අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)එළ (TV)ජපන් (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)ලංකන් Weebsෆැන්ටසි (TV)

Demon Slayer AKA Kimetsu no Yaiba [S04 : E01] Sinhala Subtitles | අවසන් යුද්ධය වෙනුවෙන් හෂිරා පුහුණුව ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 25 votes.
Please wait...

 

Demon Slayer

මුළු ලෝකයක්ම ආදරයෙන් වැළදගත්තු උන්මාදජනක ඇනිමෙ එකක ආරම්භය සනිටුහන් කරන්නයි මේ සූදානම. නම ඇසූ පමණින් ඒ කතාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කතාව මොන වගේද, කතාවෙ චරිත මොන වගේද, කොටින්ම කතාවේ මේ කී වෙනි කතා සමයද කියන එක පවා කියන්නම ඕනි නෑ. මේ කතාව ඒ තරමටම ජනප්‍රිය අතින් ඉහළටම ගිහින් තියෙනවා. ඉතින් ඒ ජනප්‍රියත්වය නිසාම අලුත් සීසන් එකේ පළවෙනි කොටසේ සිංහල උපසිරැසිය මම මේ විදිහට හැකි ඉක්මනින් අරන් ආවා. එහෙනම් අපි යමු මේ උන්මාදජනක කතාවේ අලුත් කතා සමය පැත්තට.

Demon Slayer: Hashira Training Arc Key Visual

2023 අවුරුද්දෙ නිකුත් වුනු Season 3, එහෙම නැත්නම් Swordsmith Village Arc හි අවසානය එක්කම මේ Hashira Training Arc එක Demon Slayer Season 4 විදිහට නිළ වශයෙන් නිවේදනය කළා. ඒ වගේම මීට සමගාමීව Demon Slayer:Kimetsu No Yaiba-To the Hashira Training නමින් චිත්‍රපටයකුත් සිනමා ශාලා සඳහා නිකුත් කරනවා. සුපුරුදු විදිහටම Ufotable Studio වෙතින් අරන් එන මේ Demon Slayer ඇනිමෙ කතා මාලාවේ Season 4 හෙවත් Kimetsu No Yaiba හි Hashira Training Arc එක, එහෙමත් නැතිනම් Hashira Geiko-Hen කියල හඳුන්වන මේ Arc එක Koyoharu Gotouge ගේ Kimatsu No Yaiba මන්ගා මාලාවේ chapter 128-136 අතර සිදුවීම් ආවරණය කරනවා. ඒ වගේම මේ Season 4 වෙනුවෙන් නිකුත් වෙන නිශ්චිත කොටස් ප්‍රමාණය ගැන නිශ්චිත තොරතුරක් කිසි තැනක දක්වලා නම් නෑ. ඒ කොහොම වුනත් මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි MyAnimeList හි 8.2 ක අගයක් ලබා ගෙන තියෙනවා. මේ ආරම්භක කොටස මිනිත්තු 49 ක ධාවන කාලයකින් යුක්තයි. මේ Season 4 හි Opening Theme එක වෙන “Mugen” ගීතය MY FIRST STORY සංගීත කණ්ඩායම සහ Hyde විසින් perform කරනු ලබනවා. ඒකත් මේ වතාවෙ අමුතුම රසයක් අපිට අරන් එනවා.
ඉතින් Demon Slayer Season 3 හි, එහෙම නැත්නම් Swordsmith Village Arc එකේ සිද්ධ වුනු කතාවේ සාරාංශයක් කෙටියෙන් අරන් ආවොත්, ඒ කතාව ඇරඹුනේ කතාවේ කතා නායකයා වෙන තන්ජිරෝ කමාඩෝ ‍යක්ෂණියක් බවට හැරුනු තමන්ගේ නංගිත් එක්ක සැඟවුනු අසිපත් සාදන්නන්ගේ ගම්මානයට යන අවස්ථාවෙනුයි. අලුත්ම අසිපතක් සාදා ගැනීමේ අරමුණින් යන මේ ගමේදී තන්ජිරෝට යක්ෂ නාශක බලකායේ සාමාජිකයෙක් වෙන ශිනසුගවා ගෙන්යා සමඟින් ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි සහ මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ මුණ ගැහෙනවා. ඒ අතරෙදි එක්වරම ගමට යක්ෂ ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරයේ එක් කොනකින් ඉහළ නිලයේ යක්ෂයින් අතරින් ඉහළ පස්වෙනියා වෙන ගියොක්කො සහ තවත් කොනකින් ඉහළ හතරවෙනියා වෙන හන්ටෙන්ගු මතු වෙනවා. ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි සහ තන්ජිරෝ සමඟින් නිචිරින් තුවක්කුවක් තම ආයුධය කරගත්තු ගෙන්යා ඉහළ හතරවෙනියාට එරෙහිව සටන අරගෙන යද්දී, මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ තනිවම ඉහළ පස්වෙනියාට එරෙහිව සටන අරගෙන යනවා.

මේ සටන් අතරතුරේදී අපිට මිට්සුරිගේ, මුයිචිරෝගේ වගේම ගෙන්යාගේ අතීත කතාවන් දැනගන්නටත් ලැබෙනවා. ඉහළ පෙළේ යක්ෂයින් දෙන්නාගේ අති භයානක ශිල්ප හරහා සටන ගෙන යන මේ පිරිසත් ඊට නොදෙවෙනිව තමන්ගේ හැකියා ඔස්සේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. අවසානයේදී මීදුම් හෂිරා අතින් ඉහළ නිලයේ පස්වෙනියා වෙන ගියොක්කො මරණයට පත් වෙද්දි, ඉතා දීර්ඝ විනාශකාරී සටනක් ඉහළ හතරවෙනියාට එරෙහිව තන්ජිරෝ, මිට්සුරි සහ ගෙන්යා අරගෙන යනවා. හැකියාවන් අතින් සුවිශේෂී තැනක ඉන්නවා දකින්න ලැබුනු ඉහළ හතරවෙනියා හිරු පායන මොහොත තෙක් සටන අත් හැරියේ නෑ. අවසානයේ අසීරු වෑයමකින් යුතුව ඉහළ හතරවෙනියා වෙන හන්ටෙන්ගුවත් මරණයට පත් කරන්න තන්ජිරෝ සමත් වෙනවා. එක් පැත්තකින් අසිපත් සාදන්නන්ගේ ගම සම්පූර්ණයෙන්ම විනාශ වෙද්දි කතාවේ සුවිශේෂී සිදුවීම් දෙකක් අවසානයේදී සිද්ධ වුනා. පළවෙනි එක තමයි සටනේදී මිට්සුරි, මුයිචිරෝ සහ තන්ජිරෝ යම් කිසි සලකුණක් මතු කරන්න සමත් වුනු එක. ඒ සලකුණ මොකක්ද කියන එක අපිට Season 4 හි එනම් Hashira Training Arc ආරම්භක කොටසෙදි දැනගන්න ලැබෙනවා. දෙවෙනි කාරණාව තමයි තන්ජිරෝගේ නංගි වෙන නෙසුකො කමාඩෝ සූර්යාලෝකය ජය ගැනීම. කතාවේ හැටියට කිසිම යක්ෂයෙක්ට සූර්යාලෝකයට මුහුණ දෙන්න බෑ කියන එක Demon Slayer රසිකයො වෙන ඔයාලා හොඳින්ම දන්න දෙයක්. නෙසුකොගේ මේ මොහොත ඇත්තෙන්ම කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනා.

මේ සිදුවීමට පස්සෙ මේ සටනට පස්සෙ පවත්වන හෂිරා රැස්වීමේදී තමන්ගේ අත්දැකීම් මිට්සුරි සහ මුයිචිරෝ විස්තර කරනවා. නෙසුකො දැන් ඉන්නෙ යක්ෂ නාශක බලකායේ රැකවරණය යටතේ. ඒ අනුව යක්ෂාධිපති කිබුට්සුජි මුසාන් මේ නෙසුකෝව හඹාගෙන එන්න දෙපාරක් හිතන්නෙ නෑ කියන අනුමානය මත ඉදිරියේදී එන යුද්ධයට සූදනම් වෙන්න යක්ෂ නාශක බලකායේ සාමාජිකයන්ව හෂිරාවරු යටතේ පුහුණුවකට ලක් කරන්න තීරණයක් එනවා. මේ Arc එකෙන් අපිට බලාගන්න ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන් අන්න ඒ පුහුණුව තමයි. ඒ අතරේ තව තව දේවල් නොයෙක් නොයෙක් තැන්වල සිද්ධ වෙනවා. ඉතින් කතාවේ මීළඟට සිද්ධ වෙන දේවල් අපි ඉදිරියේදී බලමු. නරඹන්න එහෙනම් මේ හෂිරා පුහුණුවේ ආරම්භක කොටස. සුපුරුදු විදිහට කතාව ගැන වගේම උපසිරැසිය ගැන ඔයාලගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Swordsmith Village Arc එකේ ආරම්භය මං ගත්තා වගේම මේකෙත් ආරම්භය මම අරගත්තා. අපේ කණ්ඩායමේ ඉතුරු සහෝදරවරු ඉතුරු කොටස්වලට සිංහල උපසිරැසි අරන් ඒවි. එහෙනම් පටන් ගන්න Demon Slayer උන්මාදය වැළඳගන්න රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් මම දැනට මෙතනින් නවතිනවා. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

[box]

Episode Name – To Defeat Muzan Kibutsuji

Aired Date – 2024.05.12

IMDB Rating – 8.1 (2024.05.13)

[/box]

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1

Next BT1

30 thoughts on “Demon Slayer AKA Kimetsu no Yaiba [S04 : E01] Sinhala Subtitles | අවසන් යුද්ධය වෙනුවෙන් හෂිරා පුහුණුව ඇරඹෙයි! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ado vinland saga anime eke sinhala sub ekat puluwnnm dennko, plz

    Reply
  • ඇයි මෙකට විතරක් අඩු සැලකිලි ගිය සිසන් එකත් එමයි සබ් දෙන්න සෙට් උන අය

    Reply
  • අනේ S02 එවන්නෙ නැද්ද…හෙටට දවස් පහක් දෙයියනේ

    Reply
  • අනේ S02 එවන්නෙ නැද්ද…හෙටට දවස් පහක් දෙයියනේ

    Reply
  • THE LIVING LEGEND

    Episode 2 eke subs denne nadda

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Lithula Laknada

    Movie eka dwnload krnne kohomada

    Reply
  • මගෙ හද පිරි ප්‍රනාමය

    Reply
  • නියමයි මගෙ හදපිරි ප්‍රනාමය

    Reply
  • හශාන්

    පිස්සුවක් උනු සීරීස් එකක්… තෑන්ක්ස් මචං

    Reply
  • Sub එක ඉක්මනට දුන්නට thank you bro. අනිත් ඒවත් ඉක්මනට දෙන්න

    Reply
  • Thanks for Sub Brother…

    Reply
  • Dilshan buddika

    සුපිරි ❤️❤️‍ Good luck

    Reply
  • Digatama mehema sub digena yamu gammc

    Reply
    • Adoop Episode 2 depaaaaaaaan

      Reply
  • Mechchara ikmanata dei kiyala hituwe na. Thanks broo

    Reply
  • thnx bro sub ekt , issaraha episode walatath me wage ikmanin sinhala sub eka oni

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *