Cowboy Bebop (1998) [S01 : E17 & E18] Sinhala Subtitles | අභිරහස් බිම්මල සහ වීඩියෝ ටේපය [සිංහල උපසිරසි]
Cowboy Bebop [S01 : E17 & E18] Sinhala Subtitles
1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 17 සහ 18 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
බිබොප් කණ්ඩායමේ ෆේයි වැලන්ටයින්ගේ අපි නොදන්න අතීතයෙන් කොටසක් ෆේයිගේ වචනවලින්ම අපිට දැනගන්න ලැබුනා. ඒ අතිතයේදී ෆේයිට මුණ ගැහුනු ආදරවන්තයාත් ෆේයි වගේම ණය බර හිස මුදුනටම පුරවා ගත්තු කෙනෙක් කියල දැනගන්න ලැබුනා. මේ ෆේයිගේ අනතුරත් එයා ශීත නින්දක සංරක්ෂිතව ඉන්න එකත් cowboy bebop කතාවේ මුල් කොටස් වල කියවුනු ද්වාර පිපිරීමට සම්බන්ධ බව, කතාව අවධානයෙන් බලපු කෙනෙක් නම් ඔයාට වැටහේවි. ඒ වගේම ජෙට් බ්ලැක්ගේ පුංචි අතීත කතාවක් දිග හැරෙන හැටිත් අපිට දකින්න ලැබුනා. ජෙට් පොලිස් නිළධාරියෙක් වෙලා හිටපු කාලයේ මුහුණ දුන්නු අපරාධකාරයෙක්ට ආපහු මුහුණ දෙන විදිහ දකින්න ලැබුනා. ඔන්න ඒ අනුව බිබොප් කණ්ඩායමේ සාමාජිකයන්ගේ අපි නොදන්න මෙතෙක් හෙළි නොකරපු කතාවන් එකින් එක හෙමිහිට දිග හැරෙමිනුයි තියෙන්නෙ.
දවස් ගානකින් හරිහමන් කෑමක් වත් නැතුව බිබොප්ලා අභ්‍යවකාශයේ ගමන් කර කර ඉන්න කොට එක පාරටම තවත් යානාවක් ඇවිත් මේ බිබොප් යානාවේ හැප්පෙනවා. මේ නිසා තියෙන බඩගින්න මදිවට තවත් දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වතාවේ බිබොප්ලට මුණ ගැහෙන්නෙ බිම්මල් තැරැව්කාරයෙක්. ඊට පස්සෙ නමක් ගමක් නැති වීඩියෝ ටේප් එකක් බිබොප්ලා ගාවට එනවා. ඒක හරියටම අපි දන්න කැසට් ටේප් එකකට සමානයි. මොකක්ද ඒ ටේප් එක? ඒකෙ මොනවද තියෙන්නෙ? ඒක බිබොප්ලා ගාවට ආවෙ ඇයි? බිබොප් යානාවේ හැප්පිලා ගියේ කවුද? බිම්මල් වලින් බඩගින්න නැති කරගෙන කරදර වලින් ගැලවෙන්න පුලුවන් වේවිද? කොහෙන්හරි බවුන්ටිය අල්ලගෙන සල්ලි ටිකක් හොයාගන්න බිබොප්ලට පුලුවන් වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.
“See You Space Cowboy…”
Cowboy Bebop [S01 : E17 & E18] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 300 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි…
Thanks bro