අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඇනිමේෂන්එළචිත්‍රපටිජපන්තීරණය ඔබේනවෝදනී තිළිණිනාට්‍යමයපවුලේ සැමටබලන්නවර්ගීකරණය නොකළවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Hal (2013) AKA Haru with Sinhala Subtitles | ඈතට ගියේ ඔබයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 26 votes.
Please wait...

මෙන්න මං තුන් වෙනි සබ් එකත් අරන් ආවා. මගේ කලින් සබ් දෙකට සුභ පතපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි කියලා මුලින් කියන්න ඕනේ. ජපන් ඇනිම් වලට ටිකක් ඉල්ලීම් තිබ්බ නිසා තුන්වෙනි සබ් එක විදිහට Hal (2013) කියන ලස්සන ඇනිම් ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවා.

මේ ෆිල්ම් එක ගැන දැන් මං විස්තර කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරන්නේ රියෝටොරෝ මකිහරා කියන අධ්‍යක්ෂක වරයා. විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි ඇතුළත් වෙන්නේ. ඇනිම් නිවුස් නෙට්වර්ක් එකේ තේරෝන් මාටින් මේ ෆිල්ම් එක B+ කියලා වර්ග කරලා තියෙනවා. ඒ වගේම ඔහුට අනුව මේ ෆිල්ම් එකේ හැඟීම් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න පැයක් වැනි කාලයක් හොඳටම මදිලු. මොකද මේකේ දාවන කාලය හරියටම පැයයි. තව මේ ෆිල්ම් එකේ ඇනිමේෂන්, සවුන්ඩ්ස්, මෝෂන් හැම එකකටම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ කතාව. අනපේක්ෂිත සිදුවීම් රැසක් ඇතුළත් මේ ඇනිම් එකට IMBd ⁣රේටින්ග් 6.9 ක් තියෙනවා.

මේ කතාවට පසුබිම් වෙන්නේ තාක්ෂණය දියුණු කාලයක ජීවත් වෙන පිරිමි ළමයෙක් ගැන. එයාගේ නම හල්. කතාව පටන් ගන්නකොටම ප්ලේන් අනතුරකින් හල් මැරෙනවා. මං කිව්වනේ තාක්ෂණය දියුණු යුගයක් කියලා. ⁣ඒ කියන්නේ මේකේ රොබෝලත් ඉන්නවා. මේ සිද්ධියෙන් හොඳටම බලපෑම වෙන්නේ හල්ගේ පෙම්වතිය කුරුමිට. කුරුමිව හොඳ කරගන්න කුරුමිගේ සීයා හල් විදිහට හදපු ⁣රොබෝ කෙනෙක්ව කුරුමිගේ ගෙදරට යවනවා. මේ හල් ⁣රොබෝගේ කාර්යය වෙන්නේ කුරුමිව බලාගන්න එක. කුරුමිව බලාගන්න අතරේ හල් ⁣රොබෝට ඇත්ත හල්ගේ ජීවිතේ ⁣අඳුරු පැත්ත හොයාගන්න හම්බෙනවා. එයා ඒ ගැන දුකෙන් ඉන්නේ. ඒත් මෙහෙම ඉන්න කොට හල් දැනගන්නේ මෙච්චර කල් එයා හිතපු විදිහ වැරදියි කියලා. මෙතනදි කතාව සම්පූර්ණෙන් අනික් පැත්ත හැරෙනවා. ඉතින් මොනාද හල් මෙච්චර කල් හරි කියලා හිතන් ඉන්නේ?, මොකක්ද එයාට වැරදුනේ? මොකක්ද හල්ගේ ජීවිතේ අඳුරු පැත්ත? මේ ටික තේරුම් ගන්න ෆිල්ම් එක බලලම ඉන්න. ඔයාලා මේකත් රසවිඳියි කියලා හිතනවා 😄😄

 

Hal (2013) on IMDb
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත සදහා උපසිරැසි ගොනුව බලන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

30 thoughts on “Hal (2013) AKA Haru with Sinhala Subtitles | ඈතට ගියේ ඔබයි [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • koreankolla

    thanks akke sub ekata :*

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසට ජය දිගටම කරමු එකම කැම්පස් එකේ කෙනෙක් ඉන්න එක ගොඩක් ආඩම්බරයි
    ජය

    Reply
  • පිස්සු හැදෙනවා …anime වලට විතරක් ඔබ දිගටම sub දෙන්න ..මේවා හදවතට දැනෙනවා පුදුම විදියට …ඔබට බොහොම පිං

    Reply
  • අනේ අපිට rick and morty බලන්න කුලපතිතුමනි කැම්පස්එකෙ අවුරැද්දක් නිවාඩු දෙන්න හාද

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • Thanx sub ekata.godak lassana kathawak .

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • බොහොම ස්තූතී සබ් එකට. මම නම් ඇනිමෙ මල් කථා බලන් නෑ.

    Reply
  • Thxx sub ekata.kauru monawa qwath oya digatama mewama denna.mokada me niramana gunathmakai.kattiya mewata echchra kamathi natiwa athi.kohmath hoda ewata ellumak nah ne ada.anika mewa nobalana ayath meke wena wena ewa ellannr nathuwa ewata sab hadana ayagen ellanna.

    Reply
  • Thanks for the sub sis 🙂

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.මෙහෙම තමයි වෙන්න ඕන.
    ගොඩක් ස්තූතියි මේ කරන කැපවීමට
    දිගටම anime වලට සබ් කරන්න කාලය,දිරිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා
    කරනවා.ජය!

    Reply
  • Sajith thilakarathne

    sub ekata thanks sis Korean ekak puluwannam dennako

    Reply
  • KAVINDA GAMAGE

    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි

    Reply
  • අසිත

    ඔයා සබ් මැෂිමක් නේ..
    තෑන්ක්ස් හොදේ…

    Reply
    • අසිත

      Kiki’s Delivery Service (Majo no takkyubin) (1989) එකටත් සබ් දෙන්න..

      Reply
      • අසිත

        ekath ehemada?
        thnaks e niwduwa api wenuwen waya karanwata

        Reply
  • Udara Damith B/K

    `~~~~~~~~ උපසිරසට ස්තුතියි ~~~~~~~~~~~~~\
    ……..ඔන්න ඩවුන්ලෝඩ් වේන්ඩ දැම්මා…………………
    ………………………………………………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *