Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]
උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි කියන්නේ. සමහර ඇබ්බැහි වීම් තියෙනවා පුනරුත්ථාපනය කරලා හෝ තමන්ගේ හිත පාලනය කරගෙන නතර කරගන්න පුළුවන් ඇබ්බැහිවීම්. සිංහල උපසිරසි කෙරුවාව එහෙම හොඳ කරන්න තියා පාලනය කරගන්න වත් පුළුවන් ඇබ්බැහියක් නෙමෙයි කියල කඩඉම් පහුකරන සෑම අවස්ථාවකම ඔයාල දකින්න ඇති. 2012 දෙසැම්බර් 29 පටන් ගත්ත මේ අමුතු විනෝදෙට පොඩි විරාමයක් දීල තරමක් ඈත් වෙන්න හිතුනත් උපසිරසි නොකරම ඉන්නවා කියන්නේ කරන්නම බැරි දෙයක්. කියන්න සන්තෝසයි 2016.01.03 දින 200 වෙනි උපසිරස ලබා දීල 250 වෙනකන් එන්න අවුරුදු දෙකක් ගත කලා. එත් අර කියපු දේ 100%ක් ම කරගන්න ලැබුනේ නැහැ. මත්ද්‍රව්‍යට ඇබ්බැහි උන කෙනෙක්ට සික් එක වගේම මේ උපසිරසි කරන්න ගත්තම අපිටත් අතපය පියාන ඉන්න බැරි සික් එකක් එනවා. මේක මට විතරක් නෙමේ පලවෙනි උපසිරස කරපු රොයිලිගේ ඉඳන් හැමෝටම තියන උපසිරසි ආශ්‍රිත දරුණු රෝගයක් වෙලා.
අවරුදු දෙකක් තිස්සේ මන්දගාමී වෙලා හිටපු නිසා 2019 වසරේ ටිකක් ආපහු සක්‍රිය වෙන්න කියල හිතන් ඉන්නවා. එත් ඉස්සර වගේ නෙමේ ලොකු තරඟයක් තියෙනවා අපේ වෙබ් අඩවිය තුල පවා උපසිරසක් කරන්න. ඒ තරම් ලොකු පිරිසක් අප සමඟ එකතු වෙලා. එදා 2009 මාර්තු මාසයේ ඉසිර මේක බ්ලොග් එකක් විදිහට පටන් ගන්නකොට තිබුන තත්වය සහ අද අපි ලංකාවේ වෙබ් අඩවි අතර ඉන්න තත්වය ගැන හිතුවොත් ඒක අහසට පොළව වගේ උපමාවකින් වත් සසඳන්න බැරි තරම් දුරකටට බයිස්කෝප් සිංහලෙන් අපි හැමෝම එකතු වෙලා ගෙනවිත් තියෙනවා. වර්ථමානයේ ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි වලින් 10 ස්ථානයේ රැඳී සිටින්නේ අපි. ඉතින් අන්න ඒ ගමන් සාර්ථක කරන්න එදා ඉඳන් මහන්සි වෙන පිරිසක් ඉන්නවා. මේ උපසිරසි මෙහෙම ඔයාලට දවසට 5-6 ලැබෙන්නේ කෙනෙක්ගේ දැනුම සහ එයාගේ විවේකය කැප කරලා. එහෙම ලැබෙන උපසිරසි දිනපතා මෙහෙම ලස්සනට වැඩ දාල පෝස්ට් එකක් වගේ දෙන්නත් වෙනම ඇඩ්මින් මණ්ඩලයක් දිනපතා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වෙබ් අඩවියක් විදිහට අපි බොහෝ අමතර ක්‍රියාකාරකම් වල පහුගිය වසර කීපය තුල නිරත උනා. දැනට අපි උපසිරසිකරුවන් සමග එකතු වෙලා සුහද හමු 3ක් පවත්වලා තියෙනවා. එහි තුන්වැන්න අපි පසුගිය දෙසැම්බර් 22 වෙනදාටත් වඩා ඉහලින් පැවැත්වුවා. ඒ වගේම දැනට සමාජ සත්කාර්ය අංග 3ක් අපි සිදුකොට අවසන්. බොහෝදුරට එහි 4 වැන්න මේ වසර මැද හෝ අග බාගයේදී සිදු වේවි. මේ හැම දෙයක් තුලින්ම රටපුරා විසිරුන ලොකු මිතුරු ජාලයක් අපිට හදාගන්න පුළුවන් උනා. ඇත්තටම ඒ බැඳීම හරිම අපූරුයි. කවුරුත් හදන චිත්‍රපටයක් නිසා රූපවාහිනී වැඩසටහනක් නිසා අදවනවිට විවිධ වයස්කාණ්ඩ වල සහෝදර සහෝදරියෝ 800 කට අධික ප්‍රමාණයක් මේ ජාලයේ සාමාජික සාමාජිකාවන් වෙලා අවසන්. එත් මේ වැඩකටයුතු කෙරෙන අතරේදී එදිනෙදා මුණ ගැහෙන හැමදාම කොහොමද බන් කියල හරි අහන නැතුවම බැරි සෙට් එකක් ඉන්නවා. ඒ පිරිස අමතක කරලා තිබ්බොත් වෙනම අහගන්න වෙන නිසා මුලින්ම ඇඩ්මින් මණ්ඩලයෙන් මතක් කරන්නම්. වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිරට ස්තුතියි කියන ගමන් මීළඟට මතක් කරන්න ඕන කෙනෙක් තමයි රොයිලි කියන්නේ. අදටත් වෙබ් අඩවියේ වැඩිම උපසිරසි ගණනකට හිමිකම් කියන පුද්ගලයා. ඒ වගේම දැන් වෙබ් අඩවියේ නැතත් ඉස්සර වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයේ ලොකු සේවයක් කරපු වාසල අයිය වත් මතක් කරන්න ඕන. ඊට පස්සේ අපිත් එක්ක එකතු උන අසංක සහෝවත් මතක් නොකර බැහැ. සයිට් එකේ තාක්ෂණික අංශය හිස මත තියාගෙන ඉන්න කෙනා තමයි අසංක කියන්නේ. ඊට පස්සේ අශාන්, සිසිල, චාමර, නිර්මාණි, ආසිරි, සුදීර, සමන් සහ අලුතෙන්ම එකතු උන තිසර සහ නවොදනී දෙන්නවත් මතක් කරනවා හැමදාම තිරය පිටුපස රාජකාරි සිදු කරනවට. උපසිරසි කරුවෝ ගැන කියන එක නම් ලේසි දෙයක් නෙමේ. ඒත් හැමෝටම ස්තුති කරනවා හැමදාම අපි එක්ක මේ වැඩේ කරගෙන යන්න එකතු වෙලා ඉන්නවට. නම් වශයෙන් කියන එක ප්‍රායෝගික නැති බව හැමෝම දන්න නිසා හැමෝවම තමයි මේ මතක් කෙරුවේ. නම් මෙතන නැහැ කියල ඔන්න මූණ දික් කරගෙන යන්නෙපා. කොලේ නම නැති උනාට හිතේ තියෙනවා. ඉතින් යන්න කලින්, හැමෝම නොකියන කරුණු ටිකක් අපේ හිතවතුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන කියල හිතුනා.
ඉස්සර අපි උපසිරසක් පලවුනාම ලොකු ආසාවකින් එනවා ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඇත්තටම කට්ටිය එක්ක එකතු උනාම අපි හරි ලොකුවට කතා වෙනවා ඉස්සර අපිට කමෙන්ට් වැටුණු හැටි කියල හැබැයි අද තත්වය නම් කියන්නත් කණගාටුයි. ඔයාල දහස් ගානක් දෙනෙක් උපසිරසි බාගෙන යනවා. එත් 90% පමණ ඊට යටින් තියෙන කොටුවේ අකුරු කීපයක් කොටස කළගුණ සලකලා යන්න තරම් වත් පොඩ්ඩක් නොහිතන මට්ටමට ඇවිල්ලා. සමහරවිට හිතනවා ඇති මේක මේ උපසිරසිලබා දෙන අයගේ රැකියාව ඒ නිසා උපසිරැසි ලබාදීම අනිවාර්ය රාජකාරියක් කියල. මේ තත්වය මග ඇරගෙන අපෙන් දෙයක් ඊටත් වඩා වැඩියෙන් සහ ඉක්මණින් ලබා ගන්න උපසිරසිකරුවන්ටත් මේ උදව්ව කරලා බලන්න. පේලි දාස් ගණනක් ඇඟිලි හිරිවැටෙනකන් කොටලා කමෙන්ට් 10-15 විතරක් දැකලා උපසිරසිකරණය නතර කරපු අය 100 කට එහා ඉන්නවා. මේ උත්ප්‍රේරණය එයාලට ඔබෙන් ලැබෙන්නේ නැත්තන් ඒ 100 දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නම් නැහැ. උපසිරසිකරණයේ ලැබෙන එකම වත්කම තමයි හිතේ සතුට. ඉතින් ඒ සතුට ලැබෙන්න ඔයාල දාන කමෙන්ට් එක ඒ හැමෝටම ලොකු රුකුලක්. මින් ඉදිරියට හැමෝම පොඩි හෝ අදහසක් දක්වලා අපේ නැති උන ඒ ප්‍රබෝදය ඇති කරවලා අපෙන් මීට වඩා යමක් කරවගන්න කියල ඉල්ලා සිටිනවා.
එසේනම් අද මේ එකතුවන චිත්‍රපටය ගැන කියන්න චාමර සම්පත් සහෝට ඉඩ දෙන්නම්. මේ වගේ විස්තර ගොඩක් හොයල දුන්න චාමරට නැවත වතාවක් ස්තුති කියන ගමන් ලිපියට යොමුවෙමු.
අවුරුද්දට එකයි කිව්වේ. ඔන්න අපි ආවා ආයෙ. 🤗 DCEU එක ආරම්භ කරලා හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් 2018 වසරේ දිගහැරෙන්නේ. 2018 වසරෙත් නිලවශයෙන් දෙසැම්බර් මාසයෙ ලංකාව ඇතුළු තවත් බොහොමයක් රටවල තිරගත වීම ආරම්භ වූ අති දැවැන්ත සිනමාපටයක් විදිහට තවත් ඇතැම් රටවල තිරගත වෙමින් වගේම පෙබරවාරි 8’වැනිදා සිට ජපානයේ තිරගත වීමට නියමිත සිනමාපටයේ සිංහල උපසිරැසිය අරගෙන තමයි අද ඔයාලව මුණගැහෙන්නෙ.
අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් පුංචිම පුංචි කොටසකට විතරයි. ඊටපස්සේ හැම වීරයෙක්ම එකට එකතුවෙන යුක්තියේ ලීගය Justice League (2017) චිත්‍රපටය තුලින් තරමක් දුරට ගුණාත්මක චරිතයක් දැකගන්න ලැබෙනවා. කිව්වට විශ්වාස කරයිද මන්දා 2004 වසරේදී තමයි ඇක්වාමෑන් චිත්‍රපටයේ කටයුතු ආරම්භ වෙන්නේ. මේ විදිහට වසර ගණනාවක් පුරාවටම සැලසුම් අසාර්ථක වේවි ආයෙ ආයෙමත් උත්සහ කරලා අවසානෙදි 2014 වසරේදී Beall වගේම Kurt Johnstad දෙදෙනාව වැඩට අරගෙන තියෙනවා මේ චිත්‍රපටයේ තිරපිටපත ලියන්න. ඊටත් පස්සෙ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි ඇක්වාමෑන් නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන්ම ලෝකයාට දැනුම් දීමක් සිද්ද කරන්නෙ. මින් පසුව James Wan ව චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා විදිහට බදවාගන්නේ 2015 අප්‍රේල් මාසයේදී. 2016 වසරේදී Beall විසින් රචිත තිර පිටපත ඔස්සේ චිත්‍රපටයේ කටයුතු ඉදිරියට කරගෙන යන බව දැනුම් දුන්නත් නමුත් පසුව James Wan, Kurt Johnstad, Geoff Johns, Johnson-McGoldrick ඔස්සේ නැවත වතාවක් තිරපිටත වෙනස් වෙමින් නැවත වතාවක් ලියවිලා තියෙනවා. 2016-2017 වසර දෙක අතරතුර තමයි චිත්‍රපටයේ රංගන ශිල්පීන්ව තෝරාගැනීමක් සිද්දවෙන්නේ. Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson, Dolph Lundgren, Yahya Abdul-Mateen II, Nicole Kidman යන අයවලුන් ප්‍රධාන චරිත සදහා පණ පෙවීමක් සිදු කරනු ලබනවා. 2017 මැයි දෙවැනිදා නිලවශයෙන්ම රූගත කිරීම් කටයුතු ආරම්භ වෙන ඇක්වාමෑන් චිත්‍රපටයේ බොහෝමයක් රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ ගෝල්ඩ් කෝස්ට්, ක්වින්ස්ලෑන්ඩ්වල පිහිටි Village Roadshow නම් ස්ටුඩියෝවේදී. මීට අමතරව කැනඩාවේ, ඉතාලියේ වගේම මොරොක්කෝ වලදීත් මෙහි රූගත කිරීම් කටයුතු වෙලා තියෙනවා. පසු කාලීනව 2017 ඔක්තෝබර් 21’වැනිදා රූගත කිරීම් කටයුතු සාර්ථක අවසන් වෙලා තියෙනවා. වෝනර් බ්‍රදර්ස් යටතේ බෙදාහැරීම සිද්ද කෙරෙන DC Extended Universe එකෙහි හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් සැලකෙන්නේ.
චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඇක්වාමෑන් කොමික් ඉතිහාසය ගැනත් හැකි විදිහට කියන්නම්. මොකද මේ ලිපිය ලියන්න වෙලා තියෙන්නේ පැය තුන හතරක වගේ කාලෙකින්. ඩිසි කොමික් චිත්‍රාකතා නිර්මාතෘවරුන් අතරේ පරණම අයගේ ලයිස්තුවේ ඉන්න දෙන්නෙක්ගෙ අතින් තමයි මේ ඇක්වාමෑන් කියන චරිතය බිහි වෙන්නේ. Mort Weisinger මේ චරිතය නිර්මාණය කරද්දී Paul Norris විසින් තමයි සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ විදිහට නිර්මාණය වෙන ඇක්වාමෑන් චරිතය මුලින්ම චිත්‍රකතා අතරට එකතු වෙන්නේ ස්වර්ණමය යුගයේ 1941 නොවැම්බර් මාසයේදී දිගහැරුණු More Fun Comics 73’වැනි කලාපය තුලින්. ඊටත් පස්සෙ රිදී යුගයේ 1940-1950 කාලය අතරතුර බිහි වූ Adventure Comics තුලිනුත්, Justice League of America කලාප තුලිනුත් ඇවිල්ලා අවසානයේදී ඇක්වාමෑන් තමන්ටම කියලා 1998 නොවැමබර් 01 වැනිදා දිගහැරුණු Aquaman කලාපයෙන් තමයි මුලින්ම චිත්‍රකතා වලට එකතු වෙන්නේ. ඉතින් ඔය විදිහට නිර්මාණය වුනු ඇක්වාමෑන් කොමික් කලාප බොහොමයක් මේ වෙද්දී දකින්න ලැබෙනවා.
මේ අතරින් New 52 වලට ලොකු විශේෂයක් වගේම ලොකු වැදගත්කමක් ලැබෙනවා 2018 වසරේදී නිකුත් වුනු මේ චිත්‍රපටය එක්ක සසද්දී. මොකද මේ සෝලෝ චිත්‍රපටයේ නිර්මාතෘවරුන් කියලා තියෙන විදිහට ඒ අය ඇක්වාමෑන් චිත්‍රපටය සදහා පාදක කරගෙන තියෙන්නේ New 52 වල නිකුත් වූ ඇක්වාමෑන් චිත්‍රකතා කලාපයන්ලු. හොදම උදාහරණෙ තමයි ඇක්වාමෑන් 7’වැනි කලාපයේම එන Throne of Atlantis කොටස. පොඩ්ඩක් මේකේ තියෙන පින්තුර ටිකවත් ගුගල් කරලා බැලුවොත් තේරෙයි කොමික් වගේම චිත්‍රපටයේ එන චරිතවල/සිද්දීන්වල හුරු බව.
චිත්‍රපටයෙ ඊළග කරුණු කාරණා ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ඇට්ලෑන්ටිස් ගැන දැනගමු. මොකද ඇක්වාමෑන් ගැන කතා කරද්දී කතා නොකරම බැරි තැනක් කිව්වොත් නිවැරදියි. ඇට්ලෑන්ටිස් කියන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන සැගවුණු ජනාවාසයක්. හරියට තෙමිස්කීරා වගේ තමයි. මේ අය පෘතුවියේ ඉන්න ඉහල මට්ටමේ තාක්ෂනික, දැනුම් සම්බාරයෙන් යුක්ත, උසස් මට්ටමේ ජීව කොට්ටාශයක් විදිහට තමයි සලකන්නේ. ඇට්ලෑන්ටිස් නගරේ හැදෙන්නේ එක්ස්ට්‍රට්‍රැස්ටියල් නොහොත් හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයක් වන හන්ටර්ලා විසින්. ඉතින් මේ විදිහට පසුකාලීනව නිර්මාණය වෙන ඇට්ලෑන්ටිස් නගරේ අය තමන්වම ඇට්ලෑන්ටිස්වරු විදිහට හදුන්වගන්න ගත්තා. මේ අයට දායාදයක් වගේ අර හන්ටර්ලා කියන හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයගෙන් ලැබුණු තාක්ෂනය හා දැනුම් සම්බාරය යොදාගෙන තමයි ඇට්ලෑන්ටිස් රාජධානිය හැම අතින්ම දියුණු කරගෙන යන්නේ. මේ කාලේ වෙද්දී මේ අය තරම් දියුණු ජීව කොට්ටාශයක් පෘතුවිය තුල හිටියෙම නැති තරම්. මේ ඇට්ලෑන්ටිස්වරුන්ගෙ දැනුම අතරට මායාකර්ම සම්බන්ධ දේවලුත් අයිතියි. DC චිත්‍රකතා තුල මුලින්ම ඇට්ලෑන්ටිස් කියන ජනාවාසය දැකගන්න ලැබෙන්නේ 1959 බිහිවන Adventure Comics 260’වැනි කලාපය තුලින්. මේ ඇට්ලෑන්ටිස් ඇතුලෙත් නගර කිහිපයක්ම තියෙනවා.

- Poseidonis– ඇට්ලෑන්ටිස්වල පිහිටලා තියෙන ප්‍රධානම නගරේ තමයි පොසෙයිඩොනිස් කියන්නේ. රජුගේ සිංහාසනය පිහිටලා තියෙන්නේ මෙතන.
- Tritonis – මේ කොටසෙ තමයි දියකිදුරන් වාසය කරන්නේ. ඊකියුලා රජුගේ වාසභූමිය වෙලා තියෙන්නෙත් ට්‍රයිටෝනිස් නගරයයි.
- Thierna Na Oge – මේක තමයි ගුප්ත රාජ සභාව විසින් පාලනය කරන ගුප්ත දේශය විදිහට සලකන්නේ.
- Shayeris – සැගවුණු මිටියාවතෙ අගනුවර එහෙම නැත්තම් සාමවාදීන්ගෙ නිවහන විදිහට හදුන්වනවා. මීට කලින් ක්‍රාස්ට්නස් කියලත් හදුන්වලා තියෙනවා. ගා(ර්)ත් නොහොත් මුල්ම ඇක්වාලැඩ්ගෙ ජන්ම භූමිය වෙන්නෙත් මෙහෙ තමයි.
- Xebel – බර්මියුඩා ත්‍රිකෝණයට පහතින් පිහිටලා තියෙන දණ්ඩන ජනදපයක් විදිහටයි සලකන්නේ. මේරා පැවතෙන්නේ සෙබෙල් වලින්. එයාගෙ තාත්තා තමයි සෙබෙල් පාලනය කරන්නේ.
- Sub Diego – සබ් ඩියෙගෝ කියන්නේ සැන් ඩියෙගෝ වලට අයිති මුහුදට ගිලුණු ඇට්ලෑන්ටිස් වලට අයිති කොටසක්. මේ කොටස ඇතුලත ගිලෙන අයට හැකියාව තියෙනවා මුහුද යට වුනත් හුස්ම අරගන්න පුලුවන් වෙන විදිහේ හැකියාව ලැබෙන.
දැන් බලමු කවුද මේ සත් සමුද්‍රයෙ ආරක්ෂකයා කියලා. ඇක්වාමෑන් නොහොත් ආතර් කරි කියන්නේ මතුපිට ලෝකය බලන්න තියෙන වුවමනාව වගේම එහෙට එන්න වැඩිපුර ආශා කරපු නිසා ඇට්ලෑන්ටිස් වලින් මතුපිට ලෝකයටම පිටුවහල් කරපු ඇට්ලැන්නා කුමාරිකාවගෙ වගේම, මෙයින්වල ඇමෙන්ස්ටි මූහුදු බොක්ක අසල තිබුණු ප්‍රදීපාගාරයක් පාලනය කරපු ටොම් කරි නම් සාමාන්‍ය වැසියෙක්ගෙ දරුවා. දරුණු කුණාටුවක් හටගත්ත වෙලාවක තමයි ඇට්ලැන්නා වගේම ටොම් එකිනෙකාව මුණගැහෙන්නෙ. සිහිය නැතුව, වෙරළ ආසන්නයට ඇට්ලැන්නා කුමාරිකාව ගහගෙන ඇවිත් තියෙනවා දැක්කම ටොම් තමයි එයාව බේරගෙන ඇවිත් ප්‍රදීපාගාරයෙ ඉදන් උදව් සත්කාර කරන්නේ. කාලයත් එක්ක මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධෙ වැඩි වෙලා ආදරයක් බවට පත්වෙලා තමයි ආතර්ව බිහිවෙන්නේ. අනික් හැම ළමයෙක්ටම වඩා ආතර් හරිම අමුතු විදිහට උස් මහත් වෙන්නේ. ආතර්ට අවුරුදු දෙකේදී ආතර් පැයකටත් වඩා මුහුද යට ගිලෙන්නේ නැතුව සෙල්ලම් කර කරා ඉද්දි එයාගෙ තාත්තා එයාව හොයාගෙන තියෙනවා. කාලයක් යද්දී ඇට්ලැන්නා හෙලි කරනවා ආතර්ට තියෙන හැකියාවන් මොනාද කියලා. ඒවා තමයි මුහුද යට හුස්ම ගන්න, වාසය කරන්න, සමුද්‍ර ජීවින් එක්ක කතා කරන්න තියෙන හැකියාව එහෙම. ඇට්ලැන්නාගෙ මරණයෙන් පස්සෙ ආතර්ගෙ තාත්තා හිතාගන්නවා ආතර්ව කායිකව වගේම මානසිකව පුහුණු කලාම කවදාහරි දවසක එයාට එයාගෙ සම්පුර්ණ බලයන් පාලනය කරන්න හැකියාව ලැබෙයි කියලා. ආතර්ව එයාගෙ තාත්තා නිතරම දැක්කේ “විශේෂිත” කෙනෙක් විදිහට. පසු කාලීනව ඇට්ලෑන්ටිස් රාජධානියේ රජු වෙන ආතර් සෙබෙල්වල මේරා කුමාරිකාව එක්ක විවාහ වෙනවා.
දැන් පොඩ්ඩක් කතාවට බහිමු චිත්‍රපටය දිහාවට. කලිනුත් කිව්වා වගේ තවමත් ඇතැම් රටවල තිරගත වෙන, ජපානයේ තිරගත වීමට නියමිත ඇක්වාමෑන් තමයි DCEU සිනමාවේ මෙතෙක් බිහිවුණු හොදම සෝලෝ, එහෙම නැත්තම් තනි සුපිරි වීර චරිතයක් වටා හොද හැදින්වීමක් එක්ක දිගහැරුණු හොදම චිත්‍රපටය. හැබැයි ඇක්වාමෑන් නෙවෙයි DCEU එකේ මුල්ම සෝලෝ සිනමාපටය වෙන්නේ. Man of Steel, Wonder Woman තමයි ප්‍රථම හා දෙවැනි ස්ථාන වන පසුවෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 160 ක වගේ මුදලකින් නිර්මාණය වෙන ඇක්වාමෑන් සිනමාපටය පළමු සතිය තුල සිනමාශාලා 4,125 ක තිරගත කිරීමෙන් අනතුරුව මුල් සතිය අවසානයයේදී ඇමරිකානු ඩොලර් මිලියන 67,873,522 මුදලක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දී ඇමරිකාව තුල පමණක් ඇ.ඩො.මි. 307+ අගයක්ද, මේ වෙද්දී සිනමාශාලා 4,184 ක තිරගත කිරීමෙන් අනතුරුව ඇ.ඩො.මි. 760 කට අධික මුදලක්ද උපයා ගනිමින් ඩොලර් බිලියන 1,068 සීමාවේ පසුවෙනවා. (2019/01/24 අද දිනට ඩොලර් බිලියන 1,068,253,910 ලෙස සටහන්ව ඇත) තවමත් තිරගත වන නිසා මේ ආදායම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ක්‍රිස්ටොපර් නෝලන්ගෙ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් පුරුක වන The Dark Knight Rises (2012) සිනමාපටයෙ ඩොලර් බිලියන 1.085 ක ආදායමද ඉද්රියේදී බිද දමන්න තියෙන ඉඩකඩ වැඩියි.
- චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා ගැන කතා කරද්දී හොදම වගේම විශේෂම කාරනාව තමයි එකම අධ්‍යක්ෂකවරයෙකු හටතේ බිහිවූ චිත්‍රපට බිලියනයේ ආදායම ඉපයීමට හැකියාව ලැබුණු දෙවැනි අධ්‍යක්ෂකවරයා වන්නේ ජේම්ස් වෑන්ය. (Furious 7 (2015) ආදායම – ඇ.ඩො.බි. 1.516 + Aquaman (2018) ඇ.ඩො.බි. 1,068). මුල් තැන ඉන්නේ ජේම්ස් කැමරන් මහත්තයා. (Titanic (1997) ඇ.ඩො.බි. 2.187 + Avatar (2009) ඇ.ඩො.බි. 2.788 )
- එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් 25’වැනි තැන හිමි කරගෙන තියෙන්නෙත් ඇක්වාමෑන් චිත්‍රපටයයි. ජනපානයේ තිරගත වීම ආරම්භ වූවාට පසුව ඊට උඩින් 24’වැනි ස්ථානය රැකගෙන තියෙන The Dark Knight Rises (2012) චිත්‍රපටය පසු කරන්න තියෙන ඉඩකඩ වැඩියි.
- ලොවපුරා තිරගත වූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත් හොදම සුපර්හීරො චිත්‍රපට 50 අතරේ 9’වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. 7’වැනි ස්ථානය ලබාගෙන සිටින Captain America: Civil War (2016) මාවල් සිනමාපටය වගේම 8’වැනි ස්ථානය ලබාගෙන සිටින The Dark Knight Rises (2012) සිනමාපටයෙ වාර්තා පසු කරන්න බොහෝදුරට හැකියාව ලැබේවි.
- ඇක්වාමෑන් සිනමාපටය බොක්ස් ඔෆිස් තුල හොද ආදායම් වාර්තාවක් ලබාගන්න උදව් කල චීනය තුල එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට 50 අතරින් ඇක්වාමෑන් චිත්‍රපටය මේ වන විට 13 වැනි ස්ථානයෙ පසු වෙනවා.

මෙතෙක් බිහි වූ මුල්ම දිය යට අත්දැකීම දකින්න ලැබුණු සුපර්හීරො චිත්‍රපටය වන්නේද ඇක්වාමෑන් සිනමාපටය වීම ලොකු විශේෂත්වයක්. මොකද මෙතෙක් කාලයක් අභ්‍යවකාශයට ගියාම යානයක් ඇතුලේ පාවෙන හැටි, කතා කරන හැටි ඔය වගේ නොයෙක් ආකාරයේ දේවල් දැකලා තිබුනත්, මාවල් සිනමා විශ්වය ඇතුළු වෙනත් කිසිම සිනමාපට විශ්වයකින් මේ විදිහේ සුපිරි ගනයේ දිය යට අත්දැකීමක් ප්‍රේක්ෂකයන් හට රිදී තිරයට තවමත් ලගාකරලා දීලා නැහැ. ඒ අතින් ඇක්වාමෑන් චිත්‍රපටයෙ උත්සහය ඉතාමත් සාර්ථක බව සැකයක් නැතුව කියන්න පුලුවන්.
අනික් විශේෂ කාරණේ තමයි DCEU එකේ එදා මෙදා බිහි වුනු සුපිරි දුෂ්ටයින් අතරින් මුල්ම වතාවට තමයි කළු ජාතිකයෙක්ව හදුන්වා දීමක් කලේ ඇක්වාමෑන්ගේ හතුරෙක් විදිහට සැලකෙන බ්ලැක් මැන්ටා චරිතය සදහා Yahya Abdul-Mateen II නම් රංගධරයාව සම්බන්ධ කරගනිමින්.
හොරර් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන ජේම්ස් වෑන්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඇක්වාමෑන් චිත්‍රපටය මේ වෙද්දී ප්‍රේක්ෂක මනාප 137,925 ලබා ගනිමින් IMDb දර්ශකයේ 7.5/10 ක අගයක්ද, රොටන් ටෝමෑටොස් දර්ශකයේ 62% ක අගයක්ද ලබාගෙන තියෙනවා. සුපුරුදු පරිදි සැක් ස්නයිඩර් වගේම ඔහුගේ බිරිද ඇක්වාමෑන් චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කරනවා. ඇක්වාමෑන් සිනමාපටය වෙනුවෙන් අපූරු ගීත ඇල්බමයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ස්කයිලර් ග්‍රේ ගායනා කරන “Everything I Need” නම් ගීතය ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා. DCEU එකේ මෙතෙක් කාලයක් පුරාවටම වැඩිම ආදායමක් උපයාගත් සිනමා සිත්තම විදිහට ඉහලටම යද්දී ඇක්වාමෑන් චිත්‍රපටයේම දෙවැන්නක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව මේ වෙද්දීත් ආරංචි ලැබිලා තියෙනවා. මොකද චිත්‍රපටය අවසන් වෙලා අවසානයේදී පෝස්ට් ක්‍රෙඩිට් කොටස් බැලුවට පස්සෙ තේරුම් යාවි ඒ කොටස් නිර්මාණය වෙලා තියෙන්නෙත් ඇක්වාමෑන් දෙවැන්න සදහාමයි කියලා. එහෙනම් තවත් මෙතන අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. පහලින් තියෙනවා හැමදාම වගේ නොමිලේ දෙන උපසිරැසිය. එහෙනම් චිත්‍රපටය රසවිඳින්න ඉඩ දීල මම ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Bluray පිටපත් සඳහා අදාළ වේ.
78605 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Good
supiriy
Thank You…!
thank you bro
supiri bro.
Supiriyak cuddah
thank you brother
addde maru subtitle supirak thama
සුපිරි kathawa
සුපිරි හොදේ. අවන්කමව බොහොම thanks sub එකට
thank you brother
Super
you bloody have not included many movies
thanks
thanks bro
thanks
Elama bokka
Well done bro
Sub niyamai
❤️❤️
මහන්සි වෙලා උපසිරිසි හදනවා වගේම මේ වගේ Movie එක ගැන විස්තරයක් දෙනවට බොහොම ස්තුතියි
Thanx Brother…..
Thank you
thank you
thanks bro
ela
THanks
All the best for works
Sub ekta Thanks.
Thanks
thanks..
niyamai saho wade.thanks
Thanks brother
Thank you keep it up
තව උපසිරැසි ඕන
thanks sahodarya niyamai
Superb.
Thank Your so much….. 🙂 🙂 🙂
thanak you very much brother.
thank you very much for your commitment.
thanks for sub
oyaa hugak hoda wistharayak me film eka gena deela thiyenawa.
Ettatama mama thama subtitles tika beluwe ne
namuth oyage wistharaye thiyena watinakama nisama meka danna hithan
good luch
dan balala iwara une.wade hodatama hodai.podi awlak tiyenne kattiya suba baganna gamanma comment ekakuth dana ekai.balanne nathuwama.250 kara kara kiyanne oya esemese baduwak neme.goodluck bro!
මම නම් ඔයාලගේ අලුත්ම member කෙනෙක්.mr robot තමා මං මුලින්ම බැලුවේ.ඉතාම හොඳයි.voice එකට කලින් සබ එනචා සමහර තැන්වල.නැත්නම් සුපිරි.මේ සබ වෙනුවෙනුත් ඔයාල හැමෝටම මගේ අවංක ස්තුතිය සමග සුභපැතුම්!
Great subtitles. Digatama karagena yanna
thanks you very much
great sub thankz keep it up
Thankz for sub….
Thanks brother
❤❤
❤️
apith abbahi wela inne dan movie ekak baladdi baiscope eken sub ba ganna 😀
250 උපසිරැසියට සීතල සුබපැතුම්. 700 වෙනි කමෙන්ට් එකටත් ලඟාවෙන්න වාසනාව කාරිය පෑදේවා. 😀
<3 <3 <3
නියමයි මල්ලී සබ් එක ස්තූතියි
Thanks Bro… Thawa subs onee… Jaya wewaaa!!!!
Good
ස්තූතියි සහෝ
patta yako
නියමයි අයියා sub එක
Godak ස්තුතියි obata jaya wewa bs
thanks bro. jaya wewa…!!!
ස්තුතිය ඔබට
thank
Thanks !!!!!!!!!!!!
ස්තුතියි ඈ……………………
thank you very very much for the sub
thanks
උනුසුම් සුභ පැතුම්!!! තව තවත් උපසිරැසි ගෙන ඒමට ශක්තිය ලැබේවා!!හැමදේම සාර්ථක වේවා!තෙරුවන් සරණයි
shahooooo…sinhala link eka play wenne nethoo,mage lap eke.
thanks bro ….
සුභ පැතුම් හසන්ත අයියේ,
බයිස්කෝප් පවුලේ මුණගැහුණ සුපිරි චරිතයක් තමයි ඉතින් 😀
සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
ජයෙන් ජය! 🙂
Thanks friend
thanks bro…
good work bro
Thanks brooo
Thanks for subtitle
thAnks
supiri
Congartz bro
thank you brother
thank you sooooo~ much for subs.
Thanks bro…
හායි,
250කුත් ගහලා හොරා වගේ.
සුභ පැතුම් හොඳේ.
Thanks bro… අවුරුදු 9ක් විතර sub ගත්තා අද තමයි comment එකක් දැම්මේ..
thanks nice move
Ela bro sub eka. digatama kranna.
supiri.jayawewa
Thanks bro….
Thanks
thanks machan
Thanks bro….
250* වැනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා අයියේ..
ඉස්සරහටත් උපසිරසි අරගෙන එන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..
~~ඔබට ජය~~
Thank you so much..!!
Thnks . .
thnx
niyamai aaa
┏━━━━┓ ┏━┓︱┏┓ ┏━┓┏━┓
┃┏┓┏┓┃ ┃┃┗┓┃┃ ┗┓┗┛┏┛
┗┛┃┃┗┛ ┃┏┓┗┛┃ ︱┗┓┏┛︱
︱︱┃┃︱︱ ┃┃┗┓┃┃ ︱┏┛┗┓︱
︱︱┃┃︱︱ ┃┃︱┃┃┃ ┏┛┏┓┗┓
︱︱┗┛︱︱ ┗┛︱┗━┛ ┗━┛┗━┛
niyamai aiya, good job and thank you
ela thanks…
250වෙනි උපසිරැසියට සුභ පැතුම් මා….අයියේ.. 🙂 (දැන්නම් ඊලග එකටත් කිට්ටුද මන්දා) එහෙනම් ඉදිරියෙදිත් උපසිරැසි සමග හමුවෙන්න බලාපොරොත්තු වෙනවා..ජය
thanz brother
thanks for the sub…..
Code lyoko kiyala cartoon series ekak athi ekatath sub damuda mn godak kaleka idan ekata sub hoyanne karoth godak watinawa…
thanks
Congratulations.Thanks For Sub.
Thank you
niyamai
Thanks brooo…දිගටම sub දෙමු….ජයවේවා !!
Thank you
Fatta
Thanks for the Sub……..
Cheers..
suba gaman……………..
Thank you sahodaraya… jayama wewa…!!!!!
සුපිරි
thanks ………..
Thanks bro
Thank you ayie….. gdk pin
excellent. thank you very much
Thanks Brohhhh
Thanks Bro
Thanks
Appreciate your great work for us
Than you
thanks
බොහොම ස්තුතියි කියලා වැඩක් නැ පහරක්මයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanx bro
thank lot bro , keep it up….. supriyiii
Thanks broooooooooooooooooooooooooooooooo
I’m so excited to watch this
thanks a lot for everyone in Baiscope site
you all are doing a great job
for you also subtitle maker !!
good luck
thank youuuuuuuuuuuuuuuuuuuu
thank you!
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obatjaya
Thanks bro
Thank You +++++++
Sub ekata thankx bro
Film ekk hmbechcha gmn Sub eka hoyan enne methnata thama….yaluwekta unath kiynne baiscopelk eke blhn kiyl…..Ubala mkuth balaporothhu nowi nihadawa krna sewayak meka…. Ethkot api kohomd Cmnt ekk noda ynee… Meka most Popular Web eka krmu…Adarei ublt hamotm.. Sub ekt thankz Brother..
Thank for Sub !!!
Thanks brother
Thanks !!!!!!!!!!!!!!
thanks bro….ummmma
Congratulation brother.250 kynne lesi wdk newe.digatama krgn yamu.
Cngrtz ayya
thanks bro..
තෑන්ක්ස්….
අද තමයි මේක බලන්ඩ සෙට් උනේ..
එකත් අර සින්දුව දැකලා….
ela ela sub ekata thnx bro
Tz sub ekata….
thanks.ela brother
Thanks…
Thanks, Superb
Thank you
පමාවට සමාවෙන්න ඕන, ඇත්තම කියනවා නම් මම මේක දාපු කාලෙම වගේ සුභ පැතුම් එක් කළා. කොහොමහරි ඒක මෙතන නැහැ. එක්කෝ ෆෝන් ඒකෙන් මොක්කහරි සිද්ධ වෙලා. අනේමන්දා කොහොම උනාද කියලා.
මුලින්ම 250 වෙනි උපසිරැසය වෙනුවෙන් සුභ පතනනව. මෙතනින් නොනැවතී තවත් ඉදිරියට යන්න ලැබේව කියා පාර්ථනා කරනවා. ඒවගේම සබ් එකටත් බෙහෙවින්ම තුති. කමෙන්ට් 800 පසුකරන්න ලැබේව කියාත් පාර්ථනා කරනවා!
supiri wadak bro
Thanks bn
thanks !
bohoma sthuthi saho sub ekata. jaya wewa!
nomile sewayak krala hithen thanyama sthutu wena umblata thanx machanla……..
🙂
thanks a lot sub ekata
thanks saho..
Ela ❤️
Thx bro
250 සුභ පැතුම් සහෝ… ඔයාලා නිසා තමා මේ වගේ ෆිලුමක් තේරෙන්න බලන්නේ..සබ් එකට ගොඩාරියක් ස්තූති සහෝදරයා… update එක එනකන් හිටියේ… ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ… දිගටම මේ වගේ පට්ට ෆිල්ම් වලට සබ් දෙන්න… ජය වේවා !!! ලිපියටත් ගොඩාරියක් ස්තූති…
ගොඩක් ස්තූතියි !!සුභ පැතුම්
congratz aiya.good luck
thanxxxx
Thnxxxxxxxxxxxxxxx
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…….!
tnx bro
Patta lipiyak…Supirima movie ekak…balamn hitiya..adai dekke bluray update wela kiyala..ehenam elama thamai..
thanks saho. jayawewa………
වටිනා විස්තරයක්, උපසිරැසියත් දෙකටම බොහෝම ස්තූතියි
THank you sahooo sub ekata,. jayawewaaaaa,.
250 වන උපසිරැසි කඩඉමට උණුසුම් සුබ පැතුම් හසන්ත සහෝ! උපසිරැසියට බොහෝම ස්තූතියි, ජය!
ela ela
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Thank u Ayyee
පසුකල කඩයිම වෙනුවෙන් සුභ පතනවා අයියේ…..
ගොඩාක් ස්තූතීයී
මේ විදිහට අපි වෙනුවෙන් මහන්සිවෙලා වැඩකිරීම වෙනුවෙන්…….
ස්තුතියි බ්ර
බ්රෝ
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
Awesome work. superb (Y) (Y) 😀 😀
ela
ela
Thanks bro
Thank
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thanks saho
THANK YOU
elama
Thanks for Sub!!
Tks a lot
සබ් එක මරුු….තැක්කු අයියේ
Niyamai…Thank you Bro
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…
Thank you marry poppins return ekata sub dennadda hathwalame
ඒක මම නෙමේ වලාමේ කරන්නේ. වෙන කෙනෙක්. කරපු ගමන් දෙන්නම්.
Bluray eka enakamma hitiya…tnx sub ekata
THANKS
Thnks macho…
ohoma yan. 300 gahamu arye…
Thanks brooo blue ray enakamma hitiya balanna……
thanks
උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා……..!!!!!!!!!!
Thank you very much…
bluray eka enakan balagena hitiya sahoooa bohoma sthuthi jaya…
Thanks bro good luck.
bohoma sthuthi sub ekata
thank you
සබ් එක දුන්නට බොහොම ස්තූතියි…
Thanx saho
thanks…..
lipiya mal hathayi
Godak thanks Bro. Godak asawen bln hitapu DC lage Film Ekak. Thanks.
thanks machan
BR update plzzzzzzzz………
supiri bro thanks
Thanks
Thank You…
for sub…
thank you saho.. good job
Thank Bro….
thank you for ur nice effort…
Thanks bro
thanks you very much,
Good luck..!
&
C
o
n
g
r
a
t
u
l
a
t
i
o
n
s…….
Thanx..
Good Luck…!
Thanks for sub.good luck bro
Good job bro…
thanks for sub
thx a lot bro
Thanks bro subtittle 1ta
Thanks bokkh
Thank you bro
Thanks bro 🙂
Thanks bro
thanks bro
එලම කිරි. Thnx bro
thanks machan!!!!
niyamai machan…. Happy Contratulation your 250th Subtitiles… Good luck
onna hasa iya blue ray enakamma hitiya…
thankyou broooo
Thnks brother sub walta
Elama. Thanks brother
Digatama karagena yamu. Supiri. ✔
එලම
Thnaks
thanks machn…
250 sub ekata thanks machan
Tnq bro
thank you. Good work!! 🙂
thanks brother….ජයවේවා.♥️
250 කඩඉමට සුබ පැතුම් හසන්ත….ජයවේවා….!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
tnx mcn
Thanks bro
Thanks bro
Thanks bro..
ela
thanks for sub
Thanks For the sub! 🙂
thanks Bro
Br eka dannako bro
THanks bro ….
Thnks
super bro thank you
ela ela bro.
pattama bro
එලම සහෝ… ස්තුති එකෙන්ම…❤️
Subtitle is good…And I saw the film. Thanks bro
ස්තුතියි මිත්‍රයා
සබ් එකට ස්තුතියි .ජයවේවා.
Thanx sub ekata
මරු
thanks….!!!!
සබි එකට තැන්කූස් … ජය
thanks for the sub and description about the movie.
thanks brother
thanks
thanks sub ekat
well done bro! keep it up
thnx bro
thanks bro
Well done bro. Very appreciate your contribution.
thank you for subtitle
THANKS BRO
Well done Brother. We appreciate your 250 celebrate & We wish you all the best. Sure, What next.
Thank u. . . .
Dvdrip file eke password eka dannawada?
tnx bro..keep up the good work
Thanx dude
Thank You Very Much For Your Work !!!
thanks
thax sahoo
hasi boy!!!!!!!!!! you beauty~~~~~~!!!!!!!!!! thawa thawath shakthiya dairaya labewa!!!! kawadawath waradinne naha.. suba pathum hasantha aiye !!!!!
Thanks bro
Thada brooo
250..FTTA aiya….tnx for sub
onna bagaththa…… thqqqqq…
Thanks
Thanks macho
niyamayi
Thank you
Thank you
Ela wedak hasa saho. Sub ekata thanx
250වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ! බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීම් වලට! ජය!
thanks
Thanks හසන්ත bro. 🙂
Ela bro tks
ela ela ayye…thanks sub ekata….ammo ayye lipiye diga….
hamadama wage superb kiyala thamai kiyanna thiyenne , keep it up !!!!!
Thanks…
thanks bro.
great work.
thanks bro
Congratulations Bro and Thanks
Keep it up
Congrats and thank u
congratulation bro
Thanks sahodaraya. article ekath supiri
Elaaaaaa
250 වැනි කඩයිමට සුභපැතුම් හසා. ඉදලා ඉදලා මේ විදිහේ හොද ෆිල්ම් එකකින්ම මේ විදිහෙ කඩයිමක් ගහන්න ලැබීම ගැන සතුටු වෙනවා.
අහන්න දෙයක් නැහැ සබ හුගක් රසට ඇති
බ්ලුරේ ආවහම අනිවාර්යෙන්ම ආයෙ වතාවක් මේක බලනවා.
2023 දී මේකේ දෙවෙනි ෆිල්ම් එකෙන්ම තවත් කඩයිමක් ගහන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජය!
Thankz Bro..
bluray awama balamu sub eka thanks saho
sub ekata tankzz
thank u machan.
Bluray ආව ගමන් සබ් ඕනි Mcn.
thanks
thanks……
THanks saho
thanks for the sub bro and good luck for the achievement keep it up
thanks macho
Thanks brother ☺️
thanks bro
good work
THANK YOU
Instant Family sub please
Thanx machan….jaya wewa..!
ස්තුතියි බ්රෝ, ජය වේවා !
Thank you very much for sub
Thanks saho…jaya wewa!
thanks bro…… good work
thnks bro
සුබපැතුම්.. බොහොම ස්තූතියි .
සුභපැතුම් සහෝ!
එළම වැඩක්! ජයවේවා! බුදුසරණයි!
Supiri
Ela ela
Thanks sub ekata api ubala hinda thama mewa balanne.
godak thanks saho…
Thank you hasantha aiye
Thankyou bisecope.lk ❤
සබ් එකට තෑන්ක්ස් සහෝ
Super best of luck
elaMA BRO BR DANMA NADDA
Thanks Broh
hena wadayak bn meh log wena kees eka nam
jaya weewa sahodaraya
Tnx saho
සුබ පැතුම් හසන්ත අයියේ
බීආර් ආවම අනිවා බලනවා ඉතිං
ජය වේවා…!!!
පමාවට සමාව අධිපතිතුමා
අද තමා පෝලිමට බලාගෙන බලාගෙන ගෙහුං කමෙන්ට් ටික දාගෙන දාගෙන යන්නේ
ආයේ මොනා කියන්නද
දුකයි DCලෑ දැනට ආව බොක්ස් ඔෆිස් සක්සස්ම ෆිලුම ඔහෙට බිලිදුන්න එක ගැන
කමක් නැහැ ලොකු හප්පන්ට කමෙන්ට් ගොඩයිනෙ 😀
එහෙනම් අධිපතිතුමා 300 වැනි කඩයිමෙන් මුණගැහෙමු
ජයෙන් ජය වේවා, මේකත් බෝතලයකින් සමරන්න ඕන කාරණයක් 😀
thanks…
elama ayyalaaaaaaaaaaaaaaaa
matath upasirasi karanna aaasaaay.E unata AL s Thiyanawane
elama ayyalaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ
Godak sthuthi machan
ස්තූතියි සහෝදරයා
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
ඒ වගේම කඩඉමටත් සුබ පැතුම්…..!
Thanks Bro … Sub ekata.. Jaya..
Thank bro
සබ් එකට ගොඩක් ස්තූතිය සහෝ……
Tnx bro
Thanks saho
thank you.. keep it up.
උපැසිරැසියට ස්තුතියි
උපැසිරැසියට ස්තුතියි
Thanx bro
Sub ekata tanx brother…digatama karagena yanna..good luck
thanx bro
එල අයියේ…. කාලයක් තිස්සෙ ඔයාලගෙ රසිකයෝ…. පට්ට වැඩක් මේක… ජය වේවා… ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න මතක් උනොත් ඊළඟට මතක් වෙන්නෙ බයිස්කෝප් සයිට් එක… ඒ තරමට හිතට වැදුණා ඔයාලගෙ මහන්සිය…. බොහොම ස්තූතියි
Maru……
Thanks bro
තෑන්ස් බ්‍රෝ!!
තෑන්ස් බයිස්කෝප්!!!
thank you mchn
thanks bro
Thnq
Thanks saho
Thank you for the sub Keep up the gd work
Ft mcn gd work
Gd work bro..keep it up cheers☺️☺️
Thanks Hasanth and Lipiya liwwa Chamaratath …….
Thnkz bro…..
Congratulations
Thanks for sub saho…!!!
……………….thanks……………….
250 වන උපසිරසියට උණුසුම් සුබපැතුම්
thnq wewa saho
thank u
❤
Thakas bro
Thx bro niyamata karala thiyanawa
Torrant link eka methninma dennko… ehm nettm pic eka link krn torrant site ekata.. sub ekata thnks bro..
Niyamay aiye ma sub eka thanx
fatta bro
250 වෙනි උපසිරසියට සුභ පැතුම් හසා අයියේ…!!!
maru thanks
Ela machan
Thanks bro…keep it up
subapathum sahodaraya.idiriyatath meweni de karanna shakthiya labewa.jaya
Thank you bro. Keep it up good works.
ස්තූතිය සහෝ.
Elsa bro.keep it up
Tnx bro
tnx koluwo
Tnank you bro. ඔයාට තව තව sub හදන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.
❤️
උණුසුම් සුබ පැතුම් හසෝ 250 කඩ ඉමට. නොදන්නා අයට දැනගන්නත් එක්කම කිව්වොත් දැනට බයිස්කෝප් අඩවියේ සෙට් එකට නායකත්වය දෙමින් බයිස්කෝප් අධිපති තනතුර දරමින් හසන්ත කරන සේවය අද්විතීයයි කිව්වොත් මම හිතන්නෙ වැරැද්දක් නෙවෙයි. උපසිරැසි කරන එක සෑහෙන්න අඩුකරන් අනික් සියලු පැත්තෙන් අඩවියෙ ඉදිරි ගමන මෙහෙයවනවා වුණත්, අසංකගේ කට වහන්නම ඉක්මනටම 300 යටත් යන්න ලැබේවායි පතනවා. හොඳ කොපියක් ආවහම බාගන්නම්. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Thank you bro
thanx bro
Sub ekata Thanks bro
Sub ekt thanx,Jaya wewa
Thanks bro sub..ekt
thanku all
thanks hasa…jaya wewa !
thanks mchn
Ela. good job.highly appreciated.
Ela
Thnq mchan❤❤❤
Thanku mchn suiri
Great thanks bro….
Supper worked aiya
දැං තමා බාන්නෙ….තැන්කූ බ්‍රෝ..
ජය වේවා
fattai bro
Thanks bro
Thanx bro… jayen jayama wewa..
Thanx broo
Tnz saho.
thanks bro. bluray apu gaman update eka denna.
tnx
Great… Thank you bro…
Thank you brother
tnq sub ekata
thanks sahoooo…… ela ela
Niayamai… thnks machn…
THANK YOU BROTHER MOKEK NATAT API INNAWA HAMADAMAJAYA WEWA
Suba pathum..
thanks bro… digatama karagena yamu. jaya wewa…
Sub 1kata thanks …..
.Digatama me wade karagena yanna…jaya wewa
Thanx a lot for the subtitles..best of luck
උපසිරැසියට බොහෝම ස්තුතියි
250 වැනි උපසිරසියට සුභ පැතුම්
Thank you
උපසිරසි දිවියේ 250වන කඩඉම පසුකළ හසන්ත අයියේ ඔබට උණුසුම් සුබ පැතුම්. බයිස්කෝප් මහගෙදර නිහතමානීම සාමාජිකයෙක් වෙන ඔබෙන් නවක අපිට ඉගැනුමට ඇති දේ නම් අපමණයි. ඊළඟ කඩයිමද බාධා නොමැතිව හැකි ඉක්මනින්ම පසු කිරීමට වරම් ලැබේවායි පතනවා!
Supiri… Tnx aah
Niyamai.Thank you.
niyamai saho
ftta saho
thnax saho sub ekata…digtama sub krmu..jaya wewa
250 වැනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා හසන්ත අයියෙ.
වෙබ් අඩවියේ ජේෂ්ඨතම ඇඩ්මින්වරයෙක් විදියට සයිට් එකෙ වැඩ ටිකත් ඇදගෙන, සබ් කෙරුවාව නවත්තන්නෙ නැතුව ඒකත් කරගෙන යන අංක එකෙ සුපිරි ඩයල් එකක් විදියට තමයි හසන්ත අයියව මං දකින්නෙ.
ඒ වගෙම නොකියම බැහැ, දන්නෙ නැති ඕනෙම දෙයක් ඇහුවම නෑ බෑ කියන්නෙ නැතුව ඕනෙම වෙලාවක කියලා දෙන හිත හොඳ පොරක්.
දිගටම සයිට් එකත් එක්ක ඉන්න කියලා අමුතුවෙන් කියන්න ඕනෙ වෙන්නෙ නෑ, හැමදාමත් මේ සයිට් එකත් එක්ක, අපිත් එක්ක මේ හිටියා වගේම ඉස්සරහටත් ඉන්නව කියලා හොඳාකාරවම දන්නවා.
එහෙනම්, හැරමිටියෙන් යනකම්ම සබ් එකක් ගහගෙන, සයිට් එකෙ වැඩ ටිකත් ඇදගෙන යන්න ශක්තිය, ධෛර්‍ය්‍ය ලැබෙවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
මේ අවුරුද්දෙම 300න් හම්බෙමු එහෙනම්.
ජයවේවා!!!
Thanks
Thanks for sub
සබ් එකට ස්තූතියි….. ජය වේවා…!
thanx bro
Sub ekata thax bro.
tnxbro
All.The.Devils.Men.2018 කව්රු හරි සබ් කරන කෙනෙක් මෙන්න් මෙ ෆිල්ම් 1ට් සුබ් 1 කරන්න්කො 2018 දෙසැම්බර් out une marama action film 1k තාම් කව් රුවත් මෙකට සබ් කරල නැ පුලුව්න් කෙනෙක් සබ් කරන්න ම්ම් ෆිල්ම් 1න්ම් ගත්ත එත් සුබ් නතුව බලල වඩක් නති නිස පස්සෙ බලනව කියල තියා ගත්ත…………!
ඇයි දීලා තියෙන්නෙ
sub 1t thnx …. digatam karagen ynn
ThankS MachO sUb 1ktA….
sub ekata thnx….podi deyk tynwa film eke sahena kotasaka sub adui bro…..ara princess aquaman wa atlantis wlta aran yana tike….
සෑහෙන්න නම් නෙමේ පේලි 10-15 ක් විතර මග ඇරිලා. දැන් ඒ ටික හදලා අප්ලෝඩ් කෙරුවා. සබ් එක ආපහු අරගෙන බලන්න.
ela mchn.Thanks
Thank you very much bro sub ekt
❤ ❤
Harima asawen enakan balan hitapu film ekak….bohoma sthuthiyi sub ekata … good luck
ආරංචි හැටියට දැන් වෙද්දි වෙද්දි dark knight box office පාස් කරල …
සබ් එකට තෑන්ක්ස් සහෝ❤
Thanks aiye sub eka mahansi wela api wenuwen hadana ekata..
Sub ekata thanx
❤❤❤❤
250 සුබ පැතුම්, දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා shoo, tu
ela Bro Thakzz
Thnks Bro
250වන කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් අයියේ.ජයවේවා ✌
supiri
උපසිරැසියට බොහෝම ස්තූතියි හසා අයියේ..
250* කඩයිමට හදවතින්ම සුභ පතනවා
ඉක්මනටම 300*ටත් එමු..
චාමර සහෝටත් ස්තුති වෙනවා දීලා තියෙන නියම ලිපිය වෙනුවෙන්..
ජය…!!! 😀
Sub ekata thanks.
thanxx bro……….
thnks
thanks bro
Thanks bro… ✌️
Thanks machn
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට…ජයෙන් ජයම වේවා…
Thanks bro
sub ekata thunkyou broooo
ස්තුතියි මචං…නියම වැඩක්….
anakan balan hitiya SUB akak, Thanx Bro
sub ekata godak thanks mchn. e wagema me visthareth godak watinawa. thank you very much..
Thnkz brother
Thank You !!!
Congratulations bro, u made it.
Thank u too.
Thank you very much,good job
Thanks brother.. Danushge maari 2 hoda copy 1k aapu gmn subtitle oone kollo❤️
Tnq bro
Subata thnkz mchnnn…..
Thanks bro……….good luck
Congratulations Ayye… !!!!!!
thanks machan
Good luck all the best bro
congrtzzz.thank u 4 the sub
Thanks you brother…. Wish you all the best
250 වැනි කඩයිමට සුබපැතුම් අයියෙ……සයිට් එකට ආපු අලුත මුලින්ම හම්බ උනෙත් අයියව තමා…..අපේ සයිට් එකේ හසන්ත අයියව දන්නැති කෙනෙක් නැතුව ඇති…මේ කමෙන්ට් එක දානකොටත් අයියා උපසිරසි ගන්වපු ස්පාටකස් බල බල තමයි හිටියේ….ජය වේවා…අයියගේ ඉදිරි ගමනට සුබපතනවා.
thanks brother
thanks bro
Thanks Broh!!
supiri ela………
ඇත්තටම නිතර කමෙන්ට් කරන්න වෙන්නෙ නම් නෑ මචං. ඒකට සොරි වෙයං.
ඔක්කොටම හරි යන්න අද කියන්නම්. උඹල නිසා ගොඩක් දෙනෙක් හිතට දැනෙන විදියට නිදහසේ ෆිල්ම් එකක් බලනවා. මොන හොද කොපිය ආවත් උඹල සබ දානකල් ඉදලමයි මම බලන්නෙ. දවස ඉවර කරල ඔලුව මංඥං වෙලා ඉන්න වෙලාවක උඹලගෙ සබක් එක්ක ෆිලුමක් ෆෝන් එකට දාගෙන ඇදේ ඉදං බලල නිදාගන්නව වගේ වෙන සැපක් නෑ බං. සිරාවටම උඹලට පිං. තෑන්ක්ස් මචං..
sira kathawa nachang attama atta
thanks machan
suba pathum 250ta
thawa thawath sakthiya labewa
Thanx bro
ty hasa
Thanks bro !
Tkz Bro…
thanx machan …..thanx baiscope….
Ela
Congratulation for 250 sub Good Luck
සුභපැතුම් සහෝදරයා ❤
Thanks brother
ස්තුත