අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපුබුදු ප්‍රසන්නබලන්නසිංහල උපසිරැසිහින්දි

Gupt: The Hidden Truth (1997) AKA Gupt Sinhala Subtitle | ආදරය අහිමි වුනොත් මුළු ලෝකෙම උනත් විනාශ කරනවා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.2/10. From 6 votes.
Please wait...

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් Comedy, Horror, Drama, Romance වගේ ඛාණ්ඩයන්ට අයත් චිත්‍රපටිවලට sub දුන්නා. ඒත් අද මම ගෙනාවෙ Crime ගණයට අයත් චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ඉසුරු මිනිපා සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය පොඩි කාලේ බලලා තියෙනවා. ඒත් මේකෙ නම නම් දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු තිසර සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ දසවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Gupt: The Hidden Truth (1997) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයට sub කරන්න බාර ගෙන ටික කාලයක් වෙනවා. ඒත් Angulimala (2003) සහ Kodathi Samaksham Balan Vakeel (2019) කියන චිත්‍රපට දෙකට sub කරන්න හිතුන නිසා වගේම time lineවල තිබුන ප්‍රශ්න හදන්නත් ගිය නිසා පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 15 August 1997 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. ඒ වුනාට මේකෙ ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුළත් වෙනවා.

2h 53min ක ධාවන කාලයක් සහිත IMDB අගය 7.3 ක් ගත් මේ සිනමා පටය Action, Crime, Drama ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Rajiv Rai ගෙන්ද, තිර රචනය Shabbir Boxwala සහ Rajiv Rai ගෙන්ද සිදුවී ඇත. රංගනයෙන් Bobby Deol, Manisha Koirala, Kajol, Paresh Rawal, Om Puri යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත් ඉන්දියාවේ ප්‍රසිද්ධ ආණ්ඩුකාර තුමෙකුගේ දෙවනි කසාදේ සාහිල් කියලා සෙල්ලක්කාර පුතෙක් ඉන්නවා. මෙයා හැමදාම බාප්පත් එක්ක වලි. දවසක කිණිස්සක් අතට ගන්න තරමටම වලිය දුරදිග යනවා. ඒක වෙන්නෙ මෙයා පොඩිකාලෙ ඉඳන් ආදරේ කරන ඊශාව කසාද බන්දනවා වෙනුවට ලොකු ව්‍යාපාරිකයෙක්ගේ දුවක් වෙන ශීතල් සාහිල්ට කසාද බන්දවන්න යෑමෙන්. මේ දවසේ රාත්‍රියේදී ආණ්ඩුකාර තුමා ඝාතනයට ලක් වෙනවා. මේකට සාහිල් අවුරුදු 14කට හිරේට නියම වෙනවා. ඒත් මෙයා හිරෙන් පනිනවා. ඊට පස්සෙ ආණ්ඩුකාර තුමාගෙ ළඟම හිතවතෙකු වෙන ඩොක්ටර් ගාන්ධි වත් ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සෙ මේ ඝාතන පිළිබඳව පරීක්ෂණ සිදු කරන උදම් සිං වත් පහර දීමකට ලක් වෙනවා. මේ සිද්දීන් තුනම එක්කෙනෙක් තමයි කරන්නෙ. ඇත්තටම මේ සිද්දීන් කරන්නෙ කවුද? සාහිල්ද? මේ චිත්‍රපටය බලලම තමයි ඒකට පිළිතුර හොයාගන්න වෙන්නෙ. මේ Gupt: The Hidden Truth කියන චිත්‍රපටයේ තේරුම තමයි අභිරහස කියන එක. ඇත්තටම මේ චිත්‍රපටය අවසාන වන තෙක්ම බලන් ඉන්න වෙනවා මේ අභිරහස විසඳ ගන්න නම්. මේකෙ කුතුහලය කියන දේ නම් උපරිමයෙන්ම තියෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

30 thoughts on “Gupt: The Hidden Truth (1997) AKA Gupt Sinhala Subtitle | ආදරය අහිමි වුනොත් මුළු ලෝකෙම උනත් විනාශ කරනවා! [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට..ජයවේවා “”!!””

    Reply
  • SUPIRI MACHAN SUB EKA THANKS

    Reply
  • මෙවැනි ලස්සන සලරැවක් අරන් ආවට බොහොම තුති, ඔන්න එහෙනම් ගත්තා.ලස්සන සිංදු ටිකක් තියෙන ෆිල්ම් එකක්.

    Reply
  • pasindu1990

    Tgank u so much pubidu…puluwan nam priyanka chopra inna ‘Yakeen’ hindi film ekta sub krnna

    Reply
  • sub eka baiscop video ekata gelapenna heduwada pubudu.ikmanata denna puluwanda.

    Reply
    • pasindu1990

      Sub eka hadlda bn

      Reply
    • pubudu prasanna

      අද දවස ඇතුළත කොහොමහරි සබ් 1 හදලා දානවා.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • pasindu1990

      Mchn meke sub eka baiscope eke dila tyna vedio ekta hdala denwda plz….nettan blnna widiyk nene

      Reply
  • pasindu1990

    gdak thankz machan sub ekata.ath meke baiscope eken gatta vedio ekata sub eka match wenne nene..you tube oya gatta ekath downld karanna be den..mkda karnne ethakota

    Reply
    • pubudu prasanna

      මං බයිස්කෝප් එකේ වීඩියෝ පිටපතටත් ළඟදීම සබ් හදලා දාන්නම්. මං ටිකක් අසනීප තත්ත්වයකින් ඉන්න නිසා දවස් 2ක් විතර යයි.

      Reply
      • pasindu1990

        Sub eka heduwada bro

        Reply
  • sub eka video ekata gelapenne nehe brother.niwaredi karanna.video file eka gaththeth baiscop ekenma thamai.match wen nehe sub eka.please reply

    Reply
    • pubudu prasanna

      මම you tube එකේ 2:35:49 Gupt (1997) Superhit Movie 1080p Full HD || Bobby Deol, Manisha Koirala & Kajol කියන විඩියෝ පිටපතට තමයි මේ sub 1 ට කරේ. මං ඔයා අරගෙන තියෙන විඩියෝ පිටපතටත් ළඟදීම sub 1 හදලා දාන්නම්.

      Reply
      • hoya ganna ba video eka

        Reply
  • TNx bro sub ekata..harima lassnai me film eka..❤️❤️❤️puluwannm boby ge (kismat) film ekata sub dena..

    Reply
  • nipun gunasekara

    ela hindi 90s film walata thawa sub demu hode

    Reply
  • thank macho pattama music thiyen lassanama film ekak e wagema kiyanna one meken thamai boby deol hindi sinamawata pa thabuwe,

    Reply
  • Rashiiddamalgoda

    thanx bro. mm asama naluwek thamai boby deol, boby deol ge film walata sub denna puluwannam. loku deyak . api podi dawas wala sirasa tv ake dawalta giya oya hema akakma baluwa kochchara baluwath apa wenna. digatama karagena yamu. b,s.

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Isuru minipa

      Thanks broo supiri film ekak podi kale beluwe den apahu balanawa puluwannam Deewange 2002 film ekak denna thanks broo meka dunnata

      Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho sub ekata….
    Jaya wewa.!

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
    Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
    • tHnx sub ekata

      Phir se…-2018(jennifer winget රන්ගපන netflix hindi film) mekath sub dennako

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *