අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබටහිරයුද්ධරනිල් ශ්‍රීමාල්සිංහල උපසිරැසි

Frontera (2014) | වැරදුණු ඉලක්කය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Frontera (2014)

ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක හරියටම රිලීස් වුනේ 2014 ජූලි 31වෙනිදා වුනාට අගෝස්තු 7 වෙනිදා තමයි අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ. මේක දෙන්න ටිකක් පරක්කු වුනාට ඔයාල හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. මොකද උසස් පෙළ විභාගය නිසා, අගෝස්තු පහු වෙලා දෙන්න කියලා හිතුවත්, දවසෙන් පොඩි කාලයක් උපසි‍රැසිය වෙනුවෙන් වෙන් කරන්න මට පුළුවන් වුනා. ඒ වගේම අපේ සමීර කරුණාරත්න අයියටත් මම බොහොම ස්තූතිවන්ත වෙනවා මාව මේ බයිස්කෝප් එක ගැන දැනුවත් කලාට.
 
මේ මූවී එකට ප්‍රධාන වශයෙන් පාදක කරගෙන තියෙන්නේ ඇමරිකාවයි, මෙක්සිකෝවයි අතර තිබුණ සටන් කාමී වාතාවරණයයි. 
ඒ මාතෘකාව ප්‍රධාන කොට ගෙන යම් සිදුවීමක් ගොඩනගා ගනිමින් ලෝකයට වටිනා ආදර්ශයක් සැපයීමට මෙහි අධ්‍යක්ෂක වන Michael Berry ට හැකියාව ලැබී තියෙනවා.මේ මුවී එකේ නම ලෙස භාවිතා කරලා තියෙන්නෙත් ස්පැනිෂ් වලින් Frontera කියන නම, එ කියන්නේ English වලින් Border එහෙමත් නැත්නම් “මායිම” කියන අදහසයි. මේ මූවි එකට IMDB rate එක 6.6 වගේ ඉහළ අගයක් ලැබිලා තියෙන්නේත්, මේ මුවී එකේ ඇති සාර්ථකත්වය නිසාමයි. Ed Harris, Eva Longoria, Michael Peña වගේ නළු නිලි පිරිසක් මේ ‍ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.කතාව ගැන කියනවා නම්,මිගෙල් කියන්නේ මෙක්සිකෝවල ඉන්න දුප්පත් මනුස්සයෙක්. එයා ‍රැකියාවක් හොයාගෙන,ඇමරිකාවට යනවා තවත් යාළුවෙක් එක්ක.ඒ කියන්නේ මෙක්සිකෝවයි, ඇමරිකාවයි වෙන් කරන මායිමෙන් ඇමරිකාව පැත්තට යනවා. ඊට පස්සේ එයාලට විශාල කරදර ‍රැසකට මුහුණ දෙන්න වෙනවා. එතනින් එහාට මම කතාව ගැන කියන්නේ නෑ. එයාලට මොකද වෙන්නේ කියලා ඔයාලම බලලා දැනගන්න කියලා මම ආරාධනා කරනවා. මේ මූවී එකෙන් ඇමරිකාව නිසා, කොච්චර මෙක්සිකන් වැසියන්ට කරදර වලට ලක් වෙන්න වෙනවද, ඒ අතරේ කොච්චර හොද මිනිස්සු ඇමරිකාවේ ඉන්නවද, කොච්චර නරක මිනිස්සු ඇමරිකාවෙ ඉන්නවද, ඇමරිකාවයි මෙක්සිකෝවයි සාම කාමී වාතවරණයක් ඇතිව ඉන්නව නම් කොච්චර සතුටින් ජනතාවට ඉන්න පුළුවන්ද, වගේ ඉතා පුළුල් මාතෘකාවක් මේ මූවී එකෙන් විමසීමට ලක් කරනවා.ඒක නිසා Frontera කියන්නේ ආදර්ශමත් ‍ෆිල්ම් එකක් කියලා කෙටියෙන් හදුන්වන්න පුළුවන්.
 
හරි එහෙනම් මීට වැඩිය දෙවල් මම කියන්න යන්නේ නෑ. හැමෝටම මේ ‍ෆිල්ම් එක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. දවසකින් පොඩි වෙලාවක් මේකට මම වැය කලාට,මම උපසි‍රැසි කරපු අනිත් ‍ෆිල්ම් වලට වැඩිය ටිකක් වැඩිපුර මේකට මට මහන්සි වෙන්න උනා. මොකද මේ මූවී එක ස්පැනිෂ් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ගලා ගෙන යනවා. ඉංග්‍රීසි භාෂාවට උපසි‍රැසි ලයින් තිබුනත්, ස්පැනිෂ් භාෂාවට උපසි‍රැසි ලයින් තිබුනේ නෑ. ඒක නිසා ස්පැනිෂ් දෙබස් වලටත් සබ් ලයින් ඇඩ් කරලා, ටයිමින් හදලා තමයි උපසි‍රැසි කලේ. ඒක නිසා ටිකක් අනිත් මූවී වලට වැඩිය මහන්සි වෙන්න වුනා. එහෙනම් ඉතින්… මේ Film එක ගැන අදහසක් දක්වලා යන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලන ගමන් අදට මම සමු ගන්නේ, තවත් ලස්සන අළුත් Film එකක් ඔයාලට ඉක්මනින්ම අරගෙන එන බලාපොරොත්තුව ඇතිවයි.
එහෙනම් හැමෝටම ජය වේවා..!

Frontera (2014) on IMDb

 

 

[button link=”http://g.oc.gs/pidan” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

62E87343020291138B526BC3BB8341C972AC7CDD

[button link=”http://j.oc.gs/bowna” type=”icon” “center” newwindow=”yes”] 950 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

0EC0777EECC7EC92116CF2D3F180839C4DC6CAA0

[button link=”http://g.oc.gs/miono” type=”icon” “center” newwindow=”yes”] 3.30 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

2718AB36699E7011E5A84BF65993F8AE8763EE9C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “Frontera (2014) | වැරදුණු ඉලක්කය… [සිංහල උපසිරසි සමඟ]

  • ela machn, keep it up

    Reply
  • thanx..Wish u all the best

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • A D Thivanka

    බොහොම ස්තුතිවන්ත වෙනව………

    Reply
  • Macho godak……………… sthuthiy,
    oyage mahansiyatath sabatath.

    Reply
  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂 🙂 🙂 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • හිරාන් ශාරංග

    රනිල් සහෝ ගොඩක් ස්තුතියි. තව තවත් උපසිරැසි හදන්නට ධෛර්ය ශක්තිය ලැබේවා.

    Reply
  • thanks brother… mama oyalage godak films tv seris balanawa… ithin oyala karana me help ekata mage adahas dila yanna hithuna… great work bro.. thanks a lot…

    Reply
  • සදීෂ් රවිදු

    සබට බොහොම තුති සහෝ…!
    ජය….!!!

    Reply
  • පට්ට මචන්.උපසිරැසියට බොහොම ස්තූතියි..දිගටම සබ් දෙන්න.ඔබට ජය…!

    Reply
  • මල්ලි විභාගේ හොදට ලියන්න. අපි සුභ පතනවා. සබි එකට වෙලාව වෙන් කරලා අපිට දුන්නට බොහෝම පිං…..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල, මහන්සි වෙලා කරපු උපසිරසියක්,ජයවේවා.

    Reply
  • ශනිල්ක

    තවත් සබ් දෙන්නට ශක්තිය ලැබේවා..!
    බොහොම ස්තූතියි..

    Reply
  • kavindu maling

    awlak na bn.supiri.

    JAYEN JAY>>>>>>>>>>>>>>>>>>
    >>>>>>>>>>>>>>>>>>>>>>>>

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • Kamal Arjuna

    බොහොම ස්තූතියි
    තව එකක් ඉක්මනින්ම දෙන්න.
    ජය වේවා!

    Reply
  • chandima amarasinghe

    niyamai thaz…

    Reply
  • නලින්

    ස්තුතියි රනිල් සහෝ! ‍‍ගොඩක් මහාන්සිවෙලා තියෙනවා!

    ජය වේවා!

    Reply
  • පුබුදු

    thank u……………..

    Reply
  • thank u n wish u all the best for ur exams………!!!

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thank kollo.a/l hodata liyanne.gd luk

    Reply
  • නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි වෙච්ච මහන්සියට.
    තව එකක් ඉක්මනින්ම දෙන්න.
    ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    හිතුනොත් බලනවා සහෝ
    එල ඈ…..
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • elazzzzzzzzzzz………..subata thanks RANIL saho.saho mekata sahenna mahansiwela ne.thank u soooo much.KEEP IT UP.jaya wewa…………

    Reply
  • Aditha Praween

    නියමයි !
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • SaDuN dAnUsHkA

    එල එල……..
    ඔන්න බෑව…
    ඔයාට බොහොම ස්තුතිවන්ත වෙනව………

    Reply
  • Thanku wewa saho sub 1ta…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *