අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kung Fu Panda (2008) Sinhala Subtitles | මකර රණශූරයාගේ ආගමනය [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 6 votes.
Please wait...
Kung Fu Panda (2008) Sinhala Subtitles

‘ ඊයේ කියන්නෙ අතීතයක් ‘
‘ හෙට කියන්නෙ අභිරහසක් ‘
‘ ඒත් අද කියන්නෙ තෑග්ගක් ‘
‘ අන්න ඒකයි අපි ඒකට වර්තමානය කියන්නෙ ‘

කොහොමද ඉතින්, හැමෝටම. අප්‍රේල් මස 9 වෙනිදා නිකුත් වුණු Kung Fu Panda 4 (2024) උණුසුම මැද්දෙ හුඟ දෙනෙක් නැවත නැවත අපිට ඉල්ලීම් කරලා තිබුණා Kung Fu Panda (2008) පළවෙනි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා. මුලින් තිබුණු උපසිරැසියේ යම් දෝෂය වගයක් නිසා ඒ උපසිරැසිය ඉවත් කරන්න අපිට සිද්ධ වුණා. ඉන් අනතුරුව තමයි Kung Fu Panda (2008) චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න අපේ විමා සහෝදරයා මටා ආරාධනා කළේ. ඒ වගේම ඒකටනම් ඔහුට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන. මොකද ලොකු පොඩි කාටත් වයස් භේදයකින් තොරව ජීවිතයට එකී මෙකී නොකී පාඩම් ගණනාවක් ලබා දුන්නු චිත්‍රපටයක් බව සඳහන් කළොත් මං හිතන්නෙ වැරදි නෑ. ඒ නිසාමයි චිත්‍රපටයේ විශේෂ කියමනක් ලිපිය මුලින්ම සඳහන් කළේ. ඒවගේම තමයි මේ චිත්‍රපටය සෑහෙන දුරට මටත් විශේෂ වෙනවා. ඒ මොකද කිව්වොත් මං බලපු පලවෙනි 3D ඇනිමේෂන් ෆිල්ම් එක තමයි Kung Fu Panda (2008) චිත්‍රපටය කියන්නෙ. ❤️ කණගාටුවට කරුණ වෙන්නෙ චිත්‍රපට ත්‍රිත්වයක් ඔස්සෙ ප්‍රේක්ෂ ආදරය නොඅඩුව ලබාගනිමින් සාර්ථක ලෙස නිර්මාණය වුණ මේ Kung Fu Panda චිත්‍රපට මාලාව, අවුරුදු 8කින් පසුව යලි නිර්මාණය වුණ Kung Fu Panda 4 වන චිත්‍රපටයට ලබාගන්න හැකියාවක් ලැබුණේ නෑ.

Kung Fu Panda චිත්‍රපට මාලාව අදාල වර්ෂයත් එක්ක මං පහලින් මේ විදිහට සඳහන් කරන්නම් ,

01. Kung Fu Panda (2008)
02. Kung Fu Panda 2 (2011)
03. Kung Fu Panda 3 (2016)
04. Kung Fu Panda 4 (2024)

චිත්‍රපටය තුළ නළු නිළි වශයෙන්,
 

Jack Black, Po විදිහටත්

Dustin Hoffman, Master Shifu විදිහටත්

Ian Mcshane, Tai Lung විදිහටත්

David Cross, Crane විදිහටත්

Seth Rogen, Mantis විදිහටත්

 

• James Hong, Mr. Ping විදිහටත්
• Jackie Chan, Monkey විදිහටත්
• Lucy Liu, Viper විදිහටත්
• Angelina Jolie, Tigrees විදිහටත්

තම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා.

ඉතින් මීටවඩා වැඩි යමක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉක්මනින් තව උපසිරැසියකින් හමුවෙන පොරොන්දුව ඇතුව අදට ගිහින් එන්නම්.

හැමෝටම සුභ දවසක්! ජය වේවා!

Name: Kung Fu Panda (2008)
Run time: 1h 32min
Category: Family, Comedy
IMDb rating: 7.6/10
Rotten Tomatoes: 83%
Audience score: 83% (250, 000+)
Release date: June 6, 2008 (USA)
Directors: Mark Osborne, John Stevenson
Distributed by: Paramount Pictures
Box office: $631.7 million
Music by: Hans Zimmer; John Powell
Produced by: Melissa Cobb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස Bluray පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kung Fu Panda , Kung Fu Panda (2008), Kung Fu Panda (2008) Sinhala Subtitles

2 thoughts on “Kung Fu Panda (2008) Sinhala Subtitles | මකර රණශූරයාගේ ආගමනය [සිංහල උපසිරසි]

  • Kalin ඒවා ව්ද්ගේ ගතියක් නෑ ව්ද්ගේ නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *