අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑන්.විජිත අසංකඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නවික්‍රමාන්විතසත්‍ය කතාසිංහල උපසිරැසි

Jungle (2017) with Sinhala Subtitles | මහ වනයක අතරමංව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 318 votes.
Please wait...

එන්.විජිත අසංක වන මගේ පනස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 ඔක්තෝබර් මස 20 වැනි දින තිරගත වීම ආරම්භ වුනු Action, Adventure, Drama වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 105 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Greg McLean නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක්.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපට මාලාවෙ හැරී පෝටර්ගෙ චරිතය හරහා අප කාගෙත් ආදරය දිනාගත් Daniel Radcliffe නම් නළුවයි. ඊට අමතරව Thomas Kretschmann, Alex Russell, Lily Sullivan සහ Joel Jackson ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.

බොලීවියාවෙ වනාන්තරයක පිහිටි රතු ඉන්දියානු ගමක් සොයා යන මිතුරන් තිදෙනෙක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා හට වනාන්තරය තුළදී මුහුණදීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වනාන්තරයක් කිව්වම අපිට හිතෙන්නෙ එතනදි ලොකුම අනතුර තියෙන්නෙ මාංශ භක්ෂක වන සතුන්ගෙන් කියලනෙ. නමුත් ඊට වඩා අනතුරුදායක දේ වනාන්තර තුළ තිබෙන බව මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අපට පැහැදිළි වෙනවා. හොඳයි එහෙනම්, කම්මැලි නැතුව බලන්න පුළුවන් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. අඩුම ගානෙ අපේ කැපවීම වෙනුවෙන් Vote එකක්වත් දාල යනව නම් හොඳයි.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

Jungle (2017) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/N.VijithaAsankaNew.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

165 thoughts on “Jungle (2017) with Sinhala Subtitles | මහ වනයක අතරමංව [සිංහල උපසිරැසි සමඟ]

    • Sanupa Ranmeth - Admin

      Fixed 🙂

      Reply
  • බොහොම ස්තූති සබට සහො! ජය

    Reply
  • නියමයි. ජයවේවා

    Reply
  • Shan Pramod

    ඉතාමත් හොඳ උපසිරසියක්. ගොඩක් ස්තූතියි.

    Reply
  • Damith Manatunga

    පට්ට, ගැලපෙන සිංහල දෙබස් යොදාගෙන තියෙනවා. සුබ පතනවා ඉදිරි වැඩ කටයු වලට!!!

    Reply
    • සුපිරි හොදට කරලා තියෙනවා thanks!

      Reply
  • ela machn ela digtma krmu

    Reply
  • Thank you very much.
    ❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Anonymous

    එළ එළ
    Sub එකට ස්තූතියි
    ජයවේවා

    Reply
  • Thanks..good luck..

    Reply
  • nadushanguruge

    thanks a lot….

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට. ❤️❤️❤️
    ජය වේවා

    Reply
  • දෙවෙනි පාරත් බලුවා.thanks

    Reply
    • සුපිරි හොදට කරලා තියෙනවා thanks!

      Reply
  • මොළ කකුලුස්

    Thanks for your subtitles……ජය වේවා යාළුව

    Reply
  • Wihaga dilshan

    Thanx very much bro

    Reply
  • kaveesha bro

    patta bro . digatama karagena yamu

    Reply
  • mama balapu lassana film ekak. thankz sub ekata…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • මේ ක බලන්න ගොඩක් දවස් ඉදන් හිතන් හිටිය.. අද බලනව. තැන්ක්ස් සහෝ සබට

    Reply
  • nimal dissanayake

    අපූරුයි! තෑන්ක්ස් විජිත.

    Reply
  • NavinduTharaka

    ස්දුදී…

    Reply
  • lakshitha_dayarathna

    SUpiriiiiiii

    Reply
  • ගොඩක් ස්තුතියි.

    Reply
  • isuru199344

    Thankzz a lot bro.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • සාරංග ජේ. ලියනගම

    උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා

    Reply
  • පට්ට සහෝ සබ් එක එලට කරලා තියෙනව. thanks සහෝ

    Reply
  • thank you bro for the sub..!

    Reply
  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • Supun madusanka

    Supiri flm ekk……sub ekta thnkzzzzzzz……

    Reply
  • Chandana Bandara

    බයිස්කෝප් මිත්‍රය,
    මම හැමදාම කමෙන්ට්ස් ලියන්නෙ නැහැ. . මේ තරම් දිග කමෙන්ට් එකක්… ආපහු ලියන්න වෙන්නෙ නෑ. අද ලියන්නේ කවුරුත් දැනගන්න ඕන දෙයක්.
    ලෝකය අළුත් වෙනකොට අළුත් දේවල් නිර්මාණය කරන්න ඕන. ඊයෙ වෙන්නප්පුවේ මගේ කාර්යාලයෙ ඉඳලා මීගමුවට පාපැදිය පැදගෙන යන අතරෙ… මම කල්පනා කළා ඔයලාගෙ මේ අපූරු වික්‍රමය ගැන. ඇයි ඉතින් 1970 ගණන්වල අපි චිත්‍රපටියක් එනකම් මාස ගණන් ඇතැම් විට මාස 8 – 10 වගෙත් බලන් හිටියා. ඒත්, අද… පරිගණකය ළඟ වාඩිවෙලා, ඔබේ අඩවියේ උදව් ඇතිව හොඳ පිලුමක් තෝරගෙන… උපසිරසි මල්ලත් බාගෙන, එකින් එකට දීලා තියෙන ලින්ක් උස්සලා අරහෙට මෙහෙට දාලා පිලුම බාගෙන පෙන් එකක අරන් ගිහිල්ලා ඩිජිටල් සවුන්ඩ්ස් එක්ක අඩි 8 ස්ක්‍රීන් එකේ මගේ නිවස වටේම් ඉන්න පුංචි පැටවු රොක් කරගෙන බලනවා. ලෝකය මොන තරම් වෙනස් වුනාද කියනවා නම් හරිම විචිත්‍රයි
    නිර්මාණශීලි නැති පරපුර වඳ වෙනවාමයි. සිංහල සිනමාවට සිදුවුනේ අන්න ඒක. මුල්ම ‘මෑඩ් මැක්ස්’ මම යාළුවො එක්ක ස්කූල් කට් දාලා ගිහිං බැලුවේ අනුරාධපුර මාකට් සයිඩ් එකේ විජේන්ද්‍ර ටකරන් තියටර් එකේ. මුළු ජනම් එකම සතිගානක් විජේන්ද්‍ර තියටර් එකට ඇදුණා. ඒ පාසල් යුගයෙන් පස්සේ මම ලිව්වා ‘මකර දඩයම’ ක්‍රියාදාම චිත්‍රපට තිරකතාවක්. ඒක බලපු බලපු චිත්‍රපටි අධ්‍යක්ෂකතුමන්ලා කිව්වේ ‘අයිෂේ ඔය කතාව ලස්සනයි. ඒත්, ඕවා මෙහේ කරන්න බැහැ…’ හැමෝටම තිබ්බේ එකම බයිලාව. පස්සේ කාලෙක යන්තම් හරි පුවත්පත් අතරින් ‍සිනිමා ටෙලි ලෝකය ස්පර්ශ කරලා බලනකොට… ලංකාවේ චිත්‍රපටි හදන ශෛලිය හරියටම දැක්කේ. තිර කතාව මොකක් වුනත්, චිත්‍රපටියට හෙණ ගැහුවත් කමක් නෑ… නිෂ්පාදක එක්ක යහන් ගත වෙන නිළියක්, ප්‍රධාන නළුවාට අවනත වෙන හිතවත් නිළියක්… හොඳට බොන්න පුළුවන් බොනපාට්ලා… මේවා තමයි ඉස්සරහට ආවේ. මමම එදා කල්පනා කළා.. ‘විජය – ගාමිණි – මාලිනී – රවීන්ද්‍ර’ හැමදාම මෙහෙම ඉඳීවිද ? දිනෙන් දිනම අළුත් ‍වෙන ලෝකේ ‘සිංහල සිනමාව’ හැඳි නොගෑවෙයි ද?’ කියලා. ඒක එහෙමම වුනා.
    Jungle (2017) අද මේ පිලුම බලනකොට ඇතිවුන හැඟීම් සමුදාය හරිම අපූරුයි. ප්‍රෙක්ෂකයා රූප රාමුවට සිද්ධයෙන් සිද්ධියට ඇද බැඳ තබාගනිමින් හදවතේ ඇති කරන කම්පනය සුළුපටු නැහැ. මේකේ දර්ශණ පෙළ විමසිල්ලෙන් බලපුවාම… කවදාවත් ස්වතන්ත්‍ර නිර්මාණයට ඔළුව යොදවපු ‘සිංහල සිනමාව’ මහපාරේ සිඟාකන යාචකයෙක් විදියට පේනවා කියන එක අපහාසයක් නෙමෙයි. මොකද ලක්ෂ සියයකට කිට්ටු වෙන්න වියදම් කරලා හදපු සිංහල (ලොන්ත) සිනමා පටි ගැලවිලා ගියේ ඒ ඒ සිනමාහල් වලට කණ කොකා හඬවගෙන. යුගය අළුත් වෙද්දි හින්දි, තෙළිඟු, දමිළ වැනි සිනමා ලෝකයන් වඩ වඩාත් නව තාක්ෂණය උපයෝගී කරගෙන අති ප්‍රබල ලෙස ස්වතන්ත්‍ර නිර්මාණ බිහිකළා. සිංහල සිනමා ඔස්තාද්ලට කියන්න කරුණු ලට්ට ලොට්ට රාශියක් තිබෙන නිසා අපි ‘බාහුබලි 1 – 2 ’ පැත්තකින් තිබ්බත්, ලොකූ සටන් ජවනිකා නැති මේ ‘ජංගල්’ චිත්‍රපටය, එහෙම නැත්නම් ‘පිච්චිකාරන්’ වගේ චිත්‍රපටි වල අපිට කියන කතාවක් තියෙනවා. ‘’හරකුනේ උඹලත් හදවතට දැනෙන ස්වතන්ත්‍ර නිර්මාණ කරපල්ලා. අපිව කොපි කරලා හැරෙන්නවත් බැරි කසිකබල් සලෝලයිඩ් පටි හදලා පෙන්නලා මිනිස්සු ගොනාට අන්දන්න හදන්න එපා. උඹලගේ මානසික හිඟනකම තේරුම් ගන්න බැරි නැහැ පොඩි දරුවෙකුට වුනත්…’’ ඇත්තටම අද පාසල් දරුවො පවා කෙලින්ම කියනවා අර ‘කරැම යුද්දෙ’ පට්ට කොපියක්.., ඒවගේ ඒවා බලන්න වියදම් කරගෙන යන්න ඕන නෑ කියලා.
    Jungle (2017) පිලුම විමසිල්ලෙන් බලනකොට ඇහැකණ පියාගෙන ඉන්නෙ නැතිව, නිර්මාණශීලීව කරන්න පුළුවන් තව කොයි තරම් දේවල් සිංහල සිනමාවට ඉතුරුවෙලා තියනවද කියලා ඔළුවක් තියෙන අධ්‍යක්ෂකවරයෙකුට හිතන්න වෙනවා. මම කාලෙකට කලින් ‘වනගත කෙල්ල’ කියලා චිත්‍රපට සාරාංශයක් ලිව්වා. ඉතිං ඒකත් පටන් ගැන්මේ සිටම…. දයාව කරුණාව දෝරේ ගලන, ඒ වගේම කැළයට ඇද වැටුණු දැරියක් නායකත්වය දරන ක්‍රියාදාම සටන් ජවනිකා වලින් පිරී ඉතිරී ගිය එකක් (මිස පට්ට කොපියක් නොවෙන) නිසා…. සිංහල සිනමා රිදී තිරයට ආවෙ නැහැ.
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ…. ‘සම්පූර්ණ බයිස්කෝප් අඩවියම ප්‍රශංසනීයයි. – නමුත්, නිතරම කමෙන්ට් ස්තුති කිරීම් ඉල්ලා යදින එක නම් වටිනාකම බෙහෙවින් අඩුවෙන දෙයක් බවයි. අමුතුවෙන් තරු ලකුණු දෙන්න ඕනෙත් නැහැ. උපසිරසි හදන සියළු දෙනාම ප්‍රශස්ථයි. ඔබගේ වික්‍රමයට ජයවේවා කියන්නේ සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ උණුසුම් හදවතින්මයි.’ – චන්දන බණ්ඩාර

    Reply
    • Navidu chamalka

      sira kathawa bn oja gama samaja katikawatak ati karanna oni… Respect you\

      Reply
    • Rover.priya

      in 2023…
      සහතික ඇත්ත.මේ තරම් වැඩ්ඩො ඉන්න ලන්කාවෙ ඇයි අපිටත් බැරි හොද zombie ෆිලුමක්,survival ස්ටෝරියක්,fantacy ෆිලුමක්,slasher,thriller කතා,Time traveling වගෙ topics වලට ෆිල්ම් එකක් හදන්න බැරි?…
      always thinks about this…

      Reply
  • Shehan prathapasinghe

    Thanks for the sub
    අද තමා ෆිල්ම් එක බැලුවේ Remember the name එන්.විජිත අසංක ෆිල්ම් එකේ හැමතැනම…..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • මේ වගේ ඇගට දැනෙන සත්‍ය කතාවක් පාදක් කරගත් නිර්මාණයකට සබ් දීපු එක ගැන ගොඩක් සතුටුයි

    Reply
  • Thank you very much bro……….

    Reply
  • දයාන් රන්දුල

    Thanx bro sub ekata….

    Reply
  • Thanks saho…..jayen jaya….
    Dhigatama sub dhemu a…………….

    Reply
  • නියමයි…..

    Reply
  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • Super Machan. Thanks. Good luck muchan
    ඔච්චර හිගා කන්න එපා මචන්…….

    Reply
  • කවුද බන් මේ සබ් එක හදපු බුරුවා… හැම තැනම උගේ නමයි , කමෙන්ට් වෝට් ඉල්ලලා දාපු සබ් කෑලියි පිරිලා… මේ වගේ එවුන්ට subtitle හදන්න දෙන්න එපා !!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks macho ,ada balanawa filuma digatama sub kotanta

    Reply
  • mcn meka WEB DL walata galapenawada meke WEB DL 1080p eka BLURAY 1080p walata wada kolity ewagema size ekath adui me sub eka ekata support karaida

    Reply
  • එලම බොක්කහ්

    Reply
  • උම්බෙ සබ් නම් පට්ට මචන් හොදටම ලියනව ඔන්න වචනෙ.බැලුව සුපිරි

    Reply
  • meke torrent file ekak hoyanna bene.please help me

    Reply
  • දමිත්

    බොහොම ස්තුතියි විජිත සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

    Reply
  • Akshan Badmeets

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • සුපිරි Film එකක්….උපසිරසියට Thank you ……..

    Reply
  • ටෘ තමන්නා

    එලො

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thank you for the sub :*

    Reply
  • Madusanka

    සබ් එකට බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank for sub.

    ekmaninma Pltinum member kenek wennata labewa.

    Reply
  • Kalekata passe balapu hoda film ekak. Video qualitiyath ela . Sub ekath supiriyata karala thibuna. Thank you very much bro

    Reply
  • ගොඩක් ස්තූතියි..

    Reply
  • ස්තූතියි ඔබට

    Reply
  • patta film eka bn.supiriiii

    Reply
  • thanks very much…….keep continue

    Reply
  • Ty malli….Gdk Pin….

    Reply
  • Good Work friend, Thanks!

    Reply
  • බොහොම ස්තූතියි…

    Reply
  • අයෙ කියන්න වචන නැ
    සබ් වලට බොහොම ස්තුතිය

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • බොහොම ස්තූතියි…!

    Reply
  • රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින්……………..

    ..

    Reply
  • Patta macho meka enakan thama unne,adama baaanava,digatama sub kotanta honde

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • Praneeth priyadarshana

    Tks saho

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

    Reply
  • සුමේෂ් එෂාන්

    අද දෙයි අද දෙයි කියලා බලං හිටියේ මේක……නියමයි සහෝ….ස්තූතියි

    Reply
  • thanx bro
    vijitha vijitha vijitha vijitha

    Reply
  • Udaya Fernando

    Thanks Vijitha

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • movie download link ekak hoyaganna ne

    Reply
  • madusara manawasinghe

    ela.
    thanks

    Reply
  • thank u wewa. brrip awama update karanna sub eka.

    Reply
  • gihan perera

    Wow machan….niyamai…digatama sub damu…good luck…

    Reply
  • බලන්න කලින් මේක දැම්මා ඔන්න.සබට තුති විජිත සහෝ.තවත් උපසිරසකින් හමුවෙමු.ජය.

    Reply
  • නියමයි මචෝ..
    මේක අනිවා බලන්න හිටපු එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

    Reply
  • dasun kalahewaththa

    thanks bokka

    Reply
  • Gayan madushantha

    Thanks sub ekata…

    Reply
  • Kaushan_P_Herath

    තැන්කියු වේවා සහෝ

    Reply
  • Thank you Very Much Broo..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Sajith thilakarathne

    Thanks macho sub ekta

    Reply
  • ප්‍රභාෂ

    Pattta patta patta

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
    • එන්.විජිත අසංක

      Movie eke pic ekata udin tiyena hand sign eken oyata 1-10 kamathi points ganak deela click karanna.

      Reply
  • ela sho enakal hitiye godak shuthti

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *