Watch Trailer

Game of Thrones [S6E02 – Home] with Sinhala Subtitle (18+) | ගෙදර යමු. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස හැමෝම බලන්න ඇතිනේ. වෙච්ච දේවල් ගැන ලියන්න ඕනද? ඕනා කියලා කමෙන්ට් වලින් කියනවනම්, ලබන සතියෙ ඉඳන් ලියන්නම්. බලමු බලන්න අදහස් කියමු බලන්න. එතකම් අපි ගිය සතියේ කොටසටත් සම්බන්ධව ලියවෙච්ච විශ්වනාත් සහෝගෙ වටිනා ලිපිය ගැන බලමු. අමතක නොකර විශ්වනාත් අයියටත් ස්තූති කරන්න. නැව් දසදහසක් – ඩෝන් වල…

Game of Thrones S6P2

ගිය සතියේ කොටස හැමෝම බලන්න ඇතිනේ. වෙච්ච දේවල් ගැන ලියන්න ඕනද? ඕනා කියලා කමෙන්ට් වලින් කියනවනම්, ලබන සතියෙ ඉඳන් ලියන්නම්. බලමු බලන්න අදහස් කියමු බලන්න. එතකම් අපි ගිය සතියේ කොටසටත් සම්බන්ධව ලියවෙච්ච විශ්වනාත් සහෝගෙ වටිනා ලිපිය ගැන බලමු. අමතක නොකර විශ්වනාත් අයියටත් ස්තූති කරන්න.

නැව් දසදහසක් – ඩෝන් වලට Prince තනතුර ආ හැටි

අපි දන්නවා ව’ලීරියා කියල කියන්නෙ ඉතා ප්‍රබල කලාපයක් වෙලා තිබුණා මීට කාලෙකට ඉස්සෙල්ල. ව’ලීරියාවට ව්‍යවසනයක් වුණාට පස්සෙ තමයි එහි සිටිය ප්‍රබල නිවාසයක් වුණ ටාගේරියන් පරම්පරාවේ ඒගොන් තම සොයුරියන් දෙදෙනා එක්ක වෙස්ටරෝස් ඇවිත් එය යටත් කරගත්තේ. එගොන් එන්නත් වර්ෂ 700කට කලින්, ව’ලීරියාව ප්‍රබලව පවතින කාලයේ සිටිය වීර කාන්තාවක් ගැන තමයි අද මේ ලිපිය. ඇය නමින් නිමේරියා. ඔබට මතක නම්, ආර්යා ස්ටාක් පළවෙනි කතා මාලාවේ ඇයගේ වෘකයාගෙ නම විදිහට යෝදා ගත්තෙත් නිමේරියා කියන නම. ඒ නිමේරියා කියන මම මේ ලියන්න යන කාන්තාවගේ වීරත්වය ගැන ආර්යා අහල තිබුණු කතා නිසා. මේ විදිහට ඉතිහාසයේ මතක් කරන්න විතරක් නෙවෙයි, “ඩෝන්”වල සම්ප්‍රදායන්වලට වෙනස්කම් කරන්න පවා ඇයගෙ වීරත්වය හේතුවක් වුණා. හැබැයි ඇය ඉපදුණේ ඩෝන් වල නෙවෙයි. ඇය ඉපදුණේ Ny Sar නමින් එසෝස් වල රෝයිනාර් කලාපයට අයත් නගරයක කුමාරිකාවක් (Princess) විදිහට. කොහොමද එසෝස් වල හිටිය මේ කුමාරිකාව ඩෝන් වලට බලපෑමක් වුණේ?

කතාව පටන් ගන්නෙ රෝයිනාර් කලාපයෙන්. මේ කලාපෙ හිටිය මිනිස්සු රෝයින් මහා ගංගාව ආශ්‍රයේ තම නිවාස සාදාගෙන හිටිය මිනිස්සු. රෝයින් කියල කියන්නෙ game of thrones කතාවට පාදක වන ලෝකයේ විශාලම ගංගාව. රෝයිනාර් කලාපයේ මිනිස්සු ඉතා සතුටින් සහ යහතින් ජීවත් වුණ පිරිසක්. ඔවුන්ගෙ නගර ස්වයංපෝෂිත පොහොසත් නගර. ඔවුන් කවදාවත් තම ගංගාවේ මානයෙන් ඈතට යන්න උත්සහ කරෙත් නෑ. ගඟ අසබඩමයි ජීවත් වුණේ.

1

ටිකක් පැහැදිලි වෙන්න උඩ පින්තූරය බලන්න. වමටම වෙන්න තියෙන්නෙ game of thrones බොහෝ සිදුවීම් සිදු වෙන වෙස්ටරෝස්. එයට නැගෙනහිර දිශාවෙන් මුහුදෙන් වෙන් වෙලා තියෙන මහාද්වීපය තමයි එසෝස් කියල කියන්නෙ. මම කළු පාටින් ලකුණු කරලා තියෙන්නෙ රෝයිනාර් කලාපය. රතු පාටට තියෙන්නෙ වොලන්ටිස් කියන කලාපය. කොළ පාටට තියෙන්නෙ ව’ලීරියා කියන කලාපය. නිල් පාටට ලකුණු කරලා තියෙන්නෙ ඩැනේරිස් ටාගේරියන් පාලනය කරමින් සිටිය මරීන් නගරය. රෝයිනාර් කලාපය දිහා බැලුවම බලාගන්න පුළුවන් රෝයින් ගංගාවේ අතු බෙදී තියෙන ආකාරය.

ව’ලීරියා කලාපයේ හිස ඔසවමින් තියෙන කාලයේ, එහේ ඉඳන් වෙළදාමට හෝ වෙනත් වීරක්‍රියා හොයාගෙන මිනිස්සු රෝයිනාර් කලාපයට සංක්‍රමණය වෙද්දී, ඔවුන්ව කිසි ගැටුමක් නැතුව බාර ගැනුණා. අලුතින් ආපු මිනිස්සුත් මේ විදිහට රෝයිනාර් කලාපයේ තමන්ට ඉඩකඩ හදාගෙන ජීවත් වෙන්න පටන් ගත්ත. ඒත් කාලයක් යන්න යන්න ඔවුන්ගෙ ප්‍රමාණය වැඩි වුණා. පසු කාලීනව රෝයිනාර්වල ඉස්සර ඉඳන්ම හිටිය මිනිස්සු, තමන්ගෙ උඩ පරම්පරාව කරපු වැරැද්ද ගැන පසුතැවිලි වුණා. මේ විදිහට දෙපිරිස් අතර ගැටුම් ගණනාවක්ම ඇති වුණා. නගර ගිනි ගනිමින්, මිනිස්සු වහලුන් බවට හරවාගනිමින් තත්ත්වය හැරුණා ශෝචනීය අතකට. මේ ගැටුම් වල තිබුණ එක ස්වභාවයක් වුණේ, රෝයිනාර් Princeවරුන් (ඒ කලාපයේ පාලකයන් හැඳින්වූවේ Prince සහ Princess යනුවෙන්) තමන්ගෙ ආඩම්බරකම් නිසා තනිව සටන් කරත්, ව’ලීරියා කොලනි එකට එකතු වෙලා තමයි පහර දුන්නෙ. එක යුද්දෙකිදී මකරුන් සමග ව’ලීරියා ප්‍රභූවරු පවා එක් වුණා ඔවුන්ගෙ මිනිසුන්ට උදව් කරන්න.

2

මේ වගේ අඳුරු කාලයක් ඇවිත් තිබෙන කාලයේ රෝයිනාර් ප්‍රධාන නගරවල Princeවරු තමන්ගෙ යුද ශක්තිය එකතු කරලා ව’ලීරියා මිනිසුන්ගෙ යුද ශක්තියට විරුද්ධව සටන් කරන්න කතා වුණා. ඒත් මම මේ ලිපිය ලියන Ny Sar වල Princess නිමේරියා එයට එකඟ වුණේ නෑ. “මේක අපිට දිනන්න පුළුවන් යුද්ධයක් නෙවෙයි, මේකෙන් වෙන්නෙ මගේ මිනිස්සු ඝාතනය වෙන එක, එහෙම නැත්නම් ඒ අය වහලුන් විදිහට අරගෙන යන එක”, ඇය කිව්වා. නමුත් අනිත් නගරවල Princeවරු, ඇතැම් ඇයගේම යුදකාමියන් එකට යුද කිරීමේ අදහසට එකඟ වුණා. ඒ නිසා අවසානයේදී නිමේරියත් එකඟ වුණා.

Chroyane (ක්‍රෝයේන්) වල ගැරින් (Garin) කියන Prince යටතේ එසෝස් වල එතෙක් දුටු විශාලම හමුදාව එකට එකතු වුණේ ඒ විදිහට. සම්පූර්ණ සේනාව ලක්ෂ තුනක් පමණ වුණා. රෝයින් ගඟ බඩ සිටි, කඩුවක් එසවිය හැකි සෑම කෙනෙක්ම ව’ලීරියා සංක්‍රමණිකයන්ගෙන් තම කලාපය බේරා ගන්න යුද පෙරමුණට ආව. මුලින් ඔවුන් විශිෂ්ට ජය ලැබුවා. ඔවුන්ගෙ කලාපවලින් ව’ලීරියා පිරිස් එළවා දැමුවා. ඔවුන්ට විරුද්ධව සටන් කළ මකරුන් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙක්ම මරා දමන්නටත් ඔවුන්ට හැකි වුණා. රෝයිනාර් හමුදාව ටිකෙන් ටික වොලන්ටිස් වලට ළඟා වෙදිදි, ව’ලීරියා පුරයට මිත්‍ර වොලන්ටිස් නගරයේ ප්‍රභූවරුන් බියෙන් වෙව්ලුවා.

එතකොටයි මකරු ආවේ. රෝයිනාර්වරුන් කලින් පරාජය කළා වගේ මකරුන් තුන්දෙනෙක් නෙවෙයි. මකරුන් තුන් සියයක් විතර. ගිනි විහිදුණා. මිනිසුන් දහස් ගණනින් මිය ගියා. ගින්දරෙන් බේරෙන්න රෝයින් ගඟට පැනපු මිනිසුන් එහි ගිලී මිය ගියා. ගඟේ වතුර ලේ වලින් රතු පාට වුණා. ව’ලීරියා සේනාව ගැරින් Princeව අල්ලලා, ඔහුට ඔහුගේ මිනිසුන්ට වෙන දේ බලාගෙන ඉන්න සිද්ධ කරා. ඉන් පසුව ව’ලීරියා සේනාව නැවත ගංගාව දෙපස උතුරු දිශාවට ගමන් කරා එහි නගර විනාශ කරමින්. මේ හැම දෙයක්ම ගැරින් Princeට ජංගම සිර කුටියක සිට බලාගෙන ඉන්න වුණා.

3

සඳහන් වෙන විදිහට මේ වෙලාවෙදි ගැරින් කුමාරයා සාපයක් කරලා තියෙනවා. එදා රෑ රෝයින් ගංගාව විශාල ලෙස පිටාර ගැලුවා. ඒ එක්කම භයානක දුමක් ඇවිත්, ව’ලීරියා හමුදා සේනාව greyscale කියන ලෙඩින් මිය යන්න පටන් ගත්ත.
(ටිරියන් සහ ජෝරා මෝමොන්ට් මේ රෝයින් ගංගාවෙන් එමින් සිටියදී, greyscale සෑදුණු මිනිසෙක් ජෝරා ගෙ අත සීරුව නිසා දැන් ඔහුටත් ක්‍රමක්‍රමයෙන් මේ රෝගය බෝ වෙමින් තිබෙනවා. එය සුව කිරීම අපහසු රෝගයක් වන අතර, ඔවුන් ගල් පිළිමයක් වැනි මිනිසෙක් බවට පත් වෙන නිසා stoneman ලෙස සමාජයෙන් පිටමං කරනු ලබනවා. එහෙම පිටමං කරන මිනිස්සු මේ ගඟ අසබඩ දැන් ජීවත් වෙන්නෙ. ස්ටැනිස් බැරතියන් ගෙ දුව වූ ශරීන්ටත් මේ රෝගය සෑදුණු අතර ඇය කුඩා කාලයේදී එම රෝගය ඇඟ පුරා ව්‍යාප්ත වීම නවත්වනු ලැබුවෙ විශාල වෙහෙසක් දරල.)

4

ගඟ දිශාවෙන් උතුරට වෙන්න, Ny Sar වල Princess නිමේරියාට මේ විනාශය ගැන ආරංචි වුණා. ඇය තමන්ට හොයාගන්න පුළුවන් සියලුම නැව් සහ බෝට්ටු අරගෙන ඉතිරිව සිටි ළමුන් සහ ගැහැණු ඒවායේ දාගෙන පිටත් වුණා. (බොහෝ පිරිමි හිටියේ නෑ මොකද ඔවුන් යුද්ධයට ගිහින් විනාශ වෙලා). ඇය ගමන් කරද්දී ඔවුන්ට ගඟ දිගේ පාවී එන මළකඳන් දහස් ගණනක් අහු වුණා. ව’ලීරියා හමුදාවන්ට අහු නොවෙන විදිහට ඇය වෙනත්, වැඩි පුර පාවිච්චි නොකරන ඇල මාර්ග වලින් මුහුදට ගියා. පුරාවෘත්ත වලට අනුව නිමේරියා නැව් දස දහසක් අරගෙනයි මේ විදිහට ගිහින් තියෙන්නෙ. මේ හැම එකක්ම මුහුදෙ යන්න සුදුසු ඒවා වුණේ නෑ. සමහර ඒවා ගඟක යන්න, මසුන් මරන්න යන්න පුළුවන් බෝට්ටු, පාරු. මේ විදිහට පලා යෑමෙන් ඇය උත්සහ කරේ ඇයගේ ජනතාවට ව’ලීරියා සහ මකර තර්ජනයෙන් ඈත නව ප්‍රදේශයක් හොයාගන්න.

5

නිමේරියාගේ ගමන පහසු එකක් වුණේ නෑ. පළමු කුණාටුවෙන්ම ඇයගේ යාත්‍රා සිය ගණනක් මුහුදුබත් වුණා. සමහර ඒවා හැරිලා ගියා. ඔවුන් වහලුන් ලෙස අත්අඩංගුවට ගැනුණා. සමහර යාත්‍රා මග හැරී අතුරුදහන් වුණා. ඉතිරි වී තිබුණු නැව් සහ අනිත් යාත්‍රා Basilisk Isles කියන කලාපයට ගොඩවැදුණා. එහි හිටිය පාලකයන් ඔවුන් අතර යුද්ධ ගැටුම් නවත්වල මේ නැව් තම ආක්‍රමණයට ගන්න ආව. ඔවුන් නැව් කිහිපයක්ම ගිනිබත් කරා. අවසානයේදී එහි පාලකයන් වෙරළ තීරයේ නිමේරියාට සහ ඇයගේ ජනතාවට පදිංචි වෙන්න අවසර දුන්න. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ ඔවුන්ගේ බෝට්ටු මේ පාලකයන්ගෙ යටතට දීල, හැම අවුරුද්දෙම මේ පාලකයන්ට කන්‍යාවන් තිහ ගානෙ එවන්න. ඒත් නිමේරියා මේ කොන්දේසියට එකඟ වුණේ නෑ. ඇය ඇයගේ ජනතාව අරගෙන ආයෙ නැව් වලින් පිටත් වෙන්න පටන්ගත්ත. ඒ Sothoryos වල හුමාලය පිටවෙන වනාන්තර ඇතුළේ පදිංචි වෙන්න හිතාගෙන. බොහෝ දුෂ්කර වුණත්, මේ කලාපයේ විවිධ ස්ථානවල ඇයගේ ජනතාව පදිංචි වුණා. රන්, රිදී, මුතු මැණික්, සහ විවිධ පලතුරු වර්ග මේ කලාපයේ තිබුණත් ඔවුන්ට මෙහේ ඉන්න පුළුවන් වුණේ අවුරුද්දක් වගේ කාලයක්.

6

විවිධ ලෙඩ රෝග වර්ග මේ ජනතාව අතර පැතිරෙන්න ගත්ත. ගංගාවේ වතුර පවා විවිධ පණුවන් සහ ලෙඩ රෝග වලින් බහුල එකක් වුණා. ස්ථාන දෙකකට වහල්ලු දඩයම් කරන අය පහර දීල ඒ මිනිසුන්ව වහලුන් විදිහට අරගෙන ගියා. නිමේරියා ඇයගේ ඉතිරි ජනතාව අරගෙන මේ කලාපයෙනුත් ඉවත් වෙලා ගියා. මේ විදිහට අවුරුදු තුනක් විතර ඇය ඇයගේ ජනතාව සමග තැනින් තැනට ගියා. එක තැනක ඔවුන්ට ආහාර හොයාගන්න ප්‍රශ්න තිබුණොත්, තව තැනකින් ස්වභාව ධර්මයෙන් හානි වුණා. එක අවස්ථාවක ඔවුන් එක්ක හිටිය රුස්කෙලා කියන පූජිකාවක් කිව්වම රෝයින් මව තමන්ට කතා කරනවා කියල, ඇයත් එක්ක එක පිරිසක් ඔවුන්ගේ මුල් ගම්බිම් බලා පිටත් වුණා. ඒත් එහිදී ඔවුන් ව’ලීරියා හමුදාවට අහු වෙලා එක්කො මිය ගියා, එහෙමත් නැත්නම් වහලුන් බවට පත් වුණා.

මේ හැමදෙයින්ම හෙම්බත් වුණ නිමේරියා සහ ඉතිරි පිරිස වෙස්ටරෝස් දකුණු කලාපය බලා පිටත් වුණා. ඔවුන් හැම කෙනෙක්ම “ඩෝන්” (Dorne) වලට ළඟා වුණේ නෑ. සමහරු එසෝස් වල වෙරළ කලාපයට ගහගෙන ගිහිං, එහි වහලුන් බවට පත් වුණා. සමහරු Stepstones වලට ඇවිත් එහි පදිංචි වුණා. අදටත් Stepstonesවල මේ මිනිසුන්ගෙන් පැවත එන පිරිස් ඉන්නවා. නිමේරියා සහ පිරිස ආවේ ඩොන් වල Sandship කියන මාටෙල් (Martell) නිවසට අයිති කලාපයට සමීපයට. මේ කාලයේ ඩෝන් එතරම් ප්‍රබල කලාපයක් නෙවෙයි. එහි කලාපවල පාලකයන් එකිනෙකා අතර සටන් කරගනිමින් හිටියෙ. ඔවුන් මේ රෝයිනාර් ජනතාව දුටුවේ කරදරයක් විදිහට. ඒත් Sandship පාලකයා වුණු මෝස් මාටෙල් මෙය දුටුවේ හොඳ අවස්ථාවක් විදිහට. ඔහු දැනගෙන හිටියා මේ පිරිසෙන් බහුතරයක් ගැහැණු වුණාට, රෝයිනාර් සම්ප්‍රදායන් හැටියට ඔවුන් හොඳ සටන්කාරියන් කියල. ඒ වගේම කතාවල තියෙනවා තමන්ගේ ජනතාව කරදරවලින් බේරාගන්න මේ තරම් ප්‍රයත්නයක් දරපු නිමේරියා ගැන මෝස් මාටෙල්ගෙ හිතේ ආදරයක් ඇති වුණා කියල.

7

මෝස් මාටෙල් සහ නිමේරියා ගෙ එක් වීමත් සමගම මාටෙල්, ඩෝන් වල ප්‍රබලම නිවාසය බවට පත් වුණා. මෝස් මාටෙල්ගෙ අනෙත් පිරිස නිමේරියා සමග ආ කාන්තාවන් විවාහ කරගත්ත, එහෙම නැත්නම් අනියම් බිරින්දෑවරු ලෙස තියාගත්ත. ඒ විතරක් නෙවෙයි. නිමේරියා සමග ආපු සමහර මායාම්කාරියන්ගෙ බලයෙන් මේ කාන්තාරය වගේ ප්‍රදේශයට වර්ෂාව සහ ජලය ලබාගෙන, ඒ සමග මෙතෙක් දුෂ්කරව තිබුණු ඩෝන් කලාපය සරුසාර වුණා. ඒ විතරක් නෙවෙයි, රෝයිනාර් සම්ප්‍රදාය අනුව ඩෝන් වල ප්‍රධානින් Prince සහ Princess ලෙස හඳුන්වනු ලැබුවා. ඔවුන් ආපු නැව් සහ යාත්‍රා නිමේරියා ගිනිබත් කරා කියලයි සඳහන් වෙන්නේ. ඒ ඉන්පසුව ඔවුන් වෙන කොහෙවත් නොයන බලාපොරොත්තුවෙන්.

මීට ශතවර්ෂ ගණනාවකට පසුව ඒගොන් ටාගේරියන් වෙස්ටරෝස් වල හැම කලාපයකම ආක්‍රමණය කරත්, ඔහුට ඩෝන් කවදාවත් තමන්ගේ යටතට පත් කරගන්න පුළුවන් වුණේ නෑ. මේ කලාපයේ පිහිටීම සහ එහි සටන්කරුවන්ගේ සැඟවී සිට පහරදෙන ස්වභාවය නිසා, ඒගොන් තම උත්සාහය අත් හැර දැම්මා. ටාගේරියන් පාලන කාලයෙදී ඔවුන් විවාහ මගින් මාටෙල් සමග සම්බන්ධකම් තියාගත්ත. II ඒරිස් (Mad King) ගෙ වැඩිමල් පුතා වුණු රේගා ටාගේරියන් විවාහ වුණෙත් එලියා මාටෙල් එක්ක. ඒත් ඇතුළතින්ම ඇති වුණ කැරැල්ලකින් ඩෝරන් මාටෙල්, ට්‍රිස්ටන් මාටෙල් මියගියාට පසුව, ඉතිහාසයේ මාටෙල් පරපුර සම්පූර්ණයෙන්ම අතුගා දමන්න එලරියා සෑන්ඩ් සහ Sand Snakes ගෙ කටයුතු කරා.

8

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – FLEET, PROPER-BATV / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

71,435 downloadsDownload GOT.S06.E02.Sinhala.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

71,435 downloadsDownload Subtitles112 KB

85 comments

  1. isb

    wow ela mama gaththa onna ekenma thxs induru banneheka ;)

  2. Kavi_such

    Ekatama gatta onna thxx sub ekata

  3. Asiri

    Sub වලට බොහොම ස්තූතියි රොයිලි අයියේ.විශ්වනාත් සහෝගෙ ලිපියටත් බොහොම ස්තූතියි.එලම තමයි.ජය වේවා.

  4. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Ishara Ruchiranga

    Ikmanata dunnata bohima sthuthiy aiya.... Thnx thnx thnkxxxxx.....

  6. shehan randika jayathunga

    thanks ayye puluvannam sub aka nil patin danavada

  7. Dish

    Niyamai. anakam balan hitiye aiye tnxxxxx

  8. harsha

    මඟ බලාගෙන උන්නෙ දෙනකල්. උපසිරැසියට බොහොම ස්තූතයි සහෝ..
    කතාව බලනවා තමයි. ඒත් පහුගිය විස්තරේ ලියනවා නම් ආයි කියවන්නෙ බොහොම ආසාවෙන්‍ෙ

  9. Praveen Geeshan

    Thanks රොයිලි සහෝ.........

  10. eranga

    Thank you.

  11. gamage

    thanks sahoo...... mama nam hithanne pahugiya wistharei kathawe podi adahasakui denawanam godak watinawa...... mokada ey tharam iwasillak ne mey kathawa balanakam, thanks roily and wishwanath saho dennatama

  12. John Snow

    මඟ බලාගෙන උන්නෙ දෙනකල්. උපසිරැසියට බොහොම ස්තූතයි සහෝ..

  13. chin

    Thanx sub ekata.ikmanatama dena eka Nam kiyala nima karanna be.saho....

  14. D Chamara

    bohoma sthuthi sahoooo

  15. Rajitha

    Thank you saho.......jayawewa.....!

  16. Isuru Dharshana

    Niyamaaaaiii..wishwanath..aiyaa..niyamai..roili.aiyaa.sub.ekta..thanx...jayawewa

  17. GihanC

    enakan bala bala hiyiye royili ayye...kee parak nam enawa balanawa enawa balanawa ...thank you so much

  18. Sudheera

    niyamai bro...! thanks

  19. Sajeevi

    Thanks

  20. Inusha Ambagahawaththa

    sub eka enakan balahena hitiye..bohoma pin saho.. elakiri kipiyakuth thiyenne.. denata wena siddi gena podi kathawakuth thiyenawanam supiriy.. kohomahari mehema sub denawata godaaaaaaaaaak thanxxx

    1. saji

      mata link ewa ewanna puluwanda saho..tnx

  21. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ දැන් තමයි මේ බලන්න හදන්නේ :) පුලුවන් නම් ගිය සතියේ වෙච්ච දේවල් ගැන සදහන් කිරීමකුත් කරන්න අයියේ එතකොට ඒ මතකයත් එක්කම මේ කොටස බලන්න පුළුවන්.. ඒ වගේම වෙනදා වගේම කතාව ගැන නොදන්නා දේවල් කියා දෙන තරිදු අයියටත් බොහොම ස්තුතියි !!

  22. Heshan

    thanks saho..

  23. Gihan

    මඟ බලාගෙන උන්නෙ දෙනකල්. උපසිරැසියට බොහොම ස්තූතයි සහෝ.

  24. Ruchira

    sub 1ට වගේම ලිපියටත් බොහෝම ස්තුතියි..........

  25. kasun

    pasugiya wistharee ithihaasa kathawath sambanda karala liyanna

  26. lakshan

    maxa

  27. සඳුන් විමලවීර

    ස්තුතියි..රොයිලි හා තරිඳු සහෝලට
    බේලන් ග්රෙජෝයි මිය යාමත් සමග පස් රජ යුද්දයේ සටන් කරපු ජෝෆ්රි,රෙන්ලි,ස්ටනිස්,රොබ්,බේලන් රජුන් පස් දෙනාම අවසන්..
    බෝල්ටන් කාරයට තමන්ගේම අවජාතක අවලන් @#$! පුතාගෙන්ම පිහිපාර කන්න වෙච්ච එක නම් සුපිරි..රොබ්ට ඇන්නා වගේ සමානව හම්බුනා..ඒත් අර @#$% පුතාගේ මිලේච්ඡත්වය හොදටම පෙන්නුවා පස්සේ කරපු වැඩෙන්..
    අලිසර් තෝන්,ඔඊලි,බෝවෙන් මාර්ෂ් මොකට හිර කරලා තියා ගත්තද මන්දා මෙච්චර ගේම ඉල්ලද්දී දෙන්න තිබ්බේ වැඩේ..
    oathbreaker කොටසින් මුණගැහෙමු..ආආආ oathbreaker කියන්නේ තම දිවුරුම කඩ කරලා වනචාරින් ගෙන්නපු මරණින් උත්තානය වුන ජෝන් ස්නොව්ද මන්දා..

  28. channa

    උපසිරැසියට බොහොම ස්තූතයි

  29. devinda gamage

    fatta bro fatta.ty gdk.....

  30. ඉසුරු දිල්ශාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි සහෝ!!!
    ජය!!!!!

  31. Gayan

    Thanks for both of you.jon aya awata uge mokak hari aulak thiyei wage.

  32. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අප්පට, මෙන්න සබ් එක දීලා නොවෑ.
    දැන් නේ දැක්කේ.
    හදිස්සියට ඉක්මනින් බලන්න උනා.
    ඒත් කොහොමත් ආයේ සිංහල සබ් එක්ක කොහොමත් බලනවා නොවෑ.
    අද නම් සුපිරියි, ලබන සතියෙ එක ඊට වඩා එලස් වගේ.
    ස්නෝව් කාරයා බැක් එගෙයි න් එහෙනම්. ''ඒත් අර කොමික් වල වගේ බැක් එගෙයින් කරන අය, ආයෙත් එන්නේ පරන කෙනාමද කියන සැකය තියෙනවා මට නම්.
    බලමුකෝ මොකක් වෙයිද කියලා.
    තරිදු අයියාගෙ ලිපි වලට ගොඩාක් ස්තූතියි.
    රොයිලි අයියාගෙ සබ් එකට ගොඩ ගොඩාක් .
    දිගටම දෙමු.
    ලබන සතියෙ කොටසින් හමුවෙමු එහෙනම්.
    ජයෙන් ජයම වේවා!!!!!!

  33. Sadu..

    රොය්ලි අය්යේ බොහෝම ස්තුතිය් සබ් එකට.මාර ආසාවෙන් බලන කතාමාලාවක්.ඔයා දුන්නු හැම කතා මාලාවක්ම කතා දෙකක් නැහැ සුපිරිය්.
    පහුගිය කොටසෙ විස්තරයක් අනිවාර්‍යෙන් එකතු කරනවනම් ඒක ලොකු දෙයක්. B.s

  34. indika

    බොහොම ස්තුතියි :)

  35. Dilshan Kainga

    තෑන්ක්ස් සහෝ උපසිරසියට...
    ඒ වගේම ලිපියටත් තෑන්ක්ස්.

  36. dila

    giya sathiye wechcha dewal gena liyanna roili aiye.

  37. ආසිරි ප්‍රියන්ත

    හත්වලාමේ, සතියට එක බැගින් චකබ්ලාස්ට් වෙනවා නේ..
    බෝල්ටනාට නම් හොදම වැඩේ, රෝබාටත් කෙලෙව්වේ ඔහොමම නේ.
    ඔක්කොමත්හරි, මොකවත් නොදන්න එකා ආයේ ආවා නේ. ඒත් මමනම් හිතුවේ නෑ ඔයතරම් ලේසියෙන් පොරව ආයේ ගෙන්නන්න පුළුවන් වෙයි කියලා, එව්වා කාරී නෑ, එල කෙල්ලෙක් තමා ඉතිං මෙලිසන්ද්රේ කියන්නේ.
    එහෙනම්, මේ බලලා තමා කමෙන්ටුව දාන්නේ.
    හින්දි ෆිල්ම් වල වගේ ජෝනාට මතක නැති වෙලා තිබ්බොත් මොකෝ?
    පට්ටයි නේ....

  38. Sanath Perera

    බොහොම ස්තූතියි රෝයිලි සහෝගේ උපසිරසටත්; විශ්වනාත් සහෝගෙ වටිනා ලිපියටත්....
    ඊලඟ එපියත් ආව ගමන්ම දෙන්න...
    ජයෙන් ජය ඔබ ද.ෙපලටම...
    :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;)

  39. Danu_wyatt

    Link ekak denna pinwathek innwadaaaaaaaa

  40. මලින්ද

    kauru hari meka downrold karaganna torrent link ekak denna puluwanda sub ekata galapena ekak pls

    1. Heizenberg

      sub ekata thanks.. Eth kathawa balanna thiyena asawata sinhala sub eka enna kalin balenawane :D sinhala sub eka kalin denna puluwannam godak pin :D

  41. Gayan

    Extratorrent eke dala thiyanawa eken gamin torrent file eka

    1. මලින්ද

      elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa machan

  42. Heizenberg

    sub ekata thanks.. Eth kathawa balanna thiyena asawata sinhala sub eka enna kalin balenawane :D sinhala sub eka kalin denna puluwannam godak pin :D

  43. isha

    film ekata link ekak denna Plz

  44. me

    Thanks

  45. Lahiru

    sahodaraya sub ekata thanks. Ennama barithana sub nathuwama episode 2 baluwa. Dan ayeth sub ekath download karagena balanna set wenne.

    And the another question is who is the Oathbreaker. It's
    1.Ser Jemi Lanister -he gives oath to kings guard
    2.Breane of tarth - gives oath to Ser Jemi and Lady Catherine Stark
    3.John Snow - gives oath to Knights watch
    4.Leader of wilderings - not a oath but they have MOU with John snow

    and another oath gives persons
    Arya Stark
    ?
    ?

    my suggestion is John Snow brrak the oath of Knight's watch and he reruns to winterfell with Stanis barathon's army

    I'm sorry brothers I have no sinhala fonts.
    ** GOT history gana liyala thiyana lipiwalata wisthara hoyaganna source ekak denna puluwanda

    Thanks for your Good effert... Jaya wewa

  46. chathura

    ane meka download karaganna torrentz link ekkama dannako. :(

  47. Namal Balasooriya

    torrent aka hoyaganna bari una ayata menna link eka

    magnet:?xt=urn:btih:C181321AE63AAAB3B74B65B5D0F9E55A4D6EBDAC&amp;dn=game+of+thrones+s06e02+1080p+hdtv+x264+batv+ettv&amp;tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&amp;tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&amp;tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fannounce&amp;tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce

    THMKS BISCOPE TEAM!!!!

    1. isha

      thanks .....

    2. sanjaya Bandara

      thanks .... macho . mama download karata wada kaer nha..

  48. රයන් ද සිල්වා

    සබ් එකට තුති රොයිලි අයියා ජය වෙවා.... ඒවගේම විශ්වනාත් අයියට ස්තුතියි හැමදාමත් වගේ මේ වගේ සුපිරිම ලිපියක් අපිට දෙනවට....

    1. රයන් ද සිල්වා

      ආ.... ගිය සතියේ එපියෙ කතාව පොඩ්ඩක් ලිපියේ ලිවුවයි කියලා ඔන්න අපි නම් තරහා වෙන්නැ....

      ............කොහොමත් මම නම් එපිය බලන්න කලියෙන් ලිපිය කියවනවා........

  49. sanjeewa005

    මට මතකයි GOT sub දාපු මුල් කාලේ download කරගෙන තිබුනෙත් පොඩි ප්‍රමාණයක් ... ගොඩක් අය දන්නෙත් නෑ ...මල් case නැති නිසා ගොඩක් අය බලන්නෙත් නෑ බලපන් කිව්වටවත් ...කතාවේ මුල් කොටස් 05 ක් 06 ක් යනකන් තේරුම් ගන්නත් අමාරුයි ...යන්තන් දැන් මෙහෙම හරි බලන audience එකක් ඉන්න එක ගැන සතුටුයි ....

    1. Zeus costa

      දැන් බලන්නෙ 2019 යෙ

  50. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

Load more comments