අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Cowboy Bebop (1998) [S01 : E09 & E10] Sinhala Subtitles | රැඩිකල් එඩ්වඩ් [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Cowboy Bebop [S01 : E09 & E10] Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 9 සහ 10 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

පසුගිය කොටස් වලින් දකින්න ලැබුනේ බවුන්ටි හන්ටර්ලාව පේන්න බැරි “හෙවි මෙටල් ක්වීන්” නමින් හඳුන්වන කෙනෙක් එක්ක තෑගි මුදල් දඩයමේ යන විදිහයි. ඒ වගේම සිකුරු ග්‍රහලෝකයේ සිද්ධ වෙන කතාවකුත් අපිට දකින්න ලැබුනා. සිකුරු ලෝකයේ රෝගවලට පාවිච්චි කරන ඖෂධයක් බවුන්ටි හන්ටර් වැඩේ කරන ගමන් ඒ වෙනුවට වෙනම ලොතරැයියක් ඇදෙන්න ගියත් ඒකත් මනුස්සකම ඉස්සර වීම නිසා කරන්න වෙන්නෙ නෑ.

මේ කොටස් දෙකෙන් දකින්න ලැබෙන්නෙ තවත් බවුන්ටි හන්ටින් එකක් තමයි. හැබැයි මේ බවුන්ටි හන්ටින් එකට පෘථිවිය සම්බන්ධයි. ඒ වගේම ජෙට්ගේ අතීත කතාවකුත් මේකෙදි දිග හැරෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි බිබොප් කණ්ඩායමට අලුත් සාමාජිකයෙක් එකතු වෙන එක. ඒ සාමාජිකයා කවුද? ජෙට්ගේ අතීත කතාව මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ.
Cowboy Bebop [S01 : E09 & E10] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop [S01 : E09 & E10] Sinhala Subtitles

One thought on “Cowboy Bebop (1998) [S01 : E09 & E10] Sinhala Subtitles | රැඩිකල් එඩ්වඩ් [සිංහල උපසිරසි]

  • බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *