අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිචමිත් මිහිරංගචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

Fender Bender (2016) with Sinhala Subtitles | අමුතු මිනීමරුවා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Fender Bender (2016)

ආයුබෝවන්. මුලින්ම ලැබුවා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත තත්පර 31,536,000ක එකතුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් වාසීන් ඔබ සියලු දෙනා වෙතම..! එසේ නම් මේ අවුරුද්දේ මුල්ම උපසිරැසිය විදියට මම අරන් එන්නේ මේ චිත්‍රපටය තමයි. චිත්‍රපටයේ නමේ නිවැරදි අර්ථය නම් මෝටර් රථ අතර එතරම් හානි සිදු නොවී වන සුළු අනතුරක් කියන එකයි. ඒත් ඒකට සිංහලෙන් කියන කෙටි වචනයක් මට මීටර් වුනේ නැති නිසා චිත්‍රපටයේ සමහර තැන්වල  ඉංග්‍රීසි යෙදුමම සදහන් කරා.

මේ චිත්‍රපටය හොරර් හා ට්‍රිලර් කාණ්ඩවලට තමයි අයත් වෙන්නේ. Imdb අගය 5.1ක් හිමිකරගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Pavia විසින්. කතාව පාදක වෙන්නේ අමුතු විදියේ මිනීමරුවෙක් ගැන. මේ පුද්ගලයා එයාගේ ඊලඟ ගොදුර හොයාගන්නෙත් හරි අමුතු ක්‍රමයකට. ඒ කියන්නේ කාර් අනතුරකින්. එයා එක මිනීමැරීමක් සිද්ධකලාම, අනිත් ගොදුර හමුවෙනකම් කලින් මියගිය පුද්ගලයාගේ විස්තර තමයි පාවිච්චි කරන්නේ. ඔහුගේ කාර් එක වෙනස් නොකලත් කාර් එකේ අංක තහඩුව අවසාන මියගිය තැනැත්තාගේ එකට මාරු කරගන්නවා. ඒ වගේම ඒ තැනැත්තාගේ ළඟ තිබුණු මුදල් ප්‍රමානෙට හරියටම හරියන්න ඉන්ධන පුරවගන්නවා. ඉන්ධන ඉවර වෙන්න කලින් එයාගේ ඊළඟ ගොදුර හොයාගන්නවා. ඉතින් මේ අමුතු මිනීමරුවාගේ ගොදුරක් විදියට හිලරි කියන අහිංසක තරුණියත් අවාසනාවන්ත ලෙස තෝරා ගැනෙනවා. ඉතින් කතාව ගැන ඊට වඩා කියන්න යන්නේ නෑ. මේ හිලරි කියන තරුණියට, එතකොට එයාට හිතවත් අයට මේ මිනීමරුවාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද. ඔයාලත් චිත්‍රපටය අරගෙනම බලන්නකෝ.

වෙනදා වගේම අදත් මේ චිත්‍රපටය බාරදීම පිලිබඳ ස්තූතිය සමන් ප්‍රසාද් සහෝදරය හට පුද කරනවා. එමෙන්ම ඔහුගෙන් බයිස්කෝප් එකත් සමඟ හැකි උපරිම කාලයක් ඉන්නා ලෙසද නැවතත් ඉල්ලා සිටිනවා. මං හිතන්නේ උපසිරැසිය ඉවර කරන්න චිත්‍රපටය බාරගෙන මාසයක විතර කාලයක් ගතවුණා. ඒ මොකද බලාපොරොත්තු වූවාට වඩා පසුගිය වසර අවසානයේ රැකියාවේදී කාර්යබහුල වූ නිසාත්, මේ චිත්‍රපටයට ගුණාත්මක තත්වයේ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් නොවීමත්, මගේ පරිගණකයේ ඇති වූ දෝෂයක් නිසා වැඩ අවසන් කිරීමට ආසන්නව තිබු උපසිරැසිය නැවතත් මුල සිටම ටයිප් කිරීමට සිදුවීමත් නිසා උපසිරැසිය ගෙනෙන්න ප්‍රමාද වුනා. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා.

හොදයි. මං ඊලග උපසිරැසිය විදියට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ චීන ක්‍රියාදාම චිත්‍රපටයක්. එසේ නම් එම උපසිරැසියත් සමඟ නැවත හමුවීමේ අපේක්‍ෂාවෙන් මම සමුගන්නවා. ඔබට ජය…!

Fender Bender (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fender.Bender.2016.720p.BluRay.x264-SADPANDA

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/CHamith2-e1484266449237.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

20 thoughts on “Fender Bender (2016) with Sinhala Subtitles | අමුතු මිනීමරුවා [සිංහල උපසිරසි සමඟ]

  • ashan lankanath

    thanks …………………..

    Reply
  • Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
    issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.

    Reply
  • මෙවැනි තවත් රසවත් හරවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා….!
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • ෂිවායි හින්දි film එක දාන්න

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • හැමෝටම සුභ නව වසරක් වේවා. !!!
    උපසිරැසියට බොහෝම ස්තූතියි චමිත් සහෝ.
    සමන් සහෝගේ කැපවිමත් අගය කරනවා.
    ෆිලුම නම් බලලා ඉවරයි සුපිරියට තිබ්බා.
    අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක්.
    මේ ෆිලුමේ ඉදිරි අනාගතයේදි තවත් ෆිලුමක් එයිදෝ කියන ඉගියක් අවසානයේදි දුන්න එයිද කියල හරියටම කියන්න අමාරුයි ඉස්සරහට බලමු.
    ලැබුවාවු මේ අවුරුද්දේ මේ වගේ සුපිරි ෆිලුම් අප අතරට අරගෙන ලැබේවා කියා ප්‍රර්ථන කරනවා.

    Reply
  • නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබට.
    ජය…

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසිත

    elama saho thanks

    Lady Bloodfight (2016) film eka nam hoday wage,ekata sab demu

    Reply
  • Udara Damith B/K

    සමන් ප්‍රසාද් බයිස්කෝප් එකත් සමඟ හැකි උපරිම කාලයක් ඉන්නා ලෙස ඉල්ලා සිටිනවා.

    Reply
  • Udara Damith B/K

    ********උපසිරසියට ස්තුතියි*****

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *