11 ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කල මුල්ම සෙබළුන් 12 දෙනාගේ කතාවයි.

මුලින්ම කියන්න ඕන මේ කතාවේ සියලුම සිදුවීම් සත්‍ය නොවුනා වුනත් බොහොම සිදුවීම් සත්‍ය සිදුවීම් හා සැබෑ වීරයන්ගේ ජීවිතය ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ, මුලින්ම මේ සඳහා සහබාහි වුවන්ගේ නම් වෙනස් වෙනවා ඒ Capt. Mark Nutsch (සැබෑ සොල්දාදුවා) Mitch Nelson හැටියටත්, Chief Warrant Officer 2 Bob Pennington (සැබෑ සොල්දාදුවා) Hal Spencer වගේ.
විශේෂ කාර්යය බලකා ODA 595 මෙහෙයුම වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගිහින් අල්-කයිඩා මර්මස්ථානයක් වන මසාර්-රී-ෂරිෆ් නම් නගරය අත්පත් කරගැනීම. නමුත් මේ සඳහා ඔවුන්ට සිද්ධ වෙනවා උතුරු සංවිධානයේ යුධ නායකයෙක් වන ජෙනරාල් ඩොස්ටුම් නැමැත්තෙක් හා සංවිධාන ගත වීමට. ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජෙනරාල් හා පෙරමුණට ගිහින් ගුවන් ප්‍රහාර සඳහා අවශ්‍ය ඉලක්කයන් ලබා දීමයි. මේ වෙනකොට ප්‍රති ප්‍රහාරයක්න වෙනුවෙන්මු ඇෆ්ගනිස්ථානයට ගොඩ බහින පළමු හමුදා අනුකණ්ඩය වෙන්නේ මේ සෙබළුන්ත් පිරිස. ගමනා ගමනය අපහසුව, වෙනමම සංස්කෘතියක යුධ වදින මේ ගෝත්‍ර හා නවීන සටන් ක්‍රම හදාරා පිටියට යන මේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ගමන ලේසි පැහැදු එකක් නම් නෙමෙයි. ඉතින් මොවුන් මේ නගරය අත්පත කරගැනී ද? කිදෙනෙක්ට නම් තමුන්ගේ ජිවිත ගලවා ගැනීමට හැකි වේවි ද? මේ දේවල් ඔයාලට බලාගන්න හැකි මම ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ දැනටමත් මේ ලිපිය වෙනමම පොතක් වගේ වෙලා තියන නිසාවෙන්…

Nicolai Fuglsig අධ්‍යක්ෂණයෙන් නිමවෙන මේ පැය 2 කුත් මිනිත්තු 9 ක් පුරා දිවයන Action, Drama, History චිත්‍රපටයේ අපි දන්නා හඳුනන මුහුණු කිහිපයක්ම ඉන්නවා Chris Hemsworth (තෝර්), Michael Shannon, Michael Peña, Geoff Stults, Thad Luckinbill ඉන් කිහිප දෙනෙක්. ලබාගෙන ඇති IMDB අගය 7.0 ක්, රෝටන් ටෝමාටෝ අගය වෙන්නේ 54% ක්.
ඉතින් කම්මැලි කමක් නැතුව එක හුස්ටම බලන්නට හැකි මේ ක්‍රියාදාම චිත්‍රපටය මට 200 වැනි උපසිරස වෙනුවෙන් කරන්න කලින් භාර අරගෙන තිබ්බත් කිසිම ලෝභ කමක් නැතුව ලබා දුන්න හසන්ත මාමේ ඔබටයි මේ ආචාරය. ඒ වගේම පින්තුරයක් ඕන වුන ගමන් මම දැන් අමතන අපේ සිසිල් ලොක්කාටත් බොහොම පිං කිව්වා තව නම් මොනවත් කියන්නේ නැහැ දැන් මේක කියවන්න මටම කම්මැලි. එහෙනම් සටහනක් තියලා යන්න ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු ඉක්මනින්. ඔබ සැමට ජය වේවා !!!

පා.ලි. මේ මෙහෙයුම ගැන වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, සත්‍ය සිදුවීම් වලින් මේ කතාව කොතරම් ඈතකට යනවද, කොතරම් ලං වෙනවාද කියලා දැනගන්න ඕන නම් ගුගල් කරලා බලන්න “history vs hollywood 12 strong” කියල.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR / WEB / HD / පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36654 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Tnx bro
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Okkoma tika kiyewwa…. Sub ekt thnks brother
ගොඩක් ස්තූතියි
Thanks for sub
thanks
සබ් එක දුන්නට ස්තුතියි.
අපි බොහොම ලේසියෙන් ලේසියට සිංහල සබ් එක්ක ෆිල්ම් එක බැලුවට,සබ් දාන්න, හදන්න ලොකු කැපකිරීමක් කරනවා කියලා දන්නවා දැනෙනවා, බොහෝ ස්තුතියි අගය කරනවා කැපවීමට හා දායකත්වය සමීර.
Supri. Thanks
Thank u
Thanks
jaya wewaaaaaaaaaaa
thank you
lesatama thiyanawa
Thx for sub
thanks brooo thawa thawath issarahatama yanna suba pathanawa.. good luck..!
supiri bro….
පට්ටම පට්ට සහෝ ඔයාට සුභ පතනවා. තව තවත් අපිට මේ වගේම සුපිරි SUB අරගෙන එන්න. අවංකවම SUB එකක් ලියන එක ගොඩක් අමාරැ දෙයක් මමත් TRY කලා NET එකෙන් එහෙම බලලා මමත් ලගදිම ඔයාලත් එක්ක සහයෝගයෙන් ගමනක් යන්න හිතනවා. සුභ අනාගතයක් වේවා සහෝදරයා…..
Thanks saho
Thanks friend.Well done !
Thanks for Sub!!
thnx
supiri
Thanks
Thanks saho sub ekata
ස්තූතියි සහෝදරයා, ලිපිය සම්පූර්නයෙන්ම කියෙව්වා…. ඔබට ජය….
Thanks brooo
good job karune
thankyu
Ela
Thank you
patta bro thanks sub ekata
Elas…
ela bro
Thanks bro. ..
200 sabata thanks
Thnx bro
thnks bb
ftt
thank you bro
thanks bro
thanks
Thanks buddy.. Keep it up… fans need
thnks
tnx bro.
Thankzzzzzzzz
thank you ayye
Thanks…
congracts
බොහොම ස්තූතියි!!!!
thanx machan… idiri gamana sarthaka wewa…
Thanks mchan sub ekata podi request ekak tiyanawa puluwnnm The Midnight Meat Train (2008) me movie eke sub eka dapn bn
Thank You Machan
සුභ පැතුම් සහෝ….!!
congratulation for 200th sub
200 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම් !
✌✌✌✌
ස්තූතී සහෝ දිගටම දෙන්න.
Congrates Brother…!!!
Keep Going…..
thnxxxxxxx
bohomathma isthuthi obata jaya wewa!
congrrats machan….
Thanks..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
thanks
Thanx bro
සුපිරියක් තමයි සහෝ, 250ට ඉක්මනින්ම යමු. ජය ✌
Supiri thanks
no page found
Link eke awulak
Download wennne na
තෑන්කස් මචන් සබි ඒකට…
200 ට සුභ පැතුමි..!!!
Thanks bro.
patta machn
digatama edagena yamu
budu saranai..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thanks bro
tnx
Sub eka ganna ba ne
12 strong eke sub ganna ba ne
thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
bohoma sthuthi sahooo oyal api wenuwen karan kapawemata .. degatama kargena yamuo jaya
Thank…………………….good luck …………………………………….suba pathum…..200……………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
Congratulations for 200
Congrats on your 200 sub for baiscope Sameera Brother, Thank you & baiscope team for the sub, all the best to baiscope team………..
Thanks
tz sub ekata…
හම්බෝ, 200 ත් ගහලා, සික් අප්පා මූ ආවේ ආයේ.
දැන් ඉතිං සේරටම කලින් මූව පාස් කරලා ඉන්න එපැයි.
හිටහ්න්කෝ, තව පොඩ්ඩයි 200 ට මටත් තියෙන්නේ,
උඹව පාස් කරලා තමයි පස්ස බලන්නේ. අන්න එදාට මම සබ් කරන එක නවත්තනවා.
එව්වා කොහොමවෙතත් 200 ට සුභ පැතුම් මචෝ.
උඹගේ ෆිල්ම් පට්ට ගොඩක් මම බලලා ඇති. මොකද ස්ටෝරි ටයිප් තමා මාත් වැඩියෙන්ම ආසා.
උඹ මට දීපු ෆිල්ම් හිටන් මම කරලා ඇති.මම දන්නවා ඉතිං උඹ එකක් හොඳා කියන්නේ හොඳමැ තමා කියාඅ.
හැබැයි අදත් කියනවා, තොගේ අකුරු නම් වැරදියි ඈ එදා ඉදන්ම.
බලහන්කො උඩ ලපිය දිහා ආයේ පාරක්.
උඹ හදානොගන්න එකම දේ ඒක. අහුවෙයන්කෝ මේ ෆිල්ම් එකේ වැරදි ටිකකුත්.
කෙලින්ම එෆ් බි දානවා වැරදි ඔක්කොම එක්ක,
මෙන්න බලාපියව් සබ් 200 ක් කරපු එකෙක්ගේ සබ එකේ හැටි කියලා.
එහෙනම් ආයේ සුභ පතනවා 200 ට. හදිස්සියක් නෑ, හිමින් හිමින් සබ් කරමු, උඹේ ගානට මාත් එන්නේපයි.
200 වැනි කඩ ඉමට සුබ පැතුම් සහෝ….
උපසිරැසියටත් බොහොම ස්තූතියි….
200 weni upasiresi kadaimata suba pethum saho!sabata thuthi,idiriyatath upasiresi nirmanaya kirimata hekiyawa,shakthiya ha dhairyaya lebewa!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…
Thanks Bro
thank u bro
Congrats Bro! Thanks!
Sub ekata sthuthiyi
Jayaweva
12 strong eke sub ganna ba ne,NOT FOUND kiyla watenawa
Thanks and a great effort
thanks machan
Thanks Bro
200 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks saho sub ekta.ela
br ekata me sub eka set weida broo
ස්තුතියි 🙂
Tnx brother
බොහෝම ස්තුතියි!!
Goold luck macho
Tnx for sub
Thanx bro
Niyamai saho thanks
#Hail_Hydra
200ට සුබ පැතුම් මල්ලි. තව තවත් ඉදිරියට යන්න ලැබේ වා කියල ප්‍රාර්තනා කරනවා.
Thanks saho sub ekata………jayen jaya………
good luck aiya
eth sub eka denne nane not found
Ado Good Luck Machan Thanks
200 වෙනි උපසිරැසියට උනුසුම් සුබ පැතුම් සහෝ
200වෙනි උපසිරැසියට සුභ පැතුම්
සබ ඉන්බොක්ස් ආව වෙලේම බැලුවා
කමන්ට් එකක් දාන්නේ දැන් තමා ඉතිං
බයිකොප් අඩවිය වටේ එකතුවුණ රසික පිරිසක් තමන්ටම ඇද බැඳ තියාගන්න සමත් වෙච්ච උපසිරසිකරුවෝ ඉතාම ස්වල්පයයි ඉන්නේ
අතේ ඇඟිලි ගානටත් වඩා අඩුයි එහෙම අය
අන්න ඒ අයගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනා සමි පාර්ට් 1
සයිට් එකේ කමෙන්ට් ටික චෙක් කරගෙන යන වෙලාවට සමීර දුන්න ෆිල්ම් වල නිතරම දකින්න තියෙන කමෙන්ට් එකක් තමා උඹ දුන්නනම් ඉතිං ආයේ කිසිම සැකයක් නැහැ අනිවා බානවා කියල
ඉන්නේ ෆෑන්ස්ලා ටික දෙනයි වෙන්න පුළුවන් හැබැයි ඒ ඉන්න ටික ඩයි හාඩ් ෆෑන්ස්ලා
සයිට් එකට සෙට් වෙච්ච මුල් කාලෙදිම අඳුරගත්ත ඇඩ්මින් කෙනෙක් සෑහෙන දේවල් ඉගෙනගන්න ලැබුනා උඹෙන්.
ඒ වගේම ඉතිං නෙත් එෆ් එම එකට රාවයට ගිය එකේ ඉඳලම පලවෙනි ගේට් එක ආදී දේවල් ද සිහියට නැගෙනවා මේ මොහොතේ ඔව්..
එහෙනම් ලබන මාසේ වෙනකොට 250 ගහපං
කරන කියන හැම දේම හරිගිහින්සු ලෙසටම ෆිල්ම් ටිකක් බලගෙන්න ඉන්න ලැබියන්
ජයෙන්ම ජය මචෝ…
vima aiya sub eka not found kiyala enne ai sub eka ain karalada
Awesome mve.. super.. congrdzz…
සමාවෙන්න ඕන අදහසක් පළ කරන්න පමාවිම ගැන. 200වැනි උපසිරසියට මාගෙ හෘදයාංගම සුබපැතුම්! සමීර සහෝ දීපු ගොඩක් උපසිරසි අපි ආසාවෙන් නැරඹුවා. ඉතාමත් ගුණාත්මක ආකාරයෙන් වේගයෙන් උපසිරසි කිරීමේ හැකියාවක් සතු කෙනෙක්. කාලෙකට කලින් උපසිරසිකරණයෙන් ඈත් උනේ නැත්නම් මීට වඩා සබ් 100ක් 200ක් ඉදිරියෙන් ඉන්න තිබ්බ පුද්ගලයෙක් තමා මේ.. එහෙමනම් සමීර සහො යථා කාලයෙදී නොනවත්වා උපසිරසි කරන්න අවශ්‍ය කාලය සහ ශක්තිය නොමදව ලැබේවායි මා පතනවා. ඔබට ජයෙන් ජය!☺️
pattaa bro
Tanx saho
ජයවේවා
ela bokka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
අම්මෝ දෙසීයත් ගැහුවා එහෙනම්.
ඔන්න පට්ට ෆිලුමට වගේම කඩඉමටත් මගෙන් සුබ පැතුම්.
ජයෙන් ජය.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
200ta suba pathum. sub ekata thanks saho. jaya wewa!!
200වෙනි උපසිරැසියට සුභ පැතුම් සමීර අයියා!!
මේල් වලින් හෙම කතාබහ කරලා තියේනෙ කලින්..ලගදි ඩිඇක්ටිව් වෙලා හිටිය නිසා හොයාගන්න හිටියෙ නෑ..මෙන්න දැන් කලින්ටත් වඩා ඇක්ටිව්..එහෙනම් මේ ඇක්ටිව් එකෙන්ම ඊලග කඩයිමටත් යමු..ජයවේවා!!
Thanks bro sub akata
200 වෙනි උපසිරසට උණුසුම් සුභ පැතුම් .ජීවිතයේ බලාපොරොත්තු ජය ගැන සාර්ථක ජීවිතයක් ගත කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
tnx bro
200 වෙනි උපසිරස වෙනුවෙන්ක සුබපැතුම් සමීර මල්ලි! මේ යන විදිහට ඊළඟ මාසේ 25 සමරන්න පුළුවන් වෙයි වගේ. සමීරව මම අනික් මිනිස්සුන්ට වඩා වෙනස් කෙනෙක් විදිහට දකින්නේ මොකද සාමාන්‍ය මිනිස්සු විනෝදෙට ඉඳල හිටලා ෆිල්ම් එකක් බැලුවට සමීර කරුණාරත්න කියන්නේ ෆිල්ම් සහ ටීවී සීරිස් බලන්න ජිවත් වෙන මනුස්ස ජීවියෙක්. ඒ නිසා අදාළ ක්ෂේත්‍රය ගැන නොදන්න දෙයක් නැති තරම්. ඒ ගැන ඉතින් ලියන ලිපි වලින්ම හැමෝටම පේනවා. එහෙනම් ඉදිරි වැඩකටයුතු වලට සුබ පතන ගමන් මේකත් කියන්න ඕන කමෙන්ට් එකක් දාන්න පරක්කු උනා ෆිල්ම් එක බලලම දානවා කියපු නිසා. සබ් එකේ අර මම කියපුවා නම් සෑහෙන්න තිබ්බා ඔන්න 😛
hasantha aiya sub eka not found kiyala enne ai sub eka ain karalada
නැහැ එහෙම වෙන්නේ නැහැනේ. බ්‍රවුසර් Cache ක්ලියර් කරලා ට්‍රයි කරන්න.
subapathum
thanks bro
Thanks Bro… Jay wewa !!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ඒ වගේම 200 වෙනි උපසිරැසියට සුබ පතනවා.දිගටම දෙමු.ජයවේවා……..
thanks brother.. 200 වෙනි උපසිරසියට සුභ පැතුම්
Ela bro.. tks
ela
200 වෙනි උපසිරසියට සුභ පැතුම් ……
සබ් එක පෙන්නන්නෙ නෑ….
සොයා ගත නොහැක 403
thanks
nane bn sub eka …
Jaye WEWA!
200 weni sub ekata congrats
suba pathum kollo ela ela
unusum suba pathum.jaya wewa
200 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්
උණුසුම් සුබ පැතුම් සමීර මලේ. බයිස්කෝප් එකේ ඉන්න අය අතරෙන් ඇවිදින බයිස්කෝප් මංසල විදියට මම දකින්නෙ ඔයාවයි. හැම තිස්සෙම ඔයා දෙන උපසිරැසි ලොවෙත් ම්ම බලල ඇති. මොකද අනිවා මම දන්නවා සාමාන්‍යයෙන් ඔයා දෙන චිත්‍රපටි අනිවා මට මිස් වෙන්න තිබ්බ ඒවා කියලා. ඒ තරම් වටිනා ඒවා ඔයා උපසිරැසි දුන්න හින්දම මම බලල තියෙනවා. ඔයාව ආපහු ඇක්ටිව් කරල ගන්න ලැබීමම ඇති මා ඇතුලු අනිත් බයිස්කෝප් රසිකයන්ගේ වාසනාවක්. වෙන මුකුත් ඕනා නෑ බයිස්කෝප් අඩවියේ 007 උපසිරැසි ටික සම්පූර්ණ වුණෙත් ඔයා ඒක පටන් ගත්ත හින්දයි. ඉතින් තවත් වටිනා කතා අරගෙන 250 කඩඉමටත් හැකි ඉක්මනින් යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
royly aiya sub eka not found kiyala enne ai sub eka ain karalada
ඔබ වැනි කෙනෙක් මෙවැනි වෙබ් අඩවියක ඉන්න එක වසනාවක් අපට නම්. තොරගන්න මුවි නම් නියමයි හැමඑකම.. රසාස්වාදයෙන් පිරිපුන් මුවී ❤ . අපි වෙනුවෙනුත් ලස්සන චිත්‍රපට දෙන්න කෙනෙක් ඉන්න එක සතුටක්. මෙක නම් සුපිරි ෆිල්ම් එක මල්ලි…. දිගටම ඔන උපසිරැසි ඔන්න. ____❤ ❤ ❤ ❤ ❤ ________
suba pethum saho
Thanks…
Congratulations!!! for ur achievement…
wish U may go to 1000!
200 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ . සයිට් එකේ ඉන්න දක්ශම උපසිරසකරුවෙක්. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යාමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
Sub ekata thanks
Jaya
Sub ekata thanks sahoo
200 suba pathum….
Digatama sub karanna saho..thank u.200ta suba pathanawa hadawathinma..
200 weni sub ekata congrats bro
මුලින්ම දෙසිය වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ පතලා ඉන්නම්.
වෙබ් අඩවියේ මේ වෙද්දී ඉන්න අංක එකේ අධිවේගී සබ් මැෂින් එකක්.
කාලයක් අඩපණ වෙලා තිබ්බත් බයිස්කෝප් වෙබ් අඩවියේ වාසනාවකට ආපහු පණගහල ඇවිල්ලා ආයෙත් සුපුරුදු විදියට වැඩ පටන් අරගෙන තියෙනවා.
මේ ගැම්මට ගියොත් 250 ට තව මාස දෙකකින් වගේ සුභ පතන්න පුළුවන් වේවි.
එහෙනම්, ඉක්මණටම 250 පහුකරලා යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා!
හම්මේ… උඹත් එහෙනම් දෙසීයා කෙනෙක් නෙව… 😀
එහෙනම් ඉතිං උඹේ හතර වෙනි කඩයිමට ඔන්න මාත් හදවතින්ම සුභ පතනවා…!!!
සයිට් එකේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය, වටිනා ෆිල්ම් වලට සබ් කරන එකෙක් කියලා උඹ ගැන කියන්න පුළුවන්…
එහෙනම් 250ත් ඉක්මණටම අරන් වරෙන් දැන් ඉතිං ආයෙම සයිට් එකේ ඉන්න නිසා…
ජය වේවා එහෙනම්…!!!
Elzzzzzz 200ta subapathum
200 වැනි උපසිරසියට සුභ පැතුම්
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks
Hamatissema log wenna kiyla wtenwa..sub ekts tnxx
සුබපැතුම්….
200 වෙනි උපරැසියට සුභ පැතුම් සහෝ
සුබපැතුම්
congratzzz!!!!!!
Congratulation for the achievement.
We highly appreciate your time and the dedication.
Thanks you very much.
thanks bro
ගොබ්බ කමෙන්ට් දාන්නැතුව සබ් එක අරන් පලකෝ…
නියමයි සහෝ.200 සුබපැතුම්
බොහොම ස්තූතියි උපසිරැසියට
ජය..!
Congratulation Brother…..Congratulation…
Sub ekata thanks ayyee…
200 weni sub ekta hadawathinma suba pathanawa…
Jaya
සුවිශේෂී කඩඉමක් පහු කලාට සුභ පැතුම් සමීර අයියා! නියම වැඩක්. දිගටම වැඩේ කරගෙන යමු. ජයවේවා!
Sameera ayyee..
Bhoom sthutuyi aththatm….
200weni kadayimata hadawathinm suba pathanawa….
Ekaparak apiwa dala giya wagee aaye dala ynn ehwm nam hithnawath epaa..hrd…
Ehenm 250 hamuwanathek…subapathnawa hama dwwkatam…
200 වැනි කඩඉම පහු කළාට සමීර සහෝදරයාට හද පිරි සුභ පැතුම්. බයිස්කෝප් අඩවිය වගේ තැනක් හදන්න මුල් පියවර තිබ්බ ඔයාලා නිසා තමයි අපි නොමිලේ ෆිල්ම් ටිකක් බලන්නේ. තවත් හොඳ ෆිල්ම් වලට සබ් දෙනකම් අපි බලා ඉන්නවා.
Thanks very much….
අපෙන් උනූසූම් සුභ පැතුම් 200 වැනි කඩඉමට..
Sub ekata thanks ayyee
200 sub ekata suba pathum
Jaya
Congratulation for your 2nd century……..
මේ ලිපිය Film එකකට මම දැකපු හොඳම ලිපි අතරින් එකක්……..
Thank You………..
bohoma sthuthi saho…. awagema 200 weni upasirasatath suba pathum sahodaraya….. Congratulations…!!!!!
marai bro
keep it up. wish bright future.
Thanks And Congrats Bro…
🙂 200* වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභපැතුම් “සමීර කරුණාරත්න” සහෝ… ඉදිරියටත් අපිත් එක්ක මේ වගේ එකතු වෙලා ඉන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා වගේම කරන වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නත් කියලා හදවතින්ම සුභ පතනවා…! උපසිරැසියටත් බොහෝම ස්තූතියි.. ජය වේවා…..!! 🙂
Not Out 200. Common Sameera Bro. Congratz and May triple gems bless you.
Wow bro….well done…niyamai….maka danakan thamai hitiya….good luck and god bless you…keep continue it….
congratulations !
well done bro…
Nice brother
බොහොම ස්තුතියි අයියේ උපසිරැසිය වෙනුවෙන්.200 කඩයිමට හදවතින්ම සුභ පතනවා.අයියව හරියට අඳුනගන්න ලැබුනේ නම් මීට දවස් කීපයකට කලින් කීවොත් ඒකෙ වරදක් නෑ .මේ ලිපිය සහ අයියා උපසිරැසි ගන්වපු චිත්‍රපටි මොනවද බැලුවාම තේරුනේ රැල්ලට නොයමින් තමන්ගේම ආරකට ආපු ගමනක් තමයි අයියට තියෙන්නේ.අන්න ඒ දේ ට හදවතින්ම ගෞරව කරනවා!! ඉස්සරහටත් වැඩේ මේ විදියටම කරගෙන යමු.ජයවේවා!
thanks for sub……….
නියමයි.
සුබපැතුම් අයියා
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
200 ට සුබපැතුම් සහෝ…
දිගටම කරගෙන යමු.
ජයෙන් ජයම වේවා…!
Supiri . Suba pathum
Cogratulations & tnq
Thanks bro………
sub ekta tnx broh
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks SAMEERA saho.wish u’r great future…..
Sub ekata thanx
Thanks bro.
Thanx bro sub ekata ….jayawewa
elzzz jayawewa
ane thanks broo niyamaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii thankzzzzzzzzzzzzzzzzzzzzzz
බොහොම ස්තූතියි. බුදු සරණයි !
baiscope team eke hamotama godak pin.movie ekak rasawidine uprimenma ubla nisa thama bro ubla hamotama pin!
ජය වේවා සමීර අයියේ… ❗
.
.
ඉක්මනටම 250ත් ගහමු… 😀
.
ලිපියත් ඉතින් වෙනද වගේම සුපිරි කියල තමයි කියන්න තියෙන්නෙ 😉
ඔහොම යන් බන් 250 ත්……Thank you very much for sub
GoodLuckBrother
superi saho ela
Thanks ..ඒවගේම සුබ පතනව 🙂
bohoma sthuthi saho , awagema suba pethum 200ta, 200n 300tath ikmanatama yanna labenna kiyala mn suba pathanawa.
bohoma sthuthi saho…
❤❤❤❤❤❤සබ්බේ තියෝ විවජ්ජන්තු ❤❤❤❤❤❤
❤❤❤❤❤❤සබ්බ රෝගෝ විනස්සතු ❤❤❤❤❤❤
❤❤❤❤❤❤මාකේ බවත් අන්තරායෝ ❤❤❤❤❤❤
❤❤❤❤❤❤සුකී දීගායු කෝ බව ..❤❤❤❤❤❤
**************************************************
200 ට සුබ පතනවා
දිගටම ඔහොම යන්
ලිපිය නියමයි
*******************************
ඔයාගෙ උපසිරසි අතර තිබුණු කතාමාලා වල කොටස් වගෙම චිත්‍රපටි බලල තිබුණත්, පෞද්ගලිකවම මට ඔයාව අඳුරගන්න නම් ලැබුණෙ මෑතකදි. ඒදා ඉඳන් අද වෙනකන් වැඩි කාලයක් නොවුණත් ඔයා මට කරපු දිරිගැන්වීමම් වගෙම උපසිරසිකරණය ගැන කියාදුන්නු පාඩම් නම් ගොඩක් වටිනවා. සවිස්තරාත්මක ලිපියක් එක්ක 200 වැනි කඩයිමට මේ වගේ වැදගත් සලරුවක් ලබාදුන්නට බොහොම ස්තුතියි අයියේ. 200* වැනි කඩයිමට සුබපතනවා අයියේ. ඔබට ජය!!
good luck bro. plz puluwannam the TERROR show ekata sub dennako.
200 වෙනි උපසිරැයට සුබ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thnx……….
Ammo ban. Eke diga. jaya wewa!
Thanks bro…. Bs.
congratulations brother thanks a lot Carey on
Thank you so much
thank you so much brother.. congratzzzz bro…..
200 වෙනි කඩඉමට සුභ පැතුම් සහෝ තව තවත් උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා. 300 කඩඉමටත් ඉක්මනින් යන්න ලැබේවා ..!!
මුලින්ම 200 වෙනි කඩඉමට හදවතින්ම සුභපැතුම් අයියේ..ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑ. බයිස්කෝප් පවුලේ හොදම උපසිරැසි කරුවන්ගෙන් කෙනෙක් තමා සමීර කරුණාරත්න කියන්නේ.. උපසිරැසි කරපු ගොඩක් චිත්‍රපට නම් බලලා නෑ. නමුත් ටෙලිකතා මාලානම් බලලා තියේ. අඩු පාඩුවක්,පමාවක් නැතුව වැඩේ කරන කෙනෙක්.. එහෙනම් තව තවත් උපසිරැසි කරන්න ලැබේවා වගේ ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ..බුදුසරණයි..ජය වේවා..!
උපසිරසියට තුති…
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
ජයවේවා….
Thanks brother
congratulations…
……සුභ පැතුම්…….*200*
අර කිව්වත් වගේ මම නම් සමීර අයිය කරපු ෆිල්ම් බලලම නැ, (මේක බලනවා.)
ඒ වුනත් ටිවි කතා මාලා නිසා නම් බලලා තියේ. වයිකිං එකෙන් තමයි ඉතිං. ඒ වගේම මම බයිස්කෝප් එකත් එක්ක සම්බන්ධ වෙන්න අහපු මේලට මුල්ම රිප්ලයි එක එව්වෙ සමීර අයියා, ඊට පස්සෙ කතා බහ කරලා පොඩි හරි ඇදුනුම් කමක් හදා ගන්න ලැබුනෙ මේ මෑතක.
ඉතිං 200 වෙනි කඩයිම වෙනුවෙන් හඳවතින්ම සුබ පතනවා. ඉදිරියටත් මේ වගේම උපසිරැසි කරන්න ලැබෙන්න කියලා පතනවා.
~ජය!~
Thx brother
congratulations 200 sub
ela ela thanks
200 ta suba pathum
jaya wewa!!!
congrazz bro…and thnx for sub…..
ude hewwe iye tv channel ekka dakala sub thibbe nh dn baladdi sub watilaaa elaaa
මුලින්ම 200 වෙනි කඩයිම වෙනුවෙන් සුභ පැතුම් අයියේ…
තවත් කඩයිම් වලට යන්න ලැබේවා කියා පාර්තානා කරනවා…
සබ එකට ස්තූතියි………….
Thada thada bro
Suba pathanqwa broo..isthuthuii
අද කඩයිම් දෙකක් නේද දැනට… බොහොම සතුටුයි 200ටත් සුභ පතනවා. මම ඉතින් බයිස්කෝප් හරහා මුලින්ම (මේල්වලින්) අඳුනගත්තෙත් ඔබතුමාවනේ ඉතින්… ඒ වගේම ජීවිතේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා වගේම මීළඟ කඩයිම්වලටත් ඉක්මනින් ළඟා වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Thnx for the sub & congrats
නියමයි….සබ් එකට තැන්ක්ස්….
200 වෙනි උපසිරසියට සුබ පැතුම්…..
මේ වගේ කතානම් අනිවාරයෙන් බලනවා….
සුභ පැතුම් සමීර අයියේ 200 වෙනි උපසිරැසි කඩයිමට…
කාලයක් හැංගිලා හිටියට ආයේ වැඩට බැහැලා ඉන්නවා දැක්කා පහුගිය ටිකේ.
ඒ කාලේ ඉඳන් සමීරලා දෙන්නම ඉතින් අමතක නොවන දෙන්නෙක්නේ,
ඉතින් හදවතින්ම සුභ පතනවා මේ කඩයිමට…
ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කොටි වලිගේ ආයේ කවදාවත් අතාරින්න එපා කියලත් ඉල්ලා හිටිනවා.
ඔහොමම යමු..
ජයෙන් ජයම වේවා…!!!!!
සබ් ඒකට ස්තුතියි. 200 වෙනි උපසිරසියට සුබපැතුම්
උණුසුම සුබ පැතුම් සහෝ. ජය වේවා …..සබට ෆටිටම තෑන්ක්ස් ..
සබ් ඒකට ස්තුතියි. 200 වෙනි උපසිරසියට සුබපැතුම්. දිගටම කරගෙන යන්න. ගුඩ්ලක්.
Tnx sahoo subapethum 200 ta
උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Supiri thanks saho…!!
Ada udenma download kara mechchara ikmatadta sub eka dei kiyala hithuw ne. Thank you bro…
9/11 එක ගැන කියනව නම් හොදට හැම පුංචි දෙයක් ගැනම හිතල සාර්තකව කරපු ප්‍රහාරයක් මම හිතන්නෙ කියන්න එවගේ ප්‍රහාරයක් එල්ල උනාම කාටද ඔයා මුලිම්ම කතා කරන්නෙ 911. ප්‍රහාරය එල්ලකරල තියන දවස ම තමා emergency call number එක එ රටේ 911 හරියට අපෙ 119 වගෙ.
මාත් අයියෙ ඔයාවගෙ හොද කතාවක් තියන නිර්මාන වලට ආස උනත් එවගේ එව baiscope එකෙ ඇත්තෙම නැ එකට ඉතිං හේතුව ඔයාකිව්ව වගෙ කට්ටිය නොබලන එක තමා(හැමොම පන කඩාගෙන බලනවනම් ඉතිං සබ් හොගාල නොදි ඉන්නැනෙ)එත් හැමහොද චිත්‍රපටියකටම අපරාදෙකියන්න බැ සබ් තියනව මම කිව්වෙ tv show ගැන(ගොඩාක් එව ගන්න දෙයක් නැ එවුනත් සබ් තියෙන්නෙ ඉල්ලුමට සැපයුම නිසා කට්ටිය බලන්නැත්නම් දිලා වැඩක් නැනෙ ඇත්ත)මම ලගදි handmaids tale බැලුවට පස්සෙ මට පුදුම හිතුන එච්චර සුපිරි කතාවකට සබ් නැත්තෙ ඇයි කියල,පුදුමයි!!!!!!පුලුවන්නම් this is us,big little lie,house of cards වගෙ එවට සබ්දෙන්න බලන්න baiscope උපසිරස කරැවනි.
Thxa aiye.. දිගටම sub demu… suba pathum bokka
200 upasiriyata unusum suba pathum..
Thank you..
අද නම් බොහොම සතුටු දවසක්. ඉයේ දිනයේ ටොරෙන්ට් අඩවි වල දැක්ක හොද ෆිල්ම් එකක් උපසිරැසි වැටිල තියෙනව . .එකත් සමිර මල්ලිගෙන්… congratulations මල්ලි ඔයාගෙ 200 උපසිරැසියට …
සුපිරි වැඩක් .. නොනැවතී අපි වෙනුවෙන් ඉදිරියටත් සිංහල උපසිරැසි ලියයි කියල හිතනව
____God bla you___
අද නම් බොහොම සතුටු දවසක්. ඉයේ දිනයේ ටොරෙන්ට් අඩවි වල දැක්ක හොද ෆිල්ම් එකක් උපසිරැසි වැටිල තියෙනව . .එකත් සමිර මල්ලිගෙන්… congratulations මල්ලි ඔයාගෙ 200 උපසිරැසියට …
සුපිරි වැඩක් .. නොනැවතී අපි වෙනුවෙන් ඉදිරියටත් සිංහල උපසිරැසි ලියයි කියල හිතනව
____God bla you___
jaya wewa sahoo… digatama karagena yamuuuuuuuuuuuuuuu
200 wana nirmanayata unusum sub sahodaraya.. supirima movie ekak…
200 වෙනි උපසිරසියට සුභම සුභ පැතුම් අයියෙ. තව තවත් අපි වෙනුවෙන් උපසිරසි කරන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා.
බොහොම ස්තුතියි..!!
200 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
200 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම් සමීර.
වෙනස්ම ආකාරයේ අර්ථාන්විත, සම්මානනීය චිත්‍රපට තොරාගෙන
උපසිරැසි ගන්වන කෙනෙක් විදිහටයි ඔයාව දකින්නේ.
මෙතනින් නොනැවතී තවත් අරුත්බර චිත්‍රපට වලට
උපසිරැසි ගෙන ඒමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
මේන් නවෝ 50 ගහලා ඉවර වෙද්දී සමීර අයිය 200 ගහලා! මං බයිස්කෝප් පවුලට එකතු වෙන කාලේ අයියා පොඩි විරාමයක් අරන් හිටිය නිසාද කොහෙද ළගකදි තමයි හදුන ගන්න ලැබුනේ. ගොඩක් සතුටුයි වටිනා කියන චිත්‍රපට වලට සිංහල උපසිරැසි ගේනවට. මගේ 100 වෙනි උපසිරැසියටත් උදව් කළ හිත හොද සහෝදරයෙක් නේ. ඉතින් 200 ට උණුසුම් සුබ පැතුම්!