අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleඅභිරහස්එළචිත්‍රපටිතීරණය ඔබේදසන් බුද්ධිකනාට්‍යමයසිංහල උපසිරැසිහින්දි

Hacked (2020) Sinhala Subtitles | ලාබාල හැකර්වරයාගේ ආදරය![සිංහල උපසිරැසි ]

Rating: 8.4/10. From 98 votes.
Please wait...

තාක්ෂණය කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාවක්. අද ලෝකේ හැමදෙයක්ම වගේ රැදිලා තියෙන්නේ තාක්ෂණය මත කිවොත් වැරදි නැහැ. තාක්ෂණය කියන දේ එක්ක කතා කරද්දී ඒ එක්කම එන අපරාධත් අමතක නොකර බැහැ. මේ අතරින් පරිගණක තාක්ෂණය සහ ඒ සම්බන්ධ අපරාධ කියන්නේ අද ලෝකේ විශාල වශයෙන් කතා වෙන මාතෘකාවක්.

පරිගණක හැකර්වරු එහෙම නැත්නම් පරිගණක දත්ත හොරාගන්නන් කියන්නේ අද වැඩියෙන් කතා වෙන මාතෘකාවක්. කිසියම් කෙනෙකුගේ හෝ ආයතනයක රහස්‍ය තොරතුරු වලට පිවිස ඒවා ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා භාවිතා කර අදාල පුද්ගලයාගෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්න මෙම හැකර්වරු උත්සාහ කරනවා. අද අපි මේ අරගෙන ආපු චිත්‍රපටියත් මේ හැකර්වරයෙක් හා සම්බන්ධව ගොඩ නැගිලා තියෙන කතාවක්.

සමිරා ඛන්නා කියන්නේ  නිවාස සංකීරණයක තනියම ජිවත්වෙන තරුණියෙක්. සමාජයේ තත්වයක් තියාගෙන වගේම රැකියා ස්ථානයේ ඉහල තනතුරක ඉන්න කෙනෙක්. විවේක් කියන්නේ අවුරුදු 19ක පොඩි කොල්ලෙක්. හැබැයි පරිගණක වැඩකාරයෙක්. ඒ උනාට මෙයා ඒවගෙන් කරන්නේ නම් සමාජයේ හොද වැඩ කියල සම්මත වැඩ නෙමේ. විශේෂයෙන් පුද්ගලයන්ගේ රහස්‍ය තොරතුරු භාවිතා කරලා එයාලගෙන ප්‍රයෝජනය ගන්න කෙනෙක්. විවේක් ඉන්නෙත් සමිරා ඉන්න නිවාස සංකීරණයේම තමයි. මේ අතරේ සමිරා නොහොත් සෑම්ව දකින විවේක්ට එයා ගැන හිතක් පහල වෙනවා. ඔව් ඔව්. අක්කියෙක් තමා ඉතින්, එහෙමයි කියල කැමැත්ත ඇති නොවී තියෙයි ද? ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ?  තමාගේ ආදරේ පෙන්වන්න විවේක් මොනව කරයි ද?  සමිරා කැමති වෙයිද ? කැමති උනේ නැත්නම් මොනව කරයි ද? ඊට පස්සේ සමීරගේ ජිවිතයට මොනව වෙයි ද? මේවට උත්තර හොයන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

Creatures 3D (2014) , Raaz 3D (2012), Raaz Reboot(2016), 1921 (2018), Ghost (2019) වගේ  horror සහ thriller චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vikram Bhattගේ අධ්‍යක්ෂණයෙන් තමයි මේ චිත්‍රපටිය එන්නේ. ඒ වගේම මේක  Phychological thriller film ගණයට වැටෙන චිත්‍රපටියක්. චිත්‍රපටියේ ඉන්න නළු නිලියන් නම් වැඩිපුරම දකින්න ලැබිල තියෙන්නේ ඉන්දියන් නාට්‍ය වල තමයි. කොහොම නමුත් හොද ගීත කීපයක් තියෙන වගේම හොද අවසානයක් තියෙන, අවසානය වෙනකන් කුතුහලය රදාගෙන බලන්න පුළුවන් චිත්‍රපටියක් විදියට නිර්දේශ කරන්න පුළුවන්.

සුපුරුදු විදියටම තරිදු අයියත් එක්ක එකතුවෙලා ඔන්න අපි පුළුවන් ඉක්මනටම චිත්‍රපටියට උපසිරසි අරගෙන ආවා. චිත්‍රපටිය ආවේ අපේල් 3. දින දෙකක් වගේ කෙටි කාලයකින් ඔන්න අපි උපසිරසි අරගෙන අවා. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. එතකන් මේකත් මතක තියාගන්න.

ඔයාගේ ජිවිතේ ගොඩක් දේවල්  විශේෂයෙන් පුද්ගලික ජීවිතය අන්තර්ජාලයට භාරදෙන්න එපා.
එහෙම උනොත් ඔයාට වෙන්නේ ඔයත් නොදනිම වෙන කෙනෙක්ගේ පාලනයට යටත් වෙන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD  පිටපත් සඳහා අදාළ වේ.

 

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට සහ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS

[ දසන් බුද්ධික ]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

[ තරිඳු රුක්ෂාන් ]

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

37 thoughts on “Hacked (2020) Sinhala Subtitles | ලාබාල හැකර්වරයාගේ ආදරය![සිංහල උපසිරැසි ]

  • Sahan Gayantha

    thanks a lot sahola sub ekata..

    Reply
  • බුදු සරණයි සැමදෙනෙකුටම respect ස්තුතිය ගොඩාක්

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

    Reply
  • sampath n perera

    thanks… god bless you

    Reply
  • Lasantharathnasirirox

    යාළුවො දෙදෙනාටම ගොඩාක් ස්තුතියි සිංහල උපසිරැසි නිර්මාණයට..ජයවේවා !!

    Reply
  • Thanks …………..good luck ………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • pasindu naveen

    tnq bro…………………………………niyamai

    Reply
  • isuru srinath sjs

    දෙන්නටම බොහොම ස්තුතියි ..!!

    Reply
  • Thanks….jayawewa…..!

    Reply
  • ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද

    Reply
    • torrentcounter.red
      eke thiyenawa

      Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි දසන් අයියේ තරිඳු අයියේ සබ් එකට

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Asitha pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • arawindasunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • malith sandeepa

    සබ් එකට බොහොම ස්තුතියි❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *