අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Bargain [E06] Sinhala Subtitles | ශුන්‍ය එකතුව [සිංහල උපසිරසි]

Rating: 7.2/10. From 5 votes.
Please wait...
Bargain Sinhala SubtitlesBargain Sinhala Subtitles

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා.

IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

Bargain Sinhala Subtitles

විශාල පැසසුමකට වගේම ඇගයීමකට ලක්වුන මේ කතා මාලාව 27 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය වුනා වගේම  2023 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙත් තිරගත වුනා. TheGuardian.com සඳහා වූ ඇයගේ සමාලෝචනයේදී, Lucy Mangan මෙම මාලාවට තරු පහෙන් තරු හතරක් ශ්‍රේණිගත කිරීමක් ලබා දුන්නා.

ඉතිං මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද එතකොට ඒකෙ රසයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම කතාව බලල ඒ ගැන දැනගන්නකො.

හැමදාම කියනව වගේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙනම යන්න අමතක කරන්න එපා එහෙනම්..

Bargain Sinhala Subtitles

වොන් මිලියනයකට කන්‍යා පහස ලබන්න ඇවිත් ඊට පස්සෙ අවයව ජාවාරමක වෙළඳ භාණ්ඩයක් වෙලා ඊටත් පස්සෙ භූමිකම්පාවක් වෙලා ජීවිත එක එක විදිහට කේවල් වෙලා දැන් අවසානයකට ලඟා වෙලා. ඒත් ඒ අවසානය එද්දි පටන් ගැන්මෙ තිබුන ආශාවන් වුවමනාවන් එක එක විදිහට වෙනස් වෙලා. තමන්ගෙ ජීවිතේ බේරගන්න වගේම ඒ අතරෙදිත් සල්ලි හොයාගන්න තණ්හාව මිනිස්සුන්ව අන්ධ කරලා. මේ හැමදේම අතරෙ මුල පටන් ගැන්මෙදි තිබුන වුවමනාව වෙනස් නොවුන චරිතෙකුත් මෙතන තියෙනවා. ඒ තමයි තමන්ගෙ තාත්තගෙ ජීවිතේ බේරගන්න වකුගඩුවක් ගන්න ආපු හොඳ පුතා. මහ විනාශයක් වෙලා තියෙන තැනක ජීවිතේ අග්ගිස්සෙ රැඳිල තියෙද්දිත් මේ චරිතෙ විතරක් වුවමනාව වෙනස් වෙන්නෙ නැහැ. අවසන් මොහොත වෙනකල්ම ඔහුගෙ එකම ඉලක්කය වෙන්නෙ තමන්ගෙ තාත්තට තමන් ගත්ත වකුගඩුව ගිහින් දෙන එක විතරයි. මේ මහ ව්‍යසනයක් අතරතුරේ විහිලුවක් වගේ පේන මේ වුවමනාව අන්තිමට ඉෂ්ඨ කරගන්න ඔහුට පුලුවන් වෙයිද… 

Bargain Sinhala Subtitles


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bargain Sinhala Subtitles

 

Next BT1

All BT1

2 thoughts on “Bargain [E06] Sinhala Subtitles | ශුන්‍ය එකතුව [සිංහල උපසිරසි]

  • …බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *