මගේ නම ජෝනාස්. ජීවත් වෙන්නෙ ජර්මනියේ වින්ඩන් කියන නගරයක. මගේ තාත්තා මයිකල් කිසිම හේතුවක් නොමැතිව සියදිවි නසාගන්නවා. ඉතින් මට ඒ කම්පනය දරගන්න බැරුව මාස කිහිපයකට මානසික රෝහලක ඉඳලා ඊට පස්සෙ මම ආයෙමත් ස්කෝලෙ යන්න පටන්ගන්නවා. ස්කෝලෙ එකේ ගොඩක් දේවල් වෙනස් වෙලා. අඩුම තරමෙ මගේ පෙම්වතිය පවා මාව අමතක කරල හොද…

මගේ නම ජෝනාස්. ජීවත් වෙන්නෙ ජර්මනියේ වින්ඩන් කියන නගරයක. මගේ තාත්තා මයිකල් කිසිම හේතුවක් නොමැතිව සියදිවි නසාගන්නවා. ඉතින් මට ඒ කම්පනය දරගන්න බැරුව මාස කිහිපයකට මානසික රෝහලක ඉඳලා ඊට පස්සෙ මම ආයෙමත් ස්කෝලෙ යන්න පටන්ගන්නවා. ස්කෝලෙ එකේ ගොඩක් දේවල් වෙනස් වෙලා. අඩුම තරමෙ මගේ පෙම්වතිය පවා මාව අමතක කරල හොදම යහළුවා එක්ක යාළු වෙලා. ඒ වගේම අපේ යහළුවෙක් වුණු එරික් කිසිම සළකුණක් නැතුව අතුරුදහන් වෙලා. අපි එයාව හොයන්න වින්ඩන් ගුහාව ගියාම තමයි මහ අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තෙ. අපිට ඒ මොකක්ද කියල හිතාගන්න බැරි වුණා. මේ දේවල් අතරේ මගේ යහළුවා බාටොස්ගෙ මල්ලි මිකල්, එරික් වගේම අතුරුදහන් වෙනවා. කොහොමද එහෙම වුණේ? අපි හැමෝටම ඒක ලොකු අභිරහසක්…
2017 දෙසැම්බර් මස 01 වෙනිදා The Defenders/Stranger Things/The Iron Fist/Daredevil ආදී කතාමලාවන් විකාශනය කරපු Netflix නාළිකාව ඔස්සේ විකාශය වූ පළමු ජර්මන් කතාමලාව තමයි මේ අරගෙන ආවේ. IMDb මීටරේ 8.8/10ක වැනි ඉහළම අගයකට කරකවන්න සමත්වුණු මේ කතාමාලාව Rotten Tomatoes හි 88% ප්‍රතිශතයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම තමයි මේ කතාමාලාව අයත් වන්නේ Crime/Drama/Thriller/Mystery කියන වර්ගීකරණයන්ටයි. ඉතින් Stranger Things බලපු අයට හිතෙනව ඇති ඒ වගේ එකක් කියල. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් කියල කියන්න පුළුවන්. Timeless කතාමාලාව බලපු කෙනෙක් නම් කාල තරණය කියන්නෙ මොකක්ද කියල දන්නවා ඇතිනේ. මේ කතාමාලාවත් අන්න ඒ අගේ කාල තරණ පදනම් වූ කතාමලාවක්. ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලයෙන් පිරිච්ච කතාමාලවක් තමයි මේක. ඒ වගෙම ටිකක් සංකීර්ණ කතාමාලාවක්. ඒ හේතුව නිසාම තමයි උපසිරසි ලබාදෙන්නත් ටිකක් ප්‍රමාදවුණේ. මොකද කිව්වොත් මේ කතාමාලාවේ සමහර තැන් තියනවා මතුපිට අදහසට වඩා වෙනස් අදහස් තියන. ඉතින් කතාවේ නිවැරදි අදහස එන්න නම් ඒ තැන් හරියටම ගලපන්න ඕනි. ඒ නිසා තමයි මුලින්ම අපියි දුන්නෙ කියල සීනි බෝල උපසිරසි විදිහට මේ කතාමාලාවට උපසිරසි ලබා නොදී ප්‍රමාද වුණත් නිවැරදි උපසිරසි ලබාදෙන්න උත්සහ ගත්තෙ. ඉතින් කතාමාලාව බලන් යද්දි ඔයාලට පුළුවන් අපේ උත්සහය සාර්ථකද කියල බලන්න.එහෙනම් අද ඉඳන් මගේ සහොදර උපසිරසිකරුවන් කිහිපදෙනෙකුගේ සහයෝගයත් එක්ක අපි ඔයාලට Dark පළමු කතාමාලාවට උපසිරසි ලබාදෙන්නයි මේ සූදානම.
“අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස,
හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි…”
“ඇල්බර්ට් අයින්ස්ටයින්”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
61,332 downloadsDownload Dark-01x01.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
119 comments
tharangabk
losaka
thank u
R.O.S.H.A.N
Sub Ekata thanks...
Maleesha pathirana
Ravidu Dan behalema weda ne
..kohomath anik aya dunnta baiscope eken denkl mm Nam blnne naSubhash13
Niyama wadak digatama sub danna oke ftt a
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Malinda
meka patta kathawak. eng sub dagena eka parak beluwa. therum ganna eka lesi une ne. hemin sare ayeth balanna oni. season 2tama sub demu. thanks bro.
geeganagamage
මුලින්ම කියනවා සුබ නව වසරක් වේවා කියලා . මේකනම් මම බලපු සුපිරිම කථාවක් නියමයි බොහෝම ස්තුතියි අප වෙනුවෙන් කරන උතුම් සේවයට .
Gathsara Umesh
Bhooom sthuthiyi
Udara Damith Dissanayaka
නියමයි හොදේ
සුපිරියි
time less වගේ එකක් නම් මාරුවට තියේ
මේ time less එකේ සීසන් දෙක එන දවසක් නැද්දrasara
Sub ekata thanks bro
DilZ
aluthin ma 1k niymayi thnx 4 sub
Sanush
හම්මේ athi yaanthan okata sub denakan thama balan hitiye.thanks saho
trok
tnx bro
tharaka madushanka herath
sub ekata godak thanks .....
New day
සුපිරි wadak machan. අනිවාර්යයෙන් බලනවා
nimeshrashveen
Thanks bro!!
kisalsamaranayake
patta
chathura_sam
upasirasiyata sthuthi!!
Hasitha4044
Thanks you machan
sachintha
Thanks sahooo sub ektaa...
ඉසුරු සම්පත් සිරිසේන
Here we go..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisal
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Hetti
පට්ට කතාවක් වගේ..බොහෝම ස්තුතියි..
ලහිරු ප්රසාද්
Thx
nirodha uthpala
Thx very much bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
Nerun Kalpajith Fernando
ඔක්කම ටික එකපාරම බාගන්න තැනක් නැද්ද
4devinda
bohoma stuti saho ...
උදයංග සම්පත් හතරසිංහ
බොහොම ස්තූතියි මචං.. ජය වේවා.. :D
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක් වගේ....Chathura Abesiriwardhana
ජය වේවා..
ජනිත් මාතුල ද සිල්වා
බොහොම ස්තූතියි සහෝදරයා...
සනිඳු ලක්ඛිත
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Yasiru Kapurusinghe
thnx
Dilshan_Sampath
niyamaii .thanks
Sam Yashan
ela ela bro...
kosalachathuranga
supiri machooooooooooo
Sherlock holmes
Elama saho thanks
සාෂා
ගොඩාක් ස්තුතියි,, 2017 ආපු සුපිරීම කතාවක්..
amil077
ගොඩාක් ස්තුතියි,,
mindika
Thanks !!!!!!!!!!!!!!!
tharindu1986
thanks for subs
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි රවිඳු උපසිරැසියට...
කමෙන්ට් වල හැටියට නම් සුපිරියක් වගේ. බලමුකෝ.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!dhanuxxx
link ekak dennako
udithasanka
Thnkz buddy❤️
Amila
ගොඩාක් ස්තුතියි සබ් දෙන එකට
lakshankkn
thanks for the sub
Suranjan
Thanks machan........jayawewa..>>>>!
Kasun Lakshan
Thank you soooo much sahooo
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dark [S01: E01] Sinhala Subtitles | රහස්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/the-dark.jpg)





aluth 1k tnx machoo