Watch Trailer

Game of Thrones [S4E10 – The Children] (18+)| නව බලාපොරොත්තු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් අහම්බෙන් වගේ බාරගත්ත මේ සුපිරි කතා මාලාවේ හතර වෙනි අදියරේ අවසාන කොටසයි මේ අරගෙන ආවේ. ඒත් මේ කතා මාලාව අදියර 7 ක් ගෙනියන්න මුලින් තීරණයක් අරගත්ත බව තමා ආරංචිය. ඉන් අදියර 6 ක් මේ වෙද්දිත් තහවුරු කරල අවසානයි. ඒ කියන්නේ ඉතින් ලබන අවුරුද්දෙ විතරක් නෙවෙයි ඊළඟ අවුරුද්දටත් මේක…

game of thrones all men must die

කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් අහම්බෙන් වගේ බාරගත්ත මේ සුපිරි කතා මාලාවේ හතර වෙනි අදියරේ අවසාන කොටසයි මේ අරගෙන ආවේ. ඒත් මේ කතා මාලාව අදියර 7 ක් ගෙනියන්න මුලින් තීරණයක් අරගත්ත බව තමා ආරංචිය. ඉන් අදියර 6 ක් මේ වෙද්දිත් තහවුරු කරල අවසානයි. ඒ කියන්නේ ඉතින් ලබන අවුරුද්දෙ විතරක් නෙවෙයි ඊළඟ අවුරුද්දටත් මේක දික් වෙලා කියන එකනේ.

මුලින්ම මේක බාරගත්ත සහෝට බෑ කිව්ව හින්දා තමා මම ඉදිරිපත් වුණේ. ඒ වගේම මේ කතා මාලාවට ආවේණික වෙනමම ඉතිහාස කතාවක් තියෙන නිසාම මම නිකන්ම වෙච්ච දේ විතරක් කියලා ඉන්නෙ නැතුව ඉතිහාසයත් ටිකක් කිව්වා කතාව හොඳට තේරුම් ගන්න හින්දා. මම හිතනවා මම සාර්ථක වුණා කියලා. කමෙන්ට් ඉල්ලන්නෙ නැතුව වුණත් කමෙන්ට් 100 පනින දවස් වගේම 100ට කිට්ටු වෙන අවස්ථාත් තිබුණා. ඉතින් ඊළඟ අදියර මම නැතත් බයිස්කෝප් අඩවියේ කවුරු හරි උපසිරසි අනිවා ලබා දෙයි. ඒ සඳහා වඩාත්ම ගැලපෙන දෙතුන් දෙනෙක්වත් මම පෙන්වන්නම්කෝ.

හොඳයි වෙනද වගේම අපි මතක් කරගම්මු පහුගිය කොටස. පහුගිය කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුණේ එක් ස්ථානයකට හා එක රැයකටයි. ඒ වගේම ඒ තමා ප්‍රාකාරයට හා එයට එල්ල වෙන ප්‍රහාරය පෙන්වන්නයි. කතාව ගලායන විධිය අනුව මේ කොට ආදිපාදට මරණ දණ්ඩනය ලැබුණ දා රාත්‍රියයි.

ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ සිදුවෙච්ච දෙවල් ඉතින් ආපහු කියන්න ඕනා නෑනේ. සර් ඇලිසර් ට ජෝන්ව මරවන්න ක්‍රස්ටර්ස් කීප් යවන්න කියලා උපදෙස් දුන්න ස්ලින්ට් පණ බයේ ගිලී ව ආරක්ෂා සහිතව තිබ්බ කාමරයටම ගිහින් හැංගෙන්න වුණා. සර් ඇලිසර් පිළිගන්නවා ඔහුට ජෝන්ගේ ඉල්ලීම ඉටු කරන්න තිබ්බ බවත්. යුද්දෙ කරගෙන යනකොට පහළට එන ඇලිසර්ට තුවාල වීම නිසා පහළට එන ජෝන් ව මරන්න යිග්‍රීට තිබ්බ අවස්ථාව ඇය පැකිලුණ නිසා ඇයත් අන්තිමේ මැරුම් කෑවා ජෝන්ගේ අත් මතම. කොහොමින් කොහොම හරි අවසානයේ ජෝන් තීරණය කරනවා මේ වනචාරි හමුදාව එකතු කරන්න නායකත්වය දෙන ප්‍රාකාරයෙන් එහා රජු වෙච්ච මෑන්ස්ව මරලා දාන්න එහාට යන්න. ඔහු ඒ වෙලාවෙදි සෑම්ට දෙන කඩුව තමා ඩැනේරිස් 8 වෙනි කොටසෙදි නෙරපපු ජෝරා මෝමන්ට් ගේ පියා වෙච්ච ජෝර් මෝමන්ට්ට පරම්පරාවෙන් ලැබුණු හා තම ජීවිතය බේරාගැනීම ගැන සතුටට පත්වෙලා ජෝන්ට කාස්ල් බ්ලැක් වලදී දීපු ලෝන්ග්ක්ලෝව් කඩුව.

හොඳයි කලින් කොටස් වල මම කියන්නම් කියලා කියපු කොටස් දෙකක් ගැන අද මම කතා කරන්න හිතුවා.

මුලින්ම කතා කරපු ඔවුන් අදහන ආගම ගැන.

මම කලින් කොටසෙදි කිව්ව වගේම ඇන්ඩල් වරුන්ගේ ආක්‍රමණයෙන් තමා Faith of the Seven කියන ආගම වෙස්ටරොස් වැසියන් වැළඳගන්නේ. හැබැයි තවමත් උතුරේ (Old Gods of the Forest) හා අයන් දූපත් වල (Drowned God) ඇරෙන්න අනික් සියලුම ප්‍රදේශ වල ප්‍රධාන ආගම තමා සත් ඇදහීම කියන්නේ.

එම ආගමට අනුව මුහුණු සතක් හෝ පෙනුම් සතක් ඇති එක් දෙවියෙක්ව ඔවුන් අදහනවා. සාමාන්‍ය භාවිතයේදී “සත් මුහුණු දෙවියන්” හෝ “සත් දෙවියන්”ලෙස හෝ “සත” ලෙසඳ හැඳින්වේ. එසේම නව දෙවියන් යන යෙදුමද භාවිතා වේ. එම සත් ආකාර නම්,

පියා: දිව්‍යමය යුක්තිය හා මළවුන්ගේ ආත්ම විනිශ්චය නිරූපණය කරයි.

මව: කරුණාව, සාමය, සාඵල්‍යය හා දරු උපත නිරූපණය කරයි. විටෙක කාන්තාවගේ ශක්තිය ලෙසද හඳුන්වයි.

කන්‍යාව: පාරිශුද්ධත්වය, ආදරය හා ලස්සන නිරූපණය කරයි.

මැහැල්ල: නුවණ හා දූරදර්ශීභාවය නිරූපණය කරයි. ඇයව ලන්තෑරුමක් ගෙන යන ආකාරයෙන් නිරූපණය වේ.

රණ ශූරයා: ශක්තිය හා යුද්ධයකදී ධෛර්යය නිරූපණය කරයි.

ආචාරියා: නිර්මාණත්වය හා ශිල්පීය නිපුණතාව නිරූපණය කරයි.

අමුත්තා: මරණය හා නොදන්නා කම නිරූපණය කරයි. එයට අයදුම් කරන්නේ කලාතුරකිනි.

මින් අමුත්තා කාන්තා හෝ පිරිමි ගණයට නොගැනෙන අතර ඒ අනුව පිරිමි ස්වරූප 3 ක් කාන්තා ස්වරූප 3 ක් හා ඒ දෙකොටසටම අයත් නොවන කොටසකින් සමන්විත වේ. මේ අනුව චිත්‍ර වල්දී පිරිමි හා කාන්තා ස්වරූප මිනිස් ආකාරයෙන් නිරූපණය වන අතර අමුත්තාගේ ස්වභාවය භයවීමක් ලෙස හෝ ඇට සැකිල්ලක් ලෙස නිරූපණය වේ.

මෙසේ අංක සත යන ඉලක්කම වෙස්ටරොස් වල ශුද්ධවූ ඉලක්කමක් විදියට තමා සැලකෙන්නේ. අලුත උපන් ළදරුවන්, ඉපිද පැය 7 ක් තුළ සත් තෙලින් ආලේප කර නම් තබනු ලබයි. එසේම දිව්‍යලෝක සතක් හා අපායන් සතක් පවතින බවද ඔවුන් විශ්වාස කරයි.

එසේම එක් දෙවියෙක් මුහුණුවර සතක් යන්න ඒත්තු ගැන්වීමට දේදුන්න හා සත් කොන් ඇති තරුව සංකේතාත්මකව භාවිතා කරනු ලබයි. සත් කොන් තාරකාව නම් ග්‍රන්ථය ඔවුන්ගේ ශුද්ධවූ ග්‍රන්ථය වේ. කොන් සතක් ඇතිව සාදන Septs නම් ගොඩනැඟිලි තුළ ඔවුන්ගේ වන්දනාමාන කටයුතු කරගෙන යනු ලබයි.

හැබැයි මෙම ආගමෙත් අනාචාරය, රාජ ඝාතනය හා අවජාතක කම ගැන නීති පනවලා තියෙනවා. ඒ වගේම සමලිංගික සේවනය පාපයක් විදියට සලකනවා කියලා තමා කියවෙන්නේ. ඒ කියන්නේ ඒක රහසේ විය යුතුයි. (මතකද මන්දා රෙන්ලි බැරැතියන් මාජරී විවාහ වුණේ අනික් අයට පේන්න. හැබැයි එයා හැසිරුණේ වෙන විදියකට.) හැබයි රොයිනාර් වැසියන් හා මිශ්‍ර වෙච්ච ඩෝන් වැසියෝ මේ සංකල්ප එච්චර තකන්නෙ නෑ. ඒ හින්දම තමා ඕබ්‍රන් මාටෙල් කුමාරයා හා එලාරියා සෑන්ඩ් විවෘතව ඒ කටයුතු වල යෙදුණේ.

හොඳයි ඊළඟට අපි බලමු නයිට්වරු ගැන.

නයිට්වරයා කියන සංකල්පය පැමිණියේ කලින් කියපු ආගම වගේම ඇන්ඩාල් සංස්කෘතියෙන්. ඒ වගේම නයිට්වර සංකල්පය සත් දෙවියන් නම් ආගම සමඟ බොහොම තදින් වෙලී පවතිනවා. එම නයිට්වරයා කියන සංකල්පය තුළ ගෞරවාන්විත රණශූරයෙක් පමණක් නොව සත් දෙවියන්ට ගෞරවාන්විතව කැපවුණු (අදහන ආකාරය එකිනෙකාට වෙනස් වුවත් ) අයෙක් යන්නද කියවෙනවා.

Faith of the Seven ආගම ප්‍රධාන ආගම නොවන උතුරේ හා අයන් දූපත් වල මෙම නයිට්පදවී ප්‍රදානය කිරීම ඉතාම විරලයි. එම නිසාම බොහොම දක්ෂ රණශූරයෙක් වුණත් නයිට් පදවි දරාසිටින්නේ අතළොස්සක් පමණයි. උදාහරණයක් විදියට නෙඩ් ස්ටාක් පවා තම පැරණි දෙවියන් අදහන බැවින් නයිට්වරයෙක් නොවෙයි. එහෙම වුණත් උතුරු වැසියන් වෙච්ච සර් රොඩ්‍රික් කසෙල්ට හා සර් ජෝරා මෝමන්ට් ට නයිට් පදවි ලැබුණා තමන් සටන් කළ ප්‍රධානීන් සත් දෙවියන් අදහන හින්දා.

ඒ වගේම වෙස්ටරොස් සත් රාජධානී වලට පිට වනචාරීන්ගෙවත්, පටු මුහුදට එහා එසොස් වලවත් සත් දෙවියන් අදහන්නෙ නැති හින්දා නයිට් පදවිය කියලා දෙයක් නෑ. හැබැයි එසොස් වලට වෙස්ටරොස් වලින් ගියපු නයිට් වරු නම් ඉන්නවා.

සාමාන්‍යයෙන් නයිට්වරයෙක් වීමට ඉතා වෙහෙසකර, කාලාන්තරක් ගතවෙන පුහුණුවක් ලැබිය යුතු වෙනවා. එසේ පුහුණුවන අයව හඳුන්වන්නේ Squire හෙවත් සහචරයා හෝ අතවැසියා යන නාමයෙන්. ඔවුන්ට තම ස්වාමීන්ගේ පලිහ, ආයුධ, අශ්වයන් බලාගැනීම හා සටනකට සුදානම් කිරීම හා පණිවිඩ රැගන යෑම් වැනි දේවල් කරන්න වෙනවා. ජේමි ලැනිස්ටර් වල වතාවක් බැරිස්ටන් සෙල්මිගේ අත වැසියෙක් විදියට ඉඳලා තියෙනවා.

හැබැයි සාමාන්‍ය අයට මේ නයිට් පදවි ලබා ගැනීම අසීරුයි වගේම නයිට්වරයෙක්ගේ දරුවන්ට පවා නිකන්ම නයිට් පදවිය ලැබෙන්නෙ නෑ. ඊට පුහුණු විය යුතුයි. හැබැයි යුද කාල වල බොහොම හොඳින් සටන් කරන සාමාන්‍ය අයට පවා නයිට් පදවි ප්‍රධාන කර තිබෙනවා. උදාහරණ විදියට රොබට් රජුගේ කැරැල්ල වෙලාවෙදි තම බලකොටුවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්ටැනිස් බැරැතියන් විසින් ඩාවෝස් සීවර්ත්ව නයිට් පදවියට පත් කළා වගේම සාමාන්‍ය කුලී හේවායෙක් වෙච්ච බ්‍රොන්ව බ්ලැක්වෝටර් සටනෙන් පස්සෙ කොට ආදිපාද විසින් නයිට් පදවියකට පත් කළා මතක ඇති.

යුද සමයන් වල බොහොම වටිනා සම්පතක් වෙන නයිට් වරු සාමකාමී කාල වල ක්‍රීඩා තරඟ වැඩි ද්වන්ද සටන් වලට යොමුවෙනවා. මතක ඇතිනේ අර අශ්වයන් පිට නැගලා ලී වලින් හදපු දිගටි හෙල්ල දෙකකුත් අරගෙන කරන සෙල්ලම. මුදල් ත්‍යාග, තත්වය, කීර්තිය වගේම ක්ලේගන් වගේ අයනම් ප්‍රචණ්ඩත්වයට තියන ආශාව නිසාම මේ තරඟ වලට සහභාගී වෙනවා.

වංශවත් පවුල්වලින් නොපැමිණි අයක් වුණත් නයිට් පදවියකින් පිදුම් ලැබුවාට පස්සෙ තමුන්ගේම පරපුරක් නැත්තම් වංශයක් පවත්වාගෙන යන්න අවසර ලැබෙනවා.

අවුරුදු 300 කට කලින් ටාගේරියෙන් විජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි ටාගේරියන් රජතුමා වෙච්ච ඒගොන් රජතුමා විසින් හොඳම හා අති දක්ෂ නයිට්වරු සත් දෙනාව කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශය විදියට වෙනම කොටසක් බවට පත් කරනවා. හැබැයි මේ අයට නයිට්ස්වොච් ආරක්ෂකයන්ට වගේම ජීවිත කාලෙ පුරාම ඉඩ කඩම් තියාගන්න හෝ පවුල් වෙලා දරු පරපුරක් ගෙනියන්න තහනම්. ඔවුන් සත් දෙනාගෙන් එක් අයෙක් ඔවුන්ගේ ප්‍රධානියා ලෙස පත් වෙන අතර සාමාන්‍ය තත්ව යටතේ රජු සමඟ කුඩා කවුන්සිලයේ අසුන් ගන්නවා.

කලින් හිටපු මේ අය ගැන කෙටියෙන් කියනවනම්,

පිස්සු රජ හෙවත් දෙවන ඒරිස් ටාගේරියන් යටතේ:

ප්‍රධානියා සර් ජෙරෝල්ඩ් හයිටවර්. (රොබට් රජුගේ කැරැල්ලෙදි නෙඩ් ස්ටාක් ගේ හමුදා අතින් රතු කඳු මතදී මියගියා.)

සර් ආතර් ඩයින්, සර් ජෙරෝල්ඩ් සමඟ මිය යන ලදී.
සර් ඔස්වෙල් වෙන්ට්, සර් ජෙරෝල්ඩ් සමඟ මිය යන ලදී.
තව දෙදෙනෙක් එම කැරැල්ලේදීම හා සර් ග්වයින් ගවුන්ට් ඊට කලින් මිය යන ලදී.
සර් ජේමි ලැනිස්ටර්, පිස්සු රජාව මරා දමන ලදී.
සර් බැරිස්ටන් සෙල්මි.

රොබට් බැරැතියන් රජු යටතේ:

ප්‍රධානියා සර් බැරිස්ටන් සෙල්මි.

සර් ජේමි ලැනිස්ටර්.
සර් බෝරෝස් බ්ලොවුන්ට්.
සර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්.
සර් මැන්ඩොන් මූර්.
සර් ඒරිස් ඕක්හාට්.
සර් මේරින් ට්‍රාන්ට්.

ජොෆ්‍රි රජු යටතේ බ්ලැක්වෝටර් සටන තෙක්,

ප්‍රධානියා සර් ජේමි ලැනිස්ටර්.

සර් බෝරෝස් බ්ලොවුන්ට්.
සර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්.
සර් මැන්ඩොන් මූර්. (සටන් කරන ගමන් තමුන්ගේ පැත්තේ කොට ආදිපාදව මරන්න ගිහින් පොඩ්‍රික් අතින් මැරුම් කන්නේ මෙයා තමා.)
සර් ඒරිස් ඕක්හාට්. සර්සිගේ දුව වෙච්ච මයිසෙලා ව ඩෝන් වෙත යවන කොට ඇය සමඟ ආරක්ෂාවට යවා ඇත.
සර් මේරින් ට්‍රාන්ට්.
සැන්ඩෝර් ක්ලේගන්. (සටනෙන් පස්සෙ ආර්යා එක්ක රාජ සේවයෙන් පැනයන කෙනා.)

ජොෆ්‍රි රජු යටතේ බ්ලැක්වෝටර් සටනෙන් පසු.

ප්‍රධානියා සර් ජේමි ලැනිස්ටර්.

සර් බෝරෝස් බ්ලොවුන්ට්.
සර් මේරින් ට්‍රාන්ට්.
සර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්.
සර් ඒරිස් ඕක්හාට්. තවමත් ඩෝන් හී සිටී.
සර් බේලන් ස්වෝන්.

එක් ස්ථානයක් හිස්ව පවතී. එම තනතුරට ටයිරෙල් වංශයේ එකම උරුමකරු වූ ලෝරස් ටයිරෙල්ව පත්කොට ටයිරෙල් වංශය නිමකරන බවට ටයිවින් ලැනිස්ටර් ඔලෙන්නා හට තර්ජනය කළමුත් එය සිදුනොවීය.

මේ වගේම මකර මව වෙන ඩැනේරිස්ටත් වෙනම ආරක්ෂක කණ්ඩායමක් සිටිනවා.

එහෙනම් ඔය ඇති ඉතිහාස කතා. මෑන්ස් රයිඩර්ව මරන්න යන ජෝන් ට මොනා වෙයිද, කොට ආදිපාදගේ මරණ තීන්දුවෙන් පස්සෙ වෙන්නෙ මොනාද, ඊළඟට මැරෙන චරිතය/චරිත කවුද? ඒ ගැන එහෙනම් අද කොටසෙන් බලන්න. වෙනදා වගේම මෙන්න තරිඳු සහෝගේ විඩියෝ ටිකත් තියෙනවා.

ප.ලි.
තව ටිකෙන් අමතක වෙනවා. පස්වෙනි අදියරට මට උපසිරසි දෙන්න බැරිවුණොත් මම නම් කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ආසිරිගෙන් උපසිරසි ඉල්ලගන්න කියලයි. දැක්කනේ කලින් වතාවේ කමෙන්ට් එක. මටත් වඩා එහාට ගිහින් කරුණු හොයලා සෑහෙන සාරවත් කමෙන්ට් එකක් දාලා. ඒ වගේම තවත් මේ වැඩේට සුදුසුකම් තියෙන අය විදියට සිරාජ් හා විමාව මම යෝජනා කරනවා. GOT වෙනුවෙන් මුන් තුන් දෙනා මරාගෙන මැරෙන්න වුණත් සූදානම් බව ඔප්පු කරන සටන් කීපයක්ම මූණූ පොතේ පහුගිය දවස් වල ඇතිවුණා. අනිවා ඔන්න එහෙනම් මම සමුගන්නේ අලුත් බලාපොරොත්තුවක් දීලයි. එහෙනම් මම ගියා. Arrivederci…..319

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

64,829 downloadsDownload GOT.S04.E10.Sinhala.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       5 th Season >>

Subtitles

64,829 downloadsDownload Subtitles77 KB

151 comments

  1. Heshan

    thanks saho

  2. සුළැඟිල්ලා

    මං එක.. :D

    1. සුළැඟිල්ලා

      අපොයි නෑ දෙක

    2. nipunaloka12

      Tnx saho aaa patta sub tika ❤❤

  3. Kavindu

    Tnxxxxxxxxxxxxxxx Roily Ayya....... Very Fast ah......................

  4. piyumals

    thanks machoo...

  5. vidura sasalanka

    තෑන්කූ කොලා
    මේක එනකල් ඇගිලි ගැන ගැන හිටියේ

  6. දසුන් සුචරිත

    පාෙඩ් ඒක ඉස්ෙස්ල්ලා දිපියා්ෙ

  7. විමුක්ති

    thanks mco........!

  8. Lakshyan

    හම්මේ!! :D උදේ ඉඳන් බලන් හිටියේ! thanx bro!

  9. Neranji Sulakkana

    බාගෙන ඉන්නෙ බලන්නෙ නැතුව... අදින් ඉවර වෙන එක දරාගන්ට බෑ අප්පා

  10. Ash

    pattama pattaiiiiii. Jaya wewaaaaaaaaaaaaaa....!!!!!!!

  11. dev

    බොහොම ස්තුති සහො....
    තවත් වටින හොද ලිපියක්.....
    කතාව ඉවරයි නේද..... :(
    ගොඩක් අසාවෙන් බැලුව තවත් කතාවක්...
    වැඩි වැඩියෙන් සබ් දාන්න දිරිය ශක්තිය ලැබෙවා......

  12. Era

    thanks machan..

  13. chaminda

    niyamaai bro tanx hamadama balanawa ,,,,,,,,,,,jaya wewa

  14. nadun hemachandra

    thankx aiyaaa.. anit season tikath oyama kala nam neda hoda???
    subtitle ikmanatama dena kena tamai oya..
    so..
    api asai oyama anit season tikat kranwanam..
    jaya wewaaaaaaa

  15. duminda

    niyamai aaa bala genamai unne

  16. Sisira Hegoda

    Thanks.

  17. buddhika

    Ela Ela niyamai aaa

  18. R.D

    මොකද මේ ඔක්කොටම ටටා බායි කියන්ඩ හදන්නේ රොයිලි අයියා .................?????????

  19. නිරෝෂ්

    ගොඩක් ස්තුතියි රොයිලි..ජයෙන් ජය ! :)

  20. Ravi

    Thanks bro!!!

  21. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  22. Niva

    pattaaaaaaaaa. thama pod 1ta seeds la nane! api ithin duppath kollo,lo0ku ewa banna amarui.
    thanks sub 1ta.

    1. chana

      ow seed neeee :(

  23. Sam

    thanksss sahoooo...hamadama ikmnatama sub aran awit apita dunnta,,,,jaya wewaa..

  24. nuwan

    patta machan. thank you wewaaa............!
    labana awrudde season 5 aniwaren one......................!

  25. Shashika Tharanga

    Thanks

  26. Anju

    Thanks Roily Bro...Ela wedak kara...

  27. chana

    hemadama reply karanna bariunata. hemadama beluwa. godak pin..

  28. Prabhath

    Thanks machan...

    2015 wenakan balan inna wena eka thamai epa wenne

  29. Keshan Wasala

    අයියෝ .. පට්ටම කතාව :( මොනා කරන්නද ලබන අවුරුද්ද වෙනකන් හිටින්කෝ හපොයි ...
    අයියට ගොඩක් ස්තුතියි මේක අපිට දුන්නට ඇත්තම කියනවා නං මේ කතාවේ මුල ඉදන් මේ වෙනකන් තේරුම දැනගත්තේ රොයිලි අයියගේ පට්ටම ලිපි ටිකයි තරිදු අයියගේ සුපිරිම වීඩියෝ ටිකයි නිසා ... නැත්නම් මේ කතාවේ අගේ අපිට තේරෙන්නේ නෑ ඔව් :D ඔයාලගේ සිතියම් විශ්ලේසනේ අම්මපා අපේ ඉතිහාසේ සර්ට වඩා පට්ට ;)
    දැන් ඉතින් මේ අවසන් කොටස බලලා හිත හදාගන්නවා එහෙනම් අයියේ ඔයාගේ කාලය අපි වෙනුවෙන් වැය කරාට පිං සිද්ද වෙනවා .. පුළුවන් නම් වෙනත් කතාවක් අරන් එන්න .. දැන් The 100 එකත් නැති එකේ :D එහෙනම් ගොඩක් ස්තුතියි මෙන්න බානවා :D

  30. Kobin

    thnx saho........

  31. chandima

    ස්තුති!!!!!

  32. Tharindu

    thank you very much saho...

  33. Mahesh

    thanx sahooo sub ekata

  34. “චූටී මල්ලි”

    නෑ නෑ මචන්
    උබම තමා මේකෙ ඊලග සීසන්
    එකටත් සබ් කරන්න ඔනි
    ඒක උබ ඔප්පු කරලා ඉවරයි
    දැන් දෙන්න දෙයක් නැති එකෙ
    හොද ටීවී සිරියස් එකක්වත් දෙන්න
    ඔය මමත් පහුග්ය දවස් ටිකෙ ඉල්ලුවෙ එකක්
    අනික හොද දෙයක් කරාම කමෙන්ට් ඉල්ලන්න ඔනි නෑ
    නිකන්ම වැටෙනවා කියන එකත් ඔප්පු උනා
    හෙහ් එල එල එහෙනම්
    සබට තුති
    ඔබට ජය................

  35. abc

    ela

  36. Thilina

    thank you ayya...

  37. akalanka

    tanks machan sub ekata ilaga season ekatat ubama dapan bro

  38. chandana

    ගොඩක් ස්තූතියි

  39. යශෝධ

    අනිවා ඊලඟ අදියරත් බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන්ම තමයි අයියේ. බොහෝම ස්තූතියි උපසිරසට.. බාගත්තා එපිය. මෙතෙක් දවසක් ඉතාම අගේට ලිපි සකස් කරලා මේ කතාමාලාව විස්තර කළාට වෙනම ස්තූති කරන්න ඕන. එහෙනම් වෙනදා වගේම ජයම වේවා...! එලස්ස්ස්......

  40. Chintha

    Patta macho!!! thanx ikmantama sub dunnata.... :D :D (y)

  41. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මුලින්ම ඉස්තුති කරනවා රොයිලි අයියට..
    මොකද ඊළඟ අදියරේ ඉඳලා මේ සුපිරි කතාව මට කරන්න බාර දීම සම්බන්දව..(විමා, සිරාජ්..සොරි තමා උඹලට..මටයි මුලින්ම ඔෆර් එක හම්බුනේ)
    ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මම මේකේ සබ් එක කරද්දී (තව අවුරුද්දකට විතර පස්සේ) මේ කතාව බලන්න වෙනමම පරම්පරාවක් බිහි වේවා කියලා. මොකද උන් ටිකනම් අනිවා මගේ සබ් බලල කතාව හොඳට තේරුම් ගනිවී...
    අදනම් ඇත්තටම මේ විකාර ඇරෙන්න මට අදහසක් දාන්න දෙයක් එන්නෙම නැ(මේ කියන විකාර වලට සමාවෙන්න)
    කොහොම උනත් සිරාවටම හෙනම දුක සීන් එකක් අදින් කතාව ඉවරෙන එකනම්,
    ඔයා මේ කතාව අපිට දුන්නු විදියනම් සුපිරිම සුපිරියි..
    දන්නොනේ ඉතිං, මම මේක බලන්න ගත්තෙත් ඔයා සබ් දෙන්න පටන් ගත්තට පස්සේ කියලා..
    ඇත්තටම ඊටත් වඩා සතුටුයි ලිපි දෙක තුනකම මගේ නමත් සඳහන් කරපු එක ගැන..
    මට හිතෙන්නේ දැන් මම හෙන ෆෙමස් පොරක් කියලා..(මම දැන් ගමේ ඉන්න ඇච්චෝ පැච්චෝ ආස්සරේ කරන්නෙත් නැ, යකෝ මම දැන් සිරා ෆේමස් පොරක් නේ) වැඩේ කියන්නේ උන් නම් දන්නේ නැ මම මොකෝ මේ දැන් ගණන් උස්සන්නේ කියලා.

    කොහොම උනත් අද කොටස එනකම් තමයි ඉවසිල්ලක් නැතිව උන්නේ, ඒත් අද කොටස බලන්න තරම් ලෝබ කමක් කවදාවත් ඇති වෙලත් නැ..
    ඉතිං රොයිලි අයියේ බොහොම බොහොම බොහොම ස්තුතියි අපිට මේ කතාව තේරෙන විදියට අරගෙන ආවට..
    ඊළඟ අදියරත් ඉතිං ඔයා කරන බව සහතිකයි, නැත්නම් ඉතිං කොල්ලෝ සෙට් එකක් ඉතාලි බැහැල ඉඳියි හොඳේ.

    එහෙනම්, අපි ගියා..
    ජය වේවා..

    හෝව් හෝව්..තව පුංචි දේවල් ටිකක් හොයා ගත්තා, ඒකත් කියලම යන්නම්...

    01. අපේ නපුරු පුංචි රජාට රඟපෑව ජෝෆ්රි ආයේ රඟපාන්නේ නෑ කියලා තීරණය කරලලු.
    02. Doctor Who කියන කතාවේ ඉන්න නිලියක් වන "ජෙනා ලුයිස් කෝල්මන්" එක්ක රොබ් ස්ටාර්ක් යාලුයිලු.
    03. තියොන් ග්‍රේජෝයි කියන්නේ ගායිකාවක් වන "ලිලි ඇලන්ගේ" සහෝදරයෙක්ලු.
    04. අපේ මැරුණු රොබට් බැරතියන් Full Monty කියන ෆිල්ම් එකේ කොමඩි චරිතයක් රඟපෑවාලු.
    05. සර් ඉලින් පෙන් කියන පොර සුපිරි ගිටාර් වාදකයෙක්ලු.
    06. අපේ ජේමි ලැනිස්ටර් ඇවිල්ලා සුපිරි කෝකියෙක්ලු.
    07. ජෝන් ස්නොව් සහ යිග්‍රීට් සැබෑ ජීවිතෙත් පෙම්වතුන්ලු.
    08. අපේ නෙඩ් ස්ටාක් අධ්‍යක්ෂකගේ මුල්ම තේරීමක් ලු ඒ චරිතයට.
    09. අපේ නෙඩ් ස්ටාක් දිවා ආහාර වෙලේදී සර්සිගේ සැන්ඩ්විච් එකක් උස්සන්න ට්‍රයි එකක් දීලලු රඟපාන අතරතුර.
    10. මේකේ රඟපාන ගොඩාක් අය ගේම් ඔෆ් ත්රෝන් පොත කියවල නැහැ ලු.
    11. අපේ ආර්යාගේ අම්මා එයාට ගේම් ඔෆ් ත්රෝන් පොත කියවන්න දෙන්නේ නෑලු, ඒ පොත පොඩි ළමයින්ට හොඳ නැති නිසා.
    12. අපි හිතනවටත් වඩා බ්‍රියන්නේ උසයිලු.
    13. සර්සිගේ චරිතේ රඟපාන කෙනා ඒ තරම් පෝසත් නැහැ ලු.
    14. අපේ හෝඩෝර් හාදය ඩි ජේ කරන පොරක්ලු.
    15. මුලින්ම ඉඳලා තියෙන්නේ ගේම් ඔෆ් ත්රෝන් ෆිල්ම් එකක් කරන්නලු.
    16. හැරී පොටර් ෆිල්ම් එකේ හර්මයිනිගේ අම්මගේ චරිතෙට හිටියේ කැටලින් ස්ටාක් ලු.
    17. බ්‍රෝන් හාදයා පොප් ගායකයෙක්ලු.
    18. මේ කතාවේ රඟපාන ගොඩක් නිලියෝ පෝර්න් අක්ට්‍රෙස් ලා ලු..(මේකත් සර්ච් කරලා බලපල්ලා..)
    19. දැන් විකාශය වෙන හරිය "A Song of Ice and Fire" පොතේ හරිය ලු.
    20.. නිෂ්පාදක වරුන් දන්නවලු කතාවේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන. මොකද 2013 සැප්තැම්බර් 13 වෙනිදා "A Song of Ice and Fire," පොත ලියන ජෝර්ජ් ආර් ආර් මාර්ටින්ට වයස 65 ලැබුවලු. ඉතිං වාර්තා වලට අනුව පොර කතාවේ නිෂ්පාදකවරුන් වෙන ඩි බි වෙයිස් ට සහ ඩේවිඩ් බෙනොෆ් හට ඉස්සරහදි කතාවේ චරිත වලට වෙන දේවල් ගැන කියලලු. එහෙම කරලා තියෙන්නේ, පොත ලියලා ඉවරවෙන්න කලින් මාර්ටින් කාරය මැරුනොත් එහෙම කියලා බයටලු.

    ඔන්න ඉතිං, පිස්සෝ ඉන්නවනම් මේ උඩින් ලියපු විකාර ටිකක්ත් කියවහල්ලා..
    ඒකනේවි, කලින් කොටහේ මම කිව්ව එක සර්ච් කොරලා බැලුවයි බොලාලා..
    අර මේකෙම නරක ෆිල්ම් එකක් තියේ කිව්වේ මම "ගේම් ඔෆ් බොන්ස්" කියලා.
    ඔන්න මමනම් ඒක ගැන සර්ච් කරලා බැලුවෙත් නැහැ, ඒ නමින් ටොරන්ට් එහෙම ඇත්තෙත් නැහැ, ඒ නමින් තියෙන සමහර ටොරන්ට් වැඩ කරන්නෙත් නැහැ, වැඩකරන ටොරන්ට් ඇත්තෙත් නැහැ, වැඩ කරන ටොරනට් මම ඩවුන්ලෝඩ් කලෙත් නැහැ, සීඩ් එහෙම නැති උනාට බෑවෙද්දී ස්ලෝව්ත් නැහැ, ඩවුන්ලෝඩ් කරලා බැලුවෙත් නැහැ, බලන්න තරම් දේකුත් නැහැ බං,
    අනික එකේ සරසි, මාජරි, කලීසි වගේ අය හිටියෙත් නැහැ.. ඒ වගේම ගේම් ඔෆ් ත්රෝන් කතාවට ඒක හෙන කැළලක්, ඒ නිසා එක පාරක් බලල ඩිලීට් කළා...

    එහෙනම්, මේ කමෙන්ට් සෙල්ලමත් අදින් ඉවරයි...
    රොයිලි අයියා හිතනවා ඇති මම වගේ විකාර දොඩවන්නෙක් කියලා..
    මොනා කරන්නද ඉතිං, ඔයා වගේ ලිවීමේ දක්ෂයෝ නෙවි නොවැ අපි..
    එහෙනම් ආයෙත් සැරයක් බොහොම ස්තුතියි කියලා අපි යන්න යනවා..
    ජය වේවා...
    අනේ අදනම් කවුරුවත් මැරෙන්න එපා...

    1. Gayan

      Ela :D

    2. Sami

      Hikz .. Ela machn :D :D

    3. nimz

      man nrml mewa kiyawan na. hoda welwta ube 1 kiyewwe. natnam aparade ara film 1th miss wenwa. thnks bro...

    4. Athu

      hikzz ubatanam sirawatama pissu

  42. pathum

    Thanks machan..!!

  43. tharindu

    thanks machan

  44. Hasitha

    oya GAME OF THRONES nangala gaththa.
    dan me kathawe next season eka enakan iwasillak ne.

    season 04 eka purawata karapu hamadeyakatama thanX.

  45. jzone

    thanxxxxxxxxxxxxxxxxxxxxx machn

  46. Sajee

    thanks :)

  47. Navin

    Thanks...

  48. හර්ෂ ලහිරු

    :P :P බොහොම ස්තුතියි රොයිලි සහො :D ජයවේවා :P :P

  49. harsha

    මුල ඉඳලම මේ කතාව බැලුවත් ඒක පිස්සු කොර වෙන තත්වයකට ගෙනාවේ ඔයාගේ ලිපි ටිකයි තරිඳුගේ වීඩියෝ ටිකයි තමයි. ඒත් ඉතින් දැන් ඒකත් ඉවරයි නේ. එහෙනම් ඔන්න ගත්තා ස්තූතියි. සුබ ගමන් රොයිලි

  50. charitha

    ඉක්මනින්ම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.ඉතුරු ටිකත් එනකන් බලාගෙන ඉන්නේ.මේ කතාව ගැන හොද අවබෝධයක් දීල කතාව නග්ගල ගත්ත එක නම් නියමයි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.