Watch Trailer

Game of Thrones [S5E09 – The Dance of Dragons] (18+) | තාත්තේ ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දැන් අවසාන කොටසට පෙර කොටසටත් අපි ආවා. වැඩිවෙලාවක් නොගෙන අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… බ්‍රාවෝස් වල ආර්යාගේ පුහුණුව දැන් වෙන ආකාරයකට වෙනවා. දැන් ඇය කාවාටි වෙළෙන්දියක්. ඇයව ජැකෙන් හාගාර් විසින් යවනවා වරායේ ඉන්න මිනිහෙක් ගැන ඔත්තු බලන්න. ඔහු කළ යුතු ගෙවීමක් පැහැර හරි පවුලක්…

GoT5New2

එහෙනම් දැන් අවසාන කොටසට පෙර කොටසටත් අපි ආවා. වැඩිවෙලාවක් නොගෙන අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු.

පටු මුහුදෙන් එහා…

බ්‍රාවෝස් වල ආර්යාගේ පුහුණුව දැන් වෙන ආකාරයකට වෙනවා. දැන් ඇය කාවාටි වෙළෙන්දියක්. ඇයව ජැකෙන් හාගාර් විසින් යවනවා වරායේ ඉන්න මිනිහෙක් ගැන ඔත්තු බලන්න. ඔහු කළ යුතු ගෙවීමක් පැහැර හරි පවුලක් විසින් මුහුණු නැති අයව අරගෙන තියෙනවා ඔහුට පාඩමක් උගන්වන්න. ඉතින් ජැකෙන් හගාර් කියනවා ආර්යට විෂ දෙන්න කලින් ඔහු ගැන හැමදෙයක්ම දැනගන්න කියලා.

මෙරීන් වලදි ඩැනේරිස් ඉස්සරහට එන ජෝරා හා කොට ආදිපාද දෙන්නගෙන් ට්රියන්ට ඇයගේ උපදේශකයෙක් විදියට පත්කරගන්නවා. හැබැයි ඔහුගේම උපදෙස් පිට ජෝරාව නගරයෙන් එළියට එලවනවා. ආපහු ජෝරා තමාව මිලදී ගත් හාම්පුතා ළඟට ගිහින් ඔහුගේ සටන් කරුවෙක් වෙන්න ඉල්ලනවා. ඇය වෙස්ටරොස් සිංහාසනයේ ගැන තියෙන තම අරමුණුත් කොට ආදිපාදට හෙලි කරනවා.

කිංග්ස් ලෑන්ඩින් වල…

හිර කරල ඉන්න සර්සිට වැරදි පිළිගන්න කිව්වට තාම නම් ඇය ඒකට කැමති නෑ. ඒ වගේ කයිබර්න් කියනවා දැන් සුළු කවුන්සිලයේ බලය පයිසෙල් විසින් අරගෙන, ඇයගේ මාමා වූ කෙවන් ලැනිස්ටර්ට පුරෝහිත තනතුර දීලා කියලා. ඒ වගේම තවත් ඔහු කියනවා, විෂ හෙලි පාර කාපු ක්ලේගන් ගේ ශරීරයේ වැඩ කටයුතු තාමත් සිද්ධවෙනවා කියලා.

වින්ටර්ෆෙල් වල…

සන්සා රිකොන් හෙවත් තියෝන්ගෙන් කොහොමහරි එළිකරගන්නවා තම මල්ලිලා දෙන්න තාම පණපිටින් කියලා. මේ අතර රැම්සි බෝල්ටන්ගෙන් ඉල්ලනවා ස්ටැනිස්ගේ හමුදාවට රහසේ පහර දෙන්න යෑමට මිනිස්සු 20 ක් ව.

ප්‍රාකාරයේදී…

සෑම් විසින් ඔලීට පහදල දෙනවා ජෝන් ගත්ත අමාරු තීරණය ගැන. හැබැයි එහෙ නම් දැන් තත්වය එච්චරම හොඳ නෑ වගේ.

හාඩෝම් වල…

හාඩෝම් වලට එන ජෝන්, ටෝමුන්ඩ් ඇතුළු පිරිස කොහොමහරි අමාරුවෙන් සමත් වෙනවා නිදහස් වැසියන් කණ්ඩායමක්ව හාඩෝම් වලින් පිට කරගන්න. ඒක කර කර ඉන්න ගමන් ධවල ඇවිදින්නන් පහර දෙනවා. මුලින්ම එන්නේ සොම්බින් බවට පත්වෙච්ච අයයි. කොහොමහරි එතෙන්දි ජෝන් ස්නෝව්ගේ වැලේරියානු කඩුවෙන් එක ධවල ඇවිදින්නෙක්ව මරල දාන්න සමත් වෙනවා. හැබැයි කොහොමහරි අන්තිමේ ජෝන් එතනින් පැනගද්දි දකිනවා ධවල ඇවිදින්නන්ගේ නායකයා එදින මිය ගිය අයව සොම්බි බවට පත්කරන හැටි.

———-

හොඳයි මම ගිය සතියෙ කිව්ව වගේ දැන් අපිට බලන තියෙන්නේ, බොහොම රසවත් හා විස්තර වලින් පිරුණු රොබට් බැරැතියන්ගේ කැරැල්ලයි. මේක වෙස්ටරොස් වල ඉතිහාසයේ ප්‍රමුඛතම සිදුවීමක් මෙන්ම අපි නිතර නිතර කතා කරපු හා වෙනත් කාරණා වලදී නිතරම ඇදිල ආව සටනක්. මේ සිද්ධිය වෙන්නේ රූපවාහිනී කතා මාලාවේ පළමු කොටස පටන් ගන්න හරියටම අවුරුදු 17 කට විතර කලිනුයි. ඉතින් ඔන්න මේ සටනේ වෙච්ච සිදුවීම් ටික එකින් එක බලමු එහෙනම්.

Robert’s Rebellion

300- Robert's_RebellionRobert’s Rebellion හෙවත් රොබට්ගේ කැරැල්ල කියන්නෙ වෙස්ටරොස් වල ඉතිහාසයේ ප්‍රමුඛතම සිදුවීමක් මෙන්ම අපි නිතර නිතර කතා කරපු හා වෙනත් කාරණා වලදී නිතරම ඇදිල ආව සටනක්. ඉතින් ඔන්න මේ වෙලාවෙ අපි හරියට වෙච්ච සිදුවීම් ටික එකින් එක බලමු. මේ සිද්ධිය වෙන්නේ රූපවාහිනී කතා මාලාවේ පළමු කොටස පටන් ගන්න හරියටම අවුරුදු 17 කට විතර කලිනුයි. එනම් 280 AL හිදීයි. හොඳයි අපි මුලින්ම කැරැල්ලට මඟ පෑදිච්ච හැටි ගැන බලමු.

280 AL පිස්සු රජු හා ඔහුගේ පුතා වෙච්ච රේගාර් තරඟාවලියකට යනවා. (නයිට්වරු තරඟ කරන එකක් අපි දැක්කා මතක ඇතිනේ S01 එකේදී) මේක ජයග්‍රහණය කරන රේගාර් තම බිරිඳ වෙනුවට ස්ටාක් පවුලේ සුරූපි දියණියක් වෙච්ච ලියෙන්නා ස්ටාක්ව (නෙඩ් ස්ටාක්ගේ සහෝදරියව) නම් කරනවා ආදරයේ හා ලස්සනේ රැජින විදියට. මෙතනදිම තමා ජේමි ලැනිස්ටර් ගේ දස්කම් දකින පිස්සු රජා ඔහුව කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශයට් බඳවගන්නෙත්. මේකට ජේමි ආඩම්බර වුණත් ටයිවින් හොඳටම උරණ වෙනවා. ඒකට හේතුව තමා කිංග්ස්ගාඩ් ආරක්ෂකයෙක්ට පවුලක් නඩත්තු කරන්න බැරි නිසා ටයිවින්ට තම නාමය ගෙනියන්න දරුවෙක්ට ඉතුරුවෙන්නෙ අපි හැමෝම දන්න කොට ආදිපාදතුමා පමණක් වීම හා කවදහරි ටයිවින් කැරැල්ලක් ගැහුවොත් පිස්සු රජා ගාව ප්‍රාණ ඇපකාරයෙක් විදියට ජේමි සිටීම. ඉතින් සර්සිගේ පලහිලව්ව කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පස්සේ ටයිවින් තම තනතුර දමලා ගහලා ආපහු කාස්ලිරොක් වෙත යනවා.

300- Abduction_of_Lyanna_Starkමින් පස්සෙ ඩෝන් වලින් මාටේල් කුමාරිකාවක් සරණ පාවා ගෙන දරුවන් දෙදෙනෙක් ඉද්දි වුණත්, ලියෙන්නාගේ ලස්සන දැකපු රේගාර් කරන්නේ ආතර් ඩේන් හා ඔස්වෙල් වීන්ට්ගේ උදව්වෙන් ඇයව පැහැර ගෙන ගිහින් හිර කරනවා. මේක බොහොම ආන්දෝලාත්මක සිදුවීමක්. මොකද මේ ලියෙන්නා කියන්නේ උතුරේ ප්‍රධානියා වෙච්ච රිකාර්ඩ් ස්ටාක්ගේ දුව. ඒ වගේම විවාහ ගිවිසගෙන ඉන්නේ ස්ටෝම්ලෑන්ඩ් ප්‍රධානියා වෙච්ච රොබට් බැරැතියන්ට.

පැහැරගෙන යෑම වෙච්ච අලුතම ඒක ආරංචි වෙනවා ඇයගේ අයියා හෙවත් උතුරේ ප්‍රධානි රිකාර්ඩ් ස්ටාක්ගේ වැඩිමහල් පුතා වෙච්ච බ්‍රැන්ඩන් ස්ටාක්ට. ඔහු ඒ වෙනවිට යමින් උන්නේ කැට්ලින් ටලීව විවාහ කරගන්න රිවරන් වලටයි. ඔහු ඒ වෙනුවට යනවා කිංග්ස් ලෑන්ඩින් වලට පිස්සු රජාගෙන් ඇයව ආපහු නිදහස් කරලා එවන්න කියලා ඉල්ලන්නයි, රේගාර්ට දඬුවම් දෙන්න කියලා බලකරන්නයි. ඔහු එහෙට ගිහින් රේගාර්ට කෑ ගහල කිව්වලු එළියට ඇවිත් මැරුම් කාපන් කියලා. හැබැයි රේගාර් එතන ඒ වෙලාවෙ උන්නෙ නෑ. ඉතින් පිස්සු රජා කරන්නේ බ්‍රැන්ඩන් ස්ටාක්ව අල්ලලා ද්‍රෝහීවීමේ චෝදනාවට හිර කරන එකයි. ඊට පස්සෙ ඔහුව නිදහස් කරන්න නම් ඔහුගේ පියා වෙච්ච රිකාර්ඩ් ස්ටාක්ට අගනුවරට එන්න කියනවා. ඔහු එයට අනුකූල වෙලා ආවහම පිස්සු රජා ඔහුවත් හිරකරනවා ද්‍රෝහී විමේ චෝදනාවට.

300- Aerys_Rickard_Brandonමේ වෙලාවේ තම අයිතිය පරිදි රිකාර්ඩ් ස්ටාක් මැරෙන තෙක් කරන සටනක් ඉල්ලනවා. රිකාර්ඩ් ස්ටාක් සම්පූර්ණ සන්නාහයෙන් සැරසිලා ඉන්න කොට පිස්සු රජා තමුන්ගේ නියෝජිතයා හැටියට නම් කරන්නේ ගින්නයි. ඉතින් සිංහාසන ශාලාවේදී රිකාර්ඩ් ඉන්න තැන ගිනි ගෙන ඔහුව දැවෙද්දි එතෙන්ට ගේනවා බ්‍රැන්ඩන් ස්ටාක්ව. ඔහුගේ බෙල්ලට කම්බියක් ගැට ගහලා ඔහුට කියනවා තාත්තව හැකියාව තියෙන වෙලාවේ බේරගන්න කියලා. හැබැයි ඔහුට එතෙන්ට කිට්ටු වෙන්න බැරිවිදියටයි ගැට ගහල තිබුණේ. ඉතින් ඔහු බේරගන්න උත්සහ කරද්දි ඔහුගේ හුස්ම හිරවෙලා මැරෙනවා. මේවගේ මිනිසුන්ව පණපිටින් පුච්චල පිස්සු රජා සතුටු වෙච්ච බව කියවෙනවා. ඊට පස්සෙ ඔහු ගිහින් තම බිරිඳට බලහත්කාරකම් කරලා සතුටු වෙච්ච බවත් කියවෙනවා. කොහොමහරි මේ කෲර දඬුවම හින්දා තමා පිස්සු රජාට විරුද්ධව රොබට් ගහපු කැරැල්ලට වංශාධිපතීන් එකතු වුණේ කියල කියවෙනවා.

මේ සිදුවීමෙන් පස්සෙ උතුරේ ප්‍රධානියා හා ඔහුගේ වැඩිමහල් පුතා මිය ගිය හින්දා ප්‍රධානි තනතුර ලැබෙන්නේ දෙවෙනි පුතාට. එනම් එඩාර්ඩ් නැත්තම් අපි දන්න විදියට නෙඩ් ස්ටාක්ට. මේ හින්දා පිස්සු රජා ඔහුටත් රාජ සභාවට එන්න කියල නියෝග කරනවා. මේ කියන නෙඩ් ස්ටාක් හා කලින් කිව්ව රොබට් බැරැතියන් කියන දෙන්නම පොඩිකාලේ හැදී වැඩුණේ හා ඔවුන්ට ගුරුහරු කම් දුන්නේ ඇරන් වංශයේ ජෝන් ඇරන් විසිනුයි. ඉතින් මේ ජෝන් ඇරන් මේකට විරුද්ධ වෙලා කැරැල්ල පටන් ගන්නවා. එයට නෙඩ් ස්ටාක් හා රොබට් බැරැතියන් ද එක්වෙනවා. දැන් ස්ටාක්ගේ උතුර හා ඇරන්ගේ වේල් වලට යාබද රිවර්ලෑන්ඩ් හී සහය දිනාගැනීම පිණිස විවාහයක් දෙකක් සිදුවෙනවා. දැන් උතුරේ කලින් උරුමක්කාරයා වෙච්ච බ්‍රැන්ඩන් ස්ටාක් ගේ වගකීම් නෙඩ් ගන්න කොට ඔහු විවාහ ගිවිසගෙන උන්න කැට්ලින්වත් නෙඩ් ස්ටාක්ට උරුම වෙනවා. ඉතින් ඔහු කැට්ලින් ටලීවත්, වයසින් වැඩි ජෝන් ඇරන් විසින් ළාබාල ලයිසා ටලී සමඟත් විවාහයෙන් එකමුතු වෙලා යුද්ධය පටන් ගන්නවා.

යුද්ධය මෙහෙම පටන් ගද්දි ටාගේරියන් වරුන්ගේ සහයට ටයිරෙල් වංශයත්, ඩෝන් රාජ්‍යයත් පැමිණියා. එතකොට ටයිවින්ගේ හිත් අමනාපය තියෙද්දි වුණත්, දෙගොල්ලම සහය ඉල්ලුවත් ලැනිස්ටර්වරු කිසිම පැත්තක් මුලින්ම ගත්තෙ නෑ.

දැන් යුද්ධය ගැන කියන්න කලින් ඔයාලට මේ පටන් ගත්ත අය ඉන්න තැන් ගැන පහල සිතියමේ බැලුවොත් පෙනෙයි අළු පාටින් පෙනෙන ස්ටාක්ගේ උතුරත්, නිල් පාටින් පෙනෙන ඇරන් ගේ වේල් රාජ්‍යත්, විවාහ වලින් එකමුතු වෙච්ච කොළ පාටින් පෙනන ටලී ගේ රිවර්ලෑන්ඩ් පෙදෙසත් එකට තිබ්බට,  දුඹුරු පාටින් පෙනෙන රොබට් ගේ ස්ටෝම්ලෑන්ඩ් පෙදෙස ටාගේරියන්වරුන් පාලනය කරන හා අගනුවරත්, රජුත් ඉන්න ක්‍රවුන්ලෑන්ඩ් (රෝස පාට) හා ටාගේරියන් සහයට ආව ටයිරෙල් වංශයේ රීච් වලින් (ලා කොළ පාට) හින්දා වෙන් වෙලා තියෙන බව. ඉතින් මුල්ම සටන සිදුවුණේ මේ වෙන්වෙලා තියෙන සහයෙන් අඩු කොටසේදීයි.

Regions_of_Westeros

සමර්හෝල් සටන.300- BattleOfSummerhall

300- Summerhall_Pinඇත්තටම මේක එක දවසක් තුළ සිදුවුණ සටන් තුනක් බව කියවෙනවා. ඒ සටන් තුනේම ජය ලැබුණේ රොබට් බැරැතියන්ටයි. ටාගේරියන් හිතවාදී පවුල් තුනක හමුදා එකට එකතු වෙන්න යද්දි ඒ ගැන දැනගෙන රොබට් වෙන වෙනම එම හමුදා තුනටම පහර දුන්න බව කියවෙනවා. කොහොම හරි ඔහු ඒ සටන් තුනෙන්ම ජය ගත්තා. ඊට පස්සෙ ඔහු තම සොහොයුරා වෙච්ච, අපි කවුරුත් දැන් දකින ස්ටැනිස් බැරැතියන්ට තමුන්ගේ බලකොටුව වෙච්ච ස්ටෝම් එන්ඩ් වල පාලනය පවරලා යනවා ඇෂ්ෆෝර්ඩ් සටනට. මේ සටනට යන්න එපා කියලා ස්ටැනිස්, අවවාද කළත් එය නොසලකා තමා ඔහු එම සටනට පිටත් වෙන්නේ.

ඇෂ්ෆෝඩ් සටන.

300- Battle_of_ashfordදැන් ඔන්න සමර්හෝල් සටනෙන් ලැබුව ජයග්‍රහණයත් සමඟ රොබට් විසින් ස්ටැනිස් බැරැතියන්ට තමුන්ගේ බලකොටුව වෙච්ච ස්ටෝම් එන්ඩ් වල පාලනය පවරලා යනවා ඇෂ්ෆෝර්ඩ් වලට. මේ සටනට යන්න එපා කියලා ස්ටැනිස්, අවවාද කළත් එය නොසලකා තමා ඔහු එම සටනට පිටත් වෙන්නේ. මොකද ඔහු හරි නම් කරන්න ඕනා ස්ටාක්ලා ප්‍රමුඛ උතුරෙන් හා වේල් වලින් එන විශාල හමුදාව එක්ක අත්වැල් බැඳගන්න එකයි.

300- Ashford_Pinඒත් ඔහු ඒ වෙනුවට ඉක්මන් ජයග්‍රහණයක් වෙනුවෙන් රීච් වල ඇෂ්ෆෝඩ් බලා පිටත් වෙනවා. අපි කලිනුත් කිව්ව වගේ රීච් කියන්නෙ විශාල ජනගහනය හා ධනවත් බව නිසාම අනික් හැම ප්‍රධාන පවුල් වගේ දෙගුණයක් පමණ හමුදාවක් නඩත්තු කරන්න හැකියාව තියෙන පැත්තක්. ඉතින් ඔවුන් එක්ක කෙළින්ම තනිව හැප්පෙන්න යන එක භයානකයි. ඉතින් වෙන්න ඕනා විදියටම ටයිරල් වංශයේ උප වංශයක් වෙච්ච රැන්ඩෙල් ටාර්ලි අතින් රොබට් පරදින ලකුණු පහළ වෙනවා. (මේ රැන්ඩෙල් ටාර්ලි කියන්නෙ, ප්‍රාකාරේ ඉන්න ජෝන්ගේ යාළුවා වෙච්ච බතල සෑම්ගේ තාත්තා. 6 වෙනි අදියරේ එයාව දැකගන්න පුළුවන් වෙයි.) කොහොමහරි මේ සටනට රීච් වල ප්‍රධාන පවුලෙ ප්‍රධාන හමුදාව වෙන ටයිරෙල් හමුදාව එන්න කලින් රොබට්ගේ හමුදාවෙ ඉතුරු අය පහුබහිනවා උතුරෙන් එන ස්ටාක් හමුදාවට එකතු වෙන්න.

මේ සටන තමා රොබට් පැරදෙන එකම සටන කියලා කියවෙන්නේ. මේ ප්‍රධාන ටයිරෙල් හමුදාව මෙහෙයවෙව්වේ මේස් ටයිරෙල් විසිනුයි. ඔහු තමා දැන් ටෝමන් බැඳල ඉන්න මාජරී රැජිනගේ තාත්තා. සර්සි විසින් මාජරීවයි, ලෝරල් හිර කරන්න කලින් බ්‍රාවෝස් වල බැංකුවට යැව්ව කෙනා. හැබැයි ඔයාලත් දකින්න ඇති මේ මනුස්සයා ටිකක් නෝන්ජල් පොරක් කියලා. හැබැයි මේ මේස් ටයිරෙල්ලා පම්පෝරි ගහන්නෙ නම් හරියට රොබට්ව පැරැද්දුවේ රැන්ඩෙල් ටාර්ලි නොව තමුන් බවයි. තමුන්ගෙ නමට ගෞරවය ගන්න හැදුවට ඇත්ත සිද්ධිය ඕකයි.

කොහොමහරි මේස් ටයිරෙල් හමුදාව එක්ක එද්දි, රොබට් පහු බැහැල උතුරු පැත්තට ගිය හින්දා, දැන් රොබට් ගේ බලකොටුව වෙච්ච ස්ටෝම් එන්ඩ් අනාරක්ෂිත වෙලා තියෙන්නේ. එහෙ ඉන්නෙ කුඩා හමුදාවක් එක්ක ස්ටැනිස් බැරැතියන් විතරයි. අනික පැනල ගිය රොබට් ගේ හමුදාවට යන්න වෙන්නේ ලැනිස්ටර් පාලන පෙදෙස (සිතියමේ රතුපාට) කිට්ටුවෙන් වෙන හින්දා, ටයිරෙල් හිතනවා ටයිවින් ලැනිස්ටර් රජුගේ පැත්ත අරගෙන රොබට්ට පහර දෙයි කියලා. ඉතින් පස්සෙන් එලවනවා වෙනුවට ඔහු තීරණය කරනවා රොබට්ගේ පාලන බලකොටුව ඇල්ලුවොත් ඒක රොබට්ගේ හමුදාවල චිත්ත ධෛර්යයට පහරක් වෙලා ඔවුන් සටන අත ඇරල යයි කියලා. ඉතින් ඔහු ගිහින් ස්ටැනිස්ගේ කුඩා හමුදා ඛණ්ඩයක් ඉන්න ස්ටෝම් එන්ඩ් වටලනවා. ඒ වැටලීමට මොකෝ වුණේ ඉදිරියෙදි කියන්නම්. ඒ වෙනුවට අපි දැන් බලමු රොබට්ට මොකද වෙන්නෙ කියලා.

සීනු සටන.

300- Battle_of_the_Bellsතමාගේ ස්ටෝම්ලෑන්ඩ් හා ටයිරෙල්ලගේ රීච් සීමාවෙ තිබ්බ ඇෂ්ෆෝර්ඩ් සටනෙන් පැරදෙන රොබට් පහු බැස්සනෙ උතුරට ගිහින් ස්ටාක් හමුදාවට එක්වෙන්න. හැබැයි මේ යන ගමනේ මොකක් හරි සිදුවීමක් හින්දා ඔහුට තුවාල වෙනවා. එවකට පිස්සු රජාගේ හෑන්ඩ් ඔෆ් කිංග් විදියට උන්න ජෝන් කොනින්ග්ටන් රාජකීය හමුදාවෙ කොටසකුත් අරගෙන ඔහු පස්සෙන් එනකොට, රොබට්ලා ඇවිල්ලා උන්නෙ තමාට හිතවත් ටලී වංශයේ භූමිය වෙච්ච රිවර්ලෑන්ඩ් වල Stoney Sept නම් නගරයේයි. ඔහු එහි හැංගෙනවා. ජෝන් කොනින්ග්ටන් සාමිවරයා රාජකීය හමුදාව එක්ක නගරය වට කරපු වෙලාවේ, මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න සලකුණු කරන්න දෙවොලේ සීනු නාදය කරපු හින්ද තමා සටනට මේ නම යෙදුණේ.

300- Stoney_Sept_Pinකොහොමහරි කොනින්ග්ටන්ට තිබ්බා මුළු නගරයම පුච්චල දාල ස්ටාක්ලා එන්න කලින් කැරැල්ල ඉවරයක් කරල දාන්න. හරියට ටයිවින්ල කරන්න තිබබ වගේම. හැබැයි කොනින්ග්ටන් අහිංසක මිනිස්සුන්ව නිරපරාදයේ මරා දාන්න අවශ්‍ය වුණේ නෑ වගේම, රොබට්ව මරන ගෞරව ඔහුට අයිති කරගන්නත් ඕනා වුණා. ඒ හින්දා ඔහු ගෙයින් ගෙදර පරීක්ෂා කරන්න ගත්තා. ඔන්න ඒ වෙලාවෙ ස්ටාක්-ටලී-ඇරන් ඒකාබද්ධ හමුදාව එතෙන්ට එනවා. ඉතින් කොනින්ග්ටන්ගේ හමුදාවත් ප්‍රබල ස්ටනක් දෙනවා. ඔවුන් හොස්ටර් ටලීව තුවාල කරන්නත්, ජෝන් ඇරන්ගේ ඥාතියෙක් හා ඊළඟට ඔහුගේ තනතුරේ උරුමකාරයා වෙච්ච ඩෙනිස් ඇරන්ව මරා දාන්නත් සමත් වෙනවා. මෙන්න මේ වෙලාවෙ තමා හැංගිලා උන්න රොබට් එළියට ඇවිල්ලා ප්‍රති ප්‍රහාර එන්නේ. රොබට් නම් කිව්වෙ ඔහු හැංගිල උන්නෙ දෙවොල ඇතුළෙ කියලයි. ඒත් ජෝන් කොනින්ග්ටන් නම් කිව්වෙ ඔහු හැංගිලා ඉඳල තියෙන්නේ ගණිකා මඩමක කියලයි. කොහොමහරි රොබට් විසින් රේගාර් ටාගේරියන්ගේ මිත්‍රයෙක් හා ඔහුගේ හිටපු අතවැසියෙක් වූ මයිල්ස් මූටන් මිය යනවා. අන්තිමේ ජෝන් කොනින්ග්ටන් පහුබැහැල ආපහු කිංග්ස් ලෑන්ඩින් වලට පණ බේරගෙන යන්න සමත් වෙනවා. රොබට් කොහොමහරි පැරදීමේ රැල්ල ආපහු හරවන්න සමත් වෙච්ච බව පෙනුණත්, රොබට් නම් පසුව කිව්වෙ නෙඩ් ස්ටාක් තමා සටන දින්නල දුන්නෙ කියලයි.

ජෝන් කොනින්ග්ටන් අසීරුවෙන් ගැලවිල ගියත් පිස්සු රජා නම් එයට සෑහීමකට පත්වෙලා නෑ. ඒ වෙනුවට ඔහුගේ භූමිය ඔහුගෙන් අරගෙන ඔහුව පිටුවහල් කරනවා. ඒ වුණත් පිස්සු රජා තේරුම් ගන්නවා, රොබට් ගේ කැරැල්ල තව දුරටත් සුළුවෙන් තකන්න එකක් නොවන බවත් තම ටාගේරියන් පරම්පරාවම අනතුරේ වැටෙන්න පුළුවන් එකක් බවත්.

ට්‍රයිඩන්ට් සටන.

300- Battle_of_the_Tridentසීනු සටනෙන් පස්සේ රොබට් ඇතුළු සම්පූර්ණ කැරලි හමුදාව ට්‍රයිඩන්ට් ගඟේ උතුරු කෙළවර හිතවාදි පෙදෙසකට යනවා. එහෙම වෙන්නෙ ටලී වංශය තමුන්ගේ පැත්තට උන්නට හැම රිවර් ලෝඩ්ලා තාමත් දෙපැත්තට බෙදිලා සහය දක්වන නිසයි. කොහොමහරි තම පරම්පරාවට තියෙන ඉරණම ගැන දකින පිස්සු රජා වගේම මේ සියල්ලට මුල් වෙච්ච රේගාරුත් දැන් එළියට බහිනවා. රේගාර් දැන් සටනට යන්නයි සූදානම. මේ අතර පිස්සු රජා තීරණය කරනවා තවත් අපූරු සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඒ තමා Alchemists’ Guild කියන ගුප්ත හා මායාමය වැඩ කරන කණ්ඩායමක් ලව්වා රජුගේ මන්දීරය වගේම, මුළු කිංග්ස් ලෑන්ඩින් ආවරණ වෙන විදියට wildfire නම් ද්‍රව්‍ය වළලනවා. ඔය කියන දෙයින් ස්ටැනිස්ගේ හමුදාවට පහර වැදුණ හැටි ඔයාල දැකල ඇතිනෙ. මේකෙන් පිස්සු රජා බලාපොරොත්තු වුණේ බැරිවෙලාවත් නගරයට කැරලි හමුදාව අවොත් මුළු නගරයම අළු කරලා මරාගෙන මැරෙන්නයි. ඒකෙන් ඔහු බලාපොරොත්තු වුණා මකරෙක් වගේ ඔහු අළු මතින් නැඟීහිටියි කියලා. Wisdom Rossart කියන Alchemists’ Guild ලගේ ලොක්කා හා රජු පමණයි කියනවා මේ සැලසුම ගැන දැනගෙන උන්නේ.

කොහොමහරි මේක මෙහෙම වෙද්දි රේගාර් සේනා සංවිධානය කරගෙන සටනට යනවා. හමුදා දෙකේ සංයුක්තිය ගැන බැලුවොත්,

රොබට්ගේ කැරලි හමුදාව දැන් සමන්විත වෙන්නේ, තමුගේම ස්ටෝම්ලෑන්ඩ්, ස්ටාක්ගේ උතුරේ, ඇරන් ගේ වේල් වල හා රිවර්ලෑන්ඩ් වලින් කැරැල්ලට සහය දක්වන ටලී වගේ වංශ වල හමුදාවන්ගෙනුයි. මේකෙන් රොබට්ගේ හමුදාව තමා සටන් වැඩිම ගණනකට මුහුණ දීලා සෑහෙන්න අඩු වෙලා තිබුණේ. හැබැයි ඔවුන්ට හොඳ සටන් අත්දැකීම් තිබ්බා. උතුරේ, වේල් හා රිවර්ලෑන්ඩ් හමුදා මුහුණ දීලා තිබ්බෙ සීනු සටනට පමණයි. හැබැයි ඔවුනුත් රේගාර් ගෙනාව හමුදාවට වඩා අත්දැකිම් වලින් පොහොසත්.

එතකොට රේගාර්ගේ හමුදා සමන්විතය වුණේ, ක්‍රවුන්ලෑන්ඩ් වල ටාගේරියන් වංශයට අයිති පවුල් වල අය, කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයෙක් වෙච්ච ඩෝන් ජාතික සර් ලෙවින් මාටෙල් යටතේ උන්න ඩෝන් වැසියන් 10,000 කුත් උන්නා. (මේ මාටේල් සහය දිගටම තියාගන්න රේගාර්ගේ නියම බිරිඳ වෙච්ච එලියා මාටේල්ව පිස්සු රජා විසින් රාජ මන්දීරයේම තියාගෙන උන්නා හරියට ප්‍රාණ ඇපේකට තියාගෙන ඉන්නවා වගේ.) තව රීච් වලින් කොටසකුත් උන්නත්, ඔවුන්ගේ ප්‍රධාන හමුදාව මම මුලින් කිව්ව ඇෂ්ෆෝඩ් සටනෙන් පස්සේ, ස්ටැනිස්ගේ කුඩා හමුදා ඛණ්ඩයක් ඉන්න ස්ටෝම් එන්ඩ් වටලගෙන තාමත් ඉන්නවා. ස්ටැනිස් ගේ බලකොටුව මුහුදෙන් හා ගොඩබිමෙන් වටලගෙන කිසිම සැපයුමක් නැතිව මේ වෙද්දි තමුන්ගේම අශ්වයන්ගේ මස් පවා කන්න ගන්න තත්වෙට පත් වුණත් ස්ටැනිස් නෙවෙයි දණ නවන්නේ. මේ හින්දා ලොකු හමුදාවක් රේගාර්ට අහිමි වුණත් ඉන්න ටිකත් කැරලි හමුදාවට වඩා විශාල බව කියවෙනවා. හැබැයි ඔවුන් සටන් අත්දැකීම් අතින් කැරලි හමුදාවට වඩා පහළයි.

300- The_River_Tridentකැරලි හමුදාව ට්‍රයිඩන්ට් ගඟ තරණය කරලා කිංග්ස් ලෑන්ඩින් එන්න යද්දි සටන ඇවිලෙනවා. දෙපැත්තටම බර හානි සිදුවුණත්, අවසානයේ රොබට්ගේ අතින් රේගාර් මිය යනවා. මරණීය පහර එල්ල කරද්දි රේගාර්ගේ සන්නාහයට අල්ලා තිබුණ පද්මරාග විසිරුන නිසා ඔහු මිය ගිය තැනට දැන් කියන්නේ පද්මරාග තොටුපළ කියලයි. සර් ලෙවින් මාටෙල් සමඟ ඩෝන් වැසියන් 10,000 ම එම සටනෙන් මිය යනවා.

හැබැයි මේ යුද්ධයෙන් රොබටුත් තුවාල ලබනවා. හැබැයි තමුන්ට බේත් කරන්න කලින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයව යවනවා සටනෙන් තුවාල ලබපු රේගාර්ගේ පැත්තේ සර් බැරිස්ටන් සෙල්මිට බේත් කරන්න. මොකද සතුරු පැත්තේ උන්නත්, රොබට් ඔහුගේ නිර්භීතකම අගය කරනවා. පස්සෙ කාලෙක ඔහුව තමුන්ගේ කිංග්ස්ගාර්ඩ් අංශයේ ප්‍රධානියා බවටත් රොබට් පත් කරනවා.

දැන් තමුන් හා රජා ඉන්න කිංග්ස් ලෑන්ඩින් අතර කිසි බාධකයක් ඔවුන්ට නෑ. කෙළින්ම නගරයට පහර දෙන්න ගියහැකි. හැබැයි මේ වෙද්දි ඔවුන්ට ආරංචි වෙනවා, මෙච්චර කල් කිසිම පැත්තකට උදව් නොකළ ටයිවින් ලැනිස්ටර් කිංග්ස් ලෑන්ඩින් බව තම සේනාව එක්ක ගිය බව. ඉතින් රොබට්ලා හිතන්නෙ ඔවුන් රජුට උදව් කරන්න යන බවයි. ඒ හින්දා තීරණය කරනවා ඔවුන්ට කලින් කිංග්ස් ලෑන්ඩින් අල්ල ගන්න. රොබ්ට්ට තුවාල නිසා ඔහුට විශ්වාසවන්තම නෙඩ් ස්ටාක්ට එම සටන මෙහෙයවන්න බාර දෙනවා.

කිංග්ස් ලෑන්ඩින් සමූලඝාතනය.

300- Sack_of_King's_Landingදැන් මම කලිනුත් කිව්ව විදියට මුළු කිංග්ස් ලෑන්ඩින් ආවරණ වෙන විදියට wildfire නම් ද්‍රව්‍ය වළලලයි තියෙන්නේ. මේ ගැන රජ පවුලේ කිසිම කෙනෙක් නොදන්නවා වුණාට, කාල්ටන් චෙස්ටඩ් නම් රජුගේ පුරෝහිත මේ ගැන දැනගෙන හිතිලා පිස්සු රජාගෙන් අහනවා. ඒ වගේම වැඳවැටෙනවා මේ ක්‍රියාව නොකරන ලෙසට. පස්සෙ ඔහු තම පුරෝහිත පින් එක ගලවලා විසි කරලා තම තනතුරෙ අස්වෙනවා. මේ ගැන කිපිලා ඔහුවත් පණ පිටින්ම පිච්චුව බව කියවෙනවා. ඊට පස්සෙ Wisdom Rossart කියන Alchemists’ Guild වරුන්ගේ නායකයට ඔය තනතුර බාර දෙනවා. ඔයිට සති දෙකකට පස්සෙ ටයිවින් ලැනිස්ටර් තම හමුදාව එක්ක නගර ද්වාරය අසලට පැමිණෙනවා.

දැන් කැරැල්ල පටන් ගත්ත කාලෙ පිස්සු රජා කරපුවා හින්දා හිත් අමනාපෙන් ඉන්න බව දන්න රොබට් ටයිවින්ගේ සහය ඉල්ලුවත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා, රජුගේ ඉල්ලීමුත් පැහැර ඇරලා ඉන්න කෙනා එකපාරම ට්‍රයිඩන්ට් සටනෙන් පස්සෙ ද්වාර ගාවට ඇවිල්ලා කියනවා ස්ටාක් එක්ක එන හමුදාවට විරුද්ධව සටනට උදව්වට ආව බව. හැබැයි මේ වෙද්දි පිස්සු රජා ගාව ආරක්ෂාවට ඉන්න ටයිවින්ගෙම පුතා ජේමි ලැනිස්ටර් හා වේරිස් නම් කියනවා ඔහුව ඇතුළට ගන්න එපා කියලා. ඒත් අපි දන්න ප්‍රධාන වෙදා වෙච්ච පයිසෙල්ගේ උපදෙස් පිට ඔවුන්ව ඇතුළට ගන්නවා.

ඒ ඇතුළට ගත්ත වෙලාවේ ඉඳන්ම ඔවුන් ඇතුළේ ඉඳන් රජුගේ හමුදාව මරන්න ගන්නවා. සටනට මැදිවෙන හැම සාමාන්‍ය වැසියෙක්වමත් ලැනිස්ටර්වරු මරල දානවා. ඒ වගේම නගරෙට ලොකු විනාශයක් ඔවුන් කරනවා. ඒ වගේම මේ වෙලාවෙ තමා ලැනිස්ටර් හමුදාවේ සර් ග්‍රෙගෝර් ක්ලේගන් විසින් රේගාර්ගේ බිරිඳ වෙච්ච මාටේල් වංශයේ එලියා මාටේල්ව දූෂණය කරලා මරලා දාලා සිඟිති පුත්‍රයාගේ ඔළුව බිත්තියක ගහල මරලා දාන්නත්, රේගාර්ගේ දියණියව සර් අමොරි ලෝන්ච් විසින් 50 පාරකට වඩා පිහියෙන් ඇනල මරන්නෙත්. ඒ වගේම නගරයේ බොහොම ලොකු විනාශයක් ඔවුන් කළ බව කියවෙනවා. පස්සෙ කාලෙක මේකට හේතුව විදියට ටයිවෙන් කියන්නෙ නම් ට්‍රයිඩන්ට් සටනෙන් පස්සෙ රොබට්ගේ ජයග්‍රහණය දැක්කත්, ඔහු ටාගේරියන් වරුනට තියෙන පක්ෂපාතීත්වය සම්පූර්ණයෙන් අවසාන නොකළ බව නොපෙන්නුවොත් පස්සෙ කාලෙක රොබට් රජුගේ පාලනය යටතේ ඔළුව උස්සන්න නොලැබෙන නිසාත්, නගරයට එන ස්ටාක් හමුදාවට මැදිවෙන ජේමිට හානියක් වෙන බයත් නිසා එහෙම කළ බවයි.

හැබැයි මේක සිදුවෙන්න කලින් පිස්සු රජාගේ ඉතිරි දරුවා වන කුඩා විසේරිස් හා ගැබ්බරව සිටි තම බිරිඳව ඩ්‍රැගන්ස්ටෝන් දූපතට පිටත් කරලයි තිබ්බේ. ලැනිස්ටර් ද්‍රෝහිවීම දකින පිස්සු රජා අණ කරනවා, ජේමි ලැනිස්ටර්ට තම පියාගේ හිස ගේන ලෙසත්, පුරෝහිත විදියට ඉන්න Wisdom Rossart කියන Alchemists’ Guild වරුන්ගේ නායකයට අර වැළලුව wildfire වලට ගිනි තියලා නගරය අලුකරලා දාන්න කියලා. මෙන්න මේ වෙලාවෙදි තමා ජේමි මුලින්ම Wisdom Rossart ව මරලා දාන්නේ. ඒක දැකල පැනල යන්න හදන පිස්සු රජාට පිටිපස්සෙන් කඩුවෙන් ඇනලා, රජුන් නසන්නා කියන අපකීර්තිය ලබාගන්නෙ. හැබැයි පිස්සු රජා මැරෙද්දිත් “ඔක්කොමල්ලවම පුච්චපල්ලා” කිය කිය මුමුණ මුමුණ උන්නා කියල තමා කියවෙන්නේ.

ඔය සිද්ධි වෙද්දි තමා නෙඩ් ස්ටාක් නගරයට ළඟා වෙන්නේ. ඔවුන් සිදුවී ඇති දෙය දකිනවා. සිංහාසන ශාලාවේ ජේමි පිස්සු රජාගේ මිනිය හා Wisdom Rossart ගේ මිනී ළඟ උන්න බව දකිනවා. පස්සෙන් පහු ජේමිට රොබට් රජු සමාව දුන්නත් ඔහුට පටබැඳුන නාමය නම් නැති වෙන්නෙ නෑ.

ස්ටෝම් එන්ඩ් හී වටලෑම.

300- Siege_of_storms_endකලින් යුද්ධය පටන් ගන්න කාලේදි රොබට් බැරැතියන් තම නින්දගම වෙච්ච ස්ටෝම් එන්ඩ් බලකොටුව, තම සහෝදරයා වෙච්ච ස්ටැනිස්ට, කුඩා හමුදා ඛණ්ඩයක් එක්ක බාර දීලා ඇෂ්ෆෝර්ඩ් සටනටගියා මතක ඇතිනේ. හැබැයි ඇෂ්ෆෝඩ් සටනෙන් පැරදිච්ච රොබට් රිවර්ලෑන්ඩ් වල Stoney Sept නම් නගරය වෙත පහුබහිනවා. ඇෂ්ෆෝර්ඩ් සටනෙ අවසාන හරියෙ ආව ටයිරෙල් හිතනවා පලා යන රොබට් පස්සෙන් එලවනවා වෙනුවට, රොබට්ගේ පාලන බලකොටුව ඇල්ලුවොත් ඒක රොබට්ගේ හමුදාවල චිත්ත ධෛර්යයට පහරක් වෙලා ඔවුන් සටන අත ඇරල යයි කියලා. ඉතින් ඔහු ගිහින් ස්ටැනිස්ගේ කුඩා හමුදා ඛණ්ඩයක් ඉන්න ස්ටෝම් එන්ඩ් වටලනවා.

භූමියෙන් හා මූදෙන් යන හැම පැත්තෙන්ම වටලපු මේ වැටලීමෙන් කිසිම සැපයුමක් නැතිව ගිහින් මේ වෙද්දි ස්ටැනිස්ට තමුන්ගේම බලකොටුවෙ ඇතුළෙ ඉන්න අශ්වයන්ගේ, පුසන්ගේ, බල්ලන්ගේ හා අවසානයේ මීයන්වත් මරාගෙන කන්න ගන්න සිදුවුණත්, ඔහු නෙවෙයි දණ නවන්නෙ. පස්සෙ කාලෙක මේස් ටයිරෙල්ගේ අම්මා වෙච්ච ඔලෙන්නා ටයිරෙල් කියපු විදියට, මේස් ටයිරෙල් කූඩාරමට වෙලා වටලෑම මෙහෙයෙව්වා මිසක් හරිහමන් රණශූරයෙක් නෙවෙයි. ඒක ඉතින් අපිට දැන් පේනවනේ.

මෙන්න මේ වෙද්දි ඩාවෝස් කියන හොරබඩු ජාවාරම්කාරයා (දැනුත් ඔහු ස්ටැනිස් ළඟම ඉන්නවා දකිනවනේ) විසින් හොරෙන් ළූණු හා ලුණු දැමූ මාළු, නාවික හමුදාව මඟ ඇරල බලකොටුවට ගෙනල්ලා ස්ටැනිස්ලගේ පණ බේරගන්න සමත් වෙනවා. කොහොමහරි මේ වටලෑම අවුරුද්දක් විතර තිබිල තියෙනවා. ඒ වගේම මේ වෙද්දි රොබට් රජු කිංග්ස් ලෑන්ඩින් අල්ලලත් අවසානයි. ඒ හා සමගම නෙඩ් ස්ටාක් එක්ක කැරලි හමුදාව එනවා ස්ටැනිස්ව බේරගන්න. ඒ එන හමුදාවට මේස් ටයිරෙල් කිසිම සටනක් නොදීම යටත් වෙලා, රොබට්ට යටත් වෙනවා. පස්සෙ රොබට් රජු වුණාට පස්සෙ මේස් ටයිරෙල්ට සමාව දීලා, වන්දිය රන් වලින් ගෙවන කොන්දේසිය යටතේ, රීච් ඔවුන්ට දිගටම පාලනය කරන්න දෙනවා.

ඒ වගේම ඩාවෝස් කියන ජාවාරම්කාරයාට ස්ටැනිස් විසින් නයිට්වරයෙක් කරලා සීවර්ත් කියන වංශවත් පවුලක් බවට උසස් කරනවා. හැබැයි ස්ටැනිස් කියන්නෙ තද පාලකයෙක් හින්දා ඔහු ඩාවෝස්ගේ වැඩියෙ භාවිතා නොකරන අතේ ඇඟිලි තුඩු කපාදානවා අවුරුදු ගාණක් තිස්සෙ කරපු ජාවාරම් වලට දඬුවමක් විදියට. කොහොම වුණත් ඔවුන් දැනටත් එකට උතුරෙ වින්ටර්ෆෙල් එනවා පේනවනේ.

මේ වටලෑම රොබට්ගේ සම්පූර්ණ යුද්ධයේ වැදගත්ම සිද්ධියක් බවට පත්වූණා. එක හේතුවක් තමා ටයිරෙල්ගේ දස දහස් ගාණක් වෙච්ච හමුදාවට ස්ටැනිස් මුහුණ දුන්නේ මිනිස්සු 500 කගෙන්. අනික තමා බැරිවෙලාවත් ස්ටැනිස් යටත් වෙලා ස්ටෝම් එන්ඩ් වැටුණනම්, ටයිරල් හමුදාව අනිවා රේගාර් එක්ක එකතු වෙනවා. එහෙම වුනානම්, රොබට්, ස්ටාක් හා ඇරන්ගේ හමුදාව අනිවා ට්‍රයිඩන්ට් සටනෙන් පරදිනවා.

රත් කන්දේ වික්‍රමය.

300- Red_Mountainsනෙඩ් ස්ටාක් විසින් ටයිරෙල් වරුන්ව යටත් කරගෙන ස්ටෝන් එන්ඩ් බලකොටුවෙන් ස්ටැනිස්ව නිදහස් කරගත්තට පස්සේ, ටාගේරියන් හිතවාදි විශාල හමුදා සියල්ලම පාහේ යුද්ධයෙන් ඉවත් වුණත්, තව කුඩා කණ්ඩායමක් එක් තැනක උන්නා. ඒ තැන තමා ඩෝන් සීමාවේ තියෙන රත් කන්ද.

රත් කන්ද කියන්නෙ ඩෝන් හා අනෙකුත් වෙස්ටරොස් භූමියෙන් කැපී පෙනෙන විදියේ වෙන් වීමක් තියෙන කඳු වැටි මාලාවක්. මේ හරහා යන්න කපොලු දෙකක් පමණයි තියෙන්නේ. ඒ තමා කුමාර කපොල්ල හා බෝන්වේ කියන තැන් දෙක. සතුටේ කුළුණ කියන්නෙ මේ වැටියේ තියෙන එක් බලකොටුවක්. සීනු සටනෙන් පස්සෙ තම වංශයට තියෙන තර්ජනය දැකලා, රජුගේ කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයන්ගේ නායකයාව යවනවා මේ බලකොටුවෙ ඉන්න රේගාර් ටාගේරියන්ව එක්කගෙන එන්න. රේගාර් ට්‍රයිඩන්ට් සටනට යන්න එන්න පිටත් වෙන්නේ එතන කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයන්ගේ නායකයාව නවත්වලයි.

ඉතින් මෙතෙන්ට නෙඩ් ස්ටාක් යන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමා තාමත් ටාගේරියන් පිස්සු රජාට පක්ෂපාතව ඉන්න කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයන්ගේ නායකයා වූ සර් ජෙරල්ඩ් හයිටවර් එක්ක තවත් කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයන්ගේ දෙදෙනෙක් වෙච්ච සර් ආතර් ඩේන් හා සර් ඔස්වල් වෙන්ට් ඉන්න එක. දෙවෙනි කාරණය තමා මේ සටන පටන් ගත්ත මුල්ම හේතුව වෙච්ච පැහැරගත්ත ලියෙන්නා ස්ටාක්ව එතන රඳවලා ඇතැයි කියල තිබ්බ රාවය. (පිස්සු රජා රේගාර්ව එක්කන් එන්න යැව්වේත් එතෙන්ටනේ.)

ඉතින් එතෙන්ට නෙඩ් එක්ක තව 6 දෙනෙක් පිටත් වුණා. ඒ තමා හොව්ලන්ඩ් රීඩ්, විලියම් ඩස්ටින් (ඩස්ටින් වංශයේ නායකයා), ඊතන් ග්ලෝවර්, (නෙඩ් ස්ටාක්ගේ මියගිය බ්‍රැන්ඩන් අයියගේ හිටපු ආරක්ෂකයා.) මාටින් කසෙල්, තියෝ වුල් හා සර් මාක් රිස්වෙල් කියන අය. මේ අය හා කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයන් තිදෙනා එක්ක කරපු සටනෙන් අන්තිමට බේරුණේ නෙඩ් ස්ටාක් හා හොව්ලන්ඩ් රීඩ් විතරයි. මේ කියන හොව්ලන්ඩ් රීඩ් කියන්නෙ බ්‍රෑන් ස්ටාක් එක්ක ප්‍රාකාරයෙන් උතුරට යන්න ආව මීරා රීඩ් හා ජොයේන් රීඩ් දෙන්නගේ පියායි.

හැබැයි නෙඩ්ට ලියෙන්නාව පණපිටින් නම් ගෙනියන්න ලැබෙන්නේ නෑ. හේතුව හරියට පැහැදිලි නැතත්, බේරාගත්තාට පසුව නෙඩ් ස්ටාක් අතේ ලියෙන්නා මියගිය බවත්, ඇයගේ ඉල්ලීම පරිදි, වින්ටර්ෆෙල් බිම්ගෙවල් වල ඔවුන්ගේ අයියා වූ මියගිය බ්‍රැන්ඩන් ස්ටාක්ව මිහිදන් කල ස්ථානයේ තැන්පත් කරන්න රැගෙන යනවා.

ඩ්‍රැගන්ස්ටෝන් වැටලීම.

300- FuryDragonstoneනෙඩ් ස්ටාක් ස්ටෝම් එන්ඩ් හී වටලෑමෙන් ස්ටැනිස්ව මුදවපු ගමන්ම, රොබට් විසින් ඔහුට රාජකාරියක් පවරනවා. ඔයාලට මතක ඇති කිංග්ස් ලෑන්ඩින් ප්‍රහාරය එල්ල වෙන්න කලින්, ඩ්‍රැගන්ස්ටෝන් දූපතට පිස්සු රජා විසින් තම ගැබ්බර බිසවව හා අනික් කුඩා දරුවා වූ විසේරිස්ව පිටත් කරපු බව. එම දූපතේදී බිරිඳ විසින් දරුවාව බිහි කරද්දි මිය යනවා. ඒ දරුවා තමා ඩැනේරිස්. ඉතින් ස්ටැනිස්ට කියනවා ඒ දෙන්නවත් මරලා ටාගේරියන් පරම්පරාවම අවසන් කරලා දාන්න.

300- Braavosian_Coastlandsහැබැයි ඒ යද්දි බොහොම පරක්කුයි. සර් විලෙම් ඩැරී ප්‍රමුඛ තවත් ටාගේරියන් හිතවාදීන් හතර දෙනෙක් හා ළමයි බලාගන්න ආයාම්මා කෙනෙක් එක්ක ළමයි දෙන්නව පටු මුහුදෙන් එහා බ්‍රාවෝස් වලට ගෙනගොස් අවසානයි. ඉතිරි වෙලා හමුදා භටයන් සටනක් නොමැතිවම ස්ටැනිස්ට යටත් වෙනවා.

ඔයාල අහල තියෙනවද ඩැනේරිස්ට Stormborn කියන නාමයෙන් අමතනවා. එහෙම කියන්නෙ ටාගේරියන් පවුලට වෙච්ච කුණාටුව මැද්දෙ ඉපදුනා කියන අරුතෙන්.

කොහොමහරි මේ සිදුවීමෙන් පස්සෙ රොබට් රජුගේ කැරැල්ල නිල වශයෙන් අවසන් වෙනවා.

කැරැල්ලෙන් පසුව.

පිස්සු රජාගේ ළමයි දෙන්නෙක් පණ බේරගන්න සමත් වුණත්, රජුගේ මරණෙත් එක්ක රොබට් රජුට අලුත් රාජවංශයක් පිහිටුවන්න වාතාවරණය සැලැසෙනවා. ඔයාලට වුණත් හිතෙනවා ඇති මේ ඔක්කොම පටන් ගත්තෙ ලියෙන්නා ස්ටාක්ව පැහැර ගත්ත හින්දනම්, ඒ වෙනුවෙන් මැරුම් කෑවේ උතුරේ ප්‍රධානියා හා උරුමක්කාරයා වෙච්ච තවත් ස්ටාක්වරු දෙන්නෙක් වෙච්ච කොට, සිංහාසනයට නෙඩ් ස්ටාක්වත්, ඒ වගේම කැරැල්ලට හොරණෑව පිම්ඹ ජෝන් ඇරන්වත් නැතුව ලියෙන්නාව බඳින්න උන්න රොබට් රජ වුණේ ඇයි කියලා. ඒකට හේතුව නෙඩ් ස්ටාක් හා ජෝන් ඇරන් කියන දෙන්නම රජවෙන්න අකමැති වීමත්, ටාගේරියන් වංශයේ ඊළඟට රජ වෙන්න උන්න රේගාර් මැරුම්කෑවේ රොබට් නිසාත්, බැරැතියන් වරු කොහොමත් ටාගේරියන් වංශයට ලේ නෑදෑ කමක් තියෙන නිසත්, (ප්‍රධාන වංශ ගැන ලියපු ලිපිය බලන්න) රොබට් බැරැතියන් සිංහාසනාරූඪ වෙනවා. ජෝන් ඇරන්ව තමුන්ගේ හෑන්ඩ් ඔෆ් කිංග් කරගන්නවා.

රොබට් විවාහ ගිවිසගෙන උන්න ලියෙන්නා මැරුණ නිසා ඒ වෙනුවට ලැනිස්ටර් වංශයේ සර්සිව විවාහ කරගන්නවා. ඔය විදියට ටයිවින් ලැනිස්ටර් කලින් පාර රේගාර්ට බන්දල දීලා සර්සිව රැජිනක් කරන්න කරපු උත්සහය වතුරේ ගියාට මෙදාපාර රොබට්ට බන්දල දීලා සර්සිව රැජිනක් කරන්න සමත් වෙනවා. හැබැයි ඔහු නෙඩ් හා සමඟ ලියෙන්නාගේ මරණය ගැන අවසානය වෙනකම්ම දුක්වුණා. හැබැයි නෙඩ් ස්ටාක්ට ඕනා වුණා කිංග්ස් ලෑන්ඩින් වල කරපු සමූල ඝාතනයට ටයිවින්ට දඬුවම් දෙන්න. ටයිවින් නම් ඉතින් කපටි කමෙන් කොහොමහරි, රොබට්ගේ හිත දිනාගන්න සමත් වෙනවා. ටයිවින් රොබට්ට කියල තියෙන්නේ, රොබට් වෙනුවෙන් රොබට්ගේ ජරා වැඩ ඔහු ඉටු කරල දුන්න බවයි.

කොහොමහරි නෙඩ් ස්ටාක් ලියෙන්නාගේ සිරුරත් රැගෙන, ඇයගේ අවසන් ඉල්ලීම පරිදි, වින්ටර්ෆෙල් බිම්ගෙවල් වල ඔවුන්ගේ අයියා වූ මියගිය බ්‍රැන්ඩන් ස්ටාක්ව මිහිදන් කල ස්ථානයේ තැන්පත් කරන්න රැගෙන යනවා. ඊට පස්සෙ ඔහු තම පියාගේ තනතුර වෙච්ච උතුරේ ප්‍රධානියා බවට පත්වෙනවා.

ස්ටැනිස් බැරැතියන්ට රොබට් විසින් ඩ්‍රැගන්ස්ටෝන් දූපතේ බලය දීලා, ඔහු බොහොම අමාරුවෙන් රැකගත්ත ස්ටෝම් එන්ඩ් බලකොටුව ඔහුගෙන් අයින් කරලා, එවකට කුඩා ළමයෙක් නිසා යුද්ධයට නොගිය රෙන්ලිට ඒක පවරනවා. ස්ටැනිස් ට මේක සලකන්නේ නින්දාවක් විදියටයි. මොකද ටයිරෙල්ගේ දස දහස් ගාණක් වෙච්ච හමුදාවට ස්ටැනිස් මුහුණ දුන්නේ මිනිස්සු 500 කගෙන්. අනික තමා බැරිවෙලාවත් ස්ටැනිස් යටත් වෙලා ස්ටෝම් එන්ඩ් වැටුණනම්, ටයිරල් හමුදාව අනිවා රේගාර් එක්ක එකතු වෙනවා. එහෙම වුනානම්, රොබට්, ස්ටාක් හා ඇරන්ගේ හමුදාව අනිවා ට්‍රයිඩන්ට් සටනෙන් පරදිනවා. හැබැයි මේක එච්චරම දරුණු සටනක් නොව යටත් වටලෑමක් පමණක් නිසා පස්සෙ කාලෙක ස්ටැනිස් වෙනුවෙන් ප්‍රශස්ති ගී ලියවුණේත් නෑ. ඔහුගේ කැපවීම, පරිත්‍යාග හා ලබාගත් දේ ඉක්මනින්, හැමෝටම අමතක වීම ඔහුට බොහොම එපාවෙන දෙයක් බවට පත්වුණා. හැබැයි නෙඩ් ස්ටාක් නම් ඒ සාර්ථක ජයග්‍රහණය කිසිදා අමතක නොකළ බව ප්‍රකටයි.

හැබැයි මේ ස්ටැනිස්ට ඩ්‍රැගන්ස්ටෝන් දීලා රෙන්ලිට බොහොම අමාරුවෙන් රැකගත්ත ස්ටෝම් එන්ඩ් ලබාදීම පිටුපස කතා දෙකක් තියෙනවා. එකක් තමා ටාගේරියන් ළමයි දෙන්නා පැනල යන්න සමත් වීමේ වරද රොබට් පවරන්නේ ස්ටැනිස්ටයි. අනික තමා ටාගේරියන්වරුන්ගේ ඓතිහාසික නින්දගම තමා ඩ්‍රැගන්ස්ටෝන් කියන්නේ. ඉතින් එහි ඉන්න ටාගේරියන් හිතවතුන් පාලනයට අනිවා දැඩි නායකයෙක් ඉන්න ඕනා. අනික රජකමට ඊලඟට උරුමය තියෙන කෙනාට තමා කොහොමත් ඩ්‍රැගන්ස්ටෝන්වල අයිතිය හිමිවෙන්නේ. කොහොම වුණත් ස්ටැනිස් නම් මේක සැලකුවේ ලොකු නින්දාවක් විදියටයි.

මේ අතර ලැනිස්ටර් හමුදාව විසින් රේගාර්ගේ බිරිඳ වූ එලියා මාටේල්ව කෲර ලෙස මරා දැමීම නිසා සදාකාලික වෛරයක් එම වංශ දෙක අතර ඇරඹෙනවා. ඒ වගේම අනවශ්‍ය හා වළක්වා ගැනීමට හැකියාව තිබූ ඒ මරණය නිසා ඩෝන් රජවාසල කටයුතු වලින් අයින් වෙනවා. රොබට් රජුගේ පුරෝහිත වෙච්ච ජෝන් ඇරන්ට සෑහෙන වෙහෙසක් දරන්න වුණා ඔවුන්ව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මාර්ගයෙන් ඔවුන්ව රොබට් රජුගේ පාලනයට නම්මා ගැනීමට. මේ වගේම ටාගේරියන් පාක්ෂිකයින් වෙච්ච ටයිරල් වංශයට සමාව දීලා, වන්දිය රන් වලින් ගෙවන කොන්දේසිය යටතේ, රීච් ඔවුන්ට දිගටම පාලනය කරන්න දෙනවා.

අවසාන වශයෙන් මේ කැරැල්ලට, එවකට ප්‍රබල වංශ ඔක්කොම වගේ අඩු වැඩි වශයෙන් දායක වුණත් එකම එක ප්‍රබල වංශයක් අපි දැක්කෙ නෑ කියලා මතක් වෙනවා ඇති. ඒ තමා අයන් දූපත් වල ග්‍රේ ජෝයි වංශය. මුලින් ලැනිස්ටර්ලා උන්නා වගේම ඔවුනුත් සටනදි කාගෙවත් පැත්තක් ගත්තෙ නෑ. තියොන්ගේ සීයා වූ එවකට පාලක කුවෙලොන් සාමි කියන්නෙ සෞඛ්‍ය තත්වයෙන් පිරිහෙමින් උන්නත් තදබල නායකයෙක්. මේ කුවෙලොන් සාමි සටන් කරපු දෙපැත්තටම පක්ෂපාතී කෙනෙක් නෙවෙයි. ඉතින් එයා තම අයන්බෝන් කට්ටියව බලන් ඉන්න සැලැස්සුවා ප්‍රධාන භූමියේ සටන ඉවරයක් වෙනකම්. හැබැයි රේගාර් මැරුණට පස්සේ, එයාගේ පුතාල ඔහුට කිව්වා තාමත් හැකියාව තියෙන වෙලාවේ කැරලිකාරන්ගේ පැත්ත ගම්මු කියලා. මොකද එතකොට ලබාගන්න දෙයින් තමුන්ටත් කොටසක් ලැබෙනවා වගේම, ඊළඟට රජ වෙන රොබට්වත් සතුටුකරගන්න පුළුවන් හින්දා.

හැබැයි ඒ වෙනකොටත් ටයිවින් ලැනිස්ටර්ලා කාගේ පැත්ත ගනීද කියලා. බැරිවෙලාවත් ටාගේරියන් පැත්ත ගත්තොත් කියලා, තමුන්ගේ නාවික හමුදාවෙ වැඩි කොටස එල්ල විය හැකි ප්‍රහාරයක් වළක්වන්න දූපත් වලම රැදී උන්නා. කුවෙලොන් සාමිගේ මූලිකත්වයෙන් නැව් 50 ක කුඩා හමුදා කොටසක් ගිහින්, ඒ වෙනුවට ටයිරෙල්ලගේ රීච් වල දුර්වල ගම් හා නගර කීපයක් අල්ල ගන්නවා. මොකද මේ වෙද්දිත් ටයිරෙල් හමුදාව ස්ටැනිස්ගේ ස්ටෝම් එන්ඩ් වටලගෙන උන්නෙ කියලා මතක ඇතිනේ. ඉතින් ඔහු මේක කළේ රොබට්ගේ හිත ගන්නයි.

300- Shield_Islandsමේ වෙද්දි පලිහ දූපත් වල උන්න රීච් නාවික හමුදා නැව් දුසිමකින් විතර අයන් බෝන් හමුදාවට ප්‍රහාරයක් එල්ල වෙනවා. අයන් බෝන් හමුදාව ඒ ප්‍රහාරය මැඩ පැවැත්තුවත්, තමුන්ගේ නැව් වලින් දුසිමක් විතර වගේම තම නායකයා වෙච්ච කුවෙලොන් සාමිත් ඒ සටනෙන් මියයනවා. ඔහුගේ පුතා හා වර්තමාන නායක බේලන් ග්‍රේජෝයි තම හමුදාව ආපහු අයන් දූපත් කරා රැගෙන යනවා. කලින් කිව්වා වගේම මේක නිකන් අර රොබට්ගේ හිත සතුටු කරන්න වෙච්ච දෙයක් මිසක්, කැරැල්ලට කිසිම දැනෙන බලපෑමක් වෙච්ච නැති දෙයක්. කොහොමහරි අයන් බෝන් වැසියන්ටත් කැරැල්ලෙන් පස්සෙ තමුන්ගේ භූමිය පාලනය කරගෙන ඉන්න ලැබුණා.

රොබට්ගේ පාලන සමය සෑහෙන්න යුද වලින් තොර සාමකාමී එකක්. හැබැයි ග්‍රේ ජෝයි වරු කොහොමත් රොබට්ට එතරම් පක්ෂපාතී බවක් දැක්වූයේ නෑ. ඒ හින්දා රොබට්ගේ රාජ්‍ය සමයේ ඇතිවෙච්ච එකම කැරැල්ලට ඔවුන් මෙයින් අවුරුදු කීපයකට පස්සෙ මුල පුරනවා. ඒ ගැන පහළින් බලමු.

ආරම්භය – 280 AL
අවසානය – 281 AL
ස්ථානය – සත් රාජධානිය. වෙස්ටරොස්.
ප්‍රතිඵලය – ටාගේරියන් රාජ වංශයේ අවසානය.
– රොබට් බැරැතියන් රජු ලෙස පත්වීම.
– අවසාන ටාගේරියන් උරුමක්කරුවන් දෙදෙනා වූ විසේරිස් හා ඩැනේරිස් එසොස් වෙත පිටුවහල් වීම.

————–

ග්‍රේ ජෝයි කැරැල්ල.

300- Greyjoy_Rebellionමේක තමා අපි රූපවාහිනී කතා මාලාවේ නොදුටු සටන් හා යුද්ධ වලින් අවසාන එක. මේක සිදුවුණේ රූපවාහිනී කතා මාලාවේ සිදුවීම් ඇරඹෙන්න වසර නවයකට කලින් හා රොබට් රජු වෙලා වසර අටකට පසුවයි. කැරැල්ලේ ආරම්භය හේතුව වුණේ, බේලොන් ග්‍රේජෝයි නම් එවකට පාලකයාට ඕනා වෙනවා සිංහාසනයෙන් නැතුව, පරණ ක්‍රමයට යන්න. ඔහු ප්‍රධාන පාලනයෙන් මිදිලා, අයන් දූපත් වල රජු ලෙස අභිෂේක කරගෙන, තම උප වංශ සමඟ ඔහු කැරැල්ල ආරම්භ කරනවා. ඔහු බලාපොරොත්තු වෙනවා තවමත් රොබට්ගේ පාලන සමය එතරම් ස්ථාවර නැති නිසා, අනෙක් වංශවත් පවුල් එතරම් යුද්දෙට උනන්දු නොවී නිකන් ඉඳියි කියලා.

ලැනිස්පෝර්ට් ප්‍රහාරය.300- Laiinsport_raid

300- Casterly_Rock_Pinමුල්ම ප්‍රහාරය විදියට ඔවුන් කරන්නේ, තමුන්ට ළඟම නාවික හමුදාවක් තියෙන වංශය වෙන ලැනිස්ටර් වංශයේ නාවික හමුදාවට පහර දෙන එකයි. එහි නැංගුරම් දා තිබූ ලැනිස්ටර් නෞකා සියල්ලට බේලොන් ගේ සහෝදර යුරෝන් හා වික්ටාරියන් ග්‍රේජෝයිගේ මූලිකත්වයයෙන් පහර දී එය විනාශ කර දමනවා. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන්ට නිදහස ලැබෙනවා සීගාර්ඩ් වෙත හා ප්‍රධාන මහාද්වීපයේ වෙරළ තීරයේ ඕනෑම තැනකට ප්‍රහාරයක් එල්ල කරන්න.

සීගාඩ් ප්‍රහාරය.

300- Seagard_Pinබේලොන් ග්‍රේජෝයිගේ වැඩිමහල් පුත්‍ර රොඩ්‍රික් ග්‍රේජෝයිගේ නායකත්වයෙන් අයන් මෑන් බොක්කේ පිහිටි, මැලිස්ටර් වංශයෙන් පාලනය වෙච්ච සීගාඩ් වෙත ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි මේ ප්‍රහාරය අසාර්ථක වෙනවා. මැලිස්ටර් වංශයේ නායක ජේසන් මැලිස්ටර් අතින් රොඩ්‍රික් ග්‍රේ ජෝයි මියයනවා.

ෆෙයා දූපත් සටන.

300- Fair_Isleමේ තමා වෙස්ටරොස් ඉතිහාසයේ වෙලා තියෙන ප්‍රධානම (හා එකම?) නවිකා හමුදා දෙකක් අතර සිදුවූ සටන. සීගාඩ් සටනේ පරාජයත් සමඟම, රොබට් රජුගේ නැව් භාර ඇමති වෙච්ච ස්ටැනිස් බැරැතියන් හා පැක්ස්ටර් රෙඩ්වින් යනවා නාවික හමුදාවත් සමඟ යුද්දෙට. ස්ටැනිස් විසින් අටවපු උගුලක් හින්දා ඉරබටු මුහුදේ තිබෙන ෆෙයා දූපත අසලදී, වික්ටාරියන් ග්‍රේජෝයි ගේ දක්ෂ හා අති ප්‍රබල අයන් බෝන් නාවික හමුදාවට පරාජය අත් වෙනවා. මේ පරාජයත් එක්ක රොබට් ගේ රාජකීය හමුදාවට ඉඩ ලැබෙනවා අයන් දූපත් වලටම ගිහින් කැරැල්ල මැඩ පවත්වන්න පටන් ගන්න.

ග්‍රේට් වයික් වටලෑම.

300- Stannis_Great_Wykෆෙයා දූපත් සටනෙන් අයන් නාවික හමුදාව විනාශ වුණාට පස්සෙ, ස්ටැනිස් බැරැතියන් විසින් රාජකීය නාවික හමුදාව මෙහෙයවනවා, අයන් දූපත් වල විශාලම දූපතක් වෙච්ච ග්‍රේට් වයික් යටත් කරගන්න. ඔහු සාර්ථකව ඒ දූපත යටත් කරගන්නකොටම තවත් දූපතක් අයන් බෝන් වැසියන්ට අහිමි වෙනවා.

ඕල්ඩ් වයික් වටලෑම.

300- Barristan_Old_Wykඅයන් දූපත් වල ග්‍රේට් වයික් ස්ටැනිස් බැරැතියන් යටත් කරගන්න කොට ඕල්ඩ් වයික් කියන දූපත සර් බැරිස්ටන් සෙල්මි විසින් යටත් කරගන්නවා. මේ දූපත් දෙකේ වැටීමත් සමඟම බේලොන් සිටි පයික් බලකොටුව වටලලා මේ කැරැල්ලේ අවසාන සටන සිදු කරන්න මඟ පෑදෙනවා.

පයික් බලකොටුව වටලෑම.

300- Siege_of_Pykeග්‍රේජෝයිවරුන්ගේ මේ මෝඩ කැරැල්ලේ අවසානයට දැන් ළඟා වෙලා තියෙන්නේ. රාජකීය හමුදාව දැන් බේලොන් ඇතුළු පිරිස උන්න බලකොටුව වටලලා තියෙන්නේ. ඇතුළෙ උන්න සෙනඟ වගේ දහ ගුණයක් එළියෙ වටලගෙන උන්නට පයික් බලකොටුවෙ ස්වභාවය අනුව එයට ඇතුල් වෙන්න සෑහෙන්න අමාරු බව කියවෙනවා. රාජකීය හමුදාව වෙනුවෙන් සටන් කළ පිරිසෙන් අපි දන්න කියන චරිත මතක් කරනවනම් නෙඩ් ස්ටාක් හා ජේමි ලැනිස්ටර් එකට සටන් කළ අයයි.

කොහොමහරි මේ වටලෑමෙන් ආරක්ෂක ප්‍රාකාර වල බිඳ වැටීමකින් මුලින්ම එයින් ඇතුල් වෙලා අවසන් සටන අරඹල තියෙන්නෙ, මියර් හී තෝරෝස් කියන, ආලෝකයේ දෙවියන්ට කැපවෙච්ච යුද්දෙටම ආස දේවගැතියයි. ඔහුගේ විශේෂත්වය තමා ඔහුගේ කඩුවට ඔහු වයිල්ඩ්ෆයර් ආලේප කරගෙන සටනට යෑම. එතකොට සතුරාට කඩුව පෙනෙන්නේ ගිනි දැල් විහිදන කඩුවක් ලෙසයි. ඔහු එක්කම ඇතුල් වෙලා තියෙන්නේ අපි මේ දවස් වල නිතර දකින ජෝරා මෝමන්ටුයි. ඔහු ස්ටාක් වංශයේ උපවංශයක් වෙච්ච, වලස් දූපත පාලනය කරන මෝමන්ට් වංශයේ කෙනෙක්. (ඔයාලට මතක නම් ජෝරා මෝමන්ට් මේ පහුගිය දවසක වහලෙක් විදියට විකිණෙද්දි, ඔහුව හදූන්වා දුන්න විදිය මතක නම්, ඔහුට කීවේ ස්පයික් බලකොටුව (හරි නම් වෙන්න ඕනා පයික් Pyke – Spike) අල්ලපු දිලිසෙන කඩුවක් තියන් උන්න කෙනා කියලයි. හැබයි නොදන්න කමට වහල් වෙළෙන්දා එහෙම කිව්වට, එහෙම කඩුවක් තියන් උන්නේ මියර් හී තෝරෝස් කියන දේවගැතියයි)

සීගාඩ් ප්‍රහාරයෙන් බේලොන් ග්‍රේජෝයිගේ වැඩිමහල් පුත්‍ර රොඩ්‍රික් ග්‍රේජෝයි මැරුණ නිසා ඊළඟට උන්න උරුමක්කාරයා වෙච්ච මරෝන් ග්‍රේජෝයි මේ ප්‍රහාරයෙන් මියයනවා.

300- Balon_kneelsමේ සිදුවීම් වලින් පස්සෙ බේලොන් ට යටත් වෙන්න සිදුවෙනවා. ඔහුට රජුගේ සමාව ලැබිලා ආපහු තමුන්ගේ තනතුරු තියාගන්න ඉඩ ලැබෙනවා එක කොන්දේසියක් අනුව. ඒ තමා බේලන් ආපහු මේ වගේ වැඩක් නොකරන්න ඇපයක් විදියට ඔහුට ඉතුරු වෙච්ච එකම පුතා හෙවත් ඊළඟ උරුමක්කාරයව ස්ටාක්ල යටතේ ප්‍රාණ ඇපේට තියන එක. අන්න එහෙම තමා එවකට අවුරුදු 8 ක් වෙච්ච තියෝන් ස්ටාක්ලා ළඟ හැදී වැඩෙන්නේ. හැබැයි ස්ටාක් කවදාවත් ඔහුට වෙනස්කමක් නොකර තම ළමයෙක්ට වගේ තමා සැලකුවේ. එහෙව් එකා තමා පස්සෙ වැඩ දාන්න ගියේ. ඒ වගේම ජෝරා මෝමන්ට්ගේ දක්ෂකම් අගයන්න රොබට් රජු ඔහුට නයිට් පදවියක් ලබා දෙනවා.

ආරම්භය – 289 AL
අවසානය – 289 AL
ස්ථානය – අයන් දූපත්, වෙස්ටලෑන්ඩ් හා රිවර්ලෑන්ඩ්.
ප්‍රතිඵලය – සිංහාසනය විසින් කැරැල්ල මැඩපැවැත්වීම.

—————-

හොඳයි ඔතනින් එහාට තිබ්බ යුද්ධ අපි රූපවාහිනී කතා මාලාවෙදි දැක්ක හින්දා මම විස්තර ඔක්කොම කියන්න ඕනා නෑනේ. එක හා සමගාමීව සිදුවීම් 3 ක් තැන් තුනක සිද්ධ වුණා. තාමත් සමහර ඒවා ඇදිල යනවා. නිකමට ආපහු මතක් කරගන්නවනම්,

පස් රජ යුද්ධය…

රොබට් රජුගේ පුරෝහිත වෙච්ච ජෝන් ඇරන්ව සැක කටයුතු විදියට මරල දැම්මට පස්සේ, රොබට් ඒ තනතුරට නෙඩ් ස්ටාක්ව පත්කරගන්නවා. හැබැයි නෙඩ් ඇරන්ගේ මරණෙට හේතුව හොයද්දි දැනගන්නවා සර්සිට දාව ඉපදිලා ඉන්නෙ රොබට්ගේ දරුවන් නොවන බව. ඔය එක්ක තමා සර්සි, ලාන්ස්ල් එක්ක එකතු වෙලා, වෙරි කරල දඩයම් කරන්න ගිහින් වෙච්ච තුවාල වලින් රොබට් රජු මිය යන්නේ, ඊට පස්සෙ ජොෆ්‍රිව රජකමට පත් කරන්න යද්දි, නෙඩ් සර්සිට වැරැද්ද පිළිඅරගෙන ඉවත් වෙන්න ඉඩ දුන්නත්, සර්සි කපටි වැඩ් කරල අන්තිමේ නෙඩ්ගේ බෙල්ල කැපිල යනවා.

ඔයිට පස්සෙ සන්සා හා ආර්යා කිංග්ස් ලෑන්ඩින් වල හිරවෙන හින්දා වගේම නෙඩ් ගේ මරණයේ පලිය ගන්න රොබ් ස්ටාක් ජොෆ්‍රිට එරෙහිව යුද ප්‍රකාශ කරනවා. සිංහාසනයට නියම උරුමක්කාරයා වෙන ස්ටැනිස් වගේම එයාගේ මල්ලි රෙන්ලි බැරැතියනුත් සටනට බහිනවා. ඔය අතර බොර දියේ මාළු බාන බේලොන් ග්‍රේජෝයි රොබ්ලා යුද්දෙට යද්දි හිස් වෙන උතුර අල්ල එනවා. රොබ් ස්ටාක්, ජොෆ්‍රි බැරැතියන්, ස්ටැනිස් බැරැතියන්, රෙන්ලි බැරැතියන් හා බේලන් ග්‍රේජෝයි ගේ යුද්දෙ තමා ඔය කියන නමින් හැඳින්වන්නෙ.

කොහොමහරි අන්තිමේ ස්ටැනිස් තම මල්ලිව මායා කර්ම වලින් මරා දානවා. ස්ටාක්ගේ පැත්තෙ උන්න බෝල්ටන් ලා හා ෆ්‍රේලා පැති මාරුකරලා රොබ් ස්ටාක්ව මරලා දැම්මා. රැම්සි විසින් ග්‍රේජෝයිලා අල්ලගත්ත තැන් ඔක්කොම ආපහු අරගත්තා. ස්ටැනිස් කිංග්ස් ලෑන්ඩින් වලට ගහන්න එද්දි ඒ ආක්‍රමණයත් අසාර්ථක වෙච්ච හින්දා පහු බැහල යන්න ගියා. ජොෆ්‍රි මඟුල් ගේ දා මැරුණ හින්දා එයාගේ මල්ලි ටෝමන් තමා දැන් රජ කරන්නේ. ස්ටැනිස් ආපහු සැරයක් දැන් එනවා උතුරේ ඉඳන්.

වහල් බොක්ක නිදහස් කරගැනීම.

මේ කාලෙදිම වෙච්ච අනික් යුද්ධය තමා ඩැනේරිස් වහල් බොක්ක ප්‍රදේශය අල්ලාගැනීම. ඔයාලට මතක නම් ඩැනේරිස් හා විසේරිස් කුඩා කාලෙදි එසොස් ගිහින් වැඩිවියට ආවට පස්සෙ විසේරිස් තීරණය කරනවා ඩොත්‍රාකි කියන රණ විරුවන්ගේ උදව්වෙන් ආපහු වෙස්ටරොස් අල්ලගන්න. ඔවුන්ගේ නායකයෙක් වෙච්ච කාල් ඩ්‍රාගෝට තම නංගි වෙච්ච ඩැනේරිස්ව බන්දල දෙනවා. හැබැයි විසේරිස්ට තියෙන හදිස්සිය වැඩිවෙලා අන්තිමේ කාල් ඩ්‍රාගෝ අතින්ම එයා මැරුම් කනවා උණු කරපු රත්‍රං ඔටුන්නක් ඔළුවට වැක්කිරීම නිසා. පස්සෙ ඩ්‍රාගෝගේ හදිසි මරණෙන් පස්සෙ චිතකයට මකර බිත්තර එක්ක යන ඩැනේරිස්, ගින්නෙන් පස්සෙ ආපහු එන්නේ මකරු පැටව් තුන්දෙනෙක් එක්කයි. ඊට පස්සෙ ඇය සෑහෙන දුක් විඳලා මේ වෙද්දි වහල් බොක්ක ප්‍රදේශයේ තියෙන නගර තුන වෙන, ඇස්ටපෝර්, යුන්කායි හා මෙරීන් කියන නගර තුනම අල්ල ගන්නවා. ඊට පස්සෙ ඇය එහි මදකට නැවතිලා පාලනය ඉගෙන ගන්නවා. ඇයගේ යටතේ නිකැළැල්, දෙවෙනි පුතුන් කියන කුලී හමුදා දෙකත්, ක්ලසාර් කියන ඩොත්‍රාකී ගෝත්‍රයත්, පහුගිය දවසක මිය ගිය ජනප්‍රවාද ගත බැරිස්ටන් සෙල්මිත්, දැන් නැතත් තාමත් ඇය යටතට එන්න හදන ජෝරා මෝමන්ටුත් වගේම දැන් කොට ආදිපද නැත්තම් ට්රියන් ලැනිස්ටරුත් අලුතෙන්ම ඇයට එකතු වුණා.

ප්‍රාකාරයට එහා යුද්ධය.

මේ තමා අපි දකින නයිට්ස් වොච්, නිදහස් වැසියන් හා ධවල ඇවිදින්නන් හා එක්ක කරන සටනයි. මේකේ අලුත්ම සටන තමා කලින් සතියේ හාඩෝම් වල වෙච්ච සටන.

ඔන්න එහෙනම් මම පොරොන්දු වෙච්ච විදියට සටන් ගැන ලිපිය අදින් අවසාන කළා. ලබන සතියෙ නම් මම දිගු ලිපියක් ලියන්න හිතන්නෙ නෑ. අවසාන කොටසෙන් සුපුරුදු පරිදි හමුවෙනකම් එහෙනම් මම අදට සමු ගන්නවා. ජයම වේවා!!

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික. 385

Game of Thrones (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

70,839 downloadsDownload GOT.S05.E09.Sinhala.zip147 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

70,839 downloadsDownload Subtitles147 KB

129 comments

  1.  

    thanx for sub..

    1. හර්ෂණ

      නොදැනීම අවසානේටත් ආව. මුලින් කොටස් 5 ආපු නිසා අවසානය වෙන කොට තිබ්බ කික් එක නැති උනාද මන්ද අපිට. කොහොම හරි ස්තුතියි සහෝ

    2. ඉසු ඩිපි (Isu DP)

      9ටත් ආවා නේ, කොටස් 4ක් ලීක් උනාම උඩ පැන්න අයට දැන් තමයි තරු පෙන්නේ. :-P
      මොකද මට හිතෙන විදිහට ඒ වැඩෙන් කතාවේ ගැම්ම අඩු උනා. දැන් එවැයින් වැඩක් නැ.
      ඊලග කොටසත් හොද ලිපියක් දිලම වැඩේ ඉවර කරානම් වැඩේ හොදයි.
      එකම ගොතකර්මයා තමයි ඔය උම්බෑ ගාන්නේ. එකා ගෑගහපුවාවේ, අපි පස්සෙන් පන්නන එකේ තෙරුමක් නැ.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

  2. Mahesh

    sub ekata godak thanks bro..jaya wewa...

  3. mahima

    නියමයි අයියේ…උදේ ඉදන් බලාගෙන හිටියේ සබ් දානකන්
    ඇත්තටම කොහෙන්ද අප්පා මෙච්චර විස්තර හොයා ගන්නෙ ?
    ලිපියටත් සබ් එකටත් දෙකටම ස්තුති :) :) :) :)

  4. danki

    tnq

  5. කේශව

    උබේ මහලොකු දිගු ලිපියනං නැතිවෙන එක ලොකු දෙයක්,
    නැත්තං අපිට සීරිස් එකත් එපා වෙනවා.

    1. pasanmahee

      ඒ "අපිට" කියලා කියන්න එපා බන් අපි උඹේ සුන්ඛ පවුලේ එවුන් නෙවේනේ....ඒ හින්දා පව් නොදී කටයි පු&amp;යි වහගෙන ගෙදර පලයන්.

    2. JANNA

      කේශව නිකම් කට තිබුන පලියට කියවල මෝඩ කම ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා.කිසිම ලාබ ප්‍රයෝජන අපේක්ෂාවක් නැතිව නොමිලේ මේ සබ් දෙන්නෙ.ගොඩාක් මහන්සි වෙලා කාලය කැප කරල කරන දෙයක් මේක,අපි ඇවිත් එක පාරටම මේ සබ් බාගත්තට මේ වැඩෙට කොයි තරම් කැපවීමක් ඕනෙද කියල සබ් එකක් කරලම බලන්න ඕනෙ.උබ මේක කියෙව්වෙ නැති උනට අනික් මිනිස්සු ආසාවෙන් මේ ලිපි පෙල කියවනව.නිකම් ගුණමකුවෙක් නොවී,සබ් එක ගත්තනම් කට වහගෙන ගිහින් කතාව බලපන්.

    3. හර්ෂණ

      ජය වේවා කෙශව.. තව තව තප්පුලපන්. ගොන්නුන්ගේ පුරුද්ද ඕකනේ බන්.

    4. Ayesha Sewwandi

      ඇත්ත තමයි, කලිං පෝස්ට් එකෙත් කොට ආදිපාද කියලා දිග හෑල්ලක් දාලා තිබ්බා.
      සෙනග අද්ද ගන්න ඔහොම ජරා විදිහට නම් දාන්න ඕන නෑනේ.
      සන්සා දූශණය විය කියලා දැම්මනං කට්ටිය වැල නොකැඩි එයි.
      ඒක නම්බුයි මේ වගේ චාටර් වැඩ කරනවට වඩා.

    5. Gamage

      eka eka nam walin eka ponnayek hama dama mey wage gon katha kiyanawa. keshawa kiyanne moka unath uge mokak hari mole aulak thiyenawa. thota lipiya kiyawanna bari nam site ekata nawith idapanko. tho mekata ennama oni kiyala neethiyak ne ne, mey wage wahela nam appiriyai. roily ayya wagema anith kawruth sabak denna godak mahansi wenawa, tho ponnayata age nathi unata mey sewaya apita godak watinawa.

    6. naveen

      ayesha eelaga liume idan ubalage ammage nama daanam thawa ube photo tikak deepan man wenama site ekak hadanam ethakota senaga adila ei thopi ithin udin posh unata yatin kunu perena hathane thu witharak ROYILI aiye digatama game eka gahamu PALA ATHI GAHATA THAMA GAL GAHANNE.......

    7. naveen

      #ayesha# eelaga liume idan ubalage ammage nama daanam thawa ube photo tikak deepan man wenama site ekak hadanam ethakota senaga adila ei thopi ithin udin posh unata yatin kunu perena hathane thu witharak ROYILI aiye digatama game eka gahamu PALA ATHI GAHATA THAMA GAL GAHANNE.......

  6. John Snow

    thanx royily ayye.gya sathyen passe marama asawen hitiye elaga episode eka balanna.mokada white walker fight eka nisa.oyage subs nisa ape krameta meka rasa widinna puluwn.ekata oyata gdkma thnx.good luck ayya.....

  7. indika

    Thn Q :) Aiya..!!! :)

  8. Malinda

    thank you for the every thing machan It's great describing. thank you once again. all the best...

  9. JANNA

    ඔබ කරන මේ නිහඩ සේවයට ඔබට තුති රොයිලි සහො....ජය වේවා!!!

  10. pasanmahee

    මේ තරම් මහන්සි වෙලා එළකිරි ලිපියක් ලියලා සබ් එකත් දීලා අපිව සතුටු කරනවට අපි ඔයාලට කරන්න ඕන දේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. නියමයි.

  11. Tharindu

    Sub 1tai, Lipiyatai....., Thank Aiyee......!!! Patta...!!! (Y)

  12. Kaalj

    Thanks for the detail description. now i have good understand about every country and about the whole story. thanks Royili. you are doing a great job. bless you.

  13. neranji

    හම්මොහ්

  14. sanka

    thank you bro

  15. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ලිපි පෙළ බොහොම වටිනවා.ජය වේවා !

  16. chanaka

    pttahh bro

  17. Gamage

    නියමයි අයියේ…උදේ ඉදන් බලාගෙන හිටියේ සබ් දානකන්
    ඇත්තටම කොහෙන්ද අප්පා මෙච්චර විස්තර හොයා ගන්නෙ ?

    සීරීස් එකේ අවසානය මොනව වෙයිද ? තව එක කොටසයි. අපෝ දුකයි

  18. priyantha

    පට්ට උදේම ලෝඩ්කරගත්තා බලන්න.ගොඩාක් ස්තුතියි ඔබලාට

  19. rajitha

    Thanks Brother....................

  20. THARINDU

    thanks oyta.patti machan.

  21. THARINDU

    thanks machan

  22. R.D

    Thanks Royli Aiye.............

  23. Dimal

    එළකිරි ලිපියක් රොයිලි සහො.. ලිපියටත් සබ් එකටත් දෙකටම ස්තුති ....!!~

  24. Viraj

    Tnx bro.

  25. Anushka

    නියමයි රොයිලි අයියේ... සුපිරි!!
    සබට බොහොම ස්තුති....

  26. Sam

    thnkss sahooo...pattama wistrayak..great job sahoo..elzz...

  27. Gamith Indrika

    Episode 8 ---&gt; Ice
    Episode 9 ---&gt; Fire
    Episode 10 --&gt; Blood ?????

  28. Madhubhashana

    ගොඩක් වටිනවා විස්තර ටික,කතාව නොබැලුවත් විස්තරේ කියවල මාර අදහසක් ගන්න පුළුවනි. ගොඩක් ස්තුතියි සහෝ ...............

  29. sajeevi

    thanks a lot

  30. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ සබට.....ඔබ සැමට ජයෙන් ජය

  31. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..................තවත් උපසිරසියකින් හමුවෙමු................

  32. channa

    බොහොම ස්තුතියි උපසිරසියට

  33. kasun

    niyamai mcn ela..Dan nam meka sira story wage feeling 1k tiyenne....

  34. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ ඊයේ රෑ බැලුවත් කොමන්ට් එකක් දාන්න දැන් තමයි ආවේ :D මේ පාර නම් මකරු නටන හැටිත් දැකගත්තා තවත් නැට්ටුවෝ ටිකක් දුවන හැටිත් දැකගත්තා.. ස්ටැනිස් ගැන නම් කලකිරුණා :( රතු හැට්ට කාරීත් කතාවේ මැරෙන්න ඕනේ ලයිස්තුවේ අංක &gt;&gt; 3 ට දාගත්තා :( මේ ලිපි පෙලටත් බොහොම ස්තුතියි !! :) ලිපි ඔක්කොම අකුරක් නෑර කියෙව්වා &gt;&gt;

  35. D.Chamara

    denakan balagena hitiya sahoo niyamai thanks anthima kotasatha ekmanata gemo jaya...

  36. Kavinda

    Royli ayya oya wat the return eke last 10 ep eka depan “ගයාන් රූකාන්ත”ta mokada une kiyla hoyala balanna

  37. Thisara

    ane aiye hamadama puluwan tharam ikmanata denna........api monday ude 8 ta torrent 1 balaa balan inne aiya sub1 denakan.

  38. avishka

    thnx aiye sub 1ta

  39. sameera7

    Thnxs royle aiya.denakan balan idiae!!!

  40. Anymouse

    Thanks Bro ..

  41. upendra

    thanks..

  42. Ruchira

    sub 1ට වගේම ලිපියටත් බොහෝම ස්තුතියි.......

  43. theekshanax

    ගොඩාක් ස්තුතියි.නියමයි රොයිලි අයියේ

  44. SHEHAN

    thanks royli aiye... aiyage lipiyanam niyamaii...

  45. sampath

    thanks macho..... thanks

  46. සඳුන් ආර් විමලවීර

    රොයිලි අයියේ සබ මල් හතයි..ඇයි ලිපියත් පට්ට..
    ඇයි එන සතියේ දිග ලිපිය නැත්තේ??
    මේ සතියේ පොතට පිටින් මහා අලුගුත්තේරු වැඩක් ෂෝ එක හදපු එකා කලානේ..
    ඇත්තටම ශිරින් බැරතියන් ගින්නට බිලි කිරීම අන්තිම පහත් වැඩක්..
    ස්ටනිස්ට තියෙන ප්‍රේක්ෂක ගව්රවය නැතිවෙලා යනවා අනිවාර්යයෙන්..
    පොතට පිටින් යන එක හොඳ වුනත් මේ වැඩේ නම් අනුමත කරන්න බෑ..
    සන්සා දුෂණයට ලක් වීම එච්චර අවුලක් නෑ..ඒත් කුඩා ළමයෙක් දෙමව්පියන් විසින් මරා දැමීම??

    1. Gamith Indrika

      ශිරින් බැරතියන් කියන්නේ Grayscale (ජොරාට බෝවුන ලෙඩේ) හැදිලත් ජීවත් වෙන්න වාසනව තිබ්බ කෙනෙක් නේද? අපරාදෙ එහෙව් ජීවිතයක්......

  47. rasanga

    thanks royli aiye…

  48. harsh

    බෙහොම ස්තූතියි සහෝ.. සබ් එකට වගේම ලිපියටත්..!

  49. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    වාව් වාව්.
    සුපිරියි, නියමයි රොයිලි අයියේ.
    එපිසෝඩ් එක නම් සුපිරිම සුපිරි..
    පාන්දරම සබ් එක අරන් එපිසෝඩ් එක බැලුවා.
    බලලා ඉවර වෙලා තමා ලිපිය කියවලා කමෙන්ට් එක දාන්න ආවේ.
    සදුන් විමලවීර අයියා කියලා තියෙනවා වගේ ශ්‍රින් බැරතියන්ව බිලි දීම කොහොමත් අනුමත කරන්න බැරි දෙයක්.
    ඒ වගේම ස්ටැනිස් කාරයා මෙවන් පහත් වෙයි කියලා හිතුවේ නෑ.
    ඒ බිලි දීම කෑල්ල ප්‍රේක්ෂකයන්ගෙ නෙතට කදුලු එන්න අනිවා සලස්වලා ඇති.
    හම්මේ, මීරීන් වල වෙච්ච දේ සුපිරියි.
    ගොඩ දෙනෙක් ඊට ආසන්න සිද්ධියක් වෙයි කියලා ගියවර කොටසින් පස්සේ අනුගමනය කරලා තිබ්බ බව ඇත්තක්.
    ඇත්තටම ඒ සිද්ධිය මට බර හිතට ඇල්ලුවා.
    ඩැනේරිස් අක්කා නැවත නැවතත් මකර මව කියලා මෙයින් අනාවරනය උනා.
    ඒ වගේම ඉතිරි මකරු දෙන්නත් කරලියට බැස්සා නම් තව තවත් සුපිරි වෙයි.
    ලබන සතිය කොටස "මදර්ස් මර්සි" කියලා නම් කොරලා තියෙන්නේ.
    ඒ අනුව සර්සිට දයාව ලැබෙයිද?
    නැත්නම් මකර මවගේ කෝපය හාර්පි පුතුන්ට ලැබෙයිද?
    අන්තිම කොටසේ මීරීන් අලුත් නගරයක් වෙයිද?

    ලබන සතිය වෙන තුරු බලා සිටිමි

    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!
    ලිපියටත් ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!
    එහෙනම් "මදර්ස් මර්සි" කොටසින් හමුවෙමු....

    1. Gamith Indrika

      මට නම් හිතෙන්නෙ "මදර්ස් මර්සි" කියන්නෙ
      1. මකර මව අනිත් මකරු දෙන්න නිදහස් කරයි හෝ
      2. ශිරීන් බැරතියන් ගෙ මව රතු හැට්ට කාරිට දෙන සමාව හෝ
      3. ජොරාට මකර මවගෙන් ලැබෙන සමාව වෙන්නත් පුලුවන්
      4. එහෙම නැත්නම් සර්සි මාජරීට සමාව දීලා එය ගැලවෙන්න හදනව වෙන්නත් පුලුවන්. කියන්න බෑනේ කතාව Twist වෙන විදිහට.

  50. Prabath

    thx macho

Load more comments